"දියෝඝර්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('‘දෙවියන්ගේ නිවස’ හෙවත් දේවාලය යන අරුත ඇති දිය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
7 පේළිය: | 7 පේළිය: | ||
ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවකට (viii වැනි කාණ්ඩය) වෛද්‍ය නාථ කෝවිල පිළිබඳ විස්තරයක් ඇතුළු කරන ජේ.ඩී. ඛග්ලර් මහතා දියෝඝර්හි දක්නට ලැබුණු බුදුපිළිම කිහිපයක් සාධක කොට ගෙන එම ස්ථානය විශාල බෞද්ධ ආයතනයක් වී යයි සිතිය හැති බවත් වින්ද්‍යා දේශයෙහි පැවැත්තේ යයි කියන උත්තාසිය විහාරය පිහිටියේ දියෝඝර්හි යයි සිතිය හැකි බවත් පවසයි. | ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවකට (viii වැනි කාණ්ඩය) වෛද්‍ය නාථ කෝවිල පිළිබඳ විස්තරයක් ඇතුළු කරන ජේ.ඩී. ඛග්ලර් මහතා දියෝඝර්හි දක්නට ලැබුණු බුදුපිළිම කිහිපයක් සාධක කොට ගෙන එම ස්ථානය විශාල බෞද්ධ ආයතනයක් වී යයි සිතිය හැති බවත් වින්ද්‍යා දේශයෙහි පැවැත්තේ යයි කියන උත්තාසිය විහාරය පිහිටියේ දියෝඝර්හි යයි සිතිය හැකි බවත් පවසයි. | ||
− | (කර්තෘ: [[ජිනදාස | + | (කර්තෘ: [[ජිනදාස ලියනරත්න]]) |
(සංස්කරණය නොකළ) | (සංස්කරණය නොකළ) |
06:54, 11 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය
‘දෙවියන්ගේ නිවස’ හෙවත් දේවාලය යන අරුත ඇති දියෝඝර් නම් ස්ථානය පිහිටියේ බංග්ලාදේශ රාජ්‍යයේ කල්කටා නගරයේ සිට සැතපුම් 200ක් පමණ බටහිර දෙසින් උත්තර අක්ෂාංශ 24 29' 43", හා නැගෙනහිර දේශාංශ 78 15' ආශ්රිත ව ය. දියෝඝර් යන නාමය මේ ස්ථානයට ලැබී ඇත්තේ මෑත කාලයක දී ය. සංස්කෘත පොතපතෙහි එය හැඳින්වෙන්නේ ගාර්දපීඨ, හරිදාපීඨ, රාවණකාතන, කේතකීවන, හරිතකිවන හා වෛද්‍ය නාථ යන නම්වලිනි. කේශ ප්‍රවර යනුවෙන් ද එය හඳුන්වන ලදි.
ගුප්ත යුගයේ දී එම අධිරාජ්‍යයේ මහා මාවත දියෝඝෝර් හරහා වැටී තිබුණෙන් එම ස්ථානය උතුරු දෙසින් පවායා හෙවත් පද්මාවතී නම් ස්ථානය සමඟ ද දකුණු දෙසින් එරාන්, භිල්සා, උදයගිරි හා සාංචි යන ස්ථාන සමඟ ද බටහිර හා නිරිත දෙසින් උජ්ජයිනී හා භාග් නම් ස්ථාන සමඟ ද ඣාන්සි හා කාන්පූර් ඔස්සේ අලහබාද්, බනරස හා පාටලීපුත්ර යන ස්ථාන සමග ද සම්බන්ධ විය.
ගුප්ත යුගයේ සිට ශත වර්ෂ ගණනක් යන තෙක් දියෝඝර්හි හින්දු හා ජෛන සිද්ධස්ථාන රාශියක් පැවැත්තේ ය. හින්දු කෝවිල් අතුරෙන් ගුප්ත යුගයට අයත් දසාවතාර නම් වූ විෂ්ණු දේවාලය (බ.) හා වෛද්‍ය නාථ නම් වූ ශිව කෝවිල (බ.) ද, ජෛනයන්ගේ සාන්තිනාථ විහාරය ද විශේෂයෙන් වැදගත් වේ.
ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවකට (viii වැනි කාණ්ඩය) වෛද්‍ය නාථ කෝවිල පිළිබඳ විස්තරයක් ඇතුළු කරන ජේ.ඩී. ඛග්ලර් මහතා දියෝඝර්හි දක්නට ලැබුණු බුදුපිළිම කිහිපයක් සාධක කොට ගෙන එම ස්ථානය විශාල බෞද්ධ ආයතනයක් වී යයි සිතිය හැති බවත් වින්ද්‍යා දේශයෙහි පැවැත්තේ යයි කියන උත්තාසිය විහාරය පිහිටියේ දියෝඝර්හි යයි සිතිය හැකි බවත් පවසයි.
(කර්තෘ: ජිනදාස ලියනරත්න)
(සංස්කරණය නොකළ)