"දිය මිදෙල්ල" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
4 පේළිය: | 4 පේළිය: | ||
මීටර් 30ක් පමණ උසට වැඩෙන ශාක වේ. රිකිලි විශාල පත්‍ර කැලැල් සහිත ය. විශාල පත්‍ර ප්‍රමාණයෙන් සෙන්ටි මීටර් 15-40 පමණ දිග ය, සෙන්ටි මීටර 10-18 පමණ පළල ය. ආයත අණ්ඩාකාර පත්‍ර පාදය ආසන්නයේ දී ක්‍රමයෙන් සිහින් වේ. පත්‍ර වෘන්ත බොහෝ දුරට දෘෂ්‍ය නොවේ. පත්‍ර තලය දෙපස ම දිලිසෙනසුලු ය. පැහැදිළි නාරටි යුගල 6-10ක් පමණ ඇත. පුෂ්ප මංජරිය අග්රස්ථ හෝ පාර්ශ්වික ඒකාක්ෂයකි. අණ්ඩාකාර නීපත්ර නිවෘන්තීය වේ. පුෂ්ප වෘන්ත සෙන්ටි මීටර 5ක් පමණ වේ. නාලාකාර මනිය අසමාන ඛණ්ඩ දෙකකට කෙලවර දී බෙදෙයි. දල 4 උත්තලව අණ්ඩාකාරව පිහිටයි. රේණුක නලය සෙන්ටි මීටර 10ක් පමණ වේ. මධ්‍යම රේණුව වඳ ය. ඩිම්බ කෝෂය අණ්ඩප 4 විශාල ඵලය සෙන්ටි මීටර් 10ක් පමණ ය. චතුරශ්රාකාර ය, මොට දාර සහිත ය. ඵලාවරණය ඉතා දැඩි ය, තන්තුමය හා මෘදු වේ. බීජ සෙන්ටි මීටර 5ක් පමණ වේ. වෙරලාශ්රිත ශාකයකි. අලංකාරය සඳහා මං මාවත්වල හා ගෘහාශ්‍රිතව වවනු ලැබේ. මෙරට නිරිත දිගව බහුලව හමුවේ. ඇතැම් විට වනාන්තර ගතව ද ඇත. | මීටර් 30ක් පමණ උසට වැඩෙන ශාක වේ. රිකිලි විශාල පත්‍ර කැලැල් සහිත ය. විශාල පත්‍ර ප්‍රමාණයෙන් සෙන්ටි මීටර් 15-40 පමණ දිග ය, සෙන්ටි මීටර 10-18 පමණ පළල ය. ආයත අණ්ඩාකාර පත්‍ර පාදය ආසන්නයේ දී ක්‍රමයෙන් සිහින් වේ. පත්‍ර වෘන්ත බොහෝ දුරට දෘෂ්‍ය නොවේ. පත්‍ර තලය දෙපස ම දිලිසෙනසුලු ය. පැහැදිළි නාරටි යුගල 6-10ක් පමණ ඇත. පුෂ්ප මංජරිය අග්රස්ථ හෝ පාර්ශ්වික ඒකාක්ෂයකි. අණ්ඩාකාර නීපත්ර නිවෘන්තීය වේ. පුෂ්ප වෘන්ත සෙන්ටි මීටර 5ක් පමණ වේ. නාලාකාර මනිය අසමාන ඛණ්ඩ දෙකකට කෙලවර දී බෙදෙයි. දල 4 උත්තලව අණ්ඩාකාරව පිහිටයි. රේණුක නලය සෙන්ටි මීටර 10ක් පමණ වේ. මධ්‍යම රේණුව වඳ ය. ඩිම්බ කෝෂය අණ්ඩප 4 විශාල ඵලය සෙන්ටි මීටර් 10ක් පමණ ය. චතුරශ්රාකාර ය, මොට දාර සහිත ය. ඵලාවරණය ඉතා දැඩි ය, තන්තුමය හා මෘදු වේ. බීජ සෙන්ටි මීටර 5ක් පමණ වේ. වෙරලාශ්රිත ශාකයකි. අලංකාරය සඳහා මං මාවත්වල හා ගෘහාශ්‍රිතව වවනු ලැබේ. මෙරට නිරිත දිගව බහුලව හමුවේ. ඇතැම් විට වනාන්තර ගතව ද ඇත. | ||
− | (කර්තෘ: [[ප්‍රදීපා සේරසිංහ]]: 1994) | + | (කර්තෘ: [[පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ]]: 1994) |
(සංස්කරණය නොකළ) | (සංස්කරණය නොකළ) |
13:41, 16 අප්‍රේල් 2024 වන විට නවතම සංශෝධනය
දිය මිදෙල්ල
Barringtonia racemosa (L) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් ඇතැම් තැනක හැඳින්වේ. එහෙත් දිය මිදෙල්ල B. asiatica වේ. LECYTHIDACEAE ලෙසිතිඩාසේ නම් උද්භිද කුලයට අයත් ය. කලකට පෙර MYRTACEAE මිර්ටාසේ කුලයට අයත් සේ සැලකිණ.
මීටර් 30ක් පමණ උසට වැඩෙන ශාක වේ. රිකිලි විශාල පත්‍ර කැලැල් සහිත ය. විශාල පත්‍ර ප්‍රමාණයෙන් සෙන්ටි මීටර් 15-40 පමණ දිග ය, සෙන්ටි මීටර 10-18 පමණ පළල ය. ආයත අණ්ඩාකාර පත්‍ර පාදය ආසන්නයේ දී ක්‍රමයෙන් සිහින් වේ. පත්‍ර වෘන්ත බොහෝ දුරට දෘෂ්‍ය නොවේ. පත්‍ර තලය දෙපස ම දිලිසෙනසුලු ය. පැහැදිළි නාරටි යුගල 6-10ක් පමණ ඇත. පුෂ්ප මංජරිය අග්රස්ථ හෝ පාර්ශ්වික ඒකාක්ෂයකි. අණ්ඩාකාර නීපත්ර නිවෘන්තීය වේ. පුෂ්ප වෘන්ත සෙන්ටි මීටර 5ක් පමණ වේ. නාලාකාර මනිය අසමාන ඛණ්ඩ දෙකකට කෙලවර දී බෙදෙයි. දල 4 උත්තලව අණ්ඩාකාරව පිහිටයි. රේණුක නලය සෙන්ටි මීටර 10ක් පමණ වේ. මධ්‍යම රේණුව වඳ ය. ඩිම්බ කෝෂය අණ්ඩප 4 විශාල ඵලය සෙන්ටි මීටර් 10ක් පමණ ය. චතුරශ්රාකාර ය, මොට දාර සහිත ය. ඵලාවරණය ඉතා දැඩි ය, තන්තුමය හා මෘදු වේ. බීජ සෙන්ටි මීටර 5ක් පමණ වේ. වෙරලාශ්රිත ශාකයකි. අලංකාරය සඳහා මං මාවත්වල හා ගෘහාශ්‍රිතව වවනු ලැබේ. මෙරට නිරිත දිගව බහුලව හමුවේ. ඇතැම් විට වනාන්තර ගතව ද ඇත.
(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ: 1994)
(සංස්කරණය නොකළ)
දිය මිදෙල්ල
සකු බසින් - සමුද්රඵල විෂ්යා යන නමින් හැඳින්වේ.
විද්‍යා නාමය BARYNGTONIA RACEMOSA මුහුදු වෙරළබඩ ගොඩබිමේ වැවෙන මේ ගස අඩි 30, 40 පමණ උස ය. ඝන තද කොළ පාට පත්‍රවලින් ගහනව තිබේ. කලෙක දී මල් පූදී. පසුව ගෙඩි හට ගනී. ගෙඩි ක්රීමොරව ය. එනම් ගෙඩිය වටේ දිග අතට ඉරි තුනක් සහිතව ගෙඩිය කෝෂාකාරව සැදී තිබේ.
ප්‍රධාන වශයෙන් පොදු වෙදකමේ නොයෙදේ. ගසේ ගෙඩි කැස්ස, ඇදුම සහ බඩ බුරුල්ව යන පීඩාවල දී යෙදෙන බව සඳහන්ව තිබේ. ඇතැම් හමේ රෝගවල දී ගෙඩි කුඩු කර ලබා ගන්නා කුඩ යොදන බව සඳහන් වේ.
මූදිල්ල නමින් දන්නා ගස් ද මුහුදුබඩ සෑදේ. එහි විද්‍යා නාමය BARINATONIA ACUTAANGULA ය. මේ දෙවර්ගය සමාන සේ සමහරු සලකති. මූදිල්ලා ගසට ද සමුදු ඵල නම යෙදේ.
(කර්තෘ: විලියම් අල්විස්)
(සංස්කරණය නොකළ)