"විමලසුරේන්ද්‍ර, දේවපුර ජයසේන" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(1874.09.17-1953.08.10). ඩි.ජේ. විමලසුරේන්ද්‍ර නොහොත් දෙව්පු...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
20 පේළිය: 20 පේළිය:
 
1918 දී හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසින් ස්ටැන්ලි බලාගාරය විවෘත කරමින්, එය නිර්මාණය කරලීමේ ගෞරවය හිමි විය යුත්තේ ඉංජිනේරු විමලසුරේන්ද්‍රයන්ට බැව් පළකර සිටියේ ය.  
 
1918 දී හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසින් ස්ටැන්ලි බලාගාරය විවෘත කරමින්, එය නිර්මාණය කරලීමේ ගෞරවය හිමි විය යුත්තේ ඉංජිනේරු විමලසුරේන්ද්‍රයන්ට බැව් පළකර සිටියේ ය.  
 
විමලසුරේන්ද්‍රයන්ගේ මෙකී වැඩ පිළිවෙලට ඉංග්‍රිසි ජාතිකයන් නොයෙක් ආකාරයෙන් විරුද්ධ වුව ද ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාක්ස් ප්‍රනාන්දු, බාරොස් ජයතිලක, ශ්‍රිමත් තෝමස් ද සම්ගයෝ, අරුණාචලම් ආදී හිතවතුන්ගේ පෙන්නුම් කිරීම වුයේ විමලසුරේන්ද්‍රයන්ගේ ජලවිදුලි බල ඉංජිනේරු සැලසුම් දූරදර්ශී බවත් ඒවා ක්‍රියාත්මක කිරීම සුදුසු බවත් ය.
 
1942 දී විමලසුරේන්ද්‍රයන්ගේ විදුලිය බල යෝජනා ක්‍රමය රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ද සම්මත වී වැඩ ආරම්භ විය. එහෙත් අදූරදර්ශී විදේශ ඉංජිනේරුවරුන්ගේ දැඩි විරෝධතා හේතු කොට ගෙන මේ වැඩ පිළිවෙළ කඩින් කඩ නතර විය. මෙය ක්‍රියාත්මක කරලීමට නම් දේශපාලනය තුළින් පාලන පක්‍ෂය තුළට  පිවිසීම කළ යුතු බව අවබෝධ කොට ගත් විමලසුරේන්ද්‍ර 1931 දී රත්නපුර ගරු මන්ත්‍රීවරයා වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිස ජල විදුලිය බලය පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දුන් අතර එ් පිළිබඳ කටයුතු  එතැන් සිට ස්ථිර වශයෙන් ආරම්භ විය.  
+
 
1948 දි ලක්‍ෂපාන ජල විදුලිය ව්‍යාපෘතියේ පළමුවැනි අදියර හමාර වූ අතර 1950 දි මස්කෙළිය ජල විදුලි ව්‍යාපෘතිය නිමා විය. ජීවතුන් අතර සිටිය දී ම තමා දුටු සිහිනය සැබෑ කරමින් ජලයෙන් ජල විදුලිය ලබා දෙන ලක්‍ෂපාන ජල විදුලිය බලාගාරය විවෘත කිිරීමෙන් අවුරුදු පතා ඉන්ධන සඳහා විදේශයන්ට ඇදී යන මහා ධනස්කන්ධයක්  මෙහි ම රඳවා ගැනිමට ද හැකි වීමෙන් සිරිලක ආර්ථිකයේ මහා පෙරළියක් ඇති වී නුතන යුගයට පිවිසියේ ය.  
 
16:10, 13 දෙසැම්බර් 2023 තෙක් සංශෝධනය

(1874.09.17-1953.08.10). ඩි.ජේ. විමලසුරේන්ද්‍ර නොහොත් දෙව්පුර ජයසේන ලේ උරුමයෙන් ස්වරණාභරණ, ලෝහ, ඇත්දත්, කැටයම් ආදි නවකම්හි නිමැවුම් පිළිබඳ පාරම්පරික සම්ප්‍රදායික නිපුණත්වයක් උපතින් ම ලද පරපුරක ජ්‍යෙෂ්ඨ පුත් රුවනක් ලෙස ජන්ම ලාභය ලැබූවෙකි. ගාල්ලේ ගල්වඩුගොඩ, දොන් ජුවන් දේවපුර ජයසිංහ විමලසුරේන්ද්‍ර මහ මුහන්දිරම්තුමාගේ සහ දෝන ක්‍රිස්තියානා ජයවර්ධන මැතිණියගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය ලෙස හේ මෙලොව එළිය දුටුවේ ය. විමලසුරේන්ද්‍රගේ පියා සිංහල, පාලි, සංස්කෘත, පෘතුගීසි, ඉංග්‍රීසි ආදී භාෂා පිළිබඳ මනා දැනුමින් ද කලාත්මක භාණ්ඩ නිපදවිම පිළිබඳ විශ්මයානුකූල අවබෝධයෙන් ද පෝෂණය ලබා සිටියේ ය. ඔහු බ්‍රිතාන්‍ය වික්ටෝරියා අග රැජිනගේ ස්වරණ ජයන්ති උළෙලට ලංකාව නියෝජනය කිරිමට ද බ්‍රිතාන්‍යයේ පාරම්පරික ස්වර්ණාභරණ ශිල්පීන්ට එම කලා අංශයන් පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා දිමට ද ආරාධනය ලැබ බකිංහැම් මාළිගයේ දි මහ මුදලි නයිට් සම්මානයෙන් බුහුමන් ලැබූ ශ්‍රේෂ්ඨයෙකි (විමලසුරේන්ද්‍ර, දොන් ජුවන් දේවපුර ජයසිංහ, බ.).

විමලසුරේන්ද්‍ර කුමරා ගාල්ලේ උපත ලැබුව ද දෙමාපියන්ගේ කර්මාන්ත හා කලාත්මක භාණ්ඩ නිපයුම්හල් කොළඹ, මරදාන පිහිටියෙන් එ් අසළ ම පිහිටි නව නිවහනෙහි පදිංචියට පැමිණීමත් සමඟින් ළදරු දේවපුර ජයසේන විමලසුරේන්ද්‍ර නුදුරෙහි පිහිටි, සිංහල බෞද්ධ නායකයන් ආරම්භ කර තිබුණු ආනන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍ය ජීවිතයක් ආරම්භ කරලිමට උරුමක්කාරයෙක් විය. ළදරු විමලසුරේන්ද්‍ර ප්‍රාථමික පන්තිවල සිට ම ගුරුසිත් ඇදගන්නා සිසුවෙකු ලෙසින් හැම කාර්‍යයක් ම උත්සාහයෙන් ආශාවෙන් කරන්නෙකු වු අතර කිසි විටෙක ගුරු සිත් රිදෙන්නෙක් නොවී ය.

1890 දි ආනන්ද මහා විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා අතින් සත්වැනි පන්තියේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි අගනා ත්‍යාගය ද දිනා ගැනිමට හෙතෙම සමත් විය.

ඊළඟ වසරේ දි සිංහළ, ඉංග්‍රිසි, ජර්මන් ආදි භාෂාවලින් ද ඉතිහාසය, භුගෝලය, ත්‍රිකෝණමිතිය, ගණිතය, ප්‍රායෝගික ගණිතය, ජලස්ථි විද්‍යාව, ස්භාවික විද්‍යාව, චිත්‍ර ශිල්පය සහ ආගම් ඥානය ආදී වූ විෂය සියල්ලෙන් ම ද පාසලේ විශිෂ්ටතම ප්‍රවිණතාව දක්වන ශිෂ්‍යයාට හිමි ත්‍යාගය ද ඔහු විසින් ම දිනා ගන්නා ලදි. ඔහු ආනන්ද විද්‍යාලයීය ශිෂ්‍ය ජීවිතය හමාර කරලිමටත් පෙර ‘ලන්ඩන් මැට්‍රිකියුලේෂන්’ විභාගයෙන් ද විශිෂ්ට සාමාර්ථයක් ලැබීමෙන් එම විභාගය සමත් වු මුල් ම ශ්‍රී ලාංකික ශිෂ්‍යයා විමේ ගොෟරවය ද හිමි කර ගන්නා ලදි. එවක ආනන්ද විද්‍යාලයේ ආචර්‍ය මණ්ඩලයේ ප්‍රමුඛත්වය ගෙන සිටි ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, ඒ. ඊ. බුල්ජන්ස් ආදි ජ්‍යෙෂ්ඨ ඇදුරන්ගේ ඉමහත් ආදරයට සම්මානයට, ගෞරවයට, පැසසුමට පාත්‍රවුණ විමලසුරේන්ද්‍ර පාසලේ සිටි සෑම අතින් ම දක්‍ෂ විශිෂ්ට කුසලතා ඇති ශිෂ්‍යයා වශයෙන් ද හඳුන්වන්නට විය.

ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම් කටයුතු නිම කළ විමලසුරේන්ද්‍ර තරුණයා ආධුනික ඉංජිනේරු පුහුණුවන්නෙකු ලෙසින් පළමු කොට රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේන්තුවට ප්‍රවේශ වී කොළොන්නාවේ රජයේ කර්මාන්ත ශාලාවට ඇතුළත් ව විවිධ නිර්මාණ හා සොයා ගැනීම් පිළිබඳ කාර්යයන්හි නිරත විය. විවිධ යන්ත්‍ර සූත්‍ර ආදිය තනා ප්‍රදර්ශනවලට ද ඉදිරිපත් කරමින් ඔහු තම කුසලතා ඉංග්‍රීසි පාලකයන් ඉදිරියේ පිළිබිඹු කළේ ය. ඉංජිනේරු තාක්‍ෂණ අධ්‍යාපන කටයුතු තුළින් ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ඔහු දැක්වූ කුසලතා හා දක්‍ෂතා ඉංග්‍රීසි පාලකයන් ඉදිරියේ පිළිබිඹු විය. අධ්‍යාපන කටයුතු තුළින් ඉංජිනේරු විද්‍යාවට ඔහු දැක්වූ කුසලතා නිසා ම සුදු පාලකයෝ කොළඹ ටෙක්නිකල් කොලීජිය නොහොත් “කොළඹ කාර්මික විද්‍යාලය” ආරම්භ කර ඉංජිනේරු පාඨමාලාවක් ප්‍රථමවරට පටන් ගත්හ. සුදු ජාතිකයන් මෙලෙස ආරම්භ කළ ප්‍රථම ඉංජිනේරු විභාගයට ඉගෙනීම ලබා එයින් සාමාර්ථය ලත් ප්‍රථම ලංකිකයා වීමේ භාග්‍යය ද හිමි වන්නේ විමලසුරේන්ද්‍රයන්ට ය. එමඟින් ඔහු බ්‍රිතාන්‍ය එක්සත් රාජධානියට අනුබද්ධ විදුලිය හා සිවිල් ඉංජිනේරු සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් ද පිළිගන්නා ලදි. ඉක්බිතිව ඔහු ඉන්දියාවේ පිහිටි බ්‍රිතාන්‍ය ඉංජිනේරු උසස් අධ්‍යාපන පිඨයෙන් ඒ. රම්. අයි. සි. ඊ (A.M.I.C.E ) උපාධි පරීක්‍ෂණයට පෙනී සිටි අතර ඉන් විශිෂ්ට සාමාර්ථයක් හිමිකර ගත්තේ ය. ඉන්පසු ඔහු ඉංග්‍රීසි පාලකයන් යටතේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ ඉංජිනේරුවරයෙකු වශයෙන් දියතලාවේ රාජකාරී සඳහා පත් කරන ලදි. මේ කාල පරිච්ඡේදය ඔහුගේ ජිවිත කථාවේ ස්වර්ණමය අවස්ථාවක් ලෙස ඉතිහාසයට ද එක් වන්නේ ය. දියතලාවේ සේවයට පත් වූ විමලසුරේන්ද්‍ර පසු කලෙක ලන්ඩනයේ සුපුසිද්ධ‍ ‘පැරඩේ ඉංජිනේරු විද්‍යාතනයට ද’ ඇතුළත් වි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ එවක තිබුණු උසස් ම පශ්චාත් උපාධිය ඒ.එම්.අයි.ඊ.ඊ.(A.M.I.E.E) පිළිබඳ අධ්‍යාපනික කටයුතු හමාර කරන ලදි. විමලසුරේන්ද්‍ර විද්‍යා අධ්‍යාපනයෙන් මොනතරම් උපන් ශුරයෙක් දැ’යි කිවහොත් එම අධ්‍යාපන පීඨයේ වසර හතරක ඉංජිනේරු අධ්‍යාපන පාඨමාලාව මාස 06 කින් සම්පුර්ණ කොට එම පශ්චාත් උපාධිය ප්‍රථම පන්තියෙන් සමත් විය. මෙහි දී ‘පැරඩේ’ උසස් ඉංජිනේරු විශ්ව විද්‍යාල පිඨයේ පිඨාධිපති මහචාර්‍ය රසල් එම විද්‍යා පිඨයේ විද්වතුන් හමුවේ විමලසුරේන්ද්‍ර චරිතාපදානය හඳුන්වා ඉදිරිපත් කරමින් මෙතෙක් එම විද්‍යා පිඨයේ තමාට හමුවූ සුවිශේෂ විද්වතා ලෙසින් විමලසුරේන්ද්‍ර හඳුන්වා දී ඇත.

විද්‍යාත්මක තාක්‍ෂණ පිළිබඳ සීමා රහිත පුළුල් ක්ෂේත්‍ර සිසාරා යාමෙන් විමලසුරේන්ද්‍රයන්ගේ නිර්මාණාත්මක හා ගවේෂණාත්මක මනස උද්‍යෝගයෙන් අවදි වුණ සමයක් විය. මෙම අවධියේ දී එනම් 1901 දී ඉංග්‍රීසි පාලකයන් විමලසුරේන්ද්‍ර ඉංජිනේරුවා මහ පොළවේ රත්‍රං සෙවීම සඳහා දියතලාවට පිටත් කර හරින ලදි. ඔහුගේ මෙකී ගවේෂණ කටයුතු කරගෙන යාම සඳහා ඔහුගේ සහායට ඉංග්‍රීසීන් ලබා දුන්නේ අප්‍රිකාවේ බෝයර් යුධයෙන් පසු මෙහි ගෙනෙන ලද ඉජිනේරු දැනුම ද ඇති සිරකරුවෙකි. රත්‍රං සොයා ගිරි ශිඛර කැළෑ පීරූ ඔහුගේ ඇස ගැටුණේ අහස් කුස ගිරි ශිඛර අතරන් පහතට වේගයෙන් ඇද හැළෙන රීදි දිය ඇල්ලකි. ස්වභාය සෞන්දර්යයේ අපුර්වතම නිර්මාණයක් වූ එයින් ඔහුගේ සිත වශීකෘත විය.

ඇබර්ඩීන් හා ලක්‍ෂපාන දිය ඇලි රීදි දිය දහර බිමට ඇද හැළී ගලායන ආකාර දුරදර්ශී ව නැරඹූ විමලසුරේන්ද්‍ර ඉංජනේරුවාණන්ට සිහි ගැනුණේ භූමි මට්ටම් දෙකක් අතර කඩා හැලෙන ජලයේ වේගයෙන් ජලරෝද භ්‍රමණය කරවීමෙන් විදුලිය බලය උත්පාදනය කළ හැකි බවයි.

අහසින් වැටෙන එක දිය බිදක්වත් නිකරුනේ මුහුදට ගලා බැසීම නොඉවසු මහ පැරකුම්බාවන් සුවිසල් වැව් හා ඇල මාර්ග ඉදි කොට මෙරට සරුසාර කලාක් මෙන් ගංගා ගලා ගොස් මුහුද පුරවන ජල කදින් මුළු රටට ම විදුලිය බලය උත්පාදනය කළ හැකි පසුබිමක් ඇති බැව් ඔහුට පෙනෙන්නට ඇත. ඇද හැලෙන ජලය මෙලෙස අවශ්‍ය මට්ටම් දෙකක පරතරය දක්වන ප්‍රදේශයක් තම ගවේෂණයේ දී කෙහෙලගමුය හා මස්කෙළිය ඔය පියස ඇසුරෙහි පවතින බව දුටු ඔහුට තම චිත්තාභ්‍යන්තරයෙහි මැවී පෙනෙන්නට වූයේ ජල විදුලියෙන් අනාගත සිරිලක ඒකාලෝක වන බවත්, එයින් දේශයේ මං මාවත්, කර්මාන්තශාලා නිවාස ඇතුළු සෑම අංශයක් ම ඒකලෝක වී මුළු රටේ ආර්ථිකය නංවා දුක් විඳින ජනතාවට සෙත සැලසීමත් කළ හැකි බවත් ය. එය ඔහු අධිෂ්ඨාන කර ගත්තේ ය. ශ්‍රී ලංකාව ජල විදුලිය බලයෙන් ඒකලෝක කිරිමේ පියවර එයින් ආරම්භ විය.

1918 දි ඉංජිනේරු සංගමය ඉදිරියේ ‘ලංකාවේ බල ශක්ති උපයෝගිතාවය පිළිබඳ ආර්ථික මුහුණුවර’ (The Economics of Power Utilization Ceylon) යන මැයෙන් ප්‍රසිද්ධ දේශනයක් පැවැත්වූ විමලසුරේන්ද්‍ර ඉංජිනේරුතුමා මහවැලි ගඟ, කෙහෙල්ගමු ඔය සහ මස්කෙළිය ප්‍රවාහයෙන් ජල විදුලිය නිපදවීමෙන් ශ්‍රි ලංකාවට විශාල ප්‍රයෝජනයක් සැලසෙන බැව් පෙන්වා දුන්නේ ය. යටත් විජිතවාදී යුගයක් වූ එවක ඉංග්‍රීසි පාලකයන්ගේ විවිධ අවහිරකම් මධ්‍යයෙහි තමා විසින් සැකසු සැලැස්ම ක්‍රියාත්මක කරලීමට ඔහු දැඩි උත්සහයක් දැරුවේ ය.

ඔහුගේ දේශනයට සවන් දුන් ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවෝ ප්‍රකාශ කර සිටියේ මහවැලි ආදි ගංගා හරස් කර වේලි බදවා ජල විදුලිය උත්පාදනය කරලීමට යාමෙන් ලංකාව ගංවතුර තර්ජනයකට මැදිවන බව ය. මෙහිදි විමලසුරේන්ද්‍ර මෙකෙී විරෝධතා මර්ධනය කරනු ලැබුවේ තමා විසින් එංගලන්තයෙන් ම සොයා ගත් නිදසුන් ඉදිරිපත් කරලීමෙනි. එවිට ඔවුහු නිහඬ වූහ. 1918 දී හර්බට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසින් ස්ටැන්ලි බලාගාරය විවෘත කරමින්, එය නිර්මාණය කරලීමේ ගෞරවය හිමි විය යුත්තේ ඉංජිනේරු විමලසුරේන්ද්‍රයන්ට බැව් පළකර සිටියේ ය. විමලසුරේන්ද්‍රයන්ගේ මෙකී වැඩ පිළිවෙලට ඉංග්‍රිසි ජාතිකයන් නොයෙක් ආකාරයෙන් විරුද්ධ වුව ද ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාක්ස් ප්‍රනාන්දු, බාරොස් ජයතිලක, ශ්‍රිමත් තෝමස් ද සම්ගයෝ, අරුණාචලම් ආදී හිතවතුන්ගේ පෙන්නුම් කිරීම වුයේ විමලසුරේන්ද්‍රයන්ගේ ජලවිදුලි බල ඉංජිනේරු සැලසුම් දූරදර්ශී බවත් ඒවා ක්‍රියාත්මක කිරීම සුදුසු බවත් ය.

1942 දී විමලසුරේන්ද්‍රයන්ගේ විදුලිය බල යෝජනා ක්‍රමය රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ද සම්මත වී වැඩ ආරම්භ විය. එහෙත් අදූරදර්ශී විදේශ ඉංජිනේරුවරුන්ගේ දැඩි විරෝධතා හේතු කොට ගෙන මේ වැඩ පිළිවෙළ කඩින් කඩ නතර විය. මෙය ක්‍රියාත්මක කරලීමට නම් දේශපාලනය තුළින් පාලන පක්‍ෂය තුළට පිවිසීම කළ යුතු බව අවබෝධ කොට ගත් විමලසුරේන්ද්‍ර 1931 දී රත්නපුර ගරු මන්ත්‍රීවරයා වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිස ජල විදුලිය බලය පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දුන් අතර එ් පිළිබඳ කටයුතු එතැන් සිට ස්ථිර වශයෙන් ආරම්භ විය.

1948 දි ලක්‍ෂපාන ජල විදුලිය ව්‍යාපෘතියේ පළමුවැනි අදියර හමාර වූ අතර 1950 දි මස්කෙළිය ජල විදුලි ව්‍යාපෘතිය නිමා විය. ජීවතුන් අතර සිටිය දී ම තමා දුටු සිහිනය සැබෑ කරමින් ජලයෙන් ජල විදුලිය ලබා දෙන ලක්‍ෂපාන ජල විදුලිය බලාගාරය විවෘත කිිරීමෙන් අවුරුදු පතා ඉන්ධන සඳහා විදේශයන්ට ඇදී යන මහා ධනස්කන්ධයක් මෙහි ම රඳවා ගැනිමට ද හැකි වීමෙන් සිරිලක ආර්ථිකයේ මහා පෙරළියක් ඇති වී නුතන යුගයට පිවිසියේ ය.

විමලසුරේන්ද්‍ර පළමුව ගාලු නගරයට ‘හියාරේ ජලශය’ ඉදි කොට ජලනල යෝජනා ක්‍රමයක් හා විදුලිය බලයත් පළමු වරට සැපයීමේ කටයුතු ඔහුගේ අනුදැක්ම යටතේ සිදුවුණි. දෙමොදර ආශ්චර්යවත් දුමිරිය මාර්ග කොටස සැළසුම් කළෙත් විමලසුරේන්ද්‍ර ඉංජිනේරුතුමා ය. ලංකාවේ දුමිරිය ,විදුලිරථ ධාවනය සඳහා ද ජල විදුලිය යොදා ගනිමින් එහි ආර්ථික ප්‍රතිලාභ පිටරට වෙළදාම සඳහා ද අපනයනය කිරිමට ලංකාවේ ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන තේ, රබර්,කොප්පරා, මිනිරන් ආදිය අඩු වියදමින් නිෂ්පාදනය කරලීමට හැකි බවත් පෙන්වා දෙන ලදි. තවද ලංකාවේ ඇති අමු ද්‍රව්‍ය උපයෝගී කොට ගනිමින් ටයර් ටියුබි ආදි අත්‍යවශ්‍ය රබර් භාණ්ඩ රෙදි පිළි, පිගන් භාණ්ඩ, කෘෂිකර්මය සඳහා කෘත්‍රිම පොහොර ආදි දේ අඩු වියදමින් නිෂ්පාදනය කළ හැකි බැව් පෙන්වා දුන්නේය.

ඔහු මුළු මහත් බෞද්ධ ලෝකයාගේ ම සිත් සතන් පහන් සංවේග ඇති කරවාලමින් රුවන්වැලි සෑ ස්තූපයේ කොත් කරුල්ල නිර්මාණය කරවී ය. අඩි 24 ක් උස් වු චුඬා මාණික්‍ය සහිත මෙම දර්ශනීය රන් ආලේපිත කොත් වහන්සේ නිමවීමෙන් පසු එකී කොත් පැළදවිමේ උත්සවයට ද එතුමා සහභාගී විය.

පාලි හා ජර්මන් භාෂා පිළිබඳ පරිචයක් ලබා සිටිමින් බුදු රජාණන් වහන්සේ කෙරෙහි අතිමහත් සැදැහැයෙන් පසු වූ විමලසුරේන්ද්‍ර ඉංජිනේරුතුමා බෞද්ධ ග්‍රන්ථ ජර්මන් භාෂාවට පරිවර්තනය කරලීමෙන් බෞද්ධ දර්ශනය බටහිර රටවල ව්‍යාප්තියට කිසියම් සේවාවක් සැලසු බැව් ප්‍රකට වන කරුණකි.

ජාතියේ පිනෙන් පහළ වූ මේ අසමසම ජාතික වීරවර ශ්‍රි ලංකා ජල විදුලිය බලයේ ආදිකර්තෘවර විමලසුරේන්ද්‍ර අප රටේ ජනතාවගේ සිත් සතන්හි නොමැකෙන සටහනක් තබමින් අප අතරින් සමු ගත්තේ ය.

(කර්තෘ: සිරි නිස්සංක පෙරේරා: 2001)

(සංස්කරණය නොකළ)