"අරකන්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(ආරාකාන්; රඛොං). බටහිර බුරුමයේ උත්තර අක්ෂභාග 17° 15...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
19 පේළිය: | 19 පේළිය: | ||
දෙවන ලෝක මහා සංග්‍රාමය පැවති කාලයේ දී අරකනය සුළු කාලයක් ජපනුන්ට යටත්ව තුබුණි. එකල මෙහි දී ජපනුන් හා මිත්‍ර පාක්ෂිකයන් අතර දරුණු සටන් ඇති විය. 1947 දී බුරුමයට දේශපාලන නිදහස ලැබීමෙන් පසු අකරනය පහළ බුරුමයේ පළාතක් බවට පත් විය. | දෙවන ලෝක මහා සංග්‍රාමය පැවති කාලයේ දී අරකනය සුළු කාලයක් ජපනුන්ට යටත්ව තුබුණි. එකල මෙහි දී ජපනුන් හා මිත්‍ර පාක්ෂිකයන් අතර දරුණු සටන් ඇති විය. 1947 දී බුරුමයට දේශපාලන නිදහස ලැබීමෙන් පසු අකරනය පහළ බුරුමයේ පළාතක් බවට පත් විය. | ||
− | + | == පොත්පත් == | |
− | |||
Hall; D. G. E. - A History of South East Asia | Hall; D. G. E. - A History of South East Asia | ||
Phayre, A. P. - History of Burma | Phayre, A. P. - History of Burma | ||
+ | |||
+ | (සංස්කරණය: 1965) | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: අ]] |
09:59, 16 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
(ආරාකාන්; රඛොං). බටහිර බුරුමයේ උත්තර අක්ෂභාග 17° 15’ සහ 22° 30’ ත් නැගෙනහිර දේශාන්තර 92° 11’ සහ 94° 52’ ත් අතර බෙංගාල බොක්කෙහි වෙරළබඩ පිහිටි කඳුකර පළාතකි. එහි වයඹින් නැගෙනහිර පාකිස්ථානයයි. උතුරින් ලූෂයි කඳුකරයයි. නැගෙනහිර මායිම අරකන් යෝමා (බ.) වැටියයි. ගිනි කොනින් සහ දකුණින් පේගූ පළාතයි. දිගින් සැතැපුම් 350ක් ද, වැඩි ම පළලින් සැතැපුම් 16,000කි. කඩොල් වගුරුවලින් ගහන වූ ද, කඩතොලු සහිත වූ ද මෙහි වෙරළ තීරය ආශ්‍රිතව චෙදූබා, රාම්රී සහ ෂාපුර ආදි දිවයින් රැසක් ඇත. වෙරළට සමාන්තරව උතුරේ සිට දකුණට විහිදෙන හෙල්වැටි සහ ඒ ආශ්‍රිත ගංගානිම්න මෙහි ප්‍රධාන භූ ලක්ෂණයයි. ඉතා ම උස් වූ චවුක් පාද වුං වැටියෙහි උස අඩි 4,500කි. බටහිර අරකන් යෝමා බෑවුම් මතින් නික්මී පටු වෙරළබඩ රාශියකින් තැනිතලාව හරහා ගලන කුඩා ඇළදොළ යුත් මෙහි ලුෂයි සහ චින් කඳුවලින් ගලා එන කලදන් (සැ. 300) සහ ලෙව්රෝ (සැ. 175) ප්‍රධාන ගංගාය. නිවර්තනික මෝසම් සුළං කලාපයෙහි පිහිටි හෙයින් මෙහි දේශගුණය උෂ්ණය, තෙත්ය. සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය පැ. 80°ක් පමණ වේ. ප්‍රධාන වශයෙන් නිරිතදිග මෝසමින් ලැබෙන සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 125කි. උෂ්ණ තෙත් වායුගුණය නිසා සදහට ම නිල්වන් වූ ඝන කැළෑ බහුලව වැවේ. මෙහි වගා කොට ඇත්තේ බිම් ප්‍රමාණයෙන් 1/10ක් පමණි. එයින් 90%ක්ම වී කෙත්ය. පලතුරු වර්ග, මිරිස් සහ දුම්කොළ මෙහි වචන වෙනත් බෝග වේ. මසුන් මැරීම වෙරළ අසබඩ ප්‍රධාන කර්මාන්තය යි. ගෘහකර්මාන්ත වශයෙන් කපු රෙදි විවීම සහ වේවැල් භාණ්ඩ සෑදීම දියුණුය. දැව කර්මාන්තයෙන් ද අරකන් පළාතට සැලකිය යුතු ආදායමක් ලැබේ.
වෙරළබඩ තැනිතලාවට සහ කඳු අතර නිම්න වලට ප්‍රධාන වශයෙන් සීමා වී පවතින ජනගහනය 11,86,738ක් පමණ විය. මෙයින් (1941) බහුතර සංඛ්‍යාව අරකන්වරුය. ඒ අතර ම චවුතා, බාම් සහ මෝ යන කඳුකර ගෝත්‍රිකයෝ ද වෙසෙති. ආගම් අනුව බෞද්ධයෝ වැඩිය; මුස් ලිම්වරු දෙවැනි තැන ගනිති. බුරුවරුන් සහ අරකන්වරුන් එකම වර්ගයට අයිති වන නමුත් අරකනයට විශේෂ වූ භාෂාවක් වෙයි. පාලන කටයුතු සඳහා මේ පළාත දිස්ත්‍රික්ක හතරකට බෙදා තිබේ.
මෙහි මංමාවත් දියුණු නැති හෙයින් බුරුමයේ සෙසු පළාත් හා මෙය ගනුදෙනු කරන්නේ මුහුද ඔස්සේයි. අරකන් යෝමා වැටිය හරහා අන් සහ ටවුංගුප් ආදි කපොලු කීපයක් පවතී.
මෙහි ප්‍රධාන නගරය අක්යාබ් (බ.) ය. පැරැණි අගනුවර වූ මොහෝ මොහවුං හෙවත් ව්‍යාං පිහිටියේ එයට සැතැපුම් 50ක් ඊශාන දිගිනි. සන්ඩෝවේ (4,070), චවුක් ප්‍යු (4,767) සහ පාලෙට්වා වෙනත් නගර වේ.
ඉතිහාසය:
කල්පාන්ත මේඝය ගැන විස්තරයක් කරමින් ආරම්භ වන අරකන් වංශ කථාවන්හි රක්ඛංග සහ රඛයිංජයි (රාක්ෂයන්ගේ රට) යන නම් වලින් හැඳින්වුණු අරකන් දේශයේ ආදි ම යුගය ඓතිහාසික ප්‍රවෘත්තීන්ට වඩා ජනප්‍රවාද මේ වංශකථාවලට යන්ගෙන් පිරී ඇත්තේයි. අනුව අරකනයේ ආදි ම රජවරුන් මහා සම්මත (එමද) පරම්පරාවෙන් පැවත එන්නන් බවත්, ආදී ම රජවරුන්ගේ මුතුන් මිත්තන් බරණැස්නුවර රජවරුන්ගේ ඥාතීන් වූ බවත්, එක් කලෙක බරණැස්නුවර රජකු විසින් තම පුතුට අරකන් රාජ්‍යය පවරා දුන් බවත්, ඊට පසු ඔහුගෙන් පැවත ආ තැනැත්තන් අරකන් රට අවුරුදු දහස් ගණනක් පාලනය කළ බවත් කියැවේ. මේ විස්තරයෙන් අපට සිතා ගත හැක්කේ අරකන් රාජ්‍යයේ ආදි ම රජවරුන් ඉන්දියාවෙන් සංක්‍රමණය වූවන් බවයි. අරකන් වැසියන්ගේ භාෂාව සංස්කෘත භාෂාවේ ආශ්‍රයෙන් ද ඔවුන්ගේ සංස්කෘතිය ඉන්දියානු සංස්කෘතියේ ආශ්‍රයෙන් ද හැඩ ගැසී ඇති බැවින් මේ නිගමනය තවත් ස්ථිර වෙයි. ඉන්දියාවෙන් ගොස් අරකන්හි දේශපාලන බලය අල්ලාගත් ඉන්දියානු ජාතිකයින් රජවරුන් වශයෙන් පෙනී සිටීමෙන් පසු, දැනට සන්ඩෝවේ (සද්වීපය) නමින් හැඳින්වෙන නගරය අසල පිහිටා තුබුණේ යයි සලකන රාමවතී නුවර අරකනයේ අගනුවර වශයෙන් ඔවුන් තෝරා ගත් බව අරකන් වංශ කථාවල එන තොරතුරු අනුව පෙනේ. අවුරුදු සිය ගණනක් ඒ රාජධානිය එම රජවරුන් යටතේ පැවතුණු බවත් එහි අන්තිම රජවරුන් කිහිප දෙනා ඒකාධිපති පාලකයින් වූයෙන් මහජනයා විසින් ඔවුන් නෙරපා දමන ලද බවත් වංශ කථා වල දක්වේ. වංශකථාවලට අනුව අනතුරුව අරකනයේ රජකමට පත් වුයේ මාරයෝ (ම්‍රම්ම) නමැති රජුය. මොහු තමාගේ රාජ්‍යයේ අගනුවර වශයෙන් දින්‍ය වතී නගරය තෝරා ගත්තේය. මේ රජු පිළිබඳ ව ඇති ජන ප්‍රවාදයන්ට අනුව මොහු ද ඉන්දියාවෙන් අරකනයට සංක්‍රමණය වූවකු බව පෙනේ. මාරයෝ රජුගෙන් ආරම්භ වුණු රාජවංශය ශතවර්ෂ අට ළොසකටත් වැඩි කාලයක් පැවතුණු බව ද ඒ පරම්පරාවේ අන්තිම රජුට රටේ ඇති වූ කැරැල්ලක් නිසා සිංහාසනය අත්හැර යන්නට සිදු වූ බව ද, ඒ කාලයේ දී ම ඉහළ බුරුමයේ සිට පැමිණි කාන් රාජාග්ධ නමැති ක්ෂත්‍රියයකු උතුරු අරකන් රාජ්‍ය යට අවුත් එහි රජ වූ බව ද අරකන් වංශ කථාවල සඳහන් වෙයි. මොහු ද ඉන්දියානු ජාතිකයකු බව මේ විස්තර වලින් පෙනෙයි. මොහුගෙන් ඹුණු රාජ වංශය දහස්වසකටත් වැඩි කලක් පැවතුණු හරියේ සිට අරකනය පාලනය කළ ඓතිහාසික රාජ වංශයක් ගැන සෙල්ලිපිවලින් තොරතුරු ලැබී ලිපි කිහිපයකට අනුව සතරවන සියවසේ මැද ඇත. අරකනයේ තිබී සොයාගත් සංස්කෘත සෙල් හරිය පමණේ සිට අරකනය චන්ද්‍ර නමැති රාජ වංශයේ රජවරුන් දහතුන් දෙනකුන් විසින් පාල රජු හැඳින්වුණේ ද්වේන් චන්ද්‍ර නමිනි. වංශ නය කරනු ලැබූ බව පෙනේ. මේ වංශයේ ප්‍රථම කථා වලට අනුව මොහුගේ නම සූර්ය චන්ද්‍ර යනුයි. කාන් රාජාශ්යි පරම්පරාවේ පනස්තුන්වන පාල කයා හැඳින්වුණේ ද චන්ද්‍ර (මහා තෙ චන්ද්‍ර) නමිනි. ඇතැම් විට චන්ද්‍ර වංශයේ රජවරුන් කාන් රාජා ෆ්යි පරම්පරාවෙන් ම පැවත එන්නන් යයි මේ නිසා සිතිය හැකිය. "චන්ද්‍ර" නාමය මේ පළාතෙහි බ්‍රහ්මාගම පැවති බවට සාක්ෂ්‍යයක් සේ ද ඇතැමෙක් ගනිති. මේ රාජ පරම්පරාවේ පාලන යුගයේ දී අරකනයේ අගනුවර වූයේ වේසාලි නගරයයි. මොවුන් හවුරුදු 230ක් පමණ කලක් අරකනය පාලනය කළ බව යට දැක්වූ සෙල්ලිපි වලින් ඔප්පු වේ. අටවැනි ශත වර්ෂයේ දී අරකන් ප්‍රදේශය ශ්‍රී ධර්ම විජය නම් රජකුගේ පාලනය යටතේ තුබුණු බවත්, මෙතෙම අලුත් රාජ වංශයක ආරම්භකයා වූ බවත් අරකන් සෙල් ලිපියකින් ලැබෙන තොරතුරු වලින් පෙනෙතත් ඒ රාජ වංශය ගැන කිසි විස්තරයක් ලැබී නොමැතියි. එකොළොස්වන ශතවර්ෂයේ මුල හරියේ දී පමණ ඉහළ ඉරාවඩි නිම්නයේ සිට පැමිණි ෂාන් ගෝත්‍රි කයින් කණ්ඩාමයක් විසින් අරකන් රාජ්‍යය ආක්‍රමණය කරන ලද බවත්, ඔවුන් විසින් එහි තුබුණු වස්තුව කොල්ලකා ගන්නා ලද බවත්, ඉන් පසු ඔවුන් එහි පාලන බලය අවුරුදු 18ක් පමණ අල්ලා ගෙන සිටි බවත් පෙනේ. එහෙත් බුරුමයේ පගාන් රාජ්‍යයේ අනෝරථ (බ.) රජු විසින් 1058 දී අරකන් රාජ්‍යය ආක්‍රමණය කරන ලදින් එය ඒ වර්ෂයේ සිට 1287 දක්වා පගාන් රාජ්‍යය යටතේ සිටි අරකන් රජවරුන් මගින් පාලනය වුණි.
1287 දී බුරුමයේ පගාන් රාජ්‍යය මොන් ඇරගෝලියානුවරුන් විසින් ආක්‍රමණය කරනු ලැබීම නිසා එකල අරකනය පාලනය කළ මිති (1279–1374) රජ බුරුම ආධිපත්‍යයෙන් මිදී නිදහස් රජෙක් විය. මොහුගේ රාජ්‍ය කාලය තරමක් සාමයෙන් පැවති නමුත් පසුව ඉන්දියාවේ වංග රාජ්‍යයේ පාලකයින් විසින් අරකනය ආක්‍රමණය කරන ලද බව පෙනේ. එහෙත් එය සාර්ථක නොවීය. ඉස්ලාම් ධර්මය අරකනයේ මුල් බැස ගත් සමය සේ සිතිය හැකි මේ රාජ්‍ය කාලයෙන් පසු ක්‍රි.ව. 1430 දක්වා ම අරකනය වරින්වර බුරුම රාජ්‍යයේ හා තලෙයිං රාජ්‍යයේ ආක්‍රමණයන්ට ගොදුරු විය. 1404 දී බුරුම රාජ්‍යය විසින් අරකනය ආක්‍රමණය කරනු ලැබීම නිසා එකල එහි පාලකයා වූ නරමේ බල (1404-34) රජුට සිංහාසනය අත්හැර වංග දේශයේ ගෞර් රාජ්‍යයට පලා යන්නට සිදු විය. ගෞර් රාජ්‍යයේ මුස්ලිම් පාලකයා වූ නසීර් ෂාගෙන් උදවු ලබා ගත් මෙතෙම 1430 දී පෙරළා අරකනයට පැමිණ තමාට අහිමිව ගිය ඔටුන්න නැවත ලබා ගනිමින් 1433 දී මොහෝ නගරය අරකනයේ අගනුවර කර ගති. එහෙත් ඔහු අරකනය පාලනය කළේ ගෞර්හි රජුට යටත් රජකු ලෙසිනි. අගනුවර සන්දිකාන් නමැති මුස්ලිම් දෙව්මැදුර සාදන ලද්දේ ද, "යහ්කයිංමින්තම්- එයින්" නමැති ඓතිහාසික ගීතය අදුනෝ කිවියා විසින්. රචනා කරන ලද්දේ ද මේ රාජ්‍ය කාලය තුළ දීය. මොහුගෙන් පසු රජ පැමිණි රජවරුන් කිහිප දෙනකුන් ම තමන්ගේ ආගම බුද්ධාගම වූ නමුත් මුස්ලිම් නම්වලින් පෙනී සිටියේ ඉහත කී ගෞර් සම්බන්ධකම නිසා යයි සිතිය හැකිය. නරමේ බල රජුගේ ඇවෑමෙන් ඔහුගේ සොහොයුරු මින් බැරි (අලිඛාන්) (1434–59) අරකනයේ රජ කමට පත්විය. හෙතෙම ගෞර්හි ආධිපත්‍යයෙන් මිදී නිදහස් රජකු ලෙසින් රට පාලනය කරන්නට වූවා පමණක් නොව මොහෝ නගරයට උතුරින් පිහිටා තුබුණු රාමූ ප්‍රදේශය ද මුස්ලිම්වරුන්ගෙන් පැහැර ගෙන එය අරකන් රාජ්‍යයට ඈඳා ගත්තේය. මින් ඛරිගේ ඇවෑමෙන් රජකමට පත් ඔහුගේ පුත්‍ර බසප්‍යු (කාලිමා) (1459–82) දුර්වල පාලකයකු වූ ගෞර්හි බාබෙක් ෂාගෙන් චිතගොං ප්‍රදේශය පැහැර ගෙන එය ද අරකන් රාජ්‍යයට ඈඳා ගති. දක්ෂ පාලකයකු වූ බසව් ප්‍ය රජු 1482 දී සාහසි කයකු විසින් මරා දමන ලද බැවින් ඉන් පසු රටේ නොසන්සුන් භාවයක් ඇති විය. මොහුගේ මරණය සිදු වූ දිනයේ සිට 1531 අවුරුද්ද දක්වා රජවරුන් අට දෙනකුන් පමණ අරකනයේ රජ කමට පත්වුණු නමුත් එයින් වැඩි දෙනකුට සිදු වූයේ රාජ්‍ය ලෝභීන් අතින් මැරුම් කෑමටය. එහෙත් 1531 දී රජකමට පත් මින් බින් (1531–1553) රජුගෙන් පසු අරකනයේ දේශපාලන තත්වය යහපත් අතට හැරුණි. 1547 දී ආවා රාජ්‍යයේ තබින් ශ්වේති (1531–1551) රජු විසින් අරකනය ආක්‍රමණය කරන ලද නමුත් මින් බින් රජු ඔහු පලවා හැරිය බව කියති. ආගමික කාර්‍ය්‍යයෙහි ද සිත යෙදූ මෙ රජ ෂත්තවුං, දුක්ක ඵෙයින්, ලෙම් යෙථන, ෂ්මිඩවුං සහ අණ්ඩ වු නම් චෛත්‍ය පසක් ඉදි කළේය. ලංකාවෙන් ලත් දළදාවක් අණ්ඩවු චෛත්‍යයෙහි ඔහු නිදන් කළ බවද පැවැසෙයි. ප්‍රතිකාල්වරුන් අරතන ප්‍රදේශය කොල්ල කෑමට පැමිණියේ ද මොහුගේ රාජ්‍ය කාලයේ දීය. මේ කාලයේ දී ප්‍රතිකාල්වරුන් විශාල සංඛ්‍යාවක් චිතගොං අසල පිහිටි දියංගා ප්‍රදේශයේ පදිංචියට පැමිණි බව පෙනේ. මොවුන් ගේ මෙහි පදිංචි වීම මින් බින් රජුගෙන් පසු අරකනයේ රජකමට පත්වූවන්ට විශාල කරදරයක් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රතිකාලුන් විසින් 1615 දී අරකන් රාජ්‍යයේ අගනුවර වූ මොහෝ නගරය පවා ආක්‍රමණය කරන ලද නමුත් එය සාර්ථක නොවීය. අරකනය සතුව තුබුණු සද්වීපය (සන්ඩෝවේ) එක ප්‍රතිකාල් කොල්ලකාරයින්ගේ බලකොටුවක් බවට පත්ව තුබුණි. මින් බින් රජුගේ මුනුබුරකු වූ මිහ්කමොං (හුසෙන් ෂා) (1612–22) රජු විසින් 1617 දී එය මුදා ගන්නා ලද නමුත් ප්‍රතිකාලුන්ගේ කරදරය ඉන් අවසන් නොවීය. මේ අතරතුරෙහි දී රජ කළ මිරසෆ්යි රජ (1593–1612) පේගු පළාත ආක්‍රමණය කොට මහත් ධනය අත් කර ගත්තේය. ඔහුගේ පුරෝහිත මහාපින්‍ය‍් අගනුවර 'පරබෝ' නම් චෛත්‍යයක් ඉදි කරවිය. මනු ධර්මයට බෞද්ධ මුහුණුවරක් දෙමින් "ප්‍යන්නොන්" නමැති නීති සංග්‍රහය ද සම්පාදනය කළේය. මිංකමවු රජුගේ (1612–22) බිසව රතනබොන් චෛත්‍යය ඉදි කරවූවාය. 1666 දී චිතගොං දිස්ත්‍රික්කය මෝගල් අධිරාජ්‍යයට ඈඳා ගනු ලැබීමෙන් පසු ප්‍රතිකාල් කරදරය ඒ ප්‍රදේශයෙන් තුරන්විය. අරකන්හි රජවරුන් 1607 සිට පනස් වසකටත් වැඩි කාලයක් ඕලන්දක්කාරයින් සමඟ ද සම්බන්ධකම් පැවැත් වූ බව පෙනේ. එසේ කරන ලද්දේ ප්‍රතිකාලුන් චිතගොං ප්‍රදේශයෙන් පැන්නීමට උදවු ගැනීමේ බලාපොරොත්තුවෙනි. මේ මිත්‍ර සම්බන්ධය නිසා අරකන් රජවරු අරකන්හි අගනුවර වූ මොහෝ නගරයේ ඕලන්ද වෙළඳ බඩු ගබඩාවක් පිහිටුවා ගන්නටද ඔවුන්ට ඉඩ දුන්හ. එහෙත් 1666 දී චිතගොං ප්‍රදේශය මෝගල් අධිරාජ්‍යයට යටත් වීමෙන් පසු මේ සම්බන්ධය ඈත් වූ බව පෙනේ. රජකම් කළ සන්දාතු ධම්ම රජ (1652–84) අගනුවර චෛත්‍ය පහක් ඉදි කෙළේය. ඔහුගේ රාජ්‍යය සමයේ දී (1660) මුද්‍රිත ලෝහකාසි වෙළඳ ගනුදෙනු පිණිස යොදන ලදි. අරකනයේ රජවරුන් හා ලංකාවේ රජවරුන් අතර ද දහහත්වන සියවසේ දී මිත්‍ර සම්බන්ධකම් පැවති බව චූළවංසයෙහි එන තොරතුරු වලින් පෙනේ. පළමුවන විමලධර්ම සූර්ය රජු (1592–1604) "මුළු ලක්දිව උපසම්පන්න භික්ෂූන් නැති බැවින් ඇමතියන් රක්ඛංග නම් වූ දේශයට යවා නන්දිචක්‍රාදි භික්ෂූන් පවරා ලක්දිවට ගෙත්වා..........සර්‍වඥයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු දෙදහස් එකසිය සතළිස්වන වර්ෂයෙහි භික්ෂූන් එහි වඩා ඒ මහා භික්ෂු සංඝයා කෙරෙහි බොහෝ වූ කුල පුත්‍රයින් උපසම්පන්න කරවා සර්වඥ ශාසනය රක්ෂා කළේය"යි ද, එමෙන් ම දෙවන විමලධර්ම සූර්ය රජු ද (1687-1707) "පණ්ඩිත වූ අමාත්‍යයන් රක්ඛංග දේශයට යවා සන්තාන නම් ස්ථවිරයන් වහන්සේ ආදි කොට ඇති භික්ෂු සංඝයා පවරා භික්ෂූන් තිස්තුන් නමක් මෙහි ගෙන්වා (බු.ව. 2240 දී) කුලපුත්‍රයන් තිස්තුන් දෙනෙක් උපසම්පන්න කරවා බුද්ධ ශාසනය බැබළ වූයේ ය"යිද චූළවංසයෙහි සඳහන් වන බැවින් ලංකාව හා අරකනය අතර එකල පැවැත්තේ ආගමික සම්බන්ධයක් බව සිතිය හැකිය. පළමුවන විමලධර්ම රජු අරකනයට දූතයන් යැවූ වර්ෂයේ දී අරකනය පාලනය කෙළේ මින්‍යසග්ය (1593–1612) නම් රජු බව ද දෙවන විමලධර්මසූර්ය රජු දූතයන් යැවූ වර්ෂයේ දී අරනයේ රජ කළේ නරාධිපති (1698–1700) නම් රජු බව ද ඩී.ජී.ඊ. හෝල් පඬිහුගේ 'අග්නිදිග ආසියාවේ ඉතිහාසය (A History of South East Asia)' නමැති ග්‍රන්ථයෙහි දක්වා ඇති රාජාවලියට අනුව පෙනේ.
වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවති චිතගොං දිස්ත්‍රික්කය මෝගල් අධිරාජ්‍යයට යටත් වීමෙන් පසු අරකන් රාජ්‍යය ශීඝ්‍රව පිරිහෙන්නට විය. චිතගොං ප්‍රදේශය අහිමි වීමෙන් පසුව ද සන්දාතු ධම්ම රජු අවුරුදු අටළොසක් පමණ (1684 දක්වා) අරකනයේ රජ කළ නමුත් ඒ කාලයේ දී රට ආර්ථික තත්වයෙන් පිරිහී තුබුණි. 1684 දී සිදු වූ මේ රජුගේ මරණයෙන් පසු රටේ දේශපාලන තත්වය ද අවුල් විය. අවුරංග් සෙබ් හා ඔහුගේ සොහොයුරන් අතර මෝගල් සිංහාසනය පිළිබඳව කෙරුණු සටනින් පැරද වස්තු සම්භාරයක්ද හැර ගෙන අරකනයට පලා ආ අවුරංග් සෙබ්ගේ සොහො යුරු ෂා ෂූජා තමාගේ බිසව හා ළමයින්ටත්, හට හමුදාවටත් ආරක්ෂාව සලසා දෙන ලෙස අරකන යේ සන්දාතු ධම්ම රජුගෙන් ඉල්ලා සිටියේය. ෂා ෂූජාගේ වස්තුවට අධික ලෝභකමක් දැක්වූ අරකනයේ රජු අතින් ෂා ෂූජාට මැරුම් කන්නට සිදු විය. එහෙත් ෂා ෂූජාගේ භටකණ්ඩායම සන්දාතු ධම්ම රජුගේ අංගාරක්ෂක භටයින් වශයෙන් පත් කර ගන්නා ලදි. සන්දාතුධම්ම රජුගේ මරණයෙන් පසු ඇති වූ රටේ අභ්‍යන්තර වියවුල්වලින් ප්‍රයෝජන ගත් මොවුහු දේශපාලන බලය සිය අතට ගෙන තමනට රිසි පරිදි රජ කුමාරවරුන් රජකමට පත් කරන්නටත් එසේ ම ඔවුන් පන්නා හැරීමටත් පටන් ගත්හ. රටේ අභ්‍යන්තර දේශපාලන කලබල ඇති වූයේ මේ භට කණ්ඩායම නිසාය. 1684 සිට අවුරුදු 22ක් ඇතුළත මොවුන් විසින් රජවරුන් දසදෙනකු පත් කරන ලද බව පෙනේ. මේ තත්වය තවත් ඉවසා සිටිය නුහුණු මහ දණ්ඩ බෝ නමැති අරකන් අධිපතියෙක් 1710 දී මේ භටහමුදාව පරාජය කොට ඔවුන් රම්රී දූපතට පිටුවහල් කිරීමෙන් පසු සන්දසිය නමින් රජ විය. සන්ද විසිය රජුගේ කාලයේ දී අරකනයේ සාමය පැවති නමුත් 1731 දී ඔහුගේ බෑනණුවන් වූ සන්දතුරිය (1731–34) නමැත්තෙක් ඔහු රජකමින් පහ කොට රාජ්‍යය ලබා ගත්තේය. සන්දවිසියගෙන් පසු රජවරුන් 13 දෙනකු පමණ අරකනය පිළිවෙළින් පාලනය කෙළේ වී නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනකුට රාජ්‍ය ලෝභීන් අතින් මැරුම් කන්නට සිදු වූ බව පෙනේ. රටේ අවුල්වියවුල් සන්සිඳෙන හැඩක් නොවූයෙන් හරි නම් වූ අරකන් අධිපතියකු බුරුමයේ බොදපායා (බ.) රජුගෙන් උදව් ඉල්ලා යැවූ බව කියති. 1785 දී බොදපායා රජ (1781–1819) අරකනය ආක්‍රමණය කොට අරකනයේ අවසාන මොහෝ රජු වූ එමද (1782–85) සිංහාසනයෙන් පහ කොට අරකනය බුරුම රාජ්‍යයට ඈඳා මහාමුනි ප්‍රතිමාව ද රැගෙන ගියේය. ඉන් පසු බුරුම රාජ්‍යයේ පළාතක් බවට පත් වූ අරකනය පාලනය වූයේ බුරුම යුවරාජයකු මගිනි. රටේ පැවති අභ්‍යන්තර අවුල් වියවුල්වලින් මිදීමට අරකන්වරුන් තම රට බුරුම රාජ්‍යයට පවරා දුන් නමුත් බොදව්පායා රජුගේ දරදඬු පාලනය ඔවුන්ට රිසියෙන්නක් නොවීය. මේ නිසා අරකන් වැසියන් බොදපායා රජුට විරුද්ධව වරින් වර කැරලි ගැසූ බව පෙනේ. එහෙත් ඒවා සාර්ථක වූ බවක් නොපෙනේ.
අරකනය බුරුම රාජ්‍යයට ඈඳා ගැනීම නිසා එය බුරුම රාජ්‍යය හා ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ප්‍රදේශ අතර දේශ සීමාවක් බවට පත් විය. දේශ සීමාව පිළිබඳව පැන නැඟුණු ආරාවුල් නිසා බ්‍රිතාන්‍ය ජාතිකයින් හා බුරුම රාජ්‍යය අතර සටනක් ඇති විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1826 දී අරකන් ප්‍රදේශය යන්දබූ ගිවිසුම යටතේ බ්‍රිතාන්‍යයට පවරාදෙන ලද්දේය. එයින් පසු අරකනය පාලනය වූයේ ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව යටතේ සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයකු මගිනි. 1862 දී අරකන්, පේගු, මර්තබාන් සහ ටෙනසරීම් යන බුරුමයේ බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශ සතර එක්කිරීමෙන් බ්‍රිතාන්‍ය බුරුම පළාත පිහිටුවා කොමසාරිස්වරයකු යටතේ තබනු ලැබීය. ඉක්බිති 1937 දී එම බුරුම පළාත ඉන්දියාවෙන් වෙන් කොට වෙන ම යටත් රාජ්‍යයක් බවට පත් කිරීමෙන් පසු අරකනය පාලනය වූයේ බුරුමයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා මගිනි.
දෙවන ලෝක මහා සංග්‍රාමය පැවති කාලයේ දී අරකනය සුළු කාලයක් ජපනුන්ට යටත්ව තුබුණි. එකල මෙහි දී ජපනුන් හා මිත්‍ර පාක්ෂිකයන් අතර දරුණු සටන් ඇති විය. 1947 දී බුරුමයට දේශපාලන නිදහස ලැබීමෙන් පසු අකරනය පහළ බුරුමයේ පළාතක් බවට පත් විය.
පොත්පත්
Hall; D. G. E. - A History of South East Asia
Phayre, A. P. - History of Burma
(සංස්කරණය: 1965)