"සා නැකත" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
27 පේළිය: 27 පේළිය:
 
කෝෂ්ඨිප්‍රදීප   
 
කෝෂ්ඨිප්‍රදීප   
  
(කර්තෘ: [[ඩී.ආර්. සෙ‍නෙවිරත්න]]: 1956)
+
(කර්තෘ: [[ඩී.ආර්. සෙ‍නවිරත්න]]: 1956)
  
 
[[ප්‍රවර්ගය: ස]]
 
[[ප්‍රවර්ගය: ස]]

09:22, 13 දෙසැම්බර් 2023 තෙක් සංශෝධනය

මෙය සත්විධ නැකැත්වලින් පසළොස්වැන්න ය. සා නැකත මැණිකක ආකාර ඇති රතුවන් එක ම තරුවකින් යුක්ත ය. එය කුඞ්කුමාකාර යැ’යි ඇතැම් මතයකි. මේ නැකත දේව ගණයි. මී ගොන් යෝනියි. කුඹුක් වෘක්ෂයි. කාක පක්‍ෂියි. තෙජෝ භූතයි. අඞ්ගිර ගෝත්‍රයි. වෛශ්‍ය වර්ණයි. පුරුෂ ලිංගයි. අන්ත්‍ය නාඩියි. බාහු රජ්ජූර්ය තිර්යඞ්මුඛයි. ඌර්ධ්ව රෝමයයි. වායු දේවතාධිපති වූ මේ නැකත වායු මණ්ඩලයට අයත් ය. රාශි චක්‍රයෙහි දකුණු මාර්ගය වූ අජ වීථියෙන් කොටසක් ද මේ නැකතට අසු වේ. මෙය උදා වී ඝටිකා තුදුසක් ගිය තැන ඝටිකා සතරක් විෂ බැවින් ඒ කාලය ගමනෙහි අශුභයි. ඉතිරි කාලය තුළ නෙල්ලි මිශ්‍ර ආහාරයක් වළඳා දකුණු බටහිර දිශාවලට යාමෙන් ශුභඵල ගෙන දේ. මේ නැකතින් උණරෝගය වැළඳුනහොත් මාසයක් ගත වන තුරු අරිටුවේ. ඊට වායු දේවතා ප්‍රතිමාවක් තනා කළුඅඟිල්, වනපුෂ්ප, කිරිමිශ්‍ර ආහාර, විලඳ, ගිතෙල්, සුවඳ දුම්, බත් ආදිය නියමිත මන්ත්‍රවලින් මතුර පුදා උතුරු දිග බලි තැබීමෙන් මසකින් සුව වේ.

සා නැකත ඉරු දිනක යෙදුණු විට අව යෝගයි. සඳු දිනයෙහි ශුභ යෝගයි. කුජ දිනයෙහි ශුභ යෝගයි. බුද දිනයෙහි අව යෝගයි. ගුරු දිනයෙහි ශුභ යෝගයි. කිවි දිනයෙහි ශුභ යෝගයි. ශනි දිනයෙහි සිද්ධි යෝගයි. සියාවස නැකතේ ක්‍රෑර ග්‍රහයෙකුගේ යෙදීමක් ඇති විට මහාශූල යෝගයි. වෙසක් මාසයෙහි ශුන්‍ය දෝෂයි. මේ නැකතින් උත්පාත දර්ශනයක් වී නම් මාරුත භය ඇති වේ. සා නැකතින් මල්වර වූ කන්‍යා තොමෝ යහපත් හැසිරීම් ඇති වාසනාවන්තියක් වන්නී ය. නැකත්, මල්ල පොර, සංගීත, නිඝණ්ඩු, වෘක්ෂායුර්වේදය, හස්ති, අශ්ව, සූප යන මෙකී ශාස්ත්‍ර ඉගෙනීමේ ද ස්ත්‍රී සම්භෝග, නාමකරණ, අන්තප්‍රාශන, චෞලකර්ම, උපනයන, විවාහ, තෛලාභ්‍යඞ්ග (තෙල් ගෑම), යානවහනාරෝහණ, කෘෂිකර්ම හා වස්ත්‍රාභරණාලංකාර භූෂණාදියෙහි ද මේ නැකත ශුභයි.

සා නැකතින් උපන් තැනැත්තේ ශෝභමාන දේහයකින් හා විකසිත හෘදයකින් යුත් ලලනාවන් කෙරෙහි ප්‍රිය වූ ප්‍රසිද්ධියට පැමිණෙන්නෙක් වේ. මෙහි ප්‍රථම පාදය ගුරුට හිමි ය. එහි උපන් තැනැත්තේ ප්‍රභූන් සේවනය කරන යම් යම් දේ විස්තර සහිත ව ප්‍රකාශ කරන සත්පුරුෂයෙක් වේ. දෙවන පාදය ශනිට හිමිය. එහි උපන්නේ නුසුදුසු නීතිවලට ගරු කරන, රහස් ගමන් හා ක්‍රියාවන් හි ඇලුණ, කෘතගුණ සලකන්නෙක් වේ. තුන්වන පාදය ශනිට හිමි ය. එහි උපන්නේ නිතර ද්වේෂ කිරීම හා කිපෙන ස්වභාව ඇති ක්‍රෑර ක්‍රියා සහිත කපටියෙක් වේ. සිව්වන පාදය ගුරුට හිමි ය. එහි උපන්නේ ශිල්ප කර්මාදියෙන් දිවි රකින, අධික කෝපය හා ප්‍රමාද සහිත කාමී වූ පුරුෂයෙක් වේ. මින් උපන් ජන්මියාට පළමුවෙන් ඇති වන්නේ රාහුගේ නක්ෂත්‍ර මහදශාවයි. රු, රෙ, රො, තා යන අකුරු සතර මේ නැකතේ පාද හතරට පිළිවෙළින් හිමි වේ. මේ අකුරු නාමකරණය සඳහා යොදනු ලැබේ. කාව්‍ය ශාස්ත්‍රයෙහි 'ය' ගණය මේ නැකතට හිමි වේ.

හෝරා හරණය 125

මුහුර්ත චින්තාමණිය 32

නක්ෂත්‍රචූඩාමනි 29

ගුණදොෂ සංග්‍රහව 24

වෘහත්සංහිතා

මුහුර්ත තත්ව

යවන ජාතකය 57

ලග්න සර්වස්‍යමු 4

චන්ද්‍රාහරණය 18

රාත්‍රිලග්න නිරූපණ

කෝෂ්ඨිප්‍රදීප

(කර්තෘ: ඩී.ආර්. සෙ‍නවිරත්න: 1956)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සා_නැකත&oldid=4158" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි