"ආන්හ්වේ" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | නැගෙනහිර චීනයට අයිති පළාතකි. එහි ප්‍රමාණය ව.සැ. 54.810කි. උතුරු කොටසෙහි හ්වයි ගඟ ගලා බසින්නා වූ ද විල් ගණනාවකින් යුක්ත වූ ද තැනිතලාවකි. දකුණෙහි පිහිටි හ්වයි යාං සහ දකුණු ආන්හ්වේ යන කඳුවැටිවලින් යුත් පහත් කඳුකරය ඔස්සේ | + | නැගෙනහිර චීනයට අයිති පළාතකි. එහි ප්‍රමාණය ව.සැ. 54.810කි. උතුරු කොටසෙහි හ්වයි ගඟ ගලා බසින්නා වූ ද විල් ගණනාවකින් යුක්ත වූ ද තැනිතලාවකි. දකුණෙහි පිහිටි හ්වයි යාං සහ දකුණු ආන්හ්වේ යන කඳුවැටිවලින් යුත් පහත් කඳුකරය ඔස්සේ යැංට්සි ගඟේ කොටසක් ගලා යයි. හු වුවෙයි විල ඇතුළු විල් පන්තියක් ද මෙහි ඇත. දේශගුණය අතින් උතුරු තැනිතලාවට වඩා දකුණු ප්‍රදේශය සෞම්‍යයි. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 30ක් පමණ වේ. දියළු සහ ලොවස් යන සරු පසින් යුත් උතුරු තැනිතලාවේ තිරිඟු ආදි ධාන්‍ය ද කපු සහ බෝංචි ද දකුණෙහි තේ, වී සහ මල්බෙරි ද වැවේ. |
− | මෙහි විල් සහ ගංගා එකිනෙකට සම්බන්ධ කරන ඇළවල් රාශිය නිසා ගමනාගමනය පහසුය. හ්වයි ගඟ පිටාර ගැලීමෙන් වැළැක්වීම ප්‍රධාන අරමුණ සේ ගෙන ආරම්භ කරන ලද | + | මෙහි විල් සහ ගංගා එකිනෙකට සම්බන්ධ කරන ඇළවල් රාශිය නිසා ගමනාගමනය පහසුය. හ්වයි ගඟ පිටාර ගැලීමෙන් වැළැක්වීම ප්‍රධාන අරමුණ සේ ගෙන ආරම්භ කරන ලද බහුකාර්‍ය්‍ය ව්‍යාපාර ද වෙයි. |
− | හ්වේයිනාන්හි අඟුරු ආකර ඇත. මාන්ෂාන් නගරය වානේ කර්මාන්තය අතින් ප්‍රධානය. තංතු සහ | + | හ්වේයිනාන්හි අඟුරු ආකර ඇත. මාන්ෂාන් නගරය වානේ කර්මාන්තය අතින් ප්‍රධානය. තංතු සහ ෆන්වාං අවට ප්‍රදේශයෙහි යකඩ කර්මාන්තය ද කෙරේ. ටුංකවුන්ෂාන්හි තඹ කර්මාන්තය දියුණුය. |
− | |||
− | එහි ජනගහනය (1953) | + | 14 වැනි ශතවර්ෂයේ සිට 17 වැනි ශතවර්ෂය දක්වා ජියාංනාන් පළාතේ කොටසක් වූ මෙය වෙනම පළාතක් බවට පැමිණියේ 17 වැනි ශතවර්ෂයේ මංචු රාජවංශ සමයෙහි දීය. 1938 දී එය ජපනුන් විසින් පැහැර ගන්නා ලදි. |
+ | |||
+ | එහි ජනගහනය (1953) 30,343,637කි. අගනුවර යැංට්සි මෝයෙන් සැතැප්ම 375ක් ඈතින් පිහිටි ගංතොටක් වූ හ්වයිනිං හෙවත් අන්කිංය. | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] |
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ආ]] |
08:56, 2 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
නැගෙනහිර චීනයට අයිති පළාතකි. එහි ප්‍රමාණය ව.සැ. 54.810කි. උතුරු කොටසෙහි හ්වයි ගඟ ගලා බසින්නා වූ ද විල් ගණනාවකින් යුක්ත වූ ද තැනිතලාවකි. දකුණෙහි පිහිටි හ්වයි යාං සහ දකුණු ආන්හ්වේ යන කඳුවැටිවලින් යුත් පහත් කඳුකරය ඔස්සේ යැංට්සි ගඟේ කොටසක් ගලා යයි. හු වුවෙයි විල ඇතුළු විල් පන්තියක් ද මෙහි ඇත. දේශගුණය අතින් උතුරු තැනිතලාවට වඩා දකුණු ප්‍රදේශය සෞම්‍යයි. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 30ක් පමණ වේ. දියළු සහ ලොවස් යන සරු පසින් යුත් උතුරු තැනිතලාවේ තිරිඟු ආදි ධාන්‍ය ද කපු සහ බෝංචි ද දකුණෙහි තේ, වී සහ මල්බෙරි ද වැවේ.
මෙහි විල් සහ ගංගා එකිනෙකට සම්බන්ධ කරන ඇළවල් රාශිය නිසා ගමනාගමනය පහසුය. හ්වයි ගඟ පිටාර ගැලීමෙන් වැළැක්වීම ප්‍රධාන අරමුණ සේ ගෙන ආරම්භ කරන ලද බහුකාර්‍ය්‍ය ව්‍යාපාර ද වෙයි.
හ්වේයිනාන්හි අඟුරු ආකර ඇත. මාන්ෂාන් නගරය වානේ කර්මාන්තය අතින් ප්‍රධානය. තංතු සහ ෆන්වාං අවට ප්‍රදේශයෙහි යකඩ කර්මාන්තය ද කෙරේ. ටුංකවුන්ෂාන්හි තඹ කර්මාන්තය දියුණුය.
14 වැනි ශතවර්ෂයේ සිට 17 වැනි ශතවර්ෂය දක්වා ජියාංනාන් පළාතේ කොටසක් වූ මෙය වෙනම පළාතක් බවට පැමිණියේ 17 වැනි ශතවර්ෂයේ මංචු රාජවංශ සමයෙහි දීය. 1938 දී එය ජපනුන් විසින් පැහැර ගන්නා ලදි.
එහි ජනගහනය (1953) 30,343,637කි. අගනුවර යැංට්සි මෝයෙන් සැතැප්ම 375ක් ඈතින් පිහිටි ගංතොටක් වූ හ්වයිනිං හෙවත් අන්කිංය.
(සංස්කරණය: 1965)