"ටර්පන්ටයින්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Turpentine). මෙය ‘කොනිෆර්’ නම් ශාක කඳන් ආසනවය කිරීමෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | (Turpentine). මෙය ‘කොනිෆර්’ නම් ශාක කඳන් ආසනවය කිරීමෙන් ලබා ගන්නා දියරයකට යෙදූ නමකි. වර්තමානයේ ටර්පන්ටයින් ලබා ගන්නේ ප්‍රධාන වශයෙන් පයිනස් ගසේ කඳෙන් ලබා ගන්නා මැලියම් හුමාල ආසවනය කිරීමෙනි. ඔලීයොරසින් | + | (Turpentine). මෙය ‘කොනිෆර්’ නම් ශාක කඳන් ආසනවය කිරීමෙන් ලබා ගන්නා දියරයකට යෙදූ නමකි. වර්තමානයේ ටර්පන්ටයින් ලබා ගන්නේ ප්‍රධාන වශයෙන් පයිනස් ගසේ කඳෙන් ලබා ගන්නා මැලියම් හුමාල ආසවනය කිරීමෙනි. ඔලීයොරසින් ලෙස නම් කර ඇති මෙම මැලියම් විශේෂයෙහි ටර්පන්ටයින් දියරය 20%ක් පමණ ඇත. වාෂ්පශීලී ද්‍රව්‍යයක් වූ ටර්පන්ටයින්වල ප්‍රධාන සංඝටකය වන අල්ෆපයිනීන් නම් රසායනය 80%ක් පමණ ඇත. |
− | මීට දශක කිහිපයකට පෙර ටර්පන්ටයින් යොදා පන්නා | + | මීට දශක කිහිපයකට පෙර ටර්පන්ටයින් යොදා පන්නා ලද්දේ පින්තාරු තීන්ත, වාර්නිෂ් වර්ග සඳහා ද්‍රාවකයක් ලෙස පමණි. එහෙත් නූතන |
− | තාක්ෂණික ක්‍රම මඟින් | + | තාක්ෂණික ක්‍රම මඟින් ටර්පන්ටයින්වලින් ඇල්ෆයිනීන් වෙන්කර ගත හැක. ෆයිනීන් ව්‍යූහය වෙනස් කර විවිධ රසායන ද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක් නිපදවිය හැකි වන අතර කපුරු, ටර්පිනියෝල්, ටර්පයින් ඇසටේට්, ලිනලෝල්, ජෙරනියොල් ආදිය ඉන් නිපදවන සුවඳ විලවුන් වර්ග වේ. දුගඳ නාශකයක් සහ විෂබීජ නාශකයක් ලෙස ටර්පිනියෝල් සහ එහි සංයෝග භාවිත කෙරේ. ශාකමය ටර්පන්ටයින් ආලෝකයට සංවේදී ය. කල්යාමේ දී ඒවා බහු අවයවීකරණ වී උකු දියරයක් බවට පත් වේ. මේ නිසා හැකි ඉක්මනින් ටර්පන්ටයින් ප්‍රයෝජනයට නොගන්නේ නම් හිරු එළිය විනිවිද නොයන සේ අඳුරු භාජනවල බහා ශීත තැනක ගබඩා කර තැබිය යුතු ය. |
− | වත්මන් තීන්ත හා වාර්නිෂ් කර්මාන්තයනට අවශ්‍ය ටර්පන්ටයින් | + | වත්මන් තීන්ත හා වාර්නිෂ් කර්මාන්තයනට අවශ්‍ය ටර්පන්ටයින් ලබාගන්නේ ඛනිජ තෙල් හෙවත් පෙට්‍රෝලියම් භාගික ආසවනයෙනි. සුදු ස්ප්‍රීතු (White Spirit) ලෙස ලබා ගන්නා මෙම ටර්පන්ටයින්වල ව්‍යූහය ශාක මඟින් ලබා ගන්නා ටර්පන්ටයින්වලට වඩා වෙනස් ය. හයිඩ්‍රොකාබනයක් වන එය සරල රේඛීය ද්‍රව්‍යයක ස්වරූපය ගනී. |
− | ශාකමය ටර්පන්ටයින් | + | ශාකමය ටර්පන්ටයින් ලබා ගත් පසු ඉතිරි වන වාෂ්පශීලී නොවන ඝන ද්‍රව්‍යය ‘රොසින්’ ලෙස හැඳින්වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ දී දුම්මල’ ලෙස හැඳින්වෙන මෙය මැලියම්, පොලිෂ් සහ කඩදාසි ඔප දැමීමට භාවිත කෙරේ. |
− | + | (කර්තෘ: උපාලි සේනානායක) | |
+ | |||
+ | (සංස්කරණය: 2019) | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: රසායන විද්‍යාව]] | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: ට]] |
10:35, 28 ඔක්තෝබර් 2024 තෙක් සංශෝධනය
(Turpentine). මෙය ‘කොනිෆර්’ නම් ශාක කඳන් ආසනවය කිරීමෙන් ලබා ගන්නා දියරයකට යෙදූ නමකි. වර්තමානයේ ටර්පන්ටයින් ලබා ගන්නේ ප්‍රධාන වශයෙන් පයිනස් ගසේ කඳෙන් ලබා ගන්නා මැලියම් හුමාල ආසවනය කිරීමෙනි. ඔලීයොරසින් ලෙස නම් කර ඇති මෙම මැලියම් විශේෂයෙහි ටර්පන්ටයින් දියරය 20%ක් පමණ ඇත. වාෂ්පශීලී ද්‍රව්‍යයක් වූ ටර්පන්ටයින්වල ප්‍රධාන සංඝටකය වන අල්ෆපයිනීන් නම් රසායනය 80%ක් පමණ ඇත.
මීට දශක කිහිපයකට පෙර ටර්පන්ටයින් යොදා පන්නා ලද්දේ පින්තාරු තීන්ත, වාර්නිෂ් වර්ග සඳහා ද්‍රාවකයක් ලෙස පමණි. එහෙත් නූතන තාක්ෂණික ක්‍රම මඟින් ටර්පන්ටයින්වලින් ඇල්ෆයිනීන් වෙන්කර ගත හැක. ෆයිනීන් ව්‍යූහය වෙනස් කර විවිධ රසායන ද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක් නිපදවිය හැකි වන අතර කපුරු, ටර්පිනියෝල්, ටර්පයින් ඇසටේට්, ලිනලෝල්, ජෙරනියොල් ආදිය ඉන් නිපදවන සුවඳ විලවුන් වර්ග වේ. දුගඳ නාශකයක් සහ විෂබීජ නාශකයක් ලෙස ටර්පිනියෝල් සහ එහි සංයෝග භාවිත කෙරේ. ශාකමය ටර්පන්ටයින් ආලෝකයට සංවේදී ය. කල්යාමේ දී ඒවා බහු අවයවීකරණ වී උකු දියරයක් බවට පත් වේ. මේ නිසා හැකි ඉක්මනින් ටර්පන්ටයින් ප්‍රයෝජනයට නොගන්නේ නම් හිරු එළිය විනිවිද නොයන සේ අඳුරු භාජනවල බහා ශීත තැනක ගබඩා කර තැබිය යුතු ය.
වත්මන් තීන්ත හා වාර්නිෂ් කර්මාන්තයනට අවශ්‍ය ටර්පන්ටයින් ලබාගන්නේ ඛනිජ තෙල් හෙවත් පෙට්‍රෝලියම් භාගික ආසවනයෙනි. සුදු ස්ප්‍රීතු (White Spirit) ලෙස ලබා ගන්නා මෙම ටර්පන්ටයින්වල ව්‍යූහය ශාක මඟින් ලබා ගන්නා ටර්පන්ටයින්වලට වඩා වෙනස් ය. හයිඩ්‍රොකාබනයක් වන එය සරල රේඛීය ද්‍රව්‍යයක ස්වරූපය ගනී.
ශාකමය ටර්පන්ටයින් ලබා ගත් පසු ඉතිරි වන වාෂ්පශීලී නොවන ඝන ද්‍රව්‍යය ‘රොසින්’ ලෙස හැඳින්වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ දී දුම්මල’ ලෙස හැඳින්වෙන මෙය මැලියම්, පොලිෂ් සහ කඩදාසි ඔප දැමීමට භාවිත කෙරේ.
(කර්තෘ: උපාලි සේනානායක)
(සංස්කරණය: 2019)