"අකන්තොසෙෆලා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) සුළු (Senasinghe විසින් අකන්තොසෙෆලා (Acanthocephala) සිට අකන්තොසෙෆලා වෙත පිටුව ගෙන යන ලදී) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | [[ගොනුව:23.jpg|200px|left]]පෘෂ්ඨවංශීන්ගේ (vertebrates) බඩවැල් අල්ලා ගෙන වෙසෙන, රවුම් වූ දිගටි ශරීරයක් ද ආපසු නැමුණු උල්කටු සහිත වූ පිටතට දිගු කළ හැකි සොඬක් ද ඇති පරපෝෂිත පණුවෝ මේ නමින් ගැනෙත්. මේ හැම පණුවෙක් ම යම් කිසි සන්ධිපාදිකයකු ඇතුළෙහි තම ළපැටි අවස්ථාගතකොට මත්ස්‍යයන්, ජලචර පක්ෂීන් හෝ ක්ෂීරපායීන් තුළ මේරූ අවස්ථා ගත කරයි. උන්ට මේ පණුවන් බෝවන්නේ පණු කීටයන් (larvae) අන්තර්ගත සන්ධිපාදිකයන් ආහාර කොට ගැනීමෙනි. | + | [[ගොනුව:23.jpg|200px|left]](Acanthocephala) පෘෂ්ඨවංශීන්ගේ (vertebrates) බඩවැල් අල්ලා ගෙන වෙසෙන, රවුම් වූ දිගටි ශරීරයක් ද ආපසු නැමුණු උල්කටු සහිත වූ පිටතට දිගු කළ හැකි සොඬක් ද ඇති පරපෝෂිත පණුවෝ මේ නමින් ගැනෙත්. මේ හැම පණුවෙක් ම යම් කිසි සන්ධිපාදිකයකු ඇතුළෙහි තම ළපැටි අවස්ථාගතකොට මත්ස්‍යයන්, ජලචර පක්ෂීන් හෝ ක්ෂීරපායීන් තුළ මේරූ අවස්ථා ගත කරයි. උන්ට මේ පණුවන් බෝවන්නේ පණු කීටයන් (larvae) අන්තර්ගත සන්ධිපාදිකයන් ආහාර කොට ගැනීමෙනි. |
වැඩුණු පණුවාගේ ශරීර භිත්තිය බාහිර උච්චර්මයකින් (cuticle) ද අපිචර්මයකින් (epidermis) ද දික් අතට සහ හරස් අතට වැටුණු පේශි ස්තරද්වයකින් ද සමන්විතය. ඌට ස්නායු පද්ධතියක් යම්තමින් පිහිටා ඇතත් ආහාර මාර්ගයක් නැත. සොඬ දිගු කරවන පේශි ද ලිංගේන්ද්‍රිය ද සොඬ මුල පිහිටි මඩි වැනි ග්‍රන්ථි දෙකක් ද ශරීරය තුළ තිබේ. | වැඩුණු පණුවාගේ ශරීර භිත්තිය බාහිර උච්චර්මයකින් (cuticle) ද අපිචර්මයකින් (epidermis) ද දික් අතට සහ හරස් අතට වැටුණු පේශි ස්තරද්වයකින් ද සමන්විතය. ඌට ස්නායු පද්ධතියක් යම්තමින් පිහිටා ඇතත් ආහාර මාර්ගයක් නැත. සොඬ දිගු කරවන පේශි ද ලිංගේන්ද්‍රිය ද සොඬ මුල පිහිටි මඩි වැනි ග්‍රන්ථි දෙකක් ද ශරීරය තුළ තිබේ. |
15:55, 1 නොවැම්බර් 2023 තෙක් සංශෝධනය
(Acanthocephala) පෘෂ්ඨවංශීන්ගේ (vertebrates) බඩවැල් අල්ලා ගෙන වෙසෙන, රවුම් වූ දිගටි ශරීරයක් ද ආපසු නැමුණු උල්කටු සහිත වූ පිටතට දිගු කළ හැකි සොඬක් ද ඇති පරපෝෂිත පණුවෝ මේ නමින් ගැනෙත්. මේ හැම පණුවෙක් ම යම් කිසි සන්ධිපාදිකයකු ඇතුළෙහි තම ළපැටි අවස්ථාගතකොට මත්ස්‍යයන්, ජලචර පක්ෂීන් හෝ ක්ෂීරපායීන් තුළ මේරූ අවස්ථා ගත කරයි. උන්ට මේ පණුවන් බෝවන්නේ පණු කීටයන් (larvae) අන්තර්ගත සන්ධිපාදිකයන් ආහාර කොට ගැනීමෙනි.වැඩුණු පණුවාගේ ශරීර භිත්තිය බාහිර උච්චර්මයකින් (cuticle) ද අපිචර්මයකින් (epidermis) ද දික් අතට සහ හරස් අතට වැටුණු පේශි ස්තරද්වයකින් ද සමන්විතය. ඌට ස්නායු පද්ධතියක් යම්තමින් පිහිටා ඇතත් ආහාර මාර්ගයක් නැත. සොඬ දිගු කරවන පේශි ද ලිංගේන්ද්‍රිය ද සොඬ මුල පිහිටි මඩි වැනි ග්‍රන්ථි දෙකක් ද ශරීරය තුළ තිබේ.
අකන්තොසෙෆලයන් වට පණුවන්ගේ වට පණුවා(බ.) ප්‍රභේදයක් සේ සමහරු සලකති. එහෙත් ව්‍යූහය, විකසනය සහ ධාරකයාට ඇති සම්බන්ධය අතින් අභ්‍යන්තර පරපෝෂී පැතලි පණුවන්ට සමාන බවක් පෙනේ. එසේ ම උන්ට ම විශේෂ වූ සමහර ගුණ ද ඇත්තේය. මේ හේතුකොට උන් අකන්තොසෙෆලා නමැති ස්වාධීන වංශයක් (phylum) සේ ද සමහරු සලකති.
(සංස්කරණය: 1963)