"ඇක්ටිනියම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Actinium). (සංකේතය Ac; පරමාණුක ක්‍රමාංකය 89; පරමාණුක භාර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
(Actinium). (සංකේතය Ac; පරමාණුක ක්‍රමාංකය 89; පරමාණුක භාරය 227) ඇක්ටිනියම් වනාහි යුරේනියම් ලෝපස්වල තිබෙන ලෝහමය මූලද්‍රව්‍යයකි. 1899 දී ඒ. ඩෙබියේර්න් (Debierne) යුරේනියම් සහිත ලෝපස් අවශේෂයක කොටසකින් අලුත් විකිරණ ශීල ද්‍රව්‍යයක් ලබාගැනීමෙන් පසු ඇක්ටිනියම් ගැන විද්‍යාඥයන්ට දැනගන්නට ලැබිණ. එහෙත් ඒ කාලයේ දී සැලකිය යුතු ඇක්ටිනියම් ප්‍රමාණයක් ලබාගත නොහැකි විය. න්‍යෂ්ටිකදාම ප්‍රතිකාරකවල (nuclear chain reactors) රේඩියම් ප්‍රතිවිකිරණය (irradiation) කිරීමෙන් දැන් ඇක්ටිනියම් ස්වල්ප වශයෙන් නිෂ්පාදනය කළ හැකිය.  
 
ඇක්ටිනියම් ස්වාභාවික 4n + 3 විකිරණශීල කුලයෙහි සතරවැනි සාමාජිකයාය. බීටා - විමෝචනය කරන (3 - emitting) මේ මූල ද්‍රව්‍යයේ අර්ධ ජීවිත කාලය (half life) අවුරුදු 22 යි. ඇක්ටිනියම් ත්‍රි සංයුජය. ඇක්ටිනියම් හා ලැන්තනම් (lanthanum) යන මූලද්‍රව්‍ය අතර ඇති සම්බන්ධය වැදගත්ය. ස්වාභාවික ලෙස දක්නට ලැබෙන ඇක්ටිනියම්වල සමස්ථානිකයෝ (isotopes) රේඩියම්වලට වඩා සක්‍රිය බැවින් පිළිකා රෝගයන්ට ප්‍රතිකාර කිරීමේ දී එය යොදනු ලැබේ.
+
ඇක්ටිනියම් ස්වාභාවික 4n + 3 විකිරණශීල කුලයෙහි සතරවැනි සාමාජිකයාය. බීටා - විමෝචනය කරන (ß-emitting) මේ මූල ද්‍රව්‍යයේ අර්ධ ජීවිත කාලය (half life) අවුරුදු 22යි. ඇක්ටිනියම් ත්‍රි සංයුජය. ඇක්ටිනියම් හා ලැන්තනම් (lanthanum) යන මූලද්‍රව්‍ය අතර ඇති සම්බන්ධය වැදගත්ය. ස්වාභාවික ලෙස දක්නට ලැබෙන ඇක්ටිනියම්වල සමස්ථානිකයෝ (isotopes) රේඩියම්වලට වඩා සක්‍රිය බැවින් පිළිකා රෝගයන්ට ප්‍රතිකාර කිරීමේ දී එය යොදනු ලැබේ.
  
(සංස්කරණය:1967)
 
(සංස්කරණය:1967)
 
[[ප්‍රවර්ගය:ආ]]
 
[[ප්‍රවර්ගය:ආ]]

15:36, 19 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

(Actinium). (සංකේතය Ac; පරමාණුක ක්‍රමාංකය 89; පරමාණුක භාරය 227) ඇක්ටිනියම් වනාහි යුරේනියම් ලෝපස්වල තිබෙන ලෝහමය මූලද්‍රව්‍යයකි. 1899 දී ඒ. ඩෙබියේර්න් (Debierne) යුරේනියම් සහිත ලෝපස් අවශේෂයක කොටසකින් අලුත් විකිරණ ශීල ද්‍රව්‍යයක් ලබාගැනීමෙන් පසු ඇක්ටිනියම් ගැන විද්‍යාඥයන්ට දැනගන්නට ලැබිණ. එහෙත් ඒ කාලයේ දී සැලකිය යුතු ඇක්ටිනියම් ප්‍රමාණයක් ලබාගත නොහැකි විය. න්‍යෂ්ටිකදාම ප්‍රතිකාරකවල (nuclear chain reactors) රේඩියම් ප්‍රතිවිකිරණය (irradiation) කිරීමෙන් දැන් ඇක්ටිනියම් ස්වල්ප වශයෙන් නිෂ්පාදනය කළ හැකිය.

ඇක්ටිනියම් ස්වාභාවික 4n + 3 විකිරණශීල කුලයෙහි සතරවැනි සාමාජිකයාය. බීටා - විමෝචනය කරන (ß-emitting) මේ මූල ද්‍රව්‍යයේ අර්ධ ජීවිත කාලය (half life) අවුරුදු 22යි. ඇක්ටිනියම් ත්‍රි සංයුජය. ඇක්ටිනියම් හා ලැන්තනම් (lanthanum) යන මූලද්‍රව්‍ය අතර ඇති සම්බන්ධය වැදගත්ය. ස්වාභාවික ලෙස දක්නට ලැබෙන ඇක්ටිනියම්වල සමස්ථානිකයෝ (isotopes) රේඩියම්වලට වඩා සක්‍රිය බැවින් පිළිකා රෝගයන්ට ප්‍රතිකාර කිරීමේ දී එය යොදනු ලැබේ.

(සංස්කරණය:1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇක්ටිනියම්&oldid=2986" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි