"අපූර්ණ තරගය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
31 පේළිය: | 31 පේළිය: | ||
වෙළඳුන් රාශියකගෙන් සමන්විත වන පූර්ණ තරගකාර වෙළඳපොළෙහි එක වෙළෙන්දෙක් වත් භාණ්ඩ මිල අඩු වැඩි කිරීමට තරම් විශාල වෙළඳ ව්‍යාපාරයක් කරගෙන නොයයි. එමෙන් ම සමජාතීය භාණ්ඩයක් නිපදවන මෙම වෙළඳපොළෙහි භාණ්ඩ මිල ගැන ගැනුම්කරුවන්ට හරියාකාර දැනුමක් තිබීම නිසා පෞද්ගලික විකුණුම්කරුගේ බලය තව දුරටත් හීන වේ. වෙළඳ සැපයුම හා වෙළඳ ඉල්ලුම හේතු කොට යම් විදියකින් වෙළඳ මිල නැඟ අධික ලාභ ඇති වේ නම් භාණ්ඩ මිල ඉබේ ම සමතුලිත වෙයි. මෙසේ සිදු වනුයේ අලුත් නිපදවන්නන් කර්මාන්තයට පිවිසීමෙනි. | වෙළඳුන් රාශියකගෙන් සමන්විත වන පූර්ණ තරගකාර වෙළඳපොළෙහි එක වෙළෙන්දෙක් වත් භාණ්ඩ මිල අඩු වැඩි කිරීමට තරම් විශාල වෙළඳ ව්‍යාපාරයක් කරගෙන නොයයි. එමෙන් ම සමජාතීය භාණ්ඩයක් නිපදවන මෙම වෙළඳපොළෙහි භාණ්ඩ මිල ගැන ගැනුම්කරුවන්ට හරියාකාර දැනුමක් තිබීම නිසා පෞද්ගලික විකුණුම්කරුගේ බලය තව දුරටත් හීන වේ. වෙළඳ සැපයුම හා වෙළඳ ඉල්ලුම හේතු කොට යම් විදියකින් වෙළඳ මිල නැඟ අධික ලාභ ඇති වේ නම් භාණ්ඩ මිල ඉබේ ම සමතුලිත වෙයි. මෙසේ සිදු වනුයේ අලුත් නිපදවන්නන් කර්මාන්තයට පිවිසීමෙනි. | ||
− | අපූර්ණ තරගය යටතෙහි තත්ත්වය මෙයට බෙහෙවින් ම වෙනස්ය. කර්මාන්තයකට පිවිසීමේ දී අලුත් නිපදවන්නන්ට මුහුණපෑමට සිදුවන බාධක සුළුපටු නොවෙයි. කර්මාන්තයකින් නිපැදවෙන භාණ්ඩවලට වෙනස් වූ භාණ්ඩයක් නිපදවීමට සමත් වන්නකුට විනා, අන් කිසිවකුට සාර්ථක වෙළඳාමක් කොහෙත් ම ගෙන යා නොහැකි වේ. ඒ සඳහා වැය කළ යුතු මුල් ධනය අතිවිශාලය. අලුත්පාටක්, මෝස්තරයක් හෝ වෙනත් ලක්ෂණයක් හෝ තම භාණ්ඩයට ලබා දීමට අලුත් නිපදවන්නන්ට පුළුවන් විය යුතුයි. එපමණක් නොව, යටකී අලුත් ලක්ෂණයන් හෝ ගුණාංගය ඔවුන් විසින් ගැනුම්කරුවනට තෝරා පෙන්වා දීම අත්‍යවශ්‍යයි. මේ සඳහා විශාල ලෙස ප්රචාරක කටයුතු කිරීමට ඔවුන්ට සිදු වෙයි. යටකී පිවිසීමේ බාධක හේතුකොටගෙන අපූර්ණ තරගකාර වෙළඳපොළෙහි විකුණුම්කරුවන්ගේ සංඛ්‍යාව සීමා වෙයි. එහෙයින් පෞද්ගලික විකුණුම්කරුවාට තම භාණ්ඩ කෙරෙහි සුළු වූ හෝ බලයක් හිමි වේ. භාණ්ඩ ප්‍රභේදනය, ගැනුම්කරුගේ ලැදිකම යනාදිය නිසා පෞද්ගලික විකුණුම්කරුවාගේ මේ බලය අතිශයින්ම වැඩි වේ. මේ අනුව භාණ්ඩයන්ගේ මිල අධික වීම නියතයි. මේ අනුව භාණ්ඩයන්ගේ මිල අධික වීම නියතයි. පූර්ණ තරගයේ දී ඇතිවන වෙළඳ මිල පහත්ම මිලක්ය. පූර්ණ තරගකාර කර්මාන්තයේ නිෂ්පාදක සාධකයන්ගේ මිල ද තරගය නිසා පහත් වෙයි. එහෙයින් භාණ්ඩය නිෂ්පාදනයේ දී යෙදීමට සිදුවන වියදම ඉතා පහත් ම වියදම (least cost) යයි කියනු ලැබේ. පූර්ණ තරගය යටතෙහි සාමාන්‍ය වියදම් රේඛාවෙහි පහත් ම අඩිය සාමාන්‍ය අයභාර රේඛාව ස්පර්ශ කරන්නේ මේ කාරණය හේතුකොට ගෙන බව අර්ථශාස්ත්රඥයෝ පවසත්. | + | අපූර්ණ තරගය යටතෙහි තත්ත්වය මෙයට බෙහෙවින් ම වෙනස්ය. කර්මාන්තයකට පිවිසීමේ දී අලුත් නිපදවන්නන්ට මුහුණපෑමට සිදුවන බාධක සුළුපටු නොවෙයි. කර්මාන්තයකින් නිපැදවෙන භාණ්ඩවලට වෙනස් වූ භාණ්ඩයක් නිපදවීමට සමත් වන්නකුට විනා, අන් කිසිවකුට සාර්ථක වෙළඳාමක් කොහෙත් ම ගෙන යා නොහැකි වේ. ඒ සඳහා වැය කළ යුතු මුල් ධනය අතිවිශාලය. අලුත්පාටක්, මෝස්තරයක් හෝ වෙනත් ලක්ෂණයක් හෝ තම භාණ්ඩයට ලබා දීමට අලුත් නිපදවන්නන්ට පුළුවන් විය යුතුයි. එපමණක් නොව, යටකී අලුත් ලක්ෂණයන් හෝ ගුණාංගය ඔවුන් විසින් ගැනුම්කරුවනට තෝරා පෙන්වා දීම අත්‍යවශ්‍යයි. මේ සඳහා විශාල ලෙස ප්රචාරක කටයුතු කිරීමට ඔවුන්ට සිදු වෙයි. යටකී පිවිසීමේ බාධක හේතුකොටගෙන අපූර්ණ තරගකාර වෙළඳපොළෙහි විකුණුම්කරුවන්ගේ සංඛ්‍යාව සීමා වෙයි. එහෙයින් පෞද්ගලික විකුණුම්කරුවාට තම භාණ්ඩ කෙරෙහි සුළු වූ හෝ බලයක් හිමි වේ. භාණ්ඩ ප්‍රභේදනය, ගැනුම්කරුගේ ලැදිකම යනාදිය නිසා පෞද්ගලික විකුණුම්කරුවාගේ මේ බලය අතිශයින්ම වැඩි වේ. මේ අනුව භාණ්ඩයන්ගේ මිල අධික වීම නියතයි. මේ අනුව භාණ්ඩයන්ගේ මිල අධික වීම නියතයි. පූර්ණ තරගයේ දී ඇතිවන වෙළඳ මිල පහත්ම මිලක්ය.[[ගොනුව:C-25-1.jpg|400px|right]] පූර්ණ තරගකාර කර්මාන්තයේ නිෂ්පාදක සාධකයන්ගේ මිල ද තරගය නිසා පහත් වෙයි. එහෙයින් භාණ්ඩය නිෂ්පාදනයේ දී යෙදීමට සිදුවන වියදම ඉතා පහත් ම වියදම (least cost) යයි කියනු ලැබේ. පූර්ණ තරගය යටතෙහි සාමාන්‍ය වියදම් රේඛාවෙහි පහත් ම අඩිය සාමාන්‍ය අයභාර රේඛාව ස්පර්ශ කරන්නේ මේ කාරණය හේතුකොට ගෙන බව අර්ථශාස්ත්රඥයෝ පවසත්. |
− | + | ||
ගැනුම්කරුවන්ගේ ලැදිකම ඇතිකර ගැනීම, ප්‍රචාරය පවත්වා ගෙනයෑම, භාණ්ඩ ප්‍රභේදනය යන මේ කටයුතු සඳහා වැය කෙරෙන මුදල් කරණකොටගෙන, අපූර්ණ තරගකාර වෙළඳ පොළෙහි ද්‍රව්‍යමය වත්කම් අපතේ යන වග ද කියනු ලැබේ. | ගැනුම්කරුවන්ගේ ලැදිකම ඇතිකර ගැනීම, ප්‍රචාරය පවත්වා ගෙනයෑම, භාණ්ඩ ප්‍රභේදනය යන මේ කටයුතු සඳහා වැය කෙරෙන මුදල් කරණකොටගෙන, අපූර්ණ තරගකාර වෙළඳ පොළෙහි ද්‍රව්‍යමය වත්කම් අපතේ යන වග ද කියනු ලැබේ. | ||
14:21, 22 සැප්තැම්බර් 2023 වන විට නවතම සංශෝධනය
(Imperfect Competition). මෙම පදය ව්‍යවහාර වන්නේ "පූර්ව තරග" සිද්ධාන්තය ආශ්රයෙනි. සම්භාව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන් සහ ඇතැම් නවසම්භාව්‍ය අර්ථ ශාස්ත්‍රඥයෝ ද පූර්ණ තරගය සැබවින් ම පවත්නා වෙළඳ තත්ත්වය ලෙස සැලකූහ. ඒ අතර ම ඒකාධිකාරය ඉතා කලාතුරකින් ඇතිවන වෙළඳ තත්වයක් හැටියට ඔවුහු පිළිගත්හ. වර්ෂ 1933 දී "අපූර්ණ තරගයේ ආර්ථික ස්වරූපය" (Economics of Imperfect Competition) නම් කෘතියක් පළ කළ එංගලන්තයේ ජෝන් රොබින්සන් මහත්මිය ද 1932 දී "ඒකාධිකාරී තරගය" (Monopolistic Competition) යන නමින් ග්රන්ථයක් පළ කළ ඇමෙරිකාවේ ඊ.එච්. චෙම්බලින් මහතා ද පූර්ණ තරගය හා ඒකාධිකාරය යන අන්ත දෙක අතර මධ්‍යස්ථ වෙළඳ තත්වයක් බහුලව පවත්නා බව කියා සිටියෝය. සමජාතීය (homogeneous) භාණ්ඩයක් සපයන වෙළඳුන් රාශියකගෙන් සමන්විත වන පූර්ණ තරගකාර වෙළඳපොළෙහි ලක්ෂණයන්ට බෙහෙවින් වෙනස් වූ අපූර්ණතා" ලක්ෂණයන්ගෙන් සමන්විත වූ වෙළඳපොළට අපූර්ණ තරගකාර වෙළඳපොළ යන නම යට කී අර්ථ ශාස්ත්‍රඥයෝ ව්‍යවහාර කළෝය.
මේ වර්ගයේ වෙළඳපොළෙහි පවත්නා අපූර්ණතාවන් නියම වශයෙන්ම ඒකාධිකාරී ලක්ෂණයන් බැව් පෙනේ. තම බඩු මිල අඩුවැඩි කිරීමට පෞද්ගලික විකුණුම්කරුවාට පුළුවන්කම තිබීම අපූර්ණ තරගකාර වෙළඳපොළෙහි පවත්නා අපූර්ණතාවලින් එකකි. පෞද්ගලික විකුණුම්කරුවා පූර්ණ තරගය පවත්නා වෙළඳපොළෙහි සිටින වෙළෙඳුන් රාශියෙන් එකෙක් පමණි. ඔහු සපයන්නේ මුළු වෙළඳ සැපයුමෙන් අල්ප මාත්‍රයකි. තවද පූර්ණ තරගකාර වෙළඳුන් සපයන්නේ ප්‍රමිථි භාණ්ඩයකි. (standardized product). වෙළඳපොළට පිවිස සිටින සියලු ම විකුණුම් කරුවන් විසින් අය කරනු ලබන මිල පිළිබඳව ගැනුම්කරුවන්ට හොඳ දැනුමක් තිබීම පූර්ණ තරගයේ තවත් ලක්ෂණයකි. මේ කරුණු නිසා පෞද්ගලික විකුණුම්කරුවාට තම බඩු මිල අඩු වැඩි කිරීමට කිසිදු පුළුවන්කමක් නැත. ඔහු බඩු මිල වැඩි කළහොත් වෙළඳපොළේ සිදුවීම් ගැන හොඳින් දන්නා ගැනුම්කරුවන් අන් වෙළඳුන් කරා යෑම නියතයි. එසේ ම සුළු නිෂ්පාදකයකු වන ඔහු අඩු මිලකට තම භාණ්ඩ විකිණීමට තැත් කළහොත් සැපයීමට නොහැකි තරම් ඉල්ලුම් ප්‍රමාණයකට මුහුණපෑමට ඔහුට සිදුවෙයි. පූර්ණ තරගය යටතෙහි එක් භාණ්ඩයක් වෙනුවට ඒ හා සමාන වෙනත් භාණ්ඩයන් ගැනුම්කරුවන්ට ගැනීමට හැකි බැවින් එක් විකුණුම්කරුවකුගේ භාණ්ඩය වෙනුවට වෙනත් විකුණුම්කරුවකුගේ භාණ්ඩය ගැනීමට ගැනුම්කරුවකු වඩා කැමති වනුයේ ඒ දෙදෙනාගේ බඩු මිල සසඳා බැලීමෙනි. එහෙයින් බඩු මිල අඩුවැඩි වන තරමට භාණ්ඩය පිළිබඳ ඉල්ලුම ද වැඩි අඩු වේ. එහෙත් අපූර්ණ තරගකාර වෙළඳපොළෙහි මිල වෙනස්වීම පමණක් හේතුකොටගෙන පෞද්ගලික විකුණුම්කරුවාගේ ඉල්ලුම් ප්‍රමාණය අඩුවැඩි නොවේ.
විකුණුම්කරුවන් සපයන භාණ්ඩ එකිනෙකට වෙනස් වීම නිසා ඒවා පූර්ණ ආදේශකයන් නොවන බැවිනි. අපූර්ණ තරගකාර විකුණුම්කරුවා තම බඩු මිල මඳක් වැඩි කළත් ඔහුගේ ගැනුම්කරුවෝ ඔහුගෙන් ඈත් නොවෙති. එසේ ම මිල අඩු කළත් වෙළඳපොළේ සෙසු විකුණුම්කරුවන්ගේගැනුම්කරුවෝ ඔහු වෙත ඇදී නොඑත්.
අපූර්ණතා ඇතිවීමට හේතු රාශියක් තිබේ. එක් හේතුවක් නම් විකුණුම්කරුවන් අය කරන මිල ගැන ගැනුම්කරුවන්ට හරියාකාර දැනුමක් නොතිබීමයි. එබැවින් තම තමන්ට පුරුදු විකුණුම්කරුවන් බඩු මිල මඳක් වැඩි කළත් ගැනුම්කරුවෝ අලුත් විකුණුම්කරුවන් සොයා නොයති. ගැනුම්කරුවන් තම තමන්ට පුරුදු විකුණුම්කරුවන්හට මෙසේ බැඳී සිටීම තවත් අපූර්ණතාවකි. මේ අපූර්ණතා හේතුකොටගෙන භාණ්ඩ පිළිබඳ ඉල්ලුම අනම්යවීම ද අපූර්ණතාවට තවත් හේතුවකි.
ගැනුම්කරුවන් තම තමන්ට පුරුදු භාණ්ඩයට ලැදිකම දැක්වීම නිසා ද අපූර්ණතාවක් ඇති වේ. විකුණුම්කරුවන්ගේ ව්යාපාරස්ථානය පිහිටා ඇති අන්දම ද අපූර්ණතා ඇතිවීමට තවත් කරුණකි. ළඟ සිටින විකුණුම්කරුවා භාණ්ඩයකට අය කරන මිල සාමාන්‍යයෙන් මඳක් වැඩි වුවත් ගැනුම්කරුවා ඔහු අත්හැර එම භාණ්ඩය ගැනීමට ඈත පිහිටි වෙළඳ ස්ථානයකට නොයයි.
භාණ්ඩ ප්‍රභේදනය වෙළඳපොළේ අපූර්ණතා ඇතිවීමට ප්‍රධාන හේතුව වශයෙන් සැලකිය හැකිය. එක් විකුණුම්කරුවකු අලෙවි කරන භාණ්ඩය සෙසු විකුණුම්කරුවන්ගේ භාණ්ඩවලට වඩා ස්වල්පයක් වත් වෙනස් වේ නම්, තමා විකුණන භාණ්ඩ වර්ගයේ මිල අඩුවැඩි කිරීමට පුළුවන් කමක් ඔහුට තිබේය යන්න ඊ. එච්. චෙම්බලින්ගේ අදහසයි. ප්‍රභින්න භාණ්ඩයක් සපයන වෙළඳපොළක ගැනුම්කරුවෝ නොයෙක් හේතු නිසා එක් භාණ්ඩ වර්ගයකට වඩා තවත් වර්ගයකට විශේෂ කැමැත්තක් දක්වති. භාණ්ඩ ප්‍රභේදනය පවත්නා වෙළඳපොළක ගැනුම්කරුවන් ඒ ඒ විකුණුම්කරුවන් වෙත ඇදීයන්නේ ඉබේ ම නොව තමන්ගේ විශේෂ කැමැත්ත පරිදිය. භාණ්ඩ ප්‍රභේදනය ඇති වනුයේ එක් එක් භාණ්ඩයෙහි විශේෂ ලක්ෂණ හා ආවේණික ගුණාංග පදනම් කොටගෙනය. ස්වාධිකාරයන් (patents) ලබා ගැනීම, වෙළඳ ලකුණු ව්‍යවහාර කිරීම, විශේෂ වෙළඳ නම් යොදා ගැනීම, සිත්ගන්නා පරිදි බඩු එතීම හෝ ප්‍රදර්ශනය යනාදි ක්‍රම ප්‍රයෝජනවත් කොට ගැනීමෙන් ද භාණ්ඩ ප්‍රභේදනය ඇති කරනු ලැබේ.
එපමණක් නොව භාණ්ඩයකට විශේෂ පාටක්, අලංකාරයක්, මෝස්තරයක් හෝ වෙනත් ලක්ෂණයක් ලබා දීමෙන් ද සෙසු භාණ්ඩවල නොමැති විශේෂත්වයක් ඇතිකරලීම අපූර්ණ තරගකාර වෙළඳ පොළෙහි බහුලව පවත්නා වෙළඳ සිරිතකි. අලෙවි කිරීමේ දී ද තම බඩුවලට විශිෂ්ටභාවයක් ගෙන දීමට විකුණුම්කරුවාට පුළුවන. විශේෂයෙන් ම සිල්ලර වෙළඳාමේ දී, විකුණුම්කරුවා තම ව්‍යාපාර ස්ථානය පිළියෙල කර ඇති අන්දම, ගනුදෙනු කිරීමේ දී වෙළෙන්දා දක්වන අවංකකම යනාදිය ද කරණකොට භාණ්ඩ ප්‍රභේදනය ඇති වෙයි. යටකී සාධක බලපාන විට ගැනුම්කරුවෝ එක් විකුණුම්කරුවකුගේ භාණ්ඩය සෙසු විකුණුම්කරුවන්ගේ භාණ්ඩවලට වඩා වෙනස් යයි සිතත්.
නොයෙකුත් වර්ගයේ සුවඳ සබන් වෙළඳ පොළේ තිබෙන විට, ඒවා එකිනෙකට බෙහෙවින් වෙනස් භාණ්ඩ හැටියට ගැනුම්කරුවන් සැලකුවත් සැබැවින් ම ඒ සබන් වර්ග සියල්ල ම එක ම රසායනික ද්‍රව්‍ය යොදා සාදන ලද එක ම භාණ්ඩ වර්ගයට අයත් ඒවාය. නොයෙකුත් වෙළඳ නම් ඇති දන්තාලේප වර්ග, සබන් කුඩු වර්ග සහ පැන්සල් පෑන් වර්ග යනාදිය දෙස බලන කල්හි ද මේ කරුණු පැහැදිලි වෙයි.
භාණ්ඩ ප්‍රභේදනය වැඩි වූ තරමට විකුණුම්කරුවාගේ ඒකාධිකාර බලය ද වැඩි වී යාම සිරිතයි. මේ නිසා ප්‍රභේදනය වැඩි කිරීම සඳහා විකුණුම්කරුවෝ "විකුණුම් වියදම්" වශයෙන් විශාල මුදලක් වැය කරති. ප්‍රහින්න භාණ්ඩයක් විකිණීමේ දී වැඩියෙන් ම ලාභ ලබා ගත හැක්කේ එම භාණ්ඩයේ විශේෂ ලක්ෂණ ගැනුම්කරුවන්ට තෝරා පෙන්වා දීමෙන්ය. මේ සඳහා විකුණුම්කරුවන් යොදන ප්‍රධානතම ක්‍රමය නම් ප්‍රචාරයයි (බ.). සමජාතීය භාණ්ඩයක් සපයන පූර්ණ තරගකරැවාට ප්‍රචාරය අනවශ්‍ය වේ (පූර්ණ තරගය බ.).
අපූර්ණ තරගකරුවන් භාණ්ඩ මිල නියම කරන අන්දම: ඒකාධිකාරී වෙළඳ පොළෙහි මෙන් නොව අපූර්ණ තරඟකාර වෙළඳ පොළේ විකුණුම්කරුවෝ රාශියක් සිටිති. එක් විකුණුම්කරුවකු සපයන භාණ්ඩයකට ස්වල්පයකින්වත් ආදේශක වන භාණ්ඩ ගණනාවක් ම ඇතිවීම මීට හේතුවයි. එහෙත් අල්පාධිකාරී (අල්පාධිකාරය බ.) වෙළඳ පොළේ මෙන් විකුණුම්කරුවන් අතර එතරම් කිට්ටු සම්බන්ධකමක් නොමැත. තම බඩු මිල පහත් කිරීමෙන් සෙසු සියලු විකුණුම්කරුවන්ගේ ම ගැනුම්කරුවන් තමන් වෙත අද්දවා ගැන්මට විකුණුම්කරුවන්ට නුපුළුවන් වේ. එසේ මිල පහත් කිරීමක දී හානි පැමිණෙනුයේ සපයනු ලබන භාණ්ඩයට වැඩියෙන් ම සමීප වූ ආදේශකයන් සපයන විකුණුම්කරුවන්ට පමණි.
පූර්ණ තරගය යටතෙහි පෞද්ගලික විකුණුම්කරුවනට වෙළඳ පොළෙහි පවත්නා මිලට අලෙවි කරගත හැකි භාණ්ඩ ප්‍රමාණයෙහි සීමාවක් නැත (පූර්ණ තරගය බ.). අපූර්ණ වෙළඳ පොළෙහි තරගකරුවකට විශේෂ වූ වෙළඳ පොළක් ඇත්තේය. අපූර්ණ තරගය යටතෙහි පෞද්ගලික විකුණුම්කරුවාට අලෙවි කරගත හැකි භාණ්ඩ ප්‍රමාණය ඔහුගේ භාණ්ඩයේ මිල, එහි ස්වභාවය සහ ප්රචාරක වියදම් අනුව සීමා වෙයි. අපූර්ණ තරගකරුවාගේ භාණ්ඩය පිළිබඳ ඉල්ලුම් වක්‍රය පූර්ණ තරගය යටතේ මෙන් තිරස් රේඛාවක් නොවේ. ඔහුට මිල පිළිබඳ එක්තරා ගැටලුවකට මුහුණ පෑමට සිදුවේ. ඔහුට ලාභ වැඩි කරගත හැක්කේ තම ඉල්ලුම් වක්‍රයේ නම්‍යතාවත් වියදම් රේඛාව හා ඉල්ලුම් රේඛාව අතර සම්බන්ධයත් සලකා බැලීමෙන් පමණය. සමහරවිට, භාණ්ඩ මිල වැඩි කොට විකුණුම් අඩුකිරීමෙන්, නැතහොත් මිල අඩු කොට විකුණුම් වැඩිකිරීමෙන් උපරිම ලාභ ගෙන දෙන මිලක් නියම කර ගැනීමට ඔහු තැත් කරයි. යට දැක්වුණු රේඛා චිත්රයේ සාමාන්‍ය අයභාරය පෙන්වන රේඛාව හෙවත් ඉල්ලුම් රේඛාව වමේ සිට දකුණට නැඹුරු වන්නකි. ආ අ යන රේඛාවෙන් ආන්තික අයභාරය දැක්වේ. සා වි යන රේඛාවෙන් සාමාන්‍ය වියදම ද ආ වි යන්නෙන් ආන්තික වියදම ද දැක්වේ. තම ආන්තික වියදම ආන්තික අයභාරය හා සම වූ විට අපූර්ණ තරගකරුවා තමා නිපදවිය යුතු භාණ්ඩ ප්‍රමාණය නිශ්චය කරයි. එවිට ඔහු ය ස යන මිලට භාණ්ඩය විකුණුයි.
මේ රේඛා චිත්‍රය අනුව, ඔහු ස හ යන භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. ඒ භාණ්ඩ ප්‍රමාණය නිපදවීමේ දී ඔහුගේ මුළු වියදම ල ව ස හ නමැති ඍජුකෝණාස්රයෙන් දැක්වේ. ඔහුගේ මුළු අයභාරය ය ර හ ස යන ඍජුකෝණාස්රයෙන් පෙනේ. එවිට ඔහුගේ ලාභ ප්‍රමාණය දැක්වෙන්නේ ය ර ව ල ඍජුකෝණාස්රයෙනි.
අපූර්ණ තරගය යටතෙහි අප්රාමාණික ලාභ: ඉහත දැක්වෙන ආකාරයේ අධික මිලක් වෙළඳපොළක පවත්නා විට, පිටස්තරව සිටින ව්‍යාපාරිකයන් වෙළඳපොළට පිවිසෙන බව අපූර්ණ තරගය පිළිබඳ සිද්ධාන්තයෙන් පිළිගැනෙන තවත් උපකල්පනයකි. එහෙයින් යම් කර්මාන්තයක විකුණුම්කරුවෝ අප්රාමාණික ලාභ ලබත් නම්, පිටස්තර ව්‍යාපාරිකයෝ ද නොබෝ කලකින් ම කර්මාන්තයට පිවිසෙති. මෙසේ වන විට, පෞද්ගලික විකුණුම්කරුවන්ගේ ඉල්ලුම් වක්‍ර පළමුව පිහිටි තැනින් වම් අතට බසී. විකුණුම්කරුවන් සංඛ්‍යාව වැඩි වීමෙන් පෞද්ගලික විකුණුම්කරුවාගේ ඉල්ලුම අඩුවී යාම මීට හේතුවයි. මෙසේ ඉල්ලුම් වක්‍රය වම් අතට යන්ට යන්ට අප්රාමාණික ලාභ ප්‍රමාණය අඩුවී, අන්තිමේ දී භාණ්ඩය පිළිබඳ ඉල්ලුම් වක්‍රය වියදම් වක්‍රයට ස්පර්ශක වී, අප්රාමාණික ලාභ ප්‍රමාණය නැති වී යයි. මේ අවස්ථාවේ දැක්වෙන්නේ සමතුලිත තත්වයකි. මෙහි දී භාණ්ඩයේ මිල සාමාන්‍ය වියදම හා සමානය. මේ අවස්ථාවේ දී මිල වැඩි කිරීමෙන් හෝ අඩුකිරීමෙන් හෝ පෞද්ගලික විකුණුම්කරුවාට විඳින්නට වන්නේ පාඩුවක්ය. එහෙයින් මෙවිට පහළ වන්නේ ස්ථාවර තත්වයකි. අප්රමාණික ලාභයක් නැති බැවින් ද භාණ්ඩ නිෂ්පාදනයෙන් ලැබෙන අය භාරය වැය මුදලට සමාන බැවින් ද අලුත් ව්‍යාපාරිකයෝ කර්මාන්තයට නොපිවිසෙති. නිෂ්පාදනයේ යෙදී සිටින්නෝ ද කර්මාන්තය අත්හැර නොයති.
අප්රාමාණික ලාභප්රමාණය නැතිවී යෑමටත් තවත් හේතුවක් ඇත්තේය. නිෂ්පාදන සාධකයන්ගේ අනම්‍යතාව කරණකොටගෙන පෞද්ගලික විකුණුම්කරුවන්ගේ වියදම් අධික වෙයි. අපූර්ණ තරගය යටතේ පෞද්ගලික විකුණුම්කරුවන්ගේ සමතුලිත තත්වය පහත සඳහන් රේඛා චිත්රයෙන් පැහැදිලි වෙයි. මෙහි සාමාන්‍ය වියදම් වක්‍රය ඉල්ලුම් වක්‍රයට ස්පර්ශක වේ.
අපූර්ණ තරගයේ ප්‍රතිඵල: පූර්ණ තරගය වූකලී මනුෂ්‍යයාගේ ශුභ සිද්ධියට අදාළ වන එක ම වෙළඳ තත්වය යයි 1930 පමණ කාලය වන තෙක් අර්ථ ශාස්ත්‍රඥයෝ තරයේ කියා සිටියහ. පූර්ණ තරගය හා සසඳා බලන කල්හි, අපූර්ණ තරගයෙහි පාරිභෝගිකයාගේ ශුභ සිද්ධියට අහිතකර බොහෝ දේ ඇත.
වෙළඳුන් රාශියකගෙන් සමන්විත වන පූර්ණ තරගකාර වෙළඳපොළෙහි එක වෙළෙන්දෙක් වත් භාණ්ඩ මිල අඩු වැඩි කිරීමට තරම් විශාල වෙළඳ ව්‍යාපාරයක් කරගෙන නොයයි. එමෙන් ම සමජාතීය භාණ්ඩයක් නිපදවන මෙම වෙළඳපොළෙහි භාණ්ඩ මිල ගැන ගැනුම්කරුවන්ට හරියාකාර දැනුමක් තිබීම නිසා පෞද්ගලික විකුණුම්කරුගේ බලය තව දුරටත් හීන වේ. වෙළඳ සැපයුම හා වෙළඳ ඉල්ලුම හේතු කොට යම් විදියකින් වෙළඳ මිල නැඟ අධික ලාභ ඇති වේ නම් භාණ්ඩ මිල ඉබේ ම සමතුලිත වෙයි. මෙසේ සිදු වනුයේ අලුත් නිපදවන්නන් කර්මාන්තයට පිවිසීමෙනි.
අපූර්ණ තරගය යටතෙහි තත්ත්වය මෙයට බෙහෙවින් ම වෙනස්ය. කර්මාන්තයකට පිවිසීමේ දී අලුත් නිපදවන්නන්ට මුහුණපෑමට සිදුවන බාධක සුළුපටු නොවෙයි. කර්මාන්තයකින් නිපැදවෙන භාණ්ඩවලට වෙනස් වූ භාණ්ඩයක් නිපදවීමට සමත් වන්නකුට විනා, අන් කිසිවකුට සාර්ථක වෙළඳාමක් කොහෙත් ම ගෙන යා නොහැකි වේ. ඒ සඳහා වැය කළ යුතු මුල් ධනය අතිවිශාලය. අලුත්පාටක්, මෝස්තරයක් හෝ වෙනත් ලක්ෂණයක් හෝ තම භාණ්ඩයට ලබා දීමට අලුත් නිපදවන්නන්ට පුළුවන් විය යුතුයි. එපමණක් නොව, යටකී අලුත් ලක්ෂණයන් හෝ ගුණාංගය ඔවුන් විසින් ගැනුම්කරුවනට තෝරා පෙන්වා දීම අත්‍යවශ්‍යයි. මේ සඳහා විශාල ලෙස ප්රචාරක කටයුතු කිරීමට ඔවුන්ට සිදු වෙයි. යටකී පිවිසීමේ බාධක හේතුකොටගෙන අපූර්ණ තරගකාර වෙළඳපොළෙහි විකුණුම්කරුවන්ගේ සංඛ්‍යාව සීමා වෙයි. එහෙයින් පෞද්ගලික විකුණුම්කරුවාට තම භාණ්ඩ කෙරෙහි සුළු වූ හෝ බලයක් හිමි වේ. භාණ්ඩ ප්‍රභේදනය, ගැනුම්කරුගේ ලැදිකම යනාදිය නිසා පෞද්ගලික විකුණුම්කරුවාගේ මේ බලය අතිශයින්ම වැඩි වේ. මේ අනුව භාණ්ඩයන්ගේ මිල අධික වීම නියතයි. මේ අනුව භාණ්ඩයන්ගේ මිල අධික වීම නියතයි. පූර්ණ තරගයේ දී ඇතිවන වෙළඳ මිල පහත්ම මිලක්ය. පූර්ණ තරගකාර කර්මාන්තයේ නිෂ්පාදක සාධකයන්ගේ මිල ද තරගය නිසා පහත් වෙයි. එහෙයින් භාණ්ඩය නිෂ්පාදනයේ දී යෙදීමට සිදුවන වියදම ඉතා පහත් ම වියදම (least cost) යයි කියනු ලැබේ. පූර්ණ තරගය යටතෙහි සාමාන්‍ය වියදම් රේඛාවෙහි පහත් ම අඩිය සාමාන්‍ය අයභාර රේඛාව ස්පර්ශ කරන්නේ මේ කාරණය හේතුකොට ගෙන බව අර්ථශාස්ත්රඥයෝ පවසත්.ගැනුම්කරුවන්ගේ ලැදිකම ඇතිකර ගැනීම, ප්‍රචාරය පවත්වා ගෙනයෑම, භාණ්ඩ ප්‍රභේදනය යන මේ කටයුතු සඳහා වැය කෙරෙන මුදල් කරණකොටගෙන, අපූර්ණ තරගකාර වෙළඳ පොළෙහි ද්‍රව්‍යමය වත්කම් අපතේ යන වග ද කියනු ලැබේ.
අපූර්ණ තරගය සහ ඒකාධිකාරය අතර ඇති වෙනස: අපූර්ණ තරගකරුවා ශුද්ධ ඒකාදිකාරී නිපදවන්නාගෙන් බෙහෙවින් ම වෙනස්ය. ඒකාධිකාරී නිපදවන්නාගේ භාණ්ඩයට ආදේශක කිසිවක් නොමැත. යම් විදියකින් ආදේශක ඇති නම් එය ද ඔහු පාලනය කරයි. අපූර්ණ තරගය යටතෙහි පෞද්ගලික නිෂ්පාදකයාගේ භාණ්ඩයට ආදේශක ඇත්තේය. තම භාණ්ඩ මිල අතිශයින් වැඩි කිරීමට ඔහුට නුපුළුවන් වන්නේ මේ නිසායි.
අපූර්ණ තරගයේ හා පූර්ණ තරගයේ වියදම් සැසඳුම: පූර්ණ තරගය යටතෙහි නිෂ්පාදකයා භාණ්ඩ නිපදවන්නේ අඩු ම වියදමටය. අඩු ම වියදම ඉමට (least cost point) පැමිණි විට ඔහු තම නිෂ්පාදනය නවත්වයි. අපූර්ණ තරගකරුවා අඩුම වියදම් ඉමට පැමිණීමට කලින් භාණ්ඩ නිෂ්පාදනය නවත්වයි. නිෂ්පාදන ප්‍රමාණය වැඩි කිරීමෙන් සාමාන්‍ය නිෂ්පාදන වියදම අඩුකරගත හැකි බව පහත දැක්වෙන රේඛා චිත්රයෙන් පැහැදිලි වෙයි.
තරගය හා සසඳා බලන කල්හි අපූර්ණ තරගය යටතෙහි භාණ්ඩ මිල වැඩිවීමත් නිපදවන භාණ්ඩ ප්‍රමාණය අඩුවීමත් මින් පැහැදිලි වෙයි.
(සංස්කරණය:1963)