"ඉබ්බන් සහ කැස්බෑවුන්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සුළු (Senasinghe විසින් කැස්බෑවා සිට ඉබ්බන් සහ කැස්බෑවුන් වෙත පිටුව ගෙන යන ලදී)
 
(වෙනසක් නොමැත)

10:48, 10 අප්‍රේල් 2024 වන විට නවතම සංශෝධනය

දාර කැස්බෑවා

දාර කැස්බෑවාදාර කැස්බෑවාගේ සත්ත්ව විද්‍යාත්මක නාමය Dermochelys coriacea ය. ලෝකයේ ජීවත් ව සිටින කැස්බෑවුන් අතරින් විශාලම කැස්බෑ විශේෂ්‍ය මෙයයි. මොව්හු මීටර් දෙකක් පමණ දිගට වර්ධනය වෙති. අනිකුත් කැස්බෑවන්ගේ මෙන් පැහැදිලි කවචයක් මොවුන්ට නොමැත. කෙසේ වුව ද මොවුන්ගේ සම කළ කවචයේ අස්ථි ගිලි පවතී.

තුන් දාර කැස්බෑවා, වවුල් කැස්බෑවා, තෙල් කැස්බෑවා, නැව් කැස්බෑවා, මාවුල්ලා යන නම් වලින් ද මොවුන් හැඳින්වේ. අනිත් සියලු ම උරගයන්ගේ බිත්තර සුදු පැහැ නමුත් මොවුන්ගේ බිත්තර වර්ණවත් ය. කුඩා දාර කැස්බෑවන්ගේ දේහය කටුස්සකුගේ මෙන් කොරළවලින් ආවරණය වී ඇත. වර්ධනය වත් ම මේවා නැති වී යයි. මොවුන්ගේ අවල්පත්වල නඛර නොමැත. පූර්ව අවල්පත් ඉතා විශාල අතර අපර ඒවා කෙටි ය. පිහිනීම සඳහා අතිශයින් වැදගත් වනුයේ පූර්ව අවල්පත් ය. අපර අවල්පත් සමතුලිතතාව රැකගැනීම සඳහා උපකාරී වේ.

බිත්තරයෙන් බිහි වූ ආසන්නයේ දී මොවුන්ගේ පෘෂ්ඨීය ප්‍රදේශයේ නිල්-කළු පැහැයක් ගනී. එසේම පෘෂ්ඨීය පැත්තේ සුදු පැහැති අන්වායාම පටි හා ලප ද පිහිටයි. අවල්පත්වල දාරය සුදු පැහැ ගනී. උදරීය පැත්ත සුදු පැහැති ය. වයස් ගත වීමේ දී දේහයේ පෘෂ්ඨීය ප්‍රදේශයේ කළු පැහැය වැඩි වේ.

දාර කැස්බෑවුන්ගේ ආහාර වනුයේ ඉස්සන්, මත්ස්‍යයින්, ඇල්ගී වර්ග හා සීලෙන්ටරේටාවන් ය.

මොව්හු ජලජ ජීවිතයක් ගත කලත් පෙනහැලි මඟින් වායව ශ්වසනය ගෙන යති. එසේ ම ග්‍රසනිකාව සහ ජම්බාලිය හරහා ද ශ්වසන වායු හුවමාරුව සිදු වේ.

පිහිනීම සඳහා භාවිතා වනුයේ පූර්ව අවල්පත් ය. ඒවා යුගල ම ක්‍රියා කරනුයේ එකම අවස්ථාවේ දී ය.

දාර කැස්බෑවුන් ප්‍රජනනය කරනුයේ උත්තර අක්ෂාංශ 200 සහ දක්ෂිණ අක්ෂාංශ 200 අතර වූ නිවර්තන කලාපික ප්‍රදේශවල ය. ශ්‍රී ලංකාව ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රජනනය කරනුයේ ප්‍රධාන ලෙසම මැයි, ජූනි කාලයේ දී සහ ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා කාලයේ දී ය. බිත්තර දැමීමට වෙරලට පැමිණෙනුයේ බොහෝ විට අමාවක සහ පුර පසලොස්වක අතර කාලයේ දී ය. බිත්තර දැමීම සඳහා බොහෝ විට තෝරා ගන්නේ ගංගා මෝය ආසන්නව පිහිටි, සිනිඳු වැලි කැට සහිත වෙරල ය. වෙරලට පැමිණි පසු පූර්ව අවල්පත් මඟින් වෙරළේ ටික දුරක් ගමන් කර බිත්තර දැමීමට සුදුසු ස්ථානය තෝරාගනී. ඉන්පසු සියලු ම අවල්පත් මඟින් සහ කවචය දෙපැත්තට චලනය කිරීම මඟින් එම ස්ථානයේ ලිහිල් වැලි ඉවත් කරයි. ඉන්පසු අපර අවල්පත් භාවිතා කර සිදුරක් තනා ජම්බාලිය එම සිදුර තුලට ඇතුළුකර බිත්තර දමයි. සාමාන්‍යයෙන් බිත්තර ගොනු 2-4ක් පමණ දමයි. බිත්තර දමන විට බලවත් ජල ගඳක් පැතිරේ. වරකට බිත්තර 125ක් පමණ දමයි. මෘදු කවච සහිත මෙම බිත්තරවල විෂ්කම්භය මි.මි. 52-54ක් පමණ වන අතර බර ග්‍රෑම් 75-84ක් පමණ වේ. බිත්තරවලින් පැටවුන් බිහිවීම සඳහා දින 58-65ක් පමණ ගතවේ. බිත්තර දමනුයේ අනිත් කැස්බෑවුන් දමනවාට වඩා ගැඹුරින් හා වඩාත් ගොඩබිම දෙසට වන්නට ය.

වල් ඌරන්, කබරගොයින්, තලගොයින් ආදීහු බිත්තර හාරන ස්වභාවික සතුරෝ වෙති. එසේ ම මිනිසා ද මෙම බිත්තර හාරා ආහාර ලෙස ප්‍රයෝජනයට ගනී. අළුත උපන් පැටවුන් බොහෝ දෙනෙකු විලෝපනය නිසා මිය යති. ඔවුන්ගේ විලෝපීන් වනුයේ කපුටන්, උකුස්සන්, මුහුදු ලිහිණි සහ මත්ස්‍යයන් ය.

දාර කැස්බෑවුන් බහුල ව ම ගැවසෙනුයේ මහාද්වීපික තටකයේ දාරයේ ය. මොව්හු මුළු ලෝකය පුරා ම ව්‍යාප්ත ව සිටිති. කැස්බෑවන් අතරින් වඩාත් දුර්ලභ ම විශේෂය දාර කැස්බෑවුන් ය. ඉතා දුර්ලභ විශේෂයක් බැවින් මොවුන්ට නීති මඟින් රැකවරණය ලබා දී ඇත. කැස්බෑවුන් දඩයම් කිරීම, ඔවුන්ගේ බිත්තර විනාශ කිරීම ආදිය නීතියෙන් තහනම් ය. මොව්හු ඍැචඑසකස් වර්ගයේ ක්‍යැකදබස් ගෝත්‍රයේ කුලය යටතේ වර්ගීකරණය කරනු ලැබෙති.

ආශ්‍රිත ග්‍රන්ථ

Deraniyagala, P.E.P, 1953. A Colored Atlas of some Vertebrates From Ceylon Vol. 2 Tetrapod Reptilia The Ceylon National Museum Publication, 101 pp.

Marcon, E. and Mongini, M. 1984. World Encyclopedia of Animals, Macdonald and Co. Ltd. London 352 pp.

රූපය

Diagram: Plate 1 of Deraniyagala (color bluish black) or p. 150 of Marcon and Mongini.

(කර්තෘ: එම්.ජේ.එස්. විජේරත්න)

(සංස්කරණය නොකළ)