"නිශ්චල වස්තු චිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
11 පේළිය: | 11 පේළිය: | ||
ගෘහ නිර්මාණ ශිල්පයේ දී හා යාන්ත්‍ර විද්‍යාවේ දී මෙම දැනීම ප්‍රයෝජනවත් වේ. | ගෘහ නිර්මාණ ශිල්පයේ දී හා යාන්ත්‍ර විද්‍යාවේ දී මෙම දැනීම ප්‍රයෝජනවත් වේ. | ||
− | (කර්තෘ: [[ඇම්.ඇල්.ඒ. තිමෝතියස්]] | + | (කර්තෘ: [[ඇම්.ඇල්.ඒ. තිමෝතියස්]]) |
(සංස්කරණය නොකළ) | (සංස්කරණය නොකළ) |
14:44, 26 පෙබරවාරි 2024 තෙක් සංශෝධනය
මින් අදහස් කෙරෙන්නේ ඉදිරිපිට තබා ඇති ස්වාභාවික වස්තුවක් හෝ කෘත්‍රීම වස්තුවක් හෝ ඒ ආකාරයෙන් ම ඡායාරූපී ක්‍රමයට ඇඳ දැක්වීමයි.
ද්‍රව්‍යයන්ගේ ත්‍රිමාන ඝන ස්වභාවයත් පිහිටීමේ දී ඇස් මට්ටමට උඩින් යටින් ද්‍රව්‍යයන්ගේ පෙනෙන, පෙනිය යුතු ස්වභාවයත් ඒ ද්‍රව්‍යයනට ආලෝකය වැටීම අනුව ඒවායේ වර්ණයන්ගේ අඩු වැඩිවීම හෙවත් වර්ණ ප්‍රභේද දැක්වීමත් සෙවණැලි වැටීමත් එක් එක් ද්‍රව්‍යයනට සෙවණැලි වැටීමෙන් ඇතිවන වෙනස්කම් දැක්වීමත් ඒ ඒ ද්‍රව්‍යයනට හා කොටස්වලට ඇසේ සිට ඇති දුර ප්‍රමාණය අනුව පෙනෙන වෙනස්කම් ආදිය නිත්‍යානුකූලව ඇඳ දැක්වීමත් එසේ ම ඒ ද්‍රව්‍ය පන්තියේ ධරණය හෙවත් පෙරබිමත් එහි පසුබිමත් සටහන් කර දැක්වීමත් විශේෂයෙන් සැලකිය යුතු ය. ඒ එසේ නම් සියල්ල නීති රීති අනුව ම ඇඳ දැක්විය යුතු ය. එම ද්‍රව්‍ය පන්තියේ ඡායාරූපයක් ගතහොත් එයත් අඳිනු ලබන චිත්‍රයත් එකක් ම ලෙස තිබීම වැදගත් ය. එක් අතකින් එය යමක් හරි හැටියට දැකීමට ඇසත් ඇඳ දැක්වීමට අතත් පුහුණු කරමින් දක්ෂතා වර්ධනය කිරීමෙකි.
කහ පැහැ ගැන්වී ඇති දොඩමක් ගැන සිතතොත් එය මෙසේ ආලෝකය කෙළින් ම වැටෙන තැන තද සුදු දිලිසීමක් ඇතිවත් පෙනෙන අතර ටිකෙන් ටික කහ කොළ පාට වෙනස් වෙමින් කළුවට හුරු අඳුරුම අඳුරු කොළ පැහැය දක්වා වර්ණ ප්‍රභේද රාශියක් පෙනේ. එසේ ම ආලෝකයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ද්‍රව්‍යයේ සෙවණැල්ල වැටෙන අතර එහි ද අඩුවැඩි බවක් පෙනේ. ද්‍රව්‍ය පන්තියක් වුව ද එසේ ම ඒ ඒ ද්‍රව්‍ය අනුවත් ආලෝකය වැටීම අනුවත් වර්ණ ප්‍රභේද රාශියක් මෙසේ දිස්වේ. එය එසේ ඇඳ දැක්විය හැක්කේ ඇසත් අතත් දියුණු කරගත් පුද්ගලයාටයි.
ද්‍රව්‍යයක් ඇසෙන් ඈත් වීමේ දී පෙනෙන පෙනීමේ වෙනස දූරදර්ශන ක්‍රමය, මූලික පර්යායලෝකය (perspective) නමින් හැඳින්වේ. ඇසට යම් යම් දෑ ඈත්වීමේදී ප්‍රමාණය අතින් කුඩා වේ. පැහැදිලිකමින් අඩුවේ. මේ සඳහා පෙන්විය හැකි හොඳම නිදසුනකි, රේල්පීලි දෙක. පීලි දෙකක් මැද සිටින කෙනෙකුට එය පෙනෙන්නේ පීලි දෙක අතර පරතරය අඩුවෙමින් පීලි දෙක එකටෙක ගැටෙන්නාක් මෙනි. ඒ ගැටෙන දුර ඇසට පෙනෙන අන්තිම දුර ප්‍රමාණයයි. එය නොපෙනෙන ලක්ෂ්‍යය නමින් හැඳින්වේ. පහත දැක්වෙන රූප සටහනෙන් දූරදර්ශන ක්‍රමය පැහැදිලි වේ.
මෙසේ නීති උගැන්වීම සඳහා විශේෂ ද්‍රව්‍ය පන්තියක් අවශය වේ. ග්රැමෆෝන් රැකෝඩරයක්, එවැනිම ඝනතාවෙන් යුතු හරි හතරැස් තලයක්, දිගටි ඝනයක්, ප්‍රිස්මයක්, ත්‍රිකෝණාකාර අඩියකින් යුතු පිරමිඩයක්, චතුරශ්රාකාර අඩියකින් යුතු පිරමිඩයක්, කෝණයක් හෙවත් කේතුවක්, පංචාශ්‍ර ඝනයක්, ෂඩාශ්‍ර ඝනයක්, අෂ්ටාශ්ර ඝනයක්, ගෝලයක්, රෝදයක්, සැකිලි ඝනයක් යනු ඒවා ය. මේවා එක් එක් අතට හරව හරවා තබා ඇඳීමෙන් නීති උගැන්විය හැක.
ගෘහ නිර්මාණ ශිල්පයේ දී හා යාන්ත්‍ර විද්‍යාවේ දී මෙම දැනීම ප්‍රයෝජනවත් වේ.
(කර්තෘ: ඇම්.ඇල්.ඒ. තිමෝතියස්)
(සංස්කරණය නොකළ)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]