"අංකෙළි උපත" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
1 පේළිය: 1 පේළිය:
 
ජාතික ක්‍රීඩාවක් වන අංකෙළියේ හෙවත් අං ඇදීමේ චාරිත්‍රය ඇති වූ සැටි විස්තර කෙරෙන කුඩා සිවුපද පොතකි. පත්තිනි දේවිය ගේ තෙද මහිමය පෙන්නා ඇය වෙත ගරු බුහුමන් පවත්වමින් අංකෙළි කෙළීමට ජනයාගේ සැලකිල්ල යොමු කරවන පිණිස කරන ලද්දේය. කාව්‍ය කර්තෘහුගේ නම අප්‍රකටය. බසෙහි යෙදී ඇති, උඩරට වහරෙහි පමණක් පවත්නා බොහෝ වචන, එය උඩට කවියකු විසින් කරන ලද්දක් බව හඟවයි.  
 
අංකෙළි උපත හෙවත් පත්තිනි මාලාව නමින් පොතක් ද 1871 දී මුද්‍රණය වී තිබේ. කවි 77ක් ඇතුළත් ‍එම කාව්‍යයෙන් කියැවෙන පුවත ම දැක්වෙන සැහැල්ලක් ද එහි අගට යොදා තිබේ. කාව්‍ය කර්තෘ "අංකවි කියන බව
+
අංකෙළි උපත හෙවත් පත්තිනි මාලාව නමින් පොතක් ද 1871 දී මුද්‍රණය වී තිබේ. කවි 77ක් ඇතුළත් ‍එම කාව්‍යයෙන් කියැවෙන පුවත ම දැක්වෙන සැහැල්ලක් ද එහි අගට යොදා තිබේ. කාව්‍ය කර්තෘ අංකවි කියන බව
  
පාලඟ පතිනි පෙරා
+
පාලඟ පතිනි පෙරා
  
ඒ ළඟ වැඩෙන සිරි බරා
 
ඒ ළඟ වැඩෙන සිරි බරා
  
අංකෙළියට පවරා
+
අංකෙළියට පවරා
  
කියම් අංකවි මම වරද හැරා" යන කවියෙන් පවසයි. වෘත්ත දෙකකට අයත් කවි එහි ඇතුළති. පත්තිනි දේවිය සිය සැමි පාලඟ සමග මල්‍නෙළමින් සිටිය දී ඇවිළී ගිය දෙදෙනාගේ කෙකි දෙක බේරා ගැනීමට කළ ප්‍රයත්නයක් අං කෙළියට මුල් වූ බව පොතේ කව් 29කින් කියැවී හමාර වෙයි. කෙකි ඇද පැරදීමෙන් වූ ලජ්ජාව පිරිමසා ගන්නට අං ඇදීමෙන් තරගයක් කරන පිණිස පාලඟ අං සොයා දෙසින් දෙස ගිය ගමනක් ඊළඟට කියැවෙන්නේය. පේරාදෙණියෙන් කෙළවර වන ඒ ගමන් මාර්ගයට උඩරට ගම් බොහමයක් අසුවේ. ගමන් මාර්ගය 55 වන කවියෙන් කෙළවර වෙතත් ඊට අනතුරුව එන දිග කවි කීපයකින් යළිත් අං‍කෙළි උපත ගැන කියැවෙයි. අංකෙළිය ගැන ලියැවුණු පොත් දෙකක කවි අවිචාරයෙන් එක් කොට ගැනීමෙන් මේ අවුල සිදුවී තිබෙන බව පෙනේ. පැරණි සමාජ තත්ත්වය පුරාවෘත්තය, භාෂා ඉතිහාසය ආදි තොරතුරු සොයන්නවුනට මේ පොත ප්‍රයෝජනවත්ය.
+
කියම් අංකවි මම වරද හැරා"  
 +
 
 +
යන කවියෙන් පවසයි. වෘත්ත දෙකකට අයත් කවි එහි ඇතුළති. පත්තිනි දේවිය සිය සැමි පාලඟ සමග මල්‍නෙළමින් සිටිය දී ඇවිළී ගිය දෙදෙනාගේ කෙකි දෙක බේරා ගැනීමට කළ ප්‍රයත්නයක් අං කෙළියට මුල් වූ බව පොතේ කව් 29කින් කියැවී හමාර වෙයි. කෙකි ඇද පැරදීමෙන් වූ ලජ්ජාව පිරිමසා ගන්නට අං ඇදීමෙන් තරගයක් කරන පිණිස පාලඟ අං සොයා දෙසින් දෙස ගිය ගමනක් ඊළඟට කියැවෙන්නේය. පේරාදෙණියෙන් කෙළවර වන ඒ ගමන් මාර්ගයට උඩරට ගම් බොහමයක් අසුවේ. ගමන් මාර්ගය 55 වන කවියෙන් කෙළවර වෙතත් ඊට අනතුරුව එන දිග කවි කීපයකින් යළිත් අං‍කෙළි උපත ගැන කියැවෙයි. අංකෙළිය ගැන ලියැවුණු පොත් දෙකක කවි අවිචාරයෙන් එක් කොට ගැනීමෙන් මේ අවුල සිදුවී තිබෙන බව පෙනේ. පැරණි සමාජ තත්ත්වය පුරාවෘත්තය, භාෂා ඉතිහාසය ආදි තොරතුරු සොයන්නවුනට මේ පොත ප්‍රයෝජනවත්ය.
  
කවි 47කින් යුත් "අංකෙළි උපත" නම් අසම්පූර්ණ පොතක් ගැන හියු නෙවිල්ගේ සිංහල කාව්‍ය සංග්‍රහයෙහි කරුණු (Sinhala Verse, Vol. 2) දැක්වේ.
 
19:11, 7 ජූනි 2023 තෙක් සංශෝධනය

ජාතික ක්‍රීඩාවක් වන අංකෙළියේ හෙවත් අං ඇදීමේ චාරිත්‍රය ඇති වූ සැටි විස්තර කෙරෙන කුඩා සිවුපද පොතකි. පත්තිනි දේවිය ගේ තෙද මහිමය පෙන්නා ඇය වෙත ගරු බුහුමන් පවත්වමින් අංකෙළි කෙළීමට ජනයාගේ සැලකිල්ල යොමු කරවන පිණිස කරන ලද්දේය. කාව්‍ය කර්තෘහුගේ නම අප්‍රකටය. බසෙහි යෙදී ඇති, උඩරට වහරෙහි පමණක් පවත්නා බොහෝ වචන, එය උඩට කවියකු විසින් කරන ලද්දක් බව හඟවයි.

අංකෙළි උපත හෙවත් පත්තිනි මාලාව නමින් පොතක් ද 1871 දී මුද්‍රණය වී තිබේ. කවි 77ක් ඇතුළත් ‍එම කාව්‍යයෙන් කියැවෙන පුවත ම දැක්වෙන සැහැල්ලක් ද එහි අගට යොදා තිබේ. කාව්‍ය කර්තෘ අංකවි කියන බව

පාලඟ පතිනි පෙරා

ඒ ළඟ වැඩෙන සිරි බරා

අංකෙළියට පවරා

කියම් අංකවි මම වරද හැරා"

යන කවියෙන් පවසයි. වෘත්ත දෙකකට අයත් කවි එහි ඇතුළති. පත්තිනි දේවිය සිය සැමි පාලඟ සමග මල්‍නෙළමින් සිටිය දී ඇවිළී ගිය දෙදෙනාගේ කෙකි දෙක බේරා ගැනීමට කළ ප්‍රයත්නයක් අං කෙළියට මුල් වූ බව පොතේ කව් 29කින් කියැවී හමාර වෙයි. කෙකි ඇද පැරදීමෙන් වූ ලජ්ජාව පිරිමසා ගන්නට අං ඇදීමෙන් තරගයක් කරන පිණිස පාලඟ අං සොයා දෙසින් දෙස ගිය ගමනක් ඊළඟට කියැවෙන්නේය. පේරාදෙණියෙන් කෙළවර වන ඒ ගමන් මාර්ගයට උඩරට ගම් බොහමයක් අසුවේ. ගමන් මාර්ගය 55 වන කවියෙන් කෙළවර වෙතත් ඊට අනතුරුව එන දිග කවි කීපයකින් යළිත් අං‍කෙළි උපත ගැන කියැවෙයි. අංකෙළිය ගැන ලියැවුණු පොත් දෙකක කවි අවිචාරයෙන් එක් කොට ගැනීමෙන් මේ අවුල සිදුවී තිබෙන බව පෙනේ. පැරණි සමාජ තත්ත්වය පුරාවෘත්තය, භාෂා ඉතිහාසය ආදි තොරතුරු සොයන්නවුනට මේ පොත ප්‍රයෝජනවත්ය.

කවි 47කින් යුත් "අංකෙළි උපත" නම් අසම්පූර්ණ පොතක් ගැන හියු නෙවිල්ගේ සිංහල කාව්‍ය සංග්‍රහයෙහි කරුණු (Sinhala Verse, Vol. 2) දැක්වේ.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංකෙළි_උපත&oldid=1580" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි