"ද්‍රෞපදී" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('== ද්‍රෞපදී == පඤචාල දෙශාධිපති ද්‍රැපද රජුගේ දිය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
48 පේළිය: | 48 පේළිය: | ||
(කර්තෘ: [[ඩී.එච්.එස්. විජේරත්න]]) | (කර්තෘ: [[ඩී.එච්.එස්. විජේරත්න]]) | ||
+ | |||
+ | (සංස්කරණය නොකළ) | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: හින්දු දේවකථා]] | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: ද]] | ||
+ | |||
+ | == ද්‍රෞපදී == | ||
+ | පඤචාල දෙශාධිපති ද්‍රැපද රජුගේ දියණිය වූ හෙයින් ද්‍රොපදී නම් වූ මේ කුමාරිකාවෝ මහා භාරත මහාවීර කාව්‍යයෙහි එන ප්‍රධාන චරිතයක් වන්නී ය. ස්ත්‍රී සම්භවයෙහි අන්තර්ගත ප්‍රීති, රති, භක්ති, මිත්‍රතා, සංයම, ආලය යන ගුණයන් හැම කල්හි ම අනුබන්‍ධිතව ඇය කෙරෙහි මනෝරම්‍ය ලෙස පැවති බව මහාභාරතයේ දැක්වේ. උත්තර භාරතීය මහාවීර කාව්‍ය දෙකෙන් වර්ණිත අග්‍රපතිවුතාවන් දෙදෙනා අතුරෙහි ද මෝතොමෝ එකකි. දෛව නියමය නිසා පාණ්ඩව සහෝදරයන් පස්දෙනාටම භාර්ය වුව ද සිය සැමියන් කෙරහි අකලධික භක්තියක් හා පක්ෂාපතීභාවයත් උදාර චරිත ප්‍රභාවත් නිසා සදා සම්මානිත බවට පත්වූවා ය. යාප, උපයාජ යන ඍෂීන්ගේ සහායයෙන් පවත්වන ලද පුත්‍රකාමෙෂ්ඨ යඥයේ දී හෝමාගතියෙන් පහළ වූ මේ කුමරිය දුඹුරු පැහැයෙන් යුක්ත වූ බැවින් කෘෂණ යන නම තබන ලදි. අයොනිසමගව, යාඥසේනි, පාඤචාලි, පාෂිතී, පඤවමී, නිත්‍යයෞවනී යන නම් ද ඇයට ව්‍යවහාර විය. | ||
+ | |||
+ | තරුණ වයසට සැපත් ද්‍රෞපදිය අසමසම රූපලාවණ්‍යයෙන් යුතු වූ බැවින් විවාහ කර ගැනීම සඳහා රජ කුමරුවන් බොහෝ දෙනෙකු ඉදිරිපත් වූයෙන් දස්කම් තරගයකින් ඇයට සුදුසු වල්ලභයකු තෝරා ගැනීමට පියරජ කටයුතු පිළියෙළ කළේ ය. දුෂ්කර විදීම් අතුරෙන් එකක් වූ ඉතා දුෂ්කර එකක් වූ මතස්‍යවෙධ චාතූර්යය ප්‍රදර්ශනය කළ රජ කුමාරයකුට ඇය පාවාදීම පියරජුගේ නිගමනය විය. ඒ සඳහා ඉදිරිපත් වූවන් අතුරෙන් පඤ්චපාණ්ඩවයන්ගෙන් එකකු වූ අර්ජුන කුමරුට පමණක් එය කළ හැකි වූයෙන් ද්‍රෞපදී තොමෝ ඔහුට වරමාලාව පැළඳ වූවා ය. එසේ වුවද තමන් හොඳ තෑග්ගක් දිනාගන ආයේ යැයි අර්ජුනයන් කී කවට බස තේරුම් ගත නොහැකි ඔවුන්ගේ මව් බිසව ඒ කුමක් දැයි නොවිමසා ම දිනූ දෙයක් සහෝදරයන් පස්දෙනා අතර බෙදාගන පාවිච්චි කරන්නැයි කී බස නිසා, ඕ ඒ පස්දෙනාගේ ම භාර්යාව බවට පත්වූවා ය. | ||
+ | |||
+ | පාණ්ඩයන්ගේ ඓශවර්‍ය්‍යය කෙරෙහි ඊර්ෂ්‍යා කළ එකල හස්තිනා පුරයෙහි මහරජ වූ ඔවුන්ගේ දෙටුපිය ධ්‍රැත රාෂ්ට්‍රයන්ගේ දෙටු පුත් දුර්යෝධන ද්‍යුත ක්‍රීඩාවෙන් වංචනික ලෙස ඔවුන් පරදවා රාජ්‍යය අත්පත් කර ගැනීමට අදහස් කර සොරදුකෙළියෙහි සමත් ශකුනි නම් සිය මයිලනුවන් ගෙන්වා ගන ජ්‍යෙෂ්ඨ පාණ්ඩව පුත්‍ර යුධිෂ්ධිර සමඟ ඔහු දුකෙළියෙහි යෙදවූයේ ය. යුධිෂ්ධිරය ද සියලු ධනය පැරදීමෙන් පසු ද්‍රෞපදිය පරදුවට තබා ක්‍රීඩාකර එයින් ද පරාජයට පත් විය. දුර්යෝධනගේ බාල මලණු දුඃශාසන තෙමේ ද්‍රෞපදියගේ කෙස්වැටියෙන් අල්වා ඇද රජ සබයට ගෙනවිත් ඇගේ වස්ත්‍ර ඉවත් කරන්නට වූ විට ශ්‍රී කෘෂ්ණ සිය අනුභාවයෙන් ඇඳිවත කෙළවර නොවන ලෙසත් කළේ ය. ඉන්පසුව දුර්යෝධන ඔහුගේ කලව මත වාඩි වීමට ඇය කැඳවූයේ ය. මේ සියල්ල බලා සිට ක්‍රෝධයෙන් දිලිහී ගිය භීම කුමාරයා දුඃශාසනගේ හද පලා ලේ පානය කරන බවට ද දුර්යෝධනගේ ජඞඝා සුණු විසුණු කරන බවට ද දිවුරුවේ ය. (මහා භාරත යුද්ධයෙහි දී මේ ප්‍රතිඥා දෙකම ඔහු අතින් ඉටුවිය.) මේ සිය පුතෙකු කරන ධර්ම විරෝධී අපරාධය අසා සිටි, අන්ධ ධ්‍රැත රාෂ්ට්‍ර රජ සිය ඥාති පුත්‍රයන් දාස භාවයෙන් මුදා, ඉන්‍ද්‍ර පුස්ථරාජ්‍යයෙහි ම පිහිටවූ නමුත්, නැවත වරක් දූ කෙළියෙන් පරදවූ යුධිෂ්ඨර සිය මලණුවරුන් සහ ද්‍රෞපදිය සමඟ දොළොස් වසරකට වන වාසයට නියම විය. (මෙසේ වන වාසයෙහි සිටිද්දී දිනක් සෝවුරන් පස්දෙන මුව දඩයමෙහි ගොස් සිටින අතර ඡයද්රථ නම් රජෙක් ද්‍රෞපදිය පැහැරගෙන ගියේ ය. ආශ්‍රමයට පෙරළා පැමිණි පාණ්ඩවයන් ද්‍රෞපදියට සිදුවූ විපත දැන ජයද්රථ ලුහුබඳවා ගෙන යන අතර හෙතෙම ද්‍රෞපදිය අතරමඟ දමා පලා ගියේ ය. ඔහු පසු පස්සේ එලවා ගිය අර්ජුන හා භීම යන දෙසොහොයුරන් ඔහුට සිහිසන් නැතිවනතුරු අතින් පයින් තළා කෙස්රොදවල් පහක් පමණක් ඉදිරි වන තුරු හිසමුඩු කොට සිරකරුවකු ලෙස සිය ආශ්‍රමයට ගෙන ගියහ. යුධිෂ්ඨර තෙමේ එහි දී ඔහුට අභයදානය දී යන්ට හැරියේ ය. | ||
+ | |||
+ | දූකෙළියෙන් පැරදිහි එක කොන් දෙසියන් වූ පාණ්ඩවයන් පැරදුණෙන් දොළොස් වසක් වනවාසයට යා යුතු අතර ඉන් අන්තිම අවුරුද්ද කිසිවකුට දැන ගත නොහැකි වන සේ විසීමයි. දොළොස් වන වසර ආරම්භයේ දී අඝතවාසයට පටන් ගත් පාණ්ඩවයෝ විරාට රජු යටතේ අප්‍රසිද්ධ වේශයෙන් සේවය කළහ. එකල ද්‍රෞපදි තොමෝ සෛරන්‍ධී්‍ර, මාලනී යන නම්වලින් පෙනී සිට විරාට රජ බිසව යටතේ සේවය කළා ය. මෙසේ වසන අතර රජ බිසවගේ සොහොයුරයකු වූ කීචක සෙනෙවියා ද්‍රෞපදියගේ රූපශ්‍රියා දැකීමෙන් මත්ව නිතර ඇයට ඇවිටිලි කරන්ට වූයෙන් ඕතොමෝ ඒ බව භීම කුමරුට දැන්වූවා ය. එක් රාත්‍රියක හෙතෙම කීචක සමඟ බාහු යුද්ධයෙහියෙ දී ඔහුගේ මස හා ඇට බෝලයක් බවට පැමිණ වූයේ ය. මේ මරණය ද්‍රෞපදිය ආරක්ෂා කරන ගාන්ධර්වයන් අතින් සිදු වන්නට ඇතැයි සැලකීම නිසා කීචකගේ මෘතශරීරය සමඟ ඇය ද දවන්ට නියම කරන ලදි. එකල වෙස්වලාගත් භීම කුමාරයා විශාල වෘක්‍ෂයක් කඩා මුගුරක් වශයෙන් ගෙන ඇය මුදා ගැනීමට ගියේ ය. ඔහු ගාන්ධර්වයකැයි සිතූ හැම දෙන බියෙන් පලා ගියහ. එකල භීම කුමාරයා එක් මගකින් ද ද්‍රෞපදී වෙනත් මගකින් ද නගරය බලා පිටත්ව ගියහ. | ||
+ | |||
+ | ප්‍රතිවින්‍ධ්‍ය, ශ්‍රැතසොම, ශ්‍රැතකීර්ති, ශතානීක, ශ්‍රැතසේන (ශ්‍රැතකර්‍මන්) යයි ඇයට පුතුන් පස්දෙනෙක් වූහ. මහාභාරත යුද්ධයෙන් කෞරවයන් පරාජයට පත් වූ පසු, රහසේ පාණ්ඩව කඳවුරට වැදුණු ද්‍රෝණ පුත්‍ර අශ්වත්ථම විසින් සෑම සංග්‍රාම සදාචාරයක් ම බිඳදමා නින්දෙහි සිටි මේ කුමරු පස්දෙනා මරා දමන ලදහ. (මහාභාරත යුද්ධය ජය ගැනීමෙන් පසු හස්තිනා පුරා මහාරාජිණිය බවට පත් වූ ද්‍රෞපදී තොමෝ කලක් රජ සුවවිඳ පසු කාලයෙහි ලෞකික ආශා හැර හිමාලය හා ඉන්‍ද්‍රයාගේ දෙව්ලොව බලාගිය පාණ්ඩවයන් කැටුව ගිය ද්‍රෞපදී අතරමඟ දී මිය ගිය නමුත් ශ්‍රී කෘෂණ ස්මරණය කිරීමෙන් ඇයට ස්වර්ගය කරා යා හැකි විය. | ||
+ | |||
+ | (කර්තෘ: [[අඥාතයි]]) | ||
(සංස්කරණය නොකළ) | (සංස්කරණය නොකළ) |
15:55, 18 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය
ද්‍රෞපදී
පඤචාල දෙශාධිපති ද්‍රැපද රජුගේ දියණිය වූ ද්‍රෞපදී තොමෝ පාණ්ඩව කුමරුවන් පස්දෙනාගේම භාර්‍ය්‍යාව වූවා ය. ස්ත්‍රී සම්භාවයෙහි අන්තර්ගත ප්‍රීති, රති, භක්ති, මිත්‍රතා, සංයම, ආලය යන ගුණයන් හැම කල්හි ම අනුබන්‍ධිත ව ඇය කෙරෙහි මනෝරම්‍ය ලෙස පැවති බව ඇගේ චරිතය විදහාපාන ඍෂිවරයා කියයි. මඳක් කාලවර්‍ණයෙන් යුක්ත වුව ද අතිශයින් ශොභාසම්‍පන්න දේහයක් ඇයට තිබුණේ ය.
යාජ, උපයාජ යන ඍෂීන්ගේ සහායයෙන් පවත්වන ලද පුත්‍රකාමෙෂ්ටි යඥයේ දී හෝමාගතියෙන් පහළ වූ මේ කුමරිය කාලවර්‍ණයෙන් යුක්ත වූ බැවින් කෘෂ්ණා යන නම තබන ලදි. අයොනිසම්භව, යාඥසේනී, පාඤචාලි, පාර්‍ෂතී, පඤවමී, නිත්‍යයෞවනී යන නම් ද ඇයට ව්‍යවහාර විය.
තරුණ වයසට සැපත් ද්‍රෞපදිය විවාහ කර ගැනීම සඳහා රජ කුමරුවන් බොහෝ දෙනෙකු ඉදිරිපත් වූයෙන් ස්වයංවරයකින් ඇයට සුදුසු වල්ලභයකු තෝරා ගැනීමට පියරජ කටයුතු පිළියෙළ කෙළේ ය. දුෂ්කර විදීම් අතුරෙන් මතස්‍යවෙධය දක්‍ෂ ලෙස කළ හැක්කෙකුට ඇය පාවාදීම පියරජුගේ නිගමනය විය. ඒ සඳහා ඉදිරිපත් වූවන් අතුරෙන් අර්ජුන කුමරුට පමණක් එය කළ හැකි වූයෙන් ද්‍රෞපදී තොමෝ ඔහුට වරමාලාව පැළඳ වූවා ය. පසුව ඕතොමෝ පාණ්ඩවයන් පස්දෙනාගේ ම භාර්යාව වූවා ය. විවාහයෙන් පසු වර්‍ෂ කීපයක් ගත වනතුරු ඕතොමෝ මහත් සැපතින් කල් යැව්වා ය. පාණ්ඩයන්ගේ ඓශ්වර්‍ය්‍ය කෙරෙහි ඊර්ෂ්‍යා කළ දුර්යෝධන ද්‍යුත ක්‍රීඩාවෙන් ඔවුන් පරදවා රාජ්‍යය අත්පත් කර ගැනීමට අදහස් ඡල කිතවයකු වූ සමත් ශකුනි ගෙන්වා යුධිෂ්ඨිර සමඟ දුකෙළියෙහි යෙදවී ය. යුධිෂ්ඨිර ද සියලු ධනය පැරදීමෙන් පසු ද්‍රෞපදිය පරදුවට තබා ක්‍රීඩාකර එයින් ද පරාජයට පත් විය. දුඃශාසන තෙමේ ද්‍රෞපදියගේ කෙස්වැටියෙන් අල්වා ඇද ඇගේ වස්ත්‍ර ඉවත් කරන්නට වූ විට ශ්‍රී කෘෂ්ණ විසින් ඒ වෙනුවට වෙනත් වස්ත්‍ර දෙන ලදි. ඉන්පසුව දුර්යෝධන ඔහුගේ කලව මත වාඩිවීමට ඇය කැඳවූයේ ය. මේ සියල්ල බලා සිට ක්‍රෝධයෙන් දිලිහී ගිය භීම කුමාරයා දුඃශාසනගේ රුධිර පානය කරන බවට ද දුර්යෝධනගේ ජඞඝා සුණුවිසුණු කරන බවට ද දිවුරුවේ ය. එය භාරත යුද්ධ සමයෙහි ඔහු අතින් ඉටුවි ය. අන්තිමේ ධ්‍රැතරාෂ්ට්‍රගේ නියමය පරිදි ද්‍රෞපදිය හා පාණ්ඩවයන දාස භාවයෙන් මුදාහරින ලදින් ඔව්හු වනවාසයට ගියහ.
කාම්‍යක වනයෙහි වසන සඳ දිනක් පාණ්ඩවයන් මුවදඩයමට ගිය අවස්ථාවක ඡයද්‍රථ රජ ද්‍රෞපදිය පැහැරගෙන ගියේ ය. ආපසු ආශ්‍රමයට පැමිණි පාණ්ඩවයන් ද්‍රෞපදියට සිදුවූ විපත ගැන ශෝකයට පත්ව ජයද්රථ ලුහුබඳවා යන අතර හෙතෙම ද්‍රෞපදිය අතරමඟ දමා පලා ගියේ ය. ඔහු පසු පස්සේ එලවා ගිය අර්ජුන හා භීම ඔහුට සිහිසන් නැතිවනතුරු අතින් පයින් තළා කෙස්රොදවල් පහක් පමණක් ඉතිරි වනතුරු හිසමුඩු කොට සිරකරුවකු ලෙස ආශ්‍රමයට ගෙන ගියහ. එහි දී ඔහුට අභයදානය දී යන්ට හැරියේ ය.
වනවාස සමය ගෙවා අඥතවාසයට පටන් ගත් පාණ්ඩවයෝ විරාට රජු යටතේ අප්‍රසිද්ධ වේශයෙන් සේවය කළහ. එකල ද්‍රෞපදී තොමෝ සෛරන්‍ධී්‍ර, මාලනී යන නම්වලින් පෙනී සිට විරාට රජ බිසව යටතේ සේවය කළා ය. මෙසේ වසන අතර රජ බිසවගේ සොහොයුරයකු වූ කීචක සෙනෙවියා ද්‍රෞපදියගේ රූපය දැකීමෙන් මත්ව නිතර ඇයට ඇවිටිලි කරන්ට වූයෙන් ඕතොමෝ ඒ බව භීම කුමරුට දැන්වූවා ය. එක් රාත්‍රියක හෙතෙම කීචක සමඟ සටන් කර ඔහුගේ මස් හා ඇට බෝලයක් බවට පැමිණ වූයේ ය. මේ මරණය ද්‍රෞපදිය ආරක්ෂා කරන ගාන්ධර්වයන් අතින් සිදුවන්නට ඇතැයි සැලකීම නිසා කීචකගේ මෘතශරීරය සමඟ ඇය ද දවන්ට නියම කරන ලදි. එකල වෙස්වලාගත් භීම කුමාරයා විශාල වෘක්‍ෂයක් කඩා මුගුරක් වශයෙන් ගෙන ඇය මුදා ගැනීමට ගියේ ය. ඔහු ගාන්ධර්වයකැයි සිතූ හැම දෙන බියෙන් පලා ගියහ. එකල භීම කුමාරයා එක් මගකින් ද ද්‍රෞපදී වෙනත් මඟකින් ද නගරය බලා පිටත්ව ගියහ.
ප්‍රතිවින්‍ධ්‍ය, ශ්‍රැතසොම, ශ්‍රැතකීර්ති, ශතානීක, ශ්‍රැතසේන (ශ්‍රැතකර්‍මන්) යයි ඇයට පුතුන් පස්දෙනෙක් වූහ. භාරත යුද්ධාවසාන දිනයෙහි පාණ්ඩවයන් නොමැති අවස්ථාවක ඔවුන්ගේ කඳවුරට පැමිණි අශ්වත්ථමන් යථොක්ත පුතුන් පස්දෙනා මරණ ලදි. භාරත යුද්ධයෙන් පසු ස්වකීය රාජ්‍යය නිෂකණක කරගත් පාණ්ඩවයන් සමඟ ද්‍රෞපදී තොමෝ කලක් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා ය. පසු කාලයෙහි ලෞකික අශාහැර හිමාලය හා ඉන්‍ද්‍රයාගේ දෙව්ලොව බලාගිය පාණ්ඩවයන් කැටුව ගිය ද්‍රෞපදී අතරමඟ දී මියගිය නමුත් ශ්‍රී කෘෂණ ස්මරණය කිරීමෙන් ඇයට ස්වර්ගය කරා යා හැකි විය.
(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න)
(සංස්කරණය නොකළ)
ද්‍රෞපදී
පියා ද්‍රැපද නිසා ද්‍රෞපදී ලෙසත් පියා පංචාල දේශයේ රජු නිසා පංචාලී ලෙසත් මැය නම් කර තිබේ. ද්‍රෞපදිය වෙනත් නම්වලින් ද ප්‍රසිද්ධව සිටී. එනම් කෘෂ්ණා, යඥසේනී, පෘස්තා (සීයා නිසා), නිත්‍යයොවනී (වෙනස් නොවන යෞවනයෙන් යුක්ත නිසා) වශයෙනි. මහාභාරතය තුළ ද්‍රෞපදියට වැඩි අවධානයක් යොමු වන්නේ ඇය පංච පාණ්ඩවයන්ගේ ම පොදු භාර්යාව වීමත් සමඟයි. වවාස ඍෂිවරයාට ධෘතරාෂ්ට්‍ර, පණ්ඩු, විදුර යැයි පුතුන් තිදෙනෙකි. වැඩිමහල් පුතු වන ධෘතරාෂ්ට්‍ර ජාත්‍යන්ධයකු වන අතර ඔහු ගන්ධාර රජුගේ දුව වූ ගන්ධාරී කුමරිය සමඟ විවාහ වී පුතුන් සියයක් ලබයි. පියාගෙන් පසු දෙටු සොහොවුරු අන්ධ නිසා පණ්ඩු රජ බවට පැමිණ යාදව රජුගේ දුවණිය වූ කුන්නී කුමරියත් මදු රජුගේ සොහොයුරිය වූ මද්‍රී කුමරියත් විවාහ කරගෙන පුතුන් පස්දෙනකු ලබයි. මෙම කුමාරවරු පස්දෙනා පණ්ඩුගෙන් පැවත එන නිසා පාණ්ඩවයෝ යැයි හඳුන්වනු ලැබෙති.
ධෘතරාශ්ට්‍රගේ පුතුන් කුරු සිය රාජධානිය ගොඩනගා වාසය කරන නිසා ඔව්හු කෞරවයන් නමින් ප්‍රසිද්ධ වෙති. පාණ්ඩවයන්ගේ තේජස, රාජ්‍ය බලය, කීර්තිය හා මහාත්මෝයය ඉතා ඉක්මනින් පැතිරී යයි. මෙය නුරුස්නා කෞරවයෝ පාණ්ඩවයන්ට හානි කිරීමට උපක්‍රමයක් භාවිත කරති. ඒ දාදු ක්‍රීඩාවයි. ශකුණිගේ උපකාර ඇති ව යුධිෂ්ඨිරට දාදු ක්‍රීඩාවට එන ලෙස දුර්යෝධන අභියෝග කරයි. ඔහු ඉතා අපහසුවෙන් මුත් දුර්යෝධනයෝ එම යෝජනාවට කැමති වෙයි. කෙසේ වෙතත් දූකෙළියෙන් ශකුණිට ජය අත්වෙයි. යුධිෂ්ඨිර අල්ලන සෑම ඔට්ටුවකින් ම පරාජයට පත් වෙයි. සිය ධනය, රාජ්‍යය සොහොයුරන් හා තමාත් පරදුවට තබන ඔහු ඉන් ද පරදියි. අනතුරුව ශකුණිගේ අපහාස මැද ද්‍රෞපදිය ද ඔට්ටුවට තබන ඔහුට ඉන් ද අත්වන්නේ පරාජය පමණි.
මෙයින් මහත් සේ සතුටට පත් වන දුර්යෝධන ද්‍රෞපදිය සිය පරිවාරක ස්ත්‍රීන් අතරෙහි තබා ගබඩා ඇමදීම ආදිය කරවීමට සිතයි. ඔහු ඇය රැගෙන එන ලෙස විදුරට නියම කරයි. යුධිෂ්ඨිර ඇය ඔට්ටුඇල්ලුයේ තමාට තමාත් අහිමි වී සිටිය විට නිසා ද්‍රෞපදිය දාසිසක නොවන බව විදුර පවසයි. විදුරගේ අවවාද කිසිත් ගණන් නොගන්නා ඔහු ඇය බලෙන් රැගෙන එන ලෙස දුශ්ශාසන පිටත් කර හරියි. මෙහි දී ඇය තරමක් අසනීප තත්ත්‍වයේ පසුවෙයි. ඇය සිටින්නේ ද ස්ත්‍රීන්ට වෙන් වූ විවේකාගාරය තුළයි. එසේම ඇය හැඳ සිටින්නේ ද මඳක් සැහැල්ලු ඇඳුම් ය. දුශ්ශාසන එහි ගොස් ද්‍රෞපදිය ඇයගේ මනාව වැඩී තිබූ කලු කොණ්ඩයෙන් ඇදගෙන දුර්යෝධන වෙත යයි. දුර්යෝධන සිය කලවය පෙන්වා එහි තම භාර්‍ය්‍යාව ලෙස හිඳ ගැනීමට ඇයට නියම කරයි. ඇය එය ප්‍රතික්ෂේප කරයි. මෙහි දී ඇයට ඔවුහු නොයෙක් නින්දා අපහාස කරති. දුශ්ශාසන ඇය නිරුවත් කරන්න උත්සහ කරයි. සිය සැමියන්ගෙන් කිසිදු හව්හරණක් නොලබන ඇය භවත් කෘෂ්ණ සිහිපත් කරයි.
මේ බිහිසුන අවමානයෙන් තමා මුදාගන්නා ලෙස ඇය ඔහුගෙන් ඉල්ලා සිටියි. ඇයගේ ඉල්ලීම මත භවත් කෘෂ්ණ ඉතා ඉක්මණින් ඇය මුදා ගන්නා ලෙස එහි යයි. ඔහු ඇයගේ නග්නභාවය නොපෙනෙන ලෙස සාරිය නිමාවක් නැති සාරියක් බවට පත් කරයි. මේ නිසා ඇය නිරුවත් කිරීමට දුශ්ශාසන කොතෙක් උත්සාහ කළ ද එය නිරර්ථක වෙයි. දුර්යෝධන සිය සහෝදරයන්ගෙන් ඇයට ලැබෙන සියලු උදව් උපකාර වැළකූ නිසා ද්‍රෞපදිය ඇයගේ අනෙක් සැමියන්ගෙන් තමන්ට පිහිටවන ලෙස කළ ඉල්ලීම් නිෂ්ඵල වෙයි. නමුත් වියරු වැටුණු භීම තමා දුශ්ශාසනගේ පපුව පලා රුධිරය පානය කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රතිඥාවක් දෙයි. ඇයගේ ලිහා ඇති කොණ්ඩය යම් දිනක බඳිනු ලබන්නේ දුශ්ශාසනගේ රුධිරයෙන් බවට ද ඔහු ප්‍රතිඥාවක් දෙයි. එසේම දුර්යෝධනගේ කලවය යුද්ධයක දී සුණුවිසුණු කොට දමන බවට ද භීම තවදුරටත් කියා සිටී. කුරු පාණ්ඩව යුද්ධයේ දී භීම තමා දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරයි.
ද්‍රෞපදියගේ විවාහය සංකේතාත්මකව ද අර්ථ දක්වා ඇත. ද්‍රෞපදිය මඟින් සංකේතාත්මක ව දැක්වෙන්නේ රාජ්‍යත්වය බව ඇය විවාහ කර ගැනීමෙන් අදහස් වන්නේ පාණ්ඩව සහෝදරයන් විසින් පිළිවෙලින් තනිව හෝ සාමූහික ව රාජ්‍යත්වය ඉසිලූ නොඑසේ නම් එයට අදාළ බලතල පරිහරණය කළ බව ය යනු එක් අර්ථකථනයකි. මෙම විවාහය පේපානිෂමය දෘෂ්ටිකෝණයකින් ද අරුත් දක්වා තිබේ. එහි දී මෙම පාණ්ඩව සොහොයුරන් පස්දෙනා තාරකා මණ්ඩල රාශි පහකට අධිපති දෙවියන් ලෙස සලකනු ලැබේ. එනම් යමධර්මරාජ (යුධිෂ්ඨිර) විසින් භරණී කෙරෙහි ද භීම විසින් වායු කෙරෙහි ද ස්වාති විසින් සහ ඵල්ගුණ තාරකා මණ්ඩල දෙක කෙරෙහි ද නකුල සහ සහදේව විසින් අශ්වින් දෙදෙනා කෙරෙහි ද වශයෙන් ඉර වසරක් පාසා මෙම තාරකා මණ්ඩල හරහා ගමන් කරයි. එසේ ගමන් කිරීම ඇය එනම් ඉර ඔවුන් සමඟ එනම් තාරකා මණ්ඩල සමඟ විවාහ වීමක් ලෙස අර්ථ දක්වා තිබේ. මෙම කථා පුවතට තවත් අයුරකින් පේපානිෂවය අර්ථකථනයක් සැපයී තිබේ. සඳ සූර්‍යයා ළඟ දින තුනකට වඩා නොරැදෙයි. එනම් නව සඳ දිනය එයට පෙර දිනය සහ පසු දිනය වශයෙනි. මෙම චන්ද්‍රයාගේ ගමන්මඟ මෙම මිත්‍යා ප්‍රබන්ධයේ නිරූපණය වෙතැයි කිව හැකි ය. ද්‍රෞපදිය එක් ස්වාමිපුරුෂයෙකු ළඟ දින දෙකක් රැඳීමට කැමතිවීම චන්ද්‍රයාගේ යථොක්ත චර්යාව පිළිබිඹු කරන්නක් ලෙස සැලකේ.
පාණ්ඩවයන් වනයේ නැවතී සිටි අන්තිම වසරේ දී දඩයම් පිණිස ගෙදරින් නික්ම යති. එකල්හි සින්ධු දේශයේ රජු වන ජයද්‍රැත ඔවුන් ජීවත් වූ නිවසට යයි. ඔහු ද්‍රෞපදිය තනි වී සිටිය දී ඇයට ආදරය කරන බව පවසා තමා සමඟ රහසේ පැන යන ලෙස යෝජනා කරන්නේ ය. ඇය එයට අකමැති වූ හෙයින් ඔහු සිය රථයෙන් ඇය බලහත්කාරයෙන් ගෙනයද්දී පාණ්ඩවයෝ මෙය දැන ගෙන ඔහුව ලුහුබැඳ යති. එම ගමනේ දී භීම හා අර්ජුන ඔහු පසුපස හඹා ගොස් අල්වා ගැනීමට සමත් වෙයි. ඔවුන් ජයද්‍රැන නොමරා හරින්නේ යුධිෂ්ඨිරගේ ඉල්ලීම නිසා ය. පාණ්ඩව සොහොයුරන් පස්දෙනා නියෝජනය වන පරිදි හිසකෙස් පහක් (05) ඉතුරු කර ඔහුගේ අනෙක් කෙස් සියල්ල කපා දමති. තමා පාණ්ඩවයන්ගේ දාසයකු බව ප්‍රසිද්ධියේ ම කියන ලෙස ඔවුහු ඔහුට බල කරති. ඔහුට ද්‍රෞපදියගේ ඉල්ලීම මත නිදහස් කෙරේ.
ද්‍රෞපදිය ඇයගේ ස්වාමිවරුන් සමඟ දහතුන් වසරක් රටින් පිටුවහල් වී වාසය කරයි. අවසාන වසරේ දී ඇය පාණ්ඩවයන් සමඟ මත්ස්‍ය දේශාධිපති විරාට රජුගේ රාජසභාවේ වෙස්වළාගෙන වෙසෙන්නී ය. යුධිෂ්ඨිර තමා අති දක්ෂ දාදු ක්‍රීඩකයකු බව පවසා රජුගේ සහායකයා හා පුරෝහිත බවට ද පත් වේ. භීම අරක්කැමියකු ලෙස කටයුතු කරයි. බටහන්ගලා නම් ස්ත්‍රී නාමයෙන් පෙනී සිටින අර්ජුන නපුංසකයකු ලෙස පෙනී සිටී. එසේම ඔහු විරාට රජුගේ දියණිය වන උත්තරාගේ නාට්‍යාචාර්යවරයා ද වෙයි. නකුල ඇතුන් හීලෑකරන්නකු ලෙස කටයුතු කරයි. ගවහලකයකු ලෙස සහදේව ද එක්වෙයි. ද්‍රෞපදිය සෛරන්ද්‍රි නමින් යුතු බිසවගේ සේවිකාවක ලෙස කටයුතු කරන්නී කිසිවකුගේ පා නොසේදීමටත් කිසිවකු කා ඉතිරි වූ ආහාර අනුභව නොකිරීමටත් වගබලා ගන්නී ය. ඇය තම ස්වාමිවරුන් පස්දෙනා කෙසේ හෝ තමා ආරක්ෂා කරන බව දැන සිටියි. දිනක් විරාට රජුගේ මස්සිනා හා සේනාධිනායක ද වන කීචක ඇය දැක ඇය කෙරෙහි ප්‍රේමයෙන් බැඳේ. එහෙත් ඈ ඔහුට ගණන් නොගෙන සිටී. මේ නිසා ඔහු ඇයට නොයෙක් අපහාස කරයි.
මෙහි දී යුධිෂ්ඨිර ඇයට උදව් කිරීමට අපොහොසත් වන නමුත් භීම ඇයට උදව් කිරීමට පොරොන්දු වෙයි. ඇය රහසිගතව කීචකව මුණගැසීමට සැලසුම් කරයි. ඒ සඳහා ඇය තෝරා ගන්නේ නෘත්‍ය ශාලාවයි. ප්‍රේමයෙන් මුසපත් කීචක ඇගේ බහට නෘත්‍ය ශාලාවට පිවිසෙයි. නමුත් ඔහු පිළිගැනීමට එහි සිටින්නේ ද්‍රෞපදී නොව භීමයි. භීම එක්වර ම පැන ඔහුට පහරදී මුහුණ විකෘති වී ඔහු හඳුනාගැනීමට නොහැකි වන සේ දරුණු ලෙස මරා දමයි. එහි සිටි ආරක්‍ෂක පුරුෂයන්ට ඇය පවසන්නේ ඇය හා කාමාපරාධයෙහි යෙදුණු කීචක තමාගේ ගාන්ධර්ව ස්වාමියෙකු පැමිණ මරා දැමූ බවයි. මෙහි දී කෝපයට පත් කීචකගේ ළඟ ම ඥාතීහු ඔහුගේ දර සෑයට දමා ද්‍රෞපදිය ද මැරීමට සැරසෙති. නමුත් භීම ගාන්ධර්වයකු ලෙස පැමිණි ධූතයන් 105ක් මරා ඇය බේරා ගනී. ගාන්ධර්ව ස්වාමියන් නිසා බිහිසුණු ස්ත්‍රියක් බවට පත් වූ පරිවාරක ස්ත්‍රිය එම ධුරයෙන් පහකරන ලෙස නගර වැසියෝ රජුගෙන් ඉල්ලති. ඒ අනුව විරාට රජ ඇය එම ධුරයෙන් පහකර මාළිගයෙන් පිටවන ලෙස අණ කරයි. නමුත් දේවිය හමු වී එහි රැඳීමට තව දින 13ක්ම කල්දාගන්නට ඇය සමත් වෙයි.
එයට හේතුව ඔවුන්ගේ අවු. 13 පූර්ණය වීමට ඇත්තේ තව දින 13ක් පමණක් බැවිනි. අවසානයේ තම රාජ්‍යයට ආපසු එන ද්‍රෞපදිය තම ස්වාමිපුරුෂයන් පස්දෙනාට දාව පුතුන් පස්දෙනෙකු ලබයි. ඒ මෙසේ ය. යුධිෂ්ඨිරගෙන් ප්‍රතිවින්ධ්‍යා ද භීමගෙන් ශ්‍රෞතසෝම ද අර්ජුනගෙන් ශ්‍රැතකීර්ති ද නකුලගෙන් ශාතානික ද දේවගෙන් ශ්‍රැතකර්වන් ද වශයෙනි.
කුරු පාණ්ඩව යුද්ධයේ දී දෙපිරිස අතර මහත් විනාශකාරී යුද්ධයක් ඇති වේ. මෙයින් වැඩිපුර හානි සිදුවන්නේ කෞරවයන්ටයි. එහි දී කෞරවයෝ සමූල ඝාතනයට භාජනය වෙති. මරණයට පත් ප්‍රබල කුරු නායකයකු වන ද්‍රෝණගේ පුත්‍ර අශ්වත්තාම පාණ්ඩවයන් සමූලඝාතනය කරන බව ශපථ කොට යුද්ධයේ අවසාන රාත්‍රීයේ දී ද්‍රෞපදියගේ පුතුන් පස්දෙනාත් ශිඛණ්ඩින් ඇතුළු නිදාසිටි සෙසු සියලු වීරයන් ද ඔහු මරා දමන්නේ ය.
යුධිෂ්ඨිර ඇයට කෙතරම් අවවාද කළත් පිය පුතුන්ගේ වියෝව නිසා ද්‍රෞපදියගේ ශෝකයට සීමා රහිත වේ. එසේ ම සිය පුතුන් මැරූ අශ්වත්තාම වෙත ද ඇයගේ කෝපය සීමා රහිත වෙයි. ඇය භීම සහ අර්ජුනගෙන් ඉල්ලා සිටින්නේ අශ්වත්තාමගෙන් පළිගන්නා ලෙසට ය. භීම අශ්වත්තාම ලුහුබැඳ ගොස් සටන් කොට අශ්වත්තමගේ හිස මුදුණේ වැඩුණාවූත් ද්‍රෞපදිය විසින් පතන ලද්දාවූත් මැණිකත් ලබා ගෙන ඔහු නොමරා හරින්නේ ය.
කෘෂ්ණගේ මරණයත් සමඟ ම සිය අවසන් ගමන් යාමට අරඹන පාණ්ඩවයෝ හිමාලය වෙත පැමිණෙති. එහි දී කහවත් හැඳි ද්‍රෞපදියත් සුනඛයකුත් සෙසු පාණ්ඩයනුත් එක් වෙති. මේරු නම් දිව්‍යමය පර්වතය කරා පැමිණ දොව්ලොවට යන අතරතුර පළමුව ද්‍රෞපදියත්, සහදේවත්, නකුලත්, අර්ජුනත් මැරී වැටෙති.
(කර්තෘ: ඩී.එච්.එස්. විජේරත්න)
(සංස්කරණය නොකළ)
ද්‍රෞපදී
පඤචාල දෙශාධිපති ද්‍රැපද රජුගේ දියණිය වූ හෙයින් ද්‍රොපදී නම් වූ මේ කුමාරිකාවෝ මහා භාරත මහාවීර කාව්‍යයෙහි එන ප්‍රධාන චරිතයක් වන්නී ය. ස්ත්‍රී සම්භවයෙහි අන්තර්ගත ප්‍රීති, රති, භක්ති, මිත්‍රතා, සංයම, ආලය යන ගුණයන් හැම කල්හි ම අනුබන්‍ධිතව ඇය කෙරෙහි මනෝරම්‍ය ලෙස පැවති බව මහාභාරතයේ දැක්වේ. උත්තර භාරතීය මහාවීර කාව්‍ය දෙකෙන් වර්ණිත අග්‍රපතිවුතාවන් දෙදෙනා අතුරෙහි ද මෝතොමෝ එකකි. දෛව නියමය නිසා පාණ්ඩව සහෝදරයන් පස්දෙනාටම භාර්ය වුව ද සිය සැමියන් කෙරහි අකලධික භක්තියක් හා පක්ෂාපතීභාවයත් උදාර චරිත ප්‍රභාවත් නිසා සදා සම්මානිත බවට පත්වූවා ය. යාප, උපයාජ යන ඍෂීන්ගේ සහායයෙන් පවත්වන ලද පුත්‍රකාමෙෂ්ඨ යඥයේ දී හෝමාගතියෙන් පහළ වූ මේ කුමරිය දුඹුරු පැහැයෙන් යුක්ත වූ බැවින් කෘෂණ යන නම තබන ලදි. අයොනිසමගව, යාඥසේනි, පාඤචාලි, පාෂිතී, පඤවමී, නිත්‍යයෞවනී යන නම් ද ඇයට ව්‍යවහාර විය.
තරුණ වයසට සැපත් ද්‍රෞපදිය අසමසම රූපලාවණ්‍යයෙන් යුතු වූ බැවින් විවාහ කර ගැනීම සඳහා රජ කුමරුවන් බොහෝ දෙනෙකු ඉදිරිපත් වූයෙන් දස්කම් තරගයකින් ඇයට සුදුසු වල්ලභයකු තෝරා ගැනීමට පියරජ කටයුතු පිළියෙළ කළේ ය. දුෂ්කර විදීම් අතුරෙන් එකක් වූ ඉතා දුෂ්කර එකක් වූ මතස්‍යවෙධ චාතූර්යය ප්‍රදර්ශනය කළ රජ කුමාරයකුට ඇය පාවාදීම පියරජුගේ නිගමනය විය. ඒ සඳහා ඉදිරිපත් වූවන් අතුරෙන් පඤ්චපාණ්ඩවයන්ගෙන් එකකු වූ අර්ජුන කුමරුට පමණක් එය කළ හැකි වූයෙන් ද්‍රෞපදී තොමෝ ඔහුට වරමාලාව පැළඳ වූවා ය. එසේ වුවද තමන් හොඳ තෑග්ගක් දිනාගන ආයේ යැයි අර්ජුනයන් කී කවට බස තේරුම් ගත නොහැකි ඔවුන්ගේ මව් බිසව ඒ කුමක් දැයි නොවිමසා ම දිනූ දෙයක් සහෝදරයන් පස්දෙනා අතර බෙදාගන පාවිච්චි කරන්නැයි කී බස නිසා, ඕ ඒ පස්දෙනාගේ ම භාර්යාව බවට පත්වූවා ය.
පාණ්ඩයන්ගේ ඓශවර්‍ය්‍යය කෙරෙහි ඊර්ෂ්‍යා කළ එකල හස්තිනා පුරයෙහි මහරජ වූ ඔවුන්ගේ දෙටුපිය ධ්‍රැත රාෂ්ට්‍රයන්ගේ දෙටු පුත් දුර්යෝධන ද්‍යුත ක්‍රීඩාවෙන් වංචනික ලෙස ඔවුන් පරදවා රාජ්‍යය අත්පත් කර ගැනීමට අදහස් කර සොරදුකෙළියෙහි සමත් ශකුනි නම් සිය මයිලනුවන් ගෙන්වා ගන ජ්‍යෙෂ්ඨ පාණ්ඩව පුත්‍ර යුධිෂ්ධිර සමඟ ඔහු දුකෙළියෙහි යෙදවූයේ ය. යුධිෂ්ධිරය ද සියලු ධනය පැරදීමෙන් පසු ද්‍රෞපදිය පරදුවට තබා ක්‍රීඩාකර එයින් ද පරාජයට පත් විය. දුර්යෝධනගේ බාල මලණු දුඃශාසන තෙමේ ද්‍රෞපදියගේ කෙස්වැටියෙන් අල්වා ඇද රජ සබයට ගෙනවිත් ඇගේ වස්ත්‍ර ඉවත් කරන්නට වූ විට ශ්‍රී කෘෂ්ණ සිය අනුභාවයෙන් ඇඳිවත කෙළවර නොවන ලෙසත් කළේ ය. ඉන්පසුව දුර්යෝධන ඔහුගේ කලව මත වාඩි වීමට ඇය කැඳවූයේ ය. මේ සියල්ල බලා සිට ක්‍රෝධයෙන් දිලිහී ගිය භීම කුමාරයා දුඃශාසනගේ හද පලා ලේ පානය කරන බවට ද දුර්යෝධනගේ ජඞඝා සුණු විසුණු කරන බවට ද දිවුරුවේ ය. (මහා භාරත යුද්ධයෙහි දී මේ ප්‍රතිඥා දෙකම ඔහු අතින් ඉටුවිය.) මේ සිය පුතෙකු කරන ධර්ම විරෝධී අපරාධය අසා සිටි, අන්ධ ධ්‍රැත රාෂ්ට්‍ර රජ සිය ඥාති පුත්‍රයන් දාස භාවයෙන් මුදා, ඉන්‍ද්‍ර පුස්ථරාජ්‍යයෙහි ම පිහිටවූ නමුත්, නැවත වරක් දූ කෙළියෙන් පරදවූ යුධිෂ්ඨර සිය මලණුවරුන් සහ ද්‍රෞපදිය සමඟ දොළොස් වසරකට වන වාසයට නියම විය. (මෙසේ වන වාසයෙහි සිටිද්දී දිනක් සෝවුරන් පස්දෙන මුව දඩයමෙහි ගොස් සිටින අතර ඡයද්රථ නම් රජෙක් ද්‍රෞපදිය පැහැරගෙන ගියේ ය. ආශ්‍රමයට පෙරළා පැමිණි පාණ්ඩවයන් ද්‍රෞපදියට සිදුවූ විපත දැන ජයද්රථ ලුහුබඳවා ගෙන යන අතර හෙතෙම ද්‍රෞපදිය අතරමඟ දමා පලා ගියේ ය. ඔහු පසු පස්සේ එලවා ගිය අර්ජුන හා භීම යන දෙසොහොයුරන් ඔහුට සිහිසන් නැතිවනතුරු අතින් පයින් තළා කෙස්රොදවල් පහක් පමණක් ඉදිරි වන තුරු හිසමුඩු කොට සිරකරුවකු ලෙස සිය ආශ්‍රමයට ගෙන ගියහ. යුධිෂ්ඨර තෙමේ එහි දී ඔහුට අභයදානය දී යන්ට හැරියේ ය.
දූකෙළියෙන් පැරදිහි එක කොන් දෙසියන් වූ පාණ්ඩවයන් පැරදුණෙන් දොළොස් වසක් වනවාසයට යා යුතු අතර ඉන් අන්තිම අවුරුද්ද කිසිවකුට දැන ගත නොහැකි වන සේ විසීමයි. දොළොස් වන වසර ආරම්භයේ දී අඝතවාසයට පටන් ගත් පාණ්ඩවයෝ විරාට රජු යටතේ අප්‍රසිද්ධ වේශයෙන් සේවය කළහ. එකල ද්‍රෞපදි තොමෝ සෛරන්‍ධී්‍ර, මාලනී යන නම්වලින් පෙනී සිට විරාට රජ බිසව යටතේ සේවය කළා ය. මෙසේ වසන අතර රජ බිසවගේ සොහොයුරයකු වූ කීචක සෙනෙවියා ද්‍රෞපදියගේ රූපශ්‍රියා දැකීමෙන් මත්ව නිතර ඇයට ඇවිටිලි කරන්ට වූයෙන් ඕතොමෝ ඒ බව භීම කුමරුට දැන්වූවා ය. එක් රාත්‍රියක හෙතෙම කීචක සමඟ බාහු යුද්ධයෙහියෙ දී ඔහුගේ මස හා ඇට බෝලයක් බවට පැමිණ වූයේ ය. මේ මරණය ද්‍රෞපදිය ආරක්ෂා කරන ගාන්ධර්වයන් අතින් සිදු වන්නට ඇතැයි සැලකීම නිසා කීචකගේ මෘතශරීරය සමඟ ඇය ද දවන්ට නියම කරන ලදි. එකල වෙස්වලාගත් භීම කුමාරයා විශාල වෘක්‍ෂයක් කඩා මුගුරක් වශයෙන් ගෙන ඇය මුදා ගැනීමට ගියේ ය. ඔහු ගාන්ධර්වයකැයි සිතූ හැම දෙන බියෙන් පලා ගියහ. එකල භීම කුමාරයා එක් මගකින් ද ද්‍රෞපදී වෙනත් මගකින් ද නගරය බලා පිටත්ව ගියහ.
ප්‍රතිවින්‍ධ්‍ය, ශ්‍රැතසොම, ශ්‍රැතකීර්ති, ශතානීක, ශ්‍රැතසේන (ශ්‍රැතකර්‍මන්) යයි ඇයට පුතුන් පස්දෙනෙක් වූහ. මහාභාරත යුද්ධයෙන් කෞරවයන් පරාජයට පත් වූ පසු, රහසේ පාණ්ඩව කඳවුරට වැදුණු ද්‍රෝණ පුත්‍ර අශ්වත්ථම විසින් සෑම සංග්‍රාම සදාචාරයක් ම බිඳදමා නින්දෙහි සිටි මේ කුමරු පස්දෙනා මරා දමන ලදහ. (මහාභාරත යුද්ධය ජය ගැනීමෙන් පසු හස්තිනා පුරා මහාරාජිණිය බවට පත් වූ ද්‍රෞපදී තොමෝ කලක් රජ සුවවිඳ පසු කාලයෙහි ලෞකික ආශා හැර හිමාලය හා ඉන්‍ද්‍රයාගේ දෙව්ලොව බලාගිය පාණ්ඩවයන් කැටුව ගිය ද්‍රෞපදී අතරමඟ දී මිය ගිය නමුත් ශ්‍රී කෘෂණ ස්මරණය කිරීමෙන් ඇයට ස්වර්ගය කරා යා හැකි විය.
(කර්තෘ: අඥාතයි)
(සංස්කරණය නොකළ)