"ටෂ්කන්ට් ගිවිසුම" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Tashkent Treaty). ඉන්දියාව හා පකිස්ථානය විසින් 1966 ජනවාරි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
5 පේළිය: | 5 පේළිය: | ||
සෝවියට් රුසියානු අගමැතිගේ දැඩි උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස දෙපක්ෂය ම සාම ගිවිසුමකට අත්සන් තැබීමට එකඟ වූහ. මෙම පිවිසුම ජනවාරි 10 දා ටෂ්කන්ට්හි දී අත්සන් කෙරිණ. සියලු ම හමුදා 1965 අගෝස්තු 5 දාට පෙර තිබූ මායිම් කරා ආපසු ගෙන යෑමෙන් නව මායිම් අතහැර පෙර තිබූ මායිම් සම්පූර්ණයෙන් පිළිගැනීමත් දෙරට අතර රාජ්‍ය සම්බන්ධතා යළි පිහිටුවීමත් සියලු මතභේද ආර්ථික හා අනාථවූවන් පිළිබඳ ප්‍රශ්න ආදිය සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කර ගැනීමත් එහි අඩංගු වූ ප්‍රධාන කරුණු ෂෙ. එසේ වුව ද මෙම ගිවිසුම ඉන්දියාවේ දැඩි විවේචනයට ලක් විය. | සෝවියට් රුසියානු අගමැතිගේ දැඩි උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස දෙපක්ෂය ම සාම ගිවිසුමකට අත්සන් තැබීමට එකඟ වූහ. මෙම පිවිසුම ජනවාරි 10 දා ටෂ්කන්ට්හි දී අත්සන් කෙරිණ. සියලු ම හමුදා 1965 අගෝස්තු 5 දාට පෙර තිබූ මායිම් කරා ආපසු ගෙන යෑමෙන් නව මායිම් අතහැර පෙර තිබූ මායිම් සම්පූර්ණයෙන් පිළිගැනීමත් දෙරට අතර රාජ්‍ය සම්බන්ධතා යළි පිහිටුවීමත් සියලු මතභේද ආර්ථික හා අනාථවූවන් පිළිබඳ ප්‍රශ්න ආදිය සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කර ගැනීමත් එහි අඩංගු වූ ප්‍රධාන කරුණු ෂෙ. එසේ වුව ද මෙම ගිවිසුම ඉන්දියාවේ දැඩි විවේචනයට ලක් විය. | ||
− | (කර්තෘ: [[ | + | (කර්තෘ: [[කේ.බී.එස්. පද්මපෙරුම]]) |
(සංස්කරණය: 2019) | (සංස්කරණය: 2019) | ||
[[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] |
09:44, 2 දෙසැම්බර් 2024 තෙක් සංශෝධනය
(Tashkent Treaty). ඉන්දියාව හා පකිස්ථානය විසින් 1966 ජනවාරි 10 දින අත්සන් තබන ලද සාම ගිවිසුමකි. කාශ්මීර ප්‍රශ්නය මුල්කොටගෙන ඉන්දියාවත් පකිස්ථානයත් අතර ඇති වූ මතභේදය 1965 දී දෙරට අතර සටනකට යළි මග පෑදී ය. පකිස්ථාන ආක්‍රමණිකයන් කාෂ්මීරයට කඩාවැදීම නිසා ඉන්දියාවට ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට සිදුවිය. ඉන්දියානු ප්‍රතිප්‍රහාර හමුවේ පකිස්ථානු ආක්‍රමණිකයන්ගේ ගරිල්ලා සටන් ව්‍යාපාරය අසාර්ථක විය. මේ හේතු කොටගෙන පකිස්ථානු හමුදා කාශ්මීරයේ ඉන්දියානු හමුදාවන්ට පහරදීම ආරම්භ කළහ. පකිස්ථානු හමුදා ශක්තිය අංශ දෙකකට යොමුකරවීම සඳහා ඉන්දියානු හමුදා ලාහෝරයට පහර දුන්හ. ඉන්දියානු හමුදා ශක්තිය ප්‍රබල වූ බැවින් යුද්ධයෙන් ඉන්දියාවට වාසි ලැබෙන්නට ඉඩ තිබිණ. එහෙත් හිමාල මායිමේ සිකිම්වල චීනය සමග වූ ගැටීම් නිසා තත්ත්වය දරුණු අතට හැරෙන්නට විය.
මෙම වාතාවරණය මධ්‍යයේ බලවත් ජාතීන්ගේ මෙහෙයවීමෙන් ඉන්දියාව හා පකිස්ථානය අතර සටන් සැප්තැම්බර් 22දා තාවකාලික ව නතර කෙරිණ. දින දාහතේ ඉන්දු-පකිස්ථානු යුද්ධය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංගමයෙහි කෙරුණු විවාදයෙන් හෙළි වූයේ මැද පෙරදිග, ආසියාවේ සහ අප්‍රිකාවේ මුස්ලිම් රාජ්‍යයන් ඉන්දියාව ආක්‍රමණික රාජ්‍යයක් ලෙස නම් කරන බවයි. යුද්ධය තාවකාලික ව නැවතුන ද සාමාන්‍ය සුළු සිදුවීමකින් යළි සටන් ඇතිවිය හැකි අසහනදායී තත්ත්වයක් පැවතිණ. මෙම වාතාවරණය මධ්‍යයේ ප්‍රශ්නය නිරාකරණය කරලීම සඳහා සෝවියට් රුසියාව ඉදිරිපත් විය. සෝවියට් රුසියාවේ අගමැති වූ ඇලෙක්සි කොසිජින් පකිස්ථානු ජනාධිපති අයුබ් ඛාන්ට ආරාධනයක් කරමින් ඉන්දීය අගමැති ලාල් බහදුර් ශාස්ත්‍රී සමග සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹෙන ලෙස ඉල්ලා සිටියේ ය. මෙම සාකච්ඡාව 1966 ජනවාරි මස රුසියාවේ ටෂ්කන්ට් නුවර දී පැවැත්වීමට නියම විය.
සෝවියට් රුසියානු අගමැතිගේ දැඩි උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස දෙපක්ෂය ම සාම ගිවිසුමකට අත්සන් තැබීමට එකඟ වූහ. මෙම පිවිසුම ජනවාරි 10 දා ටෂ්කන්ට්හි දී අත්සන් කෙරිණ. සියලු ම හමුදා 1965 අගෝස්තු 5 දාට පෙර තිබූ මායිම් කරා ආපසු ගෙන යෑමෙන් නව මායිම් අතහැර පෙර තිබූ මායිම් සම්පූර්ණයෙන් පිළිගැනීමත් දෙරට අතර රාජ්‍ය සම්බන්ධතා යළි පිහිටුවීමත් සියලු මතභේද ආර්ථික හා අනාථවූවන් පිළිබඳ ප්‍රශ්න ආදිය සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කර ගැනීමත් එහි අඩංගු වූ ප්‍රධාන කරුණු ෂෙ. එසේ වුව ද මෙම ගිවිසුම ඉන්දියාවේ දැඩි විවේචනයට ලක් විය.
(කර්තෘ: කේ.බී.එස්. පද්මපෙරුම)
(සංස්කරණය: 2019)