"අං-1" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
|||
1 පේළිය: | 1 පේළිය: | ||
මේ වනාහි බින්දුවර්ණය වර්ණමාලායෙහි සටහන් කරන අයුරුයි. පුරාණතම ආචාර්යවරයන් ගුරුසංඥ වූ දිර්ඝ ස්වර මෙන් ම බින්දුවර්ණය ද ශුද්ධ සිංහල වර්ණ මාලායෙහි ලා නොගණන ලද්දේය. එහෙයින් යුක්ති දක්වමින් බින්දුවර්ණය වර්ණමාලාවට ඇතුළත් කරගැනීමට සිදත් කරුවනට සිදුවිය. | මේ වනාහි බින්දුවර්ණය වර්ණමාලායෙහි සටහන් කරන අයුරුයි. පුරාණතම ආචාර්යවරයන් ගුරුසංඥ වූ දිර්ඝ ස්වර මෙන් ම බින්දුවර්ණය ද ශුද්ධ සිංහල වර්ණ මාලායෙහි ලා නොගණන ලද්දේය. එහෙයින් යුක්ති දක්වමින් බින්දුවර්ණය වර්ණමාලාවට ඇතුළත් කරගැනීමට සිදත් කරුවනට සිදුවිය. | ||
− | + | ||
− | නරනිඳුහු ඉංගෙන් - සෙමෙනද නැසී පසැහී"යි | + | "තමා වදනය පොමින් - නො ඉකතැයි හැංගේ |
− | කාව්‍යයන්හි ද, | + | |
− | අර්ධානුනාසික වර්ණ සටහන කවර කලෙක සිංහල ලිපියෙහි බැස ගත්තේ ද යනු ඉඳුරා දැක්විය නොහැකිය. දකුණු ඉන්දියාවේ භාෂාවන් අතුරෙන් තෙලිඟු බසෙහි ද මේ සටහන යෙදෙනු පෙනේ. ලක්දිව ආදි ම සෙල්ලිපිවල අනුනාසිකය යෙදී නැති බව ප්‍රකටය. | + | නරනිඳුහු ඉංගෙන් - සෙමෙනද නැසී පසැහී"යි කාව්‍යයන්හි ද, "හංමැටි, වංඇපල" ආදි ලෝක ව්‍යවහාරයෙහි ද බින්දුව සපුරා උසුරුවන සැටිත් "රඟ, බඟහර" ආදියෙහි ඌනමාත්‍ර වැ උසුරුවන සැටිත් දක්වා බින්දුව සිදතෙහි ඇතුළු කරන ලදි. සිදතෙහි "බිඳු" යි දැක්වූ (අ)° යන වර්ණ රූපය ස්වරයක් පෙරටු කොට සිටුනා ගතකුරෙකි. මෙය "හැංගේ, හංමැටි" ආදියෙහි පූර්ණව ද, "ගඟ, රඟ" ආදි කිසි තැනෙක අර්ධානුනාසික්‍යයක් ලෙස ද උච්චාරණය වෙයි. මාතෘභාෂාවල ප්‍රකටව නොලැබෙන ඌනමාත්‍ර අනුනාසිකාක්ෂරයෙක් ශුද්ධ සිංහලයෙහි එයි. "(අ)°, ණ්, න්, ම්" යන අනුනාසිකවර්ණ සතර "ග ඩ ද බ" යන මොවුනට පෙරටුව සිටි කල්හි කිසි විටෙක "ගඟ, අඬ, කඳ, බඹ" යනාදියෙහි උනුමතින් උසුරුවනු ලැබෙයි. හල්සංඛ්‍යාත වූ කේවල ගතකුරට මුලින් සිටුනා ස්වරය ගුරුසංඥ වීම ස්වභාවය. ශුද්ධ සිංහලයෙහි ගතකුරු සංයුක්ත කොට ලිවීමෙක් නැත. එහෙත් අනුනාසිකය, ග, ඩ, ද, බ සමඟ සංයුක්ත වෙයි. අනුනාසිකය හා සංයුක්ත වූ වර්ණයට "සඤ්ඤක" යනු ද නමෙකි. අර්ධානුනාසික යයි ද කියති. ගකාරය සමඟ ඌනමාත්‍රව සිටිනුයේ බින්දු වර්ණයයි සිදත් කරුවන් සැලකූ නමුදු එළු සඳැස් ලකුණෙහි "වගතුන් දනු අඩවණ"යි ඌනමාත්‍රව සිටිනුයේ වර්ගාන්තයෙකැයි කියන ලදි. "ගඟ" ආදි නිදසුන් දැක්විණ. එයින් ඒ ඇදුරන් බින්දුව වර්ණමාලායෙහි ලා නොගිණූ බව ද සිතිය හැකිය. අනුනාසිකය සංයුක්තව සිටි නමුදු එය පර කොට ඇති ස්වරය ගුරුසංඥ නොවෙයි. උනුමතින් උසුරුවනු (මත්‍රාවක් ඌන කොට උච්චාරණය කිරීම) යයි කීයේ එහෙයිනි. දණ්ඩ = දඬ, නන්ද = නඳ යනාදිය විමසන්න. |
− | වෛදික සංස්කෘතයෙහි මන්ත්‍ර පාඨවල | + | |
− | පාලියෙහි | + | අර්ධානුනාසික වර්ණ සටහන කවර කලෙක සිංහල ලිපියෙහි බැස ගත්තේ ද යනු ඉඳුරා දැක්විය නොහැකිය. දකුණු ඉන්දියාවේ භාෂාවන් අතුරෙන් තෙලිඟු බසෙහි ද මේ සටහන යෙදෙනු පෙනේ. ලක්දිව ආදි ම සෙල්ලිපිවල අනුනාසිකය යෙදී නැති බව ප්‍රකටය. "චතුදිසසගස, මහමත බමදත පුත" යනාදි සිලාලේඛන පාඨවල සඟ (සඩ්ඝ), බඹදත් (බ්‍රහ්මදත්ත) යන සානුනාසික රූප "සග, බමදත"යි අනුනාසික ලකුණ නැතිව යෙදුණු සැටි පෙනේ. මධ්‍යතන යුගයෙහි සිලා ලේඛන හා සීගිරි ගීවල ද, "ග, ඩ" වර්ණයන් සමග "සඟ, දඬ" වැනි රූපවල අර්ධානුනාසික සටහන ඇත ද, "ද, බ" යන අකුරු සමඟ "මන්ද, සින්දැ, කුම්බුර්, දම්බ්දිව්"යි පූර්ණ අනුනාසිකය ම යෙදී ඇත. මෙබඳු තැන්හි ලිපියෙහි පූර්ණ අනුනාසිකය පෙනෙතුදු උච්චාරණයෙහි දී මෙබඳු රූප "මඳ, සිඳ, කුඹුර්, දඹදිව්" ආදි විසින් අර්ධානුනාසික කොට උසුරුවන ලදැයි සිතිය හැකිය. |
− | + | ||
+ | වෛදික සංස්කෘතයෙහි මන්ත්‍ර පාඨවල "සෂශහ රෙඵ" යන වර්ණයන් පරකල්හි අනුස්වාරය අර්ධචන්ද්‍රාකාරව හෙවත් චන්ද්‍රබින්දුව වශයෙන් දැක්වේ. අපභ්‍රංශ ප්‍රාකෘතයෙහි ද කිසි තැනෙක අර්ධානුනාසිකයට අනුරූප ශබ්ද හඟවන සංකේත දැක්ක හැකිය. | ||
+ | |||
+ | පාලියෙහි "අං" වර්ණය හඳුන්වනුයේ "බින්දු", "නිග්ගහීත" යන නම්වලිනි. "අං ඉති අකාරතො පරං යො බින්දු සූයතෙ තං නිග්ගහීතං නාම"යි "අං" යන මෙහි අකාරය කෙරෙන් පර වැ යම් බින්දුයෙක් ඇසේ නම් එය "නිග්ගහීත" නමැයි කියන ලදි. නිග්ගහීතය නාසිකාව උත්පත්ති ස්ථාන කොට ඇත්තේය. | ||
+ | |||
+ | "බින්දු චූළාමණාකාරො | ||
+ | |||
නිග්ගහීතන්ති වුච්චතෙ | නිග්ගහීතන්ති වුච්චතෙ | ||
+ | |||
කෙවලස්සාප්පයොගත්තා | කෙවලස්සාප්පයොගත්තා | ||
− | අකාරො සන්නිධීයතෙ" | + | |
− | (සිළුමිණකට බඳු සටහන් ඇති බින්දු තෙමේ | + | අකාරො සන්නිධීයතෙ" (සිළුමිණකට බඳු සටහන් ඇති බින්දු තෙමේ "නිග්ගහීත" යයි කියනු ලැබෙයි. එකලා වූවහු ප්‍රයෝග නොකළ හැකි බැවින් අකාරය ළං කොට කියනු ලැබේ) යයි සිළුමිණ හා නිග්ගහීතය හා සමාන සටහන් ඇති බව කියන ලදි. අං (අ+°) යන තැන්හි අකාරයත් ක (ක්+අ) යන්නෙහි අකාරය මෙන් උච්චාරණය සඳහා යෙදිණි. "රස්සසරං නිස්සාය ගය්හති" (=හ්‍රස්ව ස්වරයක් ඇසුරු කොට ලියනු ලැබේ) යයි අන්වර්ථ දැක්වූ හෙයින් පාලියෙහි නිග්ගහීතය අ, ඉ, උ යන හ්‍රස්වස්වරයකින් පරව ම යෙදෙයි. කිසි විටෙක දීර්ඝ ස්වරයකින් පරව නිග්ගහීතය නොයෙදීම සංස්කෘතයට වඩා පාලියෙහි ඇති විශේෂතායි. |
− | සංස්කෘතයෙහි | + | |
− | සංස්කෘතයෙහි අනුස්වාර, විසර්ජනීය, ජිහ්වාමූලීය උපධ්මානීය (අං, අඃ, ඃක, ඃප) යන වර්ණයෝ සතරදෙන අයෝගවාහයෝ යයි කියන ලද්දාහුය. ප්‍රත්‍යාහාර ලක්ෂණයෙන් නොයෙදුණාහු එතෙකුදු වුවත් ප්‍රයෝග නිෂ්පත්තියට පැමිණියාහු නුයි | + | සංස්කෘතයෙහි "වර්ණ ශිරොබින්දුරනුස්වාරඃ" යි "අං වර්ණය බින්දු අනුස්වාර" යන නම්වලින් හැඳින්වෙයි. නාගරීඅක්ෂරයෙන් එය ලියන විට " " යන ලෙසින් ලියන හෙයින් වර්ණයන්ගේ මුදුනෙහි වූ බින්දුව අනුස්වාර නමැයි කියන ලදි. සංස්කෘත ව්‍යාකරණයෙහි මේ යුක්තිය සැලැකූ පැරණි සිංහල ලේඛකයෝ ද කිසි තැනෙක ර්‍සහල, ර්‍පකම ආදි වශයෙන් අකුරට උඩින් බින්දුව සටහන් කළහ. සංස්කෘතයෙහි අනුස්වාරය හ්‍රස්ව දීර්ඝ විශේෂයක් නැතිව කවර ස්වරයකින් හෝ පරවැ යෙදෙයි. අනුස්වාරය මකාර නකාරයන්ගේ ස්ථානයෙහි පැමිණෙන වර්ණ රූපයක් වූයෙන් පාණිනීන් විසින් එය ප්‍රත්‍යාහාරයෙන් බැහැර කරන ලදුව සංස්කෘතයෙහි මූලික වර්ණසංඛ්‍යාවට නොගන්නා ලද්දේය. |
− | සංස්කෘතයෙහි ව්‍යඤ්ජනයෝ දෙවැදෑරුම් වෙති. පූර්වාශ්‍රය පරාශ්‍රය වශයෙනි. එහි අනුස්වාර විසර්ග දෙක | + | |
− | + | සංස්කෘතයෙහි අනුස්වාර, විසර්ජනීය, ජිහ්වාමූලීය උපධ්මානීය (අං, අඃ, ඃක, ඃප) යන වර්ණයෝ සතරදෙන අයෝගවාහයෝ යයි කියන ලද්දාහුය. ප්‍රත්‍යාහාර ලක්ෂණයෙන් නොයෙදුණාහු එතෙකුදු වුවත් ප්‍රයෝග නිෂ්පත්තියට පැමිණියාහු නුයි "අයෝගවාහ" නම් වෙති. | |
+ | |||
+ | සංස්කෘතයෙහි ව්‍යඤ්ජනයෝ දෙවැදෑරුම් වෙති. පූර්වාශ්‍රය පරාශ්‍රය වශයෙනි. එහි අනුස්වාර විසර්ග දෙක "අ+°, අ+ඃ"යි පෙරටුව සිටි ස්වරය ඇසුරු කොට සිටුනා හෙයින් පූර්වාශ්‍රයව්‍යඤ්ජනයෝයැ; සෙස්සෝ පරාශ්‍රයෝයි. පාලියෙහි නිග්ගහීතය පමණක් ම පූර්වාශ්‍රයව්‍යඤ්ජනයි. එළු - පාලි - සංස්කෘත යන භාෂාත්‍රයෙහි ම ව්‍යඤ්ජනත්වයෙන් ගිණූ "අං අඃ" දෙක පැරණි මිශ්‍ර සිංහල හෝඩියෙහි ස්වරයන් ලෙස උගන්වන ලද්දේය. වදන්කවි පොතෙහි:- | ||
+ | |||
+ | "අ ව ණ පටන් අඃ යන්නට වදනින් | ||
+ | |||
දැනෙන සොළොස සොරකුරු පෙළ වදනින් | දැනෙන සොළොස සොරකුරු පෙළ වදනින් | ||
+ | |||
ක ය න එපස්වග යානව වදනින් | ක ය න එපස්වග යානව වදනින් | ||
− | මෙවණ සුතිස් දනු හසකුරු වදනින්" | + | |
− | යි දක්වන ලදි. අනුස්වාර විසර්ග දෙකට මුලින් ඇති ස්වරය ප්‍රකටව පෙනෙන හෙයින් කුඩා දරුවනට අකුරු හඳුන්වාලීමේ පහසුව ද සලකා මෙසේ කරන ලදැයි සිතිය හැකිය. (අක්ෂර මාලාව ද බ.) | + | මෙවණ සුතිස් දනු හසකුරු වදනින්"යි දක්වන ලදි. අනුස්වාර විසර්ග දෙකට මුලින් ඇති ස්වරය ප්‍රකටව පෙනෙන හෙයින් කුඩා දරුවනට අකුරු හඳුන්වාලීමේ පහසුව ද සලකා මෙසේ කරන ලදැයි සිතිය හැකිය. ([[අක්ෂර මාලාව]] ද බ.) |
+ | |||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
16:13, 7 ජූනි 2023 තෙක් සංශෝධනය
මේ වනාහි බින්දුවර්ණය වර්ණමාලායෙහි සටහන් කරන අයුරුයි. පුරාණතම ආචාර්යවරයන් ගුරුසංඥ වූ දිර්ඝ ස්වර මෙන් ම බින්දුවර්ණය ද ශුද්ධ සිංහල වර්ණ මාලායෙහි ලා නොගණන ලද්දේය. එහෙයින් යුක්ති දක්වමින් බින්දුවර්ණය වර්ණමාලාවට ඇතුළත් කරගැනීමට සිදත් කරුවනට සිදුවිය.
"තමා වදනය පොමින් - නො ඉකතැයි හැංගේ
නරනිඳුහු ඉංගෙන් - සෙමෙනද නැසී පසැහී"යි කාව්‍යයන්හි ද, "හංමැටි, වංඇපල" ආදි ලෝක ව්‍යවහාරයෙහි ද බින්දුව සපුරා උසුරුවන සැටිත් "රඟ, බඟහර" ආදියෙහි ඌනමාත්‍ර වැ උසුරුවන සැටිත් දක්වා බින්දුව සිදතෙහි ඇතුළු කරන ලදි. සිදතෙහි "බිඳු" යි දැක්වූ (අ)° යන වර්ණ රූපය ස්වරයක් පෙරටු කොට සිටුනා ගතකුරෙකි. මෙය "හැංගේ, හංමැටි" ආදියෙහි පූර්ණව ද, "ගඟ, රඟ" ආදි කිසි තැනෙක අර්ධානුනාසික්‍යයක් ලෙස ද උච්චාරණය වෙයි. මාතෘභාෂාවල ප්‍රකටව නොලැබෙන ඌනමාත්‍ර අනුනාසිකාක්ෂරයෙක් ශුද්ධ සිංහලයෙහි එයි. "(අ)°, ණ්, න්, ම්" යන අනුනාසිකවර්ණ සතර "ග ඩ ද බ" යන මොවුනට පෙරටුව සිටි කල්හි කිසි විටෙක "ගඟ, අඬ, කඳ, බඹ" යනාදියෙහි උනුමතින් උසුරුවනු ලැබෙයි. හල්සංඛ්‍යාත වූ කේවල ගතකුරට මුලින් සිටුනා ස්වරය ගුරුසංඥ වීම ස්වභාවය. ශුද්ධ සිංහලයෙහි ගතකුරු සංයුක්ත කොට ලිවීමෙක් නැත. එහෙත් අනුනාසිකය, ග, ඩ, ද, බ සමඟ සංයුක්ත වෙයි. අනුනාසිකය හා සංයුක්ත වූ වර්ණයට "සඤ්ඤක" යනු ද නමෙකි. අර්ධානුනාසික යයි ද කියති. ගකාරය සමඟ ඌනමාත්‍රව සිටිනුයේ බින්දු වර්ණයයි සිදත් කරුවන් සැලකූ නමුදු එළු සඳැස් ලකුණෙහි "වගතුන් දනු අඩවණ"යි ඌනමාත්‍රව සිටිනුයේ වර්ගාන්තයෙකැයි කියන ලදි. "ගඟ" ආදි නිදසුන් දැක්විණ. එයින් ඒ ඇදුරන් බින්දුව වර්ණමාලායෙහි ලා නොගිණූ බව ද සිතිය හැකිය. අනුනාසිකය සංයුක්තව සිටි නමුදු එය පර කොට ඇති ස්වරය ගුරුසංඥ නොවෙයි. උනුමතින් උසුරුවනු (මත්‍රාවක් ඌන කොට උච්චාරණය කිරීම) යයි කීයේ එහෙයිනි. දණ්ඩ = දඬ, නන්ද = නඳ යනාදිය විමසන්න.
අර්ධානුනාසික වර්ණ සටහන කවර කලෙක සිංහල ලිපියෙහි බැස ගත්තේ ද යනු ඉඳුරා දැක්විය නොහැකිය. දකුණු ඉන්දියාවේ භාෂාවන් අතුරෙන් තෙලිඟු බසෙහි ද මේ සටහන යෙදෙනු පෙනේ. ලක්දිව ආදි ම සෙල්ලිපිවල අනුනාසිකය යෙදී නැති බව ප්‍රකටය. "චතුදිසසගස, මහමත බමදත පුත" යනාදි සිලාලේඛන පාඨවල සඟ (සඩ්ඝ), බඹදත් (බ්‍රහ්මදත්ත) යන සානුනාසික රූප "සග, බමදත"යි අනුනාසික ලකුණ නැතිව යෙදුණු සැටි පෙනේ. මධ්‍යතන යුගයෙහි සිලා ලේඛන හා සීගිරි ගීවල ද, "ග, ඩ" වර්ණයන් සමග "සඟ, දඬ" වැනි රූපවල අර්ධානුනාසික සටහන ඇත ද, "ද, බ" යන අකුරු සමඟ "මන්ද, සින්දැ, කුම්බුර්, දම්බ්දිව්"යි පූර්ණ අනුනාසිකය ම යෙදී ඇත. මෙබඳු තැන්හි ලිපියෙහි පූර්ණ අනුනාසිකය පෙනෙතුදු උච්චාරණයෙහි දී මෙබඳු රූප "මඳ, සිඳ, කුඹුර්, දඹදිව්" ආදි විසින් අර්ධානුනාසික කොට උසුරුවන ලදැයි සිතිය හැකිය.
වෛදික සංස්කෘතයෙහි මන්ත්‍ර පාඨවල "සෂශහ රෙඵ" යන වර්ණයන් පරකල්හි අනුස්වාරය අර්ධචන්ද්‍රාකාරව හෙවත් චන්ද්‍රබින්දුව වශයෙන් දැක්වේ. අපභ්‍රංශ ප්‍රාකෘතයෙහි ද කිසි තැනෙක අර්ධානුනාසිකයට අනුරූප ශබ්ද හඟවන සංකේත දැක්ක හැකිය.
පාලියෙහි "අං" වර්ණය හඳුන්වනුයේ "බින්දු", "නිග්ගහීත" යන නම්වලිනි. "අං ඉති අකාරතො පරං යො බින්දු සූයතෙ තං නිග්ගහීතං නාම"යි "අං" යන මෙහි අකාරය කෙරෙන් පර වැ යම් බින්දුයෙක් ඇසේ නම් එය "නිග්ගහීත" නමැයි කියන ලදි. නිග්ගහීතය නාසිකාව උත්පත්ති ස්ථාන කොට ඇත්තේය.
"බින්දු චූළාමණාකාරො
නිග්ගහීතන්ති වුච්චතෙ
කෙවලස්සාප්පයොගත්තා
අකාරො සන්නිධීයතෙ" (සිළුමිණකට බඳු සටහන් ඇති බින්දු තෙමේ "නිග්ගහීත" යයි කියනු ලැබෙයි. එකලා වූවහු ප්‍රයෝග නොකළ හැකි බැවින් අකාරය ළං කොට කියනු ලැබේ) යයි සිළුමිණ හා නිග්ගහීතය හා සමාන සටහන් ඇති බව කියන ලදි. අං (අ+°) යන තැන්හි අකාරයත් ක (ක්+අ) යන්නෙහි අකාරය මෙන් උච්චාරණය සඳහා යෙදිණි. "රස්සසරං නිස්සාය ගය්හති" (=හ්‍රස්ව ස්වරයක් ඇසුරු කොට ලියනු ලැබේ) යයි අන්වර්ථ දැක්වූ හෙයින් පාලියෙහි නිග්ගහීතය අ, ඉ, උ යන හ්‍රස්වස්වරයකින් පරව ම යෙදෙයි. කිසි විටෙක දීර්ඝ ස්වරයකින් පරව නිග්ගහීතය නොයෙදීම සංස්කෘතයට වඩා පාලියෙහි ඇති විශේෂතායි.
සංස්කෘතයෙහි "වර්ණ ශිරොබින්දුරනුස්වාරඃ" යි "අං වර්ණය බින්දු අනුස්වාර" යන නම්වලින් හැඳින්වෙයි. නාගරීඅක්ෂරයෙන් එය ලියන විට " " යන ලෙසින් ලියන හෙයින් වර්ණයන්ගේ මුදුනෙහි වූ බින්දුව අනුස්වාර නමැයි කියන ලදි. සංස්කෘත ව්‍යාකරණයෙහි මේ යුක්තිය සැලැකූ පැරණි සිංහල ලේඛකයෝ ද කිසි තැනෙක ර්‍සහල, ර්‍පකම ආදි වශයෙන් අකුරට උඩින් බින්දුව සටහන් කළහ. සංස්කෘතයෙහි අනුස්වාරය හ්‍රස්ව දීර්ඝ විශේෂයක් නැතිව කවර ස්වරයකින් හෝ පරවැ යෙදෙයි. අනුස්වාරය මකාර නකාරයන්ගේ ස්ථානයෙහි පැමිණෙන වර්ණ රූපයක් වූයෙන් පාණිනීන් විසින් එය ප්‍රත්‍යාහාරයෙන් බැහැර කරන ලදුව සංස්කෘතයෙහි මූලික වර්ණසංඛ්‍යාවට නොගන්නා ලද්දේය.
සංස්කෘතයෙහි අනුස්වාර, විසර්ජනීය, ජිහ්වාමූලීය උපධ්මානීය (අං, අඃ, ඃක, ඃප) යන වර්ණයෝ සතරදෙන අයෝගවාහයෝ යයි කියන ලද්දාහුය. ප්‍රත්‍යාහාර ලක්ෂණයෙන් නොයෙදුණාහු එතෙකුදු වුවත් ප්‍රයෝග නිෂ්පත්තියට පැමිණියාහු නුයි "අයෝගවාහ" නම් වෙති.
සංස්කෘතයෙහි ව්‍යඤ්ජනයෝ දෙවැදෑරුම් වෙති. පූර්වාශ්‍රය පරාශ්‍රය වශයෙනි. එහි අනුස්වාර විසර්ග දෙක "අ+°, අ+ඃ"යි පෙරටුව සිටි ස්වරය ඇසුරු කොට සිටුනා හෙයින් පූර්වාශ්‍රයව්‍යඤ්ජනයෝයැ; සෙස්සෝ පරාශ්‍රයෝයි. පාලියෙහි නිග්ගහීතය පමණක් ම පූර්වාශ්‍රයව්‍යඤ්ජනයි. එළු - පාලි - සංස්කෘත යන භාෂාත්‍රයෙහි ම ව්‍යඤ්ජනත්වයෙන් ගිණූ "අං අඃ" දෙක පැරණි මිශ්‍ර සිංහල හෝඩියෙහි ස්වරයන් ලෙස උගන්වන ලද්දේය. වදන්කවි පොතෙහි:-
"අ ව ණ පටන් අඃ යන්නට වදනින්
දැනෙන සොළොස සොරකුරු පෙළ වදනින්
ක ය න එපස්වග යානව වදනින්
මෙවණ සුතිස් දනු හසකුරු වදනින්"යි දක්වන ලදි. අනුස්වාර විසර්ග දෙකට මුලින් ඇති ස්වරය ප්‍රකටව පෙනෙන හෙයින් කුඩා දරුවනට අකුරු හඳුන්වාලීමේ පහසුව ද සලකා මෙසේ කරන ලදැයි සිතිය හැකිය. (අක්ෂර මාලාව ද බ.)