"අසෝර් දූපත්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(බටහිර දූපත්). අත්ලන්තික් සාගරයේ උත්තර අක්ෂභාග...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | (බටහිර දූපත්). අත්ලන්තික් සාගරයේ උත්තර අක්ෂභාග 36°.50′ සහ 39°.44' ත් බටහිර දේශාන්තර 25° සහ 31°.16’ත් මධ්‍යයෙහි පිහිටා ඇති දූපත් පන්තියකි. සාං මිගෙල් (São Miguel) සාන්ත මාරියා, සාං ජෝර්ජි (São Jorge) ට'සේයිරා පීකෝ, ෆාසාල්, ග්‍රාසියෝසා ෆලෝරාස් සහ කෝර්වූ යන | + | (බටහිර දූපත්). අත්ලන්තික් සාගරයේ උත්තර අක්ෂභාග 36°.50′ සහ 39°.44'ත් බටහිර දේශාන්තර 25° සහ 31°.16’ත් මධ්‍යයෙහි පිහිටා ඇති දූපත් පන්තියකි. සාං මිගෙල් (São Miguel) සාන්ත මාරියා, සාං ජෝර්ජි (São Jorge) ට'සේයිරා පීකෝ, ෆාසාල්, ග්‍රාසියෝසා ෆලෝරාස් සහ කෝර්වූ යන දූපත් නවයෙන් සහ කොදිව් කීපයකින් යුත් මේ දිවයින් පෙළ වර්ග සැතැපුම් 890ක් පමණ විශාලය. අසෝර් දූපත් පෘතුගාලයට අයත්ය. |
− | යමහල් ප්‍රභව කොට ඇතැයි සලකනු ලබන මේ කඳුකර දූපත්වල නිතර භූමිකම්පා ඇති වේ. අසෝර්හි | + | යමහල් ප්‍රභව කොට ඇතැයි සලකනු ලබන මේ කඳුකර දූපත්වල නිතර භූමිකම්පා ඇති වේ. අසෝර්හි උස ම ශිඛරය පිකෝ දූපතෙහි පිහිටි අඩි 7,613ක් උස ආල්ටෝ පීකෝ ය. සාං මිගෙල් දූපතෙහි උණුදිය උල්පත් බහුලය. |
− | ශීත ඍතුවේ මෙහි සාමාන්‍ය උෂ්ණත්වය ෆැ. | + | ශීත ඍතුවේ මෙහි සාමාන්‍ය උෂ්ණත්වය ෆැ. 50°ක් පමණ වන අතර උෂ්ණ ඍතුවේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැ. 80°ක් පමණ වේ. අවුරුද්ද මුළුල්ලෙහි ලැබෙන වර්ෂාපතනයේ ප්‍රමාණය අඟල් 35-45කි. දිවයින් අවට මුහුදෙහි ඉතා තද කුණාටු ද ඇති වෙයි. |
− | මේ දිවයින්වල ප්‍රධාන වශයෙන් වැවෙන්නේ පතනශීල වර්ගයට අයත් කැළෑ ය. ' | + | මේ දිවයින්වල ප්‍රධාන වශයෙන් වැවෙන්නේ පතනශීල වර්ගයට අයත් කැළෑ ය. 'කබලිඤ්ඤෝ' නමැති එක්තරා මීවන වර්ගයක් මෙට්ට සෑදීම පිණිස බ්‍රසීලයට යවනු ලැබේ. |
කෘෂිකර්මාන්තය ද ගව, එළු, බැටළු ආදී සතුන් ඇති කිරීම ද තල්මසුන් මැරීම ද අසෝර්හි ඉතා දියුණුය. කෙසෙල් සහ අන්නාසි ආදි පලතුරු වයින්, කිරි ද්‍රව්‍ය, මාළු සහ එළවළු මේ දිවයින්වලින් පිටරට යවනු ලැබේ. උක්, තේ, දුම්කොළ, තිරිඟු, ඉරිඟු ආදිය ද වවනු ලැබේ. | කෘෂිකර්මාන්තය ද ගව, එළු, බැටළු ආදී සතුන් ඇති කිරීම ද තල්මසුන් මැරීම ද අසෝර්හි ඉතා දියුණුය. කෙසෙල් සහ අන්නාසි ආදි පලතුරු වයින්, කිරි ද්‍රව්‍ය, මාළු සහ එළවළු මේ දිවයින්වලින් පිටරට යවනු ලැබේ. උක්, තේ, දුම්කොළ, තිරිඟු, ඉරිඟු ආදිය ද වවනු ලැබේ. | ||
− | අසොර් දූපත්වල ජනගහනය (1950 දී) | + | අසොර් දූපත්වල ජනගහනය (1950 දී) 318,558කි. මෙයින් වැඩි කොටස පෘතුගීසින්ගෙන් පැවැතෙන්නෝය. ඉතිරි කොටස මෙහි සංක්‍රමණය වූ නීග්‍රෝ, ඉංග්‍රීසි, ස්කොච් සහ අයිරිෂ් ජාතිකයන්ගෙන් සමන්විතය. පාලනය සඳහා මේ දුපත් සමූහය දිස්ත්‍රික්ක තුනකට බෙදා තිබේ. මෙහි ප්‍රධාන නගරය සහ නැව්තොට සාං මිගෙල් දිවයිනේ පෝන්ටා දෙයාල්ගාදා (1950: 22,448) නගරයයි. ආංග්‍රා (1950: 9,435) සහ හෝර්ටා ද (1950: 9,659) වැදගත් නැව්තොටවල්ය. කේබල් මධ්‍යස්ථානයක් වශයෙනුත් කාලගුණ පරීක්ෂණාගාරයක් වශයෙනුත් වැදගත් වූ මේ දූපත් ඔස්සේ උතුරු අත්ලන්තික් නාවික මාර්ගවලින් කීපයක් ම වැටී ඇත. එහෙයින් දෙවැනි ලෝක සංග්‍රාමයේ දී ප්‍රධාන බ්‍රිතාන්‍ය නාවික සහ ගුවන් කඳවුරක් මෙහි විය. 1946 දී පෘතුගාලය මේ කඳවුර මිලට ගත්තේය. |
− | අරාබි සහ කාතේජියානු නාවිකයන් මේ දිවයින් ගැන දැන සිටි බව සිතිය හැකියි. 14 වැනි සියවසෙහි අඳින ලද සිතියමක මේ දූපත් | + | අරාබි සහ කාතේජියානු නාවිකයන් මේ දිවයින් ගැන දැන සිටි බව සිතිය හැකියි. 14 වැනි සියවසෙහි අඳින ලද සිතියමක මේ දූපත් දැක්වේ. 15 වැනි සියවසෙහි පෘතුගීසි නාවිකයන් මෙහි යෑම කරණකොටගෙන ප්‍රථම ජනපද (1445 දී) ඇතිවිණි. බටහිර ඉන්දියානු දිවයින් හා වෙළෙඳාමේ යෙදුණු නැව්වලට මෙය නැවතුම් පොළක් වූයෙන් අවට ප්‍රදේශයෙහි නොයෙක් විට මුහුදු සටන් ඇතිවිය. 1591 දී රිවෙන්ජ් නම් බ්‍රිතාන්‍ය නෞකාව නැව් 53කින් යුත් ස්පාඤ්ඤ නාවික හමුදාවක් විනාශ කිරීම ඒ අතුරින් ප්‍රධානය. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) |
10:56, 3 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
(බටහිර දූපත්). අත්ලන්තික් සාගරයේ උත්තර අක්ෂභාග 36°.50′ සහ 39°.44'ත් බටහිර දේශාන්තර 25° සහ 31°.16’ත් මධ්‍යයෙහි පිහිටා ඇති දූපත් පන්තියකි. සාං මිගෙල් (São Miguel) සාන්ත මාරියා, සාං ජෝර්ජි (São Jorge) ට'සේයිරා පීකෝ, ෆාසාල්, ග්‍රාසියෝසා ෆලෝරාස් සහ කෝර්වූ යන දූපත් නවයෙන් සහ කොදිව් කීපයකින් යුත් මේ දිවයින් පෙළ වර්ග සැතැපුම් 890ක් පමණ විශාලය. අසෝර් දූපත් පෘතුගාලයට අයත්ය.
යමහල් ප්‍රභව කොට ඇතැයි සලකනු ලබන මේ කඳුකර දූපත්වල නිතර භූමිකම්පා ඇති වේ. අසෝර්හි උස ම ශිඛරය පිකෝ දූපතෙහි පිහිටි අඩි 7,613ක් උස ආල්ටෝ පීකෝ ය. සාං මිගෙල් දූපතෙහි උණුදිය උල්පත් බහුලය.
ශීත ඍතුවේ මෙහි සාමාන්‍ය උෂ්ණත්වය ෆැ. 50°ක් පමණ වන අතර උෂ්ණ ඍතුවේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැ. 80°ක් පමණ වේ. අවුරුද්ද මුළුල්ලෙහි ලැබෙන වර්ෂාපතනයේ ප්‍රමාණය අඟල් 35-45කි. දිවයින් අවට මුහුදෙහි ඉතා තද කුණාටු ද ඇති වෙයි.
මේ දිවයින්වල ප්‍රධාන වශයෙන් වැවෙන්නේ පතනශීල වර්ගයට අයත් කැළෑ ය. 'කබලිඤ්ඤෝ' නමැති එක්තරා මීවන වර්ගයක් මෙට්ට සෑදීම පිණිස බ්‍රසීලයට යවනු ලැබේ.
කෘෂිකර්මාන්තය ද ගව, එළු, බැටළු ආදී සතුන් ඇති කිරීම ද තල්මසුන් මැරීම ද අසෝර්හි ඉතා දියුණුය. කෙසෙල් සහ අන්නාසි ආදි පලතුරු වයින්, කිරි ද්‍රව්‍ය, මාළු සහ එළවළු මේ දිවයින්වලින් පිටරට යවනු ලැබේ. උක්, තේ, දුම්කොළ, තිරිඟු, ඉරිඟු ආදිය ද වවනු ලැබේ.
අසොර් දූපත්වල ජනගහනය (1950 දී) 318,558කි. මෙයින් වැඩි කොටස පෘතුගීසින්ගෙන් පැවැතෙන්නෝය. ඉතිරි කොටස මෙහි සංක්‍රමණය වූ නීග්‍රෝ, ඉංග්‍රීසි, ස්කොච් සහ අයිරිෂ් ජාතිකයන්ගෙන් සමන්විතය. පාලනය සඳහා මේ දුපත් සමූහය දිස්ත්‍රික්ක තුනකට බෙදා තිබේ. මෙහි ප්‍රධාන නගරය සහ නැව්තොට සාං මිගෙල් දිවයිනේ පෝන්ටා දෙයාල්ගාදා (1950: 22,448) නගරයයි. ආංග්‍රා (1950: 9,435) සහ හෝර්ටා ද (1950: 9,659) වැදගත් නැව්තොටවල්ය. කේබල් මධ්‍යස්ථානයක් වශයෙනුත් කාලගුණ පරීක්ෂණාගාරයක් වශයෙනුත් වැදගත් වූ මේ දූපත් ඔස්සේ උතුරු අත්ලන්තික් නාවික මාර්ගවලින් කීපයක් ම වැටී ඇත. එහෙයින් දෙවැනි ලෝක සංග්‍රාමයේ දී ප්‍රධාන බ්‍රිතාන්‍ය නාවික සහ ගුවන් කඳවුරක් මෙහි විය. 1946 දී පෘතුගාලය මේ කඳවුර මිලට ගත්තේය.
අරාබි සහ කාතේජියානු නාවිකයන් මේ දිවයින් ගැන දැන සිටි බව සිතිය හැකියි. 14 වැනි සියවසෙහි අඳින ලද සිතියමක මේ දූපත් දැක්වේ. 15 වැනි සියවසෙහි පෘතුගීසි නාවිකයන් මෙහි යෑම කරණකොටගෙන ප්‍රථම ජනපද (1445 දී) ඇතිවිණි. බටහිර ඉන්දියානු දිවයින් හා වෙළෙඳාමේ යෙදුණු නැව්වලට මෙය නැවතුම් පොළක් වූයෙන් අවට ප්‍රදේශයෙහි නොයෙක් විට මුහුදු සටන් ඇතිවිය. 1591 දී රිවෙන්ජ් නම් බ්‍රිතාන්‍ය නෞකාව නැව් 53කින් යුත් ස්පාඤ්ඤ නාවික හමුදාවක් විනාශ කිරීම ඒ අතුරින් ප්‍රධානය.
(සංස්කරණය: 1965)