"අක්මාතවා, ආනා (1888-)" හි සංශෝධන අතර වෙනස්කම්
('ආනොඅන්ද්‍රයෙව්නා ගොරෙන්කෝ නමැති රුසියානු කි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
|||
1 පේළිය: | 1 පේළිය: | ||
− | + | ආනා අන්ද්‍රෙයෙව්නා ගොරෙන්කෝ නමැති රුසියානු කිවිවරියගේ ආරූඪ නාමයයි. 1910 දී ගුමිල්යෆ් නමැති කවියා හා විවාහ වූ ඕ තොමෝ සංකේතවාදී කිවියන්ගේ අලංකාර සම්ප්‍රදායට විරුද්ධව සිය සැමියා 1912 දී ඇරැඹූ "අක්මෙයිසම්" ව්‍යාපාරයට බැඳුණාය. 1918 දී ඔහු හැර ෂිලෙයිකෝ නමැති ඇසිරියා-පුරාවිද්‍යාඥයකු හා විවාපත් වූ ඕ 1922 දක්වා කාව්‍ය බන්ධනයෙහි යෙදුණා ය. අනතුරුව පැමිණි විසි වස තුළ දී පුෂ්කින්ගේ සාහිත්‍යය පිළිබඳ විවේචනාත්මක ලිපි පෙළක් සම්පාදනය කළ අතර ම, තමාගේ ඇතැම් කාව්‍ය ද පළ කළා ය. ඒ බොහෝ කාව්‍යවල, මධ්‍යම පාන්තික හැඟීම් සේ රුසියානුවන් හෙළා දකින විරහ දුක ද, සාමාන්‍ය ශෝක රසයක් ද පිළිබිඹු වූයේ නමුත් තරුණ කොමියුනිස්ට්වාදීන් අතරෙහි ඒවා බෙහෙවින් ප්‍රචලිත විය. මෙය වැළැක්වීම සඳහා 1946 දී කොමියුනිස්ට් පක්ෂය සෝවියට් ලේඛක සංගමයෙන් ඈ නෙරපා දමනු ලැබුවා ය. 1950 දී ස්වදේශානුරාගයෙන් යුත් කාව්‍ය සංඛ්‍යාවක් ඇය විසින් පළ කරවන ලදී. | |
+ | |||
+ | ශෘංගාරය, විරහව, ස්වභාවික සෞන්දර්යය ප්‍රධාන විෂය සේ ගෙන ඈ සිය ප්‍රබන්ධ කළා ය. "සැඳෑව", "ජපමාලය", "සුදු රංචුව" සහ "කිතු වසින් 1921" ඇයගේ ප්‍රධාන කෘතීහුයි. | ||
− | |||
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
22:43, 1 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
ආනා අන්ද්‍රෙයෙව්නා ගොරෙන්කෝ නමැති රුසියානු කිවිවරියගේ ආරූඪ නාමයයි. 1910 දී ගුමිල්යෆ් නමැති කවියා හා විවාහ වූ ඕ තොමෝ සංකේතවාදී කිවියන්ගේ අලංකාර සම්ප්‍රදායට විරුද්ධව සිය සැමියා 1912 දී ඇරැඹූ "අක්මෙයිසම්" ව්‍යාපාරයට බැඳුණාය. 1918 දී ඔහු හැර ෂිලෙයිකෝ නමැති ඇසිරියා-පුරාවිද්‍යාඥයකු හා විවාපත් වූ ඕ 1922 දක්වා කාව්‍ය බන්ධනයෙහි යෙදුණා ය. අනතුරුව පැමිණි විසි වස තුළ දී පුෂ්කින්ගේ සාහිත්‍යය පිළිබඳ විවේචනාත්මක ලිපි පෙළක් සම්පාදනය කළ අතර ම, තමාගේ ඇතැම් කාව්‍ය ද පළ කළා ය. ඒ බොහෝ කාව්‍යවල, මධ්‍යම පාන්තික හැඟීම් සේ රුසියානුවන් හෙළා දකින විරහ දුක ද, සාමාන්‍ය ශෝක රසයක් ද පිළිබිඹු වූයේ නමුත් තරුණ කොමියුනිස්ට්වාදීන් අතරෙහි ඒවා බෙහෙවින් ප්‍රචලිත විය. මෙය වැළැක්වීම සඳහා 1946 දී කොමියුනිස්ට් පක්ෂය සෝවියට් ලේඛක සංගමයෙන් ඈ නෙරපා දමනු ලැබුවා ය. 1950 දී ස්වදේශානුරාගයෙන් යුත් කාව්‍ය සංඛ්‍යාවක් ඇය විසින් පළ කරවන ලදී.
ශෘංගාරය, විරහව, ස්වභාවික සෞන්දර්යය ප්‍රධාන විෂය සේ ගෙන ඈ සිය ප්‍රබන්ධ කළා ය. "සැඳෑව", "ජපමාලය", "සුදු රංචුව" සහ "කිතු වසින් 1921" ඇයගේ ප්‍රධාන කෘතීහුයි.
(සංස්කරණය:1963)