"ජීරණ පද්ධතියේ රෝග" හි සංශෝධන අතර වෙනස්කම්
('ජීරණ පද්ධතිය ශරීරයේ අන් සෑම පද්ධතියකට ම අවශ්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
|||
128 පේළිය: | 128 පේළිය: | ||
මාධවී සේනාරත්න | මාධවී සේනාරත්න | ||
+ | |||
+ | |||
+ | <!--Categories--> | ||
+ | <!--Interwiki--> | ||
+ | [[ප්‍රවර්ගය: ජ-ජෞ]] |
17:50, 30 අගෝස්තු 2017 තෙක් සංශෝධනය
ජීරණ පද්ධතිය ශරීරයේ අන් සෑම පද්ධතියකට ම අවශ්‍ය පෝෂණය ලබා දෙන බැවින් එය රෝගී වීම ඉතාමත් සංකීර්ණ ප‍්‍රතිඵල ඇති කරයි. ජීරණ පද්ධතියේ ක‍්‍රියාකාරීත්වයේ අඩාල වීමකින් අනික් සෑම පද්ධතියක ම වාගේ රෝගී තත්ත්වයක් ඇති විය හැකි ය. එහෙත් බොහෝ විට ජීරණ පද්ධතියේ රෝග මුල් අවස්ථාවේ දීම දැන ගත හැකි වන බැවින් මෙවැනි දෙයක් සිදු වන්නේ කලාතුරකිනි.
(පින්තූර)
ජීරණ පද්ධතියේ රෝග පහත දැක්වෙන හේතු නිසා ඇති විය හැකි ය.
1. පාලක සහ සම්බන්ධීකරණ යාන්ත‍්‍රණ හරි හැටි ඉටු නොවීම : මෙම යාන්ත‍්‍රණ නම් මධ්‍ය ස්නායු පද්ධතිය, අනුවේගී ස්නායු පද්ධතිය සහ හෝමෝන ය. මේවා මගින් ආහාර මාර්ගයේ අඩංගු දෙයෙහි ප‍්‍රචාලනයත් එන්සයිම ශ‍්‍රාවයත් ප‍්‍රධාන වශයෙන් පාලනය කරන අතර බඩගින්න දැනීම හා ආහාර රුචිය ඇති කිරීම මධ්‍ය ස්නායු පද්ධතියත් මොළයත් මගින් පාලනය කෙරේ.
2. ක‍්‍රමාකුංචන චලනයන්හි වෙනස්කම් (Peristaltic waves or Mobility) : ආහාර මාර්ගය තුළ දී ආහාරය, පද්ධතියේ ඇති සිනිඳු පේශීන්ගේ ඉච්ඡානුග (Voluntary) සංකෝචන සහ ආකුංචන මගින් රැළි සාදමින් ඉදිරියට ගෙන යාම ක‍්‍රමාකුංචනය ලෙස හැඳින්වෙයි. මෙම යාන්ත‍්‍රණය, ගත් ආහාරය ආහාර මාර්ගයේ කවර ස්ථානයක කොතෙක් වේලා තිබිය යුතු ද යන්න තීරණය කරන අතර එමඟින් ජීරණය හෝ අවශෝෂණය හරි හැටි සිදුවීමට අවශ්‍ය කාලය හා වාතාවරණය ලබා දෙයි. කාලය හෝ ස්ථානය වෙනස් වූ විට එහි ජීරණ කි‍්‍රයාවලීන් හරියාකාර ව ඉටු නොවීම සිදුවිය හැකි ය.
03. ශ‍්‍රාවයන්හි අධිකතා සහ ඌනතා : ආහාර ජීරණය සිදුවීමට පෙර ගත් ආහාර රසායනික ක‍්‍රමවලින් ජලවිච්ෙඡ්දනය කිරීමට එන්සයිමත්, එම එන්සයිම නියමිත ශරීර උෂ්ණත්වයේ දී සිදුවීමට අවශ්‍ය ආම්ලීයතාව හෝ ක්ෂාරීයතාව ලබා දීමට ද්‍රව්‍යයනුත් බැක්ටීරියා හා වෙනත් ක්ෂද්‍රජීවී නාශක රසායන ද්‍රව්‍ය හා භක්ෂක ෙසෙලයනුත් එක්තරා ප‍්‍රමාණයකට ශ‍්‍රාවය කරයි. ඒ හැරෙන්නට මේවා පාලනය සඳහා හෝමෝන, ශ්ලේෂ්මල ආදිය ද ශ‍්‍රාවය කරනු ලැබේ. මේවා අඩු හෝ වැඩි වීම ජීරණ පද්ධතියේ රෝගවලට හේතු වෙයි.
04. අවශෝෂණ ක‍්‍රියාවලීන් හරිහැටි සිදු නොවීම : බොහෝ සෙයින් මීට හේතුව සේ දැක්විය හැක්කේ ආහාර අවශෝෂණය කරන අංගුලිකාවන් කෙමෙන් ක්ෂීණ වීම හා අංගුලිකාවන්හි ඇති ශිරා සහ වසා පද්ධතිවල වෙනසක් හෝ අවරෝධයක් ඇති වීමයි.
05. ආරක්ෂක යාන්ත‍්‍රණයන්හි වැරදි : මනුෂ්‍යයාගේ ආහාර මාර්ගය දෙකෙළවර ම පිටතට විවෘත නාළයකි. එය බැක්ටීරියා සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ටත් නොයෙක් පරපෝෂිතයින්ටත් වැඞීමට හොඳ උපස්තරයකි. මෙය වැළැක්වීම් වස් විශේෂ ප‍්‍රතිශක්ති පද්ධතියක් සහ විශාල භක්ෂක සෛල ශ්ලේෂ්මල පටලයෙහි දැකිය හැකි අතර මෙය මුඛය සහ ගුදයේ දී වඩාත් ප‍්‍රබල වෙයි. මෙම ආරක්ෂක යාන්ත‍්‍රණ යම් හෙයකින් අඩපණ වුවහොත් ක්ෂුද්‍ර ජීවීන්ට ආහාර මාර්ගය ආක‍්‍රමණය කළ හැකි ය.
06. ආහාර මාර්ගය තුළ ම ඇතිවන අර්බුද හා කාසිනෝමා : මේවා ව‍්‍රණ හෝ පිළිකා හෝ අස්වාභාවික වැඞීම් වශයෙන් ඇති වී ආහාර නාළය තුළ ද්‍රව්‍ය ප‍්‍රචාලනය වෙනස් කිරීම, ශ‍්‍රාවයන්ගේ වෙනස් වීම ආදිය සිදු කරයි.
07. උපතින් ම ඇති වන ව්‍යූහ විද්‍යාත්මක (Anatomic) සහ කායික විද්‍යාත්මක දෝෂ : මෙබඳු දෝෂ ආහාර මාර්ගයේ ක‍්‍රියාවලීන් හරිහැටි ඉටු නොවීමට හේතු වේ. උදා. වශයෙන් අන්ධ (Blind) ලෙස කෙළවර වන අන්නස්‍රෝතය (Oesophagus) සහ ආමාශයේ අම්ල ශ‍්‍රාවය අඩුවීමෙන් සෑදෙන එක්ලොහයිඞ්රියාව (Achlorhydria) සහ සහජ සාධකය (Intrinsic factor) නොමැති වීමෙන් ඇතිවන හිංසක නීරක්තිය (Pernicious anaemia) ද ගත හැකියි.
ආහාර මාර්ගයේ රෝගයන්හි ප‍්‍රධාන හා වැඩි වශයෙන් ව්‍යාප්ත ව පෙනෙන ලක්ෂණ: අන් සෑමපද්ධතියක් ම ජීරණ පද්ධතිය මත යැපීම සහ අන් බොහෝ පද්ධති මගින් ජීරණ පද්ධතියට කරන බලපෑම් හේතුවෙන් ජීරණ පද්ධතියේ අක‍්‍රමිකතා ලෙස පහත දැක්වෙන රෝග ලක්ෂණ දළ වශයෙන් දැක්විය හැකි ය.
1. වේදනාව : ජීරණ පද්ධතියේ රෝගයක් හඳුනා ගැනීමේ ප‍්‍රධානතම හා අතිශයින් වැදගත් වූ ලක්ෂණය උදරයේ
වේදනාවයි.
i. වේදනාව ඇති ස්ථානය ii. එය පටන්ගෙන පැතිරී යන ප‍්‍රදේශ (Radiation) iii. වේදනාව කවරාකාර ද යන්න (අපහසුතාවක සිට තියුණු පිහියකින් කැපීමක් ලෙස දැනීම දක්වා) (Character) iv. වේදනාව පවතින කාලය v. එය දිනකට කී වරක් හට ගනී ද යන්න vi. ධමනය වන හා වැඩි වන ආකාරය
ඉහත කී කරුණු ගැන සැලකීමෙන් රෝගය කුමක් විය හැකි දැයි සිතාගත හැකි ය. වේදනාව ඒ ඒ ඉන්ද්‍රියන්ට වෙනස් වන ආකාරය පහත දැක්වේ.
අන්නස්‍රෝත හර්නියාවේ දී පපු ඇටයට පිටුපස ඇති වන දැවිල්ලක් පිටේ මැද හරහා ගෙල දිගේ ඉහළට හණු දක්වාත්, දෑත දිගේ පහළටත් පැතිරී යයි. ඉදිරියට නැවීමේ දී වේදනාව අධික වන අතර ආහාර ගත යුතු පුරුදු වේලාවට අධික ලෙස වේදනාකර වෙයි.
ආමාශයික ව‍්‍රණවල දී පපු ඇටය පිටුපසින් ඇතිවන දැවිලි සහිත වේදනාව (Heart burning) සමහර විට වම් උරපතු ඇටයට පහළ ප‍්‍රදේශය දක්වා විහිදෙන අතර ග‍්‍රහණියේ ව‍්‍රණවල දී මෙය දකුණ උරපතු ඇටයට පහළ දක්වා පැතිරී යයි.
ආහාර නාලයෙන් වැඩි කොටසක් අන්තරංගී (Viscerel) නිසා එහි ම ඇතිවන කැපුම් පිළිස්සුම් ආදි කිසිවක් එයට නොදැනේ. ඒ හා සම්බන්ධ ස්නායු ඛණ්ඩය මගින් සංවේදී ස්නායු ලැබීමක් (වේදනා බ.) ඇති සමෙහි අදාළ කොටස වේදනාකර වේ. මේ සඳහා නිතර ම දෙනු ලබන උදාහරණ නම් ආමාශයේ ආබාධයන්හි දී උරෝස්ථියෙහි ඇති වන වේදනාවත් උණ්ඩුක පුච්චි ප‍්‍රදාහයේ දී (Appendicitis) පෙකණිය වටෙන් පටන් ගෙන උච්ච අවස්ථාවල දී දකුණු ජඝන ලේහයෙහි (Rtiliac fossa) ඇති වන වේදනාවත් ය.
2. අග්නිමාන්ද්‍යය (Anozexia) : මෙයට නොයෙකුත් හේතු තිබිය හැකි ය.
i. මන්ද පෝෂණය : ජීරණ හා අවශෝෂණයට තරම් ජීරණ පද්ධතිය ශක්තිමත් නොවීම ii. ස්ථානගත (local) හේතු : ආමාශයේ ඇති වන කාසිනෝමා මෙවැනි හේතු යි. iii. ස්නායුගත හේතු : මධ්‍ය ස්නායු පද්ධතියේ රසායනික වෙනස්කම් ඇති කරන මෙම අග්නිමාන්ද්‍යය බොහෝ විට ඇති වන්නේ තරුණියන්ට ය. iv. පරිසර හේතු : මෙය මානසික රෝගයක් ලෙස බොහෝ විට සැලකිය හැකි ය. v. පරපෝෂීන් : පරපෝෂී ආසාදන නිසා ද අග්නිමාන්ද්‍යය ඇති වේ. පරපෝෂීන් (පණුවන්) බඩවැලෙහි සිටීම හේතුවෙන් පෝෂණය හරි හැටි නොලැබීමත් මන්දපෝෂණය නිසා ස්නායු ප‍්‍රතීකයන් නියම ලෙස සිදු නොවීමෙන් ආහාර රුචිය අඩු වීමත් සිදු වේ.
3. වමනය : ආමාශයේ රෝග හා උරච්දයේ ප‍්‍රදාහ (Pertionitis) නිසා ජීරණ පද්ධතියෙන් බාහිර වූ වෙනත් තත්ත්ව, එනම් හයිපොතැල්මසයේ ‘වමන මධ්‍යස්ථානය’ (Vomiting centre) උත්තේජනය කරන තත්ත්ව හා බෙහෙත් වර්ග, ගර්භිණීභාවය, යුරීමියාව, මෙනින්ජි ප‍්‍රදාහය, අධික උණ හා මානසික හේතූ නිසා වමනය සිදු වුවත් අන්වීක්ෂීය පරීක්ෂණ හා වමනය සමග එක් ව ඇති අනෙක් රෝග ලක්ෂණ සමගින් ගත් විට ජීරණ පද්ධතියේ රෝග හඳුනා ගත හැකි ය.
4. මල පහවීම : මල පහ කිරීමේ වාර ගණන නිරෝගීතාව නිශ්චය කිරීමේ හොඳ සලකුණක් නොවේ. දවසකට තුන් වරක් මල පහ කිරීමත් දින තුනකට වරක් මල පහ කිරීමත් ඇතුළත සියල්ල ම නිරෝගීතාවේ ලක්ෂණ ලෙස බි‍්‍රතාන්‍යයේ සලකනු ලැබේ (Davidson - Diagnostic medicine). එසේ වුව ද අබාධිත වූ විට මල පහ වීමේ වෙනසක් බොහෝ විට ඇති වන බැවින් වමනයේ දී මෙන් ම මෙහි දී ද බාහිර පෙනුම, වේදනාව, අණ්වීක්ෂීය පරීක්ෂණ හා මල පහ කිරීමේ වාර ගණන ආදිය ජීරණ පද්ධතියේ ආබාධය කවරක්දැයි සෙවීමට ඉවහල් කර ගැනේ.
ආහාර මාර්ගයේ රෝග ඒ ඒ රෝග අවයව වෙන වෙන ම සලකා බැලීමෙන් වඩාත් හොඳින් වටහා ගත හැකි වේ.
මුඛය සහ දත් : මන්දපෝෂණය, දත්වල හා මුඛයේ පවිත‍්‍රතාව හරි හැටි තබා ගැනීමට උනන්දුවක් නැතිකම, නිරතුරු ගැබ් දැරීම හා නිදි බෙහෙත් සහ ආක්ෂේප ප‍්‍රතිරෝධ (Anticonvulsants) දිගු කලක් තිස්සේ ගැනීමට පුරුදු වීම ආදිය නිසා දත් දුර්වල වීමත් විදුරුමස්වල ප‍්‍රතිශක්තිය අඩු වීමත් සිදු විය හැකි ය. මුඛයේ හා දත්වල ඇතිවන ප‍්‍රදාහ, ආසාදන හා ව‍්‍රණ නිසා නියම ලෙස ආහාර විකීම අපහසු ය.
මුඛ ප‍්‍රදාහ ඇති වීමට හේතු ලෙස දැක්වූ ඉහත කී කරුණු කාලයක් තිස්සේ තිබුණු තත්ත්ව යටතේ දෙවනුව ඇති වූ ඒවා ය. මුඛ ප‍්‍රදාහ එක්වර ම ඇති වන්නේ අසාත්මිකතාව (Allergy), ආසාදන සහ ඛාදක ද්‍රව්‍ය මුඛයට ගැනීමෙනි.
සමහර මුඛ ප‍්‍රදාහයනට හේතුව පැහැදිලි නැත. උදා. සලප මුඛදාහය (Aphthos stomatis)
ආසාදිත හා ආසාත්මිකතා, විෂ වර්ග ස්පර්ශ වීම, දිවේ පේශි ක්ෂීණ වීම හෝ ඒවායේ ස්නායු නිෂ්ක‍්‍රිය තත්ත්වයට ඒම, කැඞී ගිය දත්වල අග‍්‍ර නිතර හැපීම හා තදට නැති බොරු දත් පැළඳීම, අපස්මාර ආක්ෂේප සහ වලිප්පු රෝග (Epileptic fits and convulsious) ආදියේ දී දත් පූට්ටු වීමෙන් දිව විකීම ආදි කරුණු දිවේ ආබාධ ඇති වීමට හේතු වේ.
දිවේ ව‍්‍රණ සෑදීම වෙනත් රෝග නිසා ද සිදු විය හැක. උදා. උපදංශ රෝගයේ එක් අවස්ථාවක දී වේදනාත්මක ව‍්‍රණ සෑදීම හා ශ්වේත සානුව (Lenkoplakia) නමින් හැඳින්වෙන, දිවේ සුදුපාට පුල්ලි මතු වීම. සමහරවිට මෙය දිවෙහි කාසිනෝමාවක පෙරනිමිති විය හැකි ය. ළදරුවන්ගේ, දුර්වල රෝගීන්ගේ සහ මහලූ අයගේ දිවෙහි දිලීර ආබාධ ඇතිවිය හැකි ය.
ඛේට ග‍්‍රන්ථීන්හි රෝග : මෙය බොහෝ විට පෙන්නුම් කරන්නේ ඛේට ශ‍්‍රාවය අඩු හෝ වැඩි වීමෙනි. ඛේට ග‍්‍රන්ථියෙහි ම රෝගයක් හෝ එහි ස්නායු උත්තේජන වෙනස් වීමක් නිසා ඛේට ශ‍්‍රාවය වෙනස් වේ. ආහාර ගිලීමේ දී ස්නේහනය කිරීමේ ලා ඛේටය ඉවහල් වේ. පැරොටිඞ් ග‍්‍රන්ථියේ ප‍්‍රදාහයක් වන කම්මුල්ගායත් අධෝජිහ්ව ග‍්‍රන්ථි නාළයෙහි ඇතිවන අශ්මයන් (Calculi) මගින් ශ‍්‍රාවයට බාධා ඇති වීමත් නිසා ඛේට ශ‍්‍රාවය අඩු වන අතර ස්නායුවල උත්තේජනයෙන් ඛේට ශ‍්‍රාවය අධික වේ.
අන්නස්‍රෝතය : අන්නස්‍රෝතයේ ඇති විය හැකි රෝග රාශියකි. ඒවායින් ප‍්‍රධාන වන්නේ දුර්භක්ෂය (Dysphagia) හෙවත් ගිලීමේ අපහසුතාවයි.
දුර්භක්ෂයට හේතු :
i. මුඛයේ දිවේ සහ සෙම් ගෙඩිවල ප‍්‍රදාහ: මේවා පියවි ඇසින් බලා ගත හැකි ය.
ii. ස්නායු ක‍්‍රියාකාරීත්වයේ අක‍්‍රමිකතා : මිදුළුවේ නිෂ්ක‍්‍රීයත්වය (Paralysis), උග‍්‍රපේශි දුර්වලතාව හෙවත් මයස්තීනියා ග‍්‍රාවිස් රෝගය, ජලභීතිකාවේ දී සිදු වන ස්නායු ප‍්‍රදාහ, මානසික රෝග (හිස්ටීරියාව), වයස්ගත වීමේ දී ඇතිවන ස්නායු දුර්වලතා
iii. අන්නස්‍රෝතයට පිටතින් ඇති අවයව මගින් ඇති කරන තදවීම් :අන්නස්‍රෝතය ඉදිරියෙන් ඇති අවයව වන මහා ධමනියේ ඉදිමීම, තයිරොයිඞ් ග‍්‍රන්ථිය විශාල වීම, පයෝධර පිළිකාවන්හි ද්විතීයික ආබාධයක් ලෙස ඇති වන වසා ගැටිති විශාල වීම, ශ්වාස නාළයේ වසා ගැටිති විශාල වීම සහ හෘදයාබාධ (Left ventricular hypertrophy)
iv. අන්නස්‍රෝතය තුළ ම ඇති ආබාධ, අන්ධ ලෙස කෙළවර වන අන්නස්‍රෝතය සමහර ළදරුවන්ගේ ආජන්මජ (Congenital) ආබාධයකි.
v. අන්නස්‍රෝතයේ ව‍්‍රණ :ආමාශයට ඇතුළු වන ස්ථානයේ චක‍්‍ර පිධානය මෙන් ක‍්‍රියා කරන පේශි වෙයි. අනවශ්‍ය අවස්ථාවන්හි දී විවෘත ව තිබීම නිසා ආමාශික ආශව (Gastric juice) සහ එහි අඩංගු හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මේ පිධානයෙන් ඉහළට එමෙන් අන්නස්‍රෝතය ඛාදනය වී ව‍්‍රණ සෑදෙයි. මෙය වයස්ගත වීමේ දී හා ගැබ් දැරීමේ දී මහා ප‍්‍රාචීරයේ බිත්ති දුර්වල වීමෙන් සිදු වන්නකි. ප්ලමර්-වින්සන් (Plummer-Vinson) සංධාවය ද අන්නස්‍රෝතයට බලපාන රෝග ලක්ෂණයකි. මෙහි දී ගිලීම අපහසු වන්නේ සමහර වේලාවලට පමණක් බැවින් ඒවා මානසික රෝග ලෙස වරදවා විනිශ්චය කර ගැනීම සිදු විය හැක.
අන්නස්‍රෝතයෙහි හටගන්නා කාසිනෝමා ද පසුගිය දශක කිහිපය තුළ දී සැලකිය යුතු තරමට ව්‍යාප්ත වී ඇත.
ආමාශය හා ග‍්‍රහණිය : මෙහි වැඩි වශයෙන් ම දැකිය හැකි රෝගය ව‍්‍රණ සෑදීමයි. ව‍්‍රණ ආමාශයේ හර්නියා ආදිය හැරුණු විට ආමාශයේ ආම්ලිකත්වයේ ඌනතා, එක්ලෝ-හයිඞ්රියාව (Achlorhydria) සහ නිසග සාධකය නොමැති වීම ද කලාතුරකින් තිබිය හැකි ය. ස්කැන්ඩිනේවියානු රටවල සහ වෙනත් සමෘද්ධිමත් රටවල මෙම රෝගය බහුලව දක්නට ලැබේ.
ග‍්‍රහණිය ඉවත් කරනු ලැබූවන්ගේ (Dumping) පීඩාකාරී රෝග ලක්ෂණ නිරතුරු දැකිය හැකි ය. මෙහි දී ගත් ආහාරය කෙළින් ම ශූන්‍යකයට වැටීම, මල පහවීමේ වාර ගණන වැඩි වීම, නිතර කුසගිනි ඇති වීම, ක්ලාන්තය, හයිපොග්ලයිසීමියාව (රුධිරයෙහි සීනි අඩුකම) දහදිය දැමීම වැනි ලකුණු ඇති වේ (Dumping syndrome බ.)
ශේෂාන්ත‍්‍රකය : එනම් ශුන්‍යකය හා ලූධනියයි. මෙහි රෝගී තත්ත්වයන් උද්ගමනය වන්නේ එයට රුධිර සැපයුම අඩු වීම, වසා නාළ අවහිර වීම හා පරපෝෂිතයන්ගේ ආසාදන හේතුවෙනි.
උණ්ඩුක පුච්ඡු ප‍්‍රදාහය සහ රක්තාවරෝධී වීමෙන් පැතිරිය හැකි සකෝථ (Gangrenous) බරපතළ තත්ත්වයකි.
අක්මාවේ පිත්, ගල් ආදිය නිසා ද ශුන්‍යකයේ අංගුලිකා ක්ෂීණ වීමෙන් ද ශේෂාන්ත‍්‍රකයේ රෝග ඇති වීමට පුළුවන. අවශෝෂණ ක‍්‍රියාවලියට බාධා පැමිණීම හේතුවෙන් පාචනය, මේදාතීසාරය, නීරක්තිය හා යකඩ ඌනතාව ඇතිවිය හැකි ය.
පරපෝෂිත ආසාදන තුන් වන ලෝකයේ රටවල ළමයින්ගේ මෙන් ම දුබල ආර්ථික තත්ත්වයන් ඇති වැඩිහිටියන්ගේ ද දැකීමට පුළුවන. වටපණුවන් (අස්කාරිස්) හා කොකු පණුවන් මෙන් ම පටි පණුවන් ද අන්ත‍්‍රයෙහි විසීමෙන් ධාරකයාගේ පෝෂණය නිසි ලෙස ලබා ගැනීමට නොහැකි වෙයි. මෙය නීරක්තිය, අග්නිමාන්ද්‍යය, මන්දපෝෂණය, ආහාර අරුචිය, පිපිහළු වීම හා පෙකණිය වටේ කැක්කුම ඇති කරයි.
ආමාශික ව‍්‍රණ හා පණු රෝග ඇතිවීමට රෝගියාගේ පවුලේ ආර්ථික තත්ත්වය හා අධ්‍යාපන මට්ටම හේතු වේ. මහාන්ත‍්‍රය : රක්තාවරෝධය හා පරපෝෂීන් මහාන්ත‍්‍රයේ ක‍්‍රියාකාරීත්වයට වැඩියෙන් ම බාධා පමුණුවයි. මහාන්ත‍්‍රයේ ඇති වන කාසිනෝමා සමග මුඛ ප‍්‍රදාහ හා දුර්ගන්ධ ඇති වීම සැලකිය යුතු සංසිද්ධියකි.
මහාන්ත‍්‍රය සිදු කරන්නේ ආහාරයේ අඩංගු දැයින් ජලය විශාල ප‍්‍රමාණයක් අවශෝෂණය කිරීම ය. මහාන්ත‍්‍රයේ ක‍්‍රියා අඩපණ වූ විට අතීසාරය මෙන් ම මලබද්ධය ද ඇති වීමට ඉඩ තිබේ.
ඒ හැරෙන්නට ගුද මාර්ගයේ වෙසෙන කිරි පණුවන් සහ මැදිවියේ අයට වැළඳෙන අර්ශස් රෝගය ද මහාන්ත‍්‍රයේ රෝග ලෙස සැලකිය හැකි ය. මින් පළමුවැන්න ආසාදිත තත්ත්වයකි. දෙවැන්න (Ano-sec vessle) වාහිනීවල සම්මුඛ නිසා ඉදිමීම් දෙකක් හෝ තුනක් හටගෙන අපහසු තත්ත්වයක් ඇතිවීම සමහර විට මෙම ඉදිමීම්වල දී රුධිරවාහිනීවලින් ලේ ගැලීම් සිදු වේ.
ජීරණ පද්ධතියට අයත් ප‍්‍රධාන ග‍්‍රන්ථිවල රෝග ද ජීරණ පද්ධතිය රෝගී බවට පත් කරයි.
අග්න්‍යාශයික ප‍්‍රදාහ නිසා අජීරණය (ජීරණය හරිහැටි ඉටු නොවීම), රුධිර සීනි ප‍්‍රමාණය අඩු වීම (හයිපොග්ලයිසීම්), ක්ලාන්තය හා දුර්වලකම, ඊට අමතරව දුර්ගන්ධයෙන් යුතු ව මල පාචනය වීම සිදු වේ.
අක්මා රෝග ද මීට සමාන තත්ත්වයක් ඇති කරයි. අක්මාවේ පිත්ත ප‍්‍රණාලයන් අවහිර වීමෙන් මේදාතීසාරය ද කාලයක් තිස්සේ පවතින අක්මා ප‍්‍රදාහ නිසා විටමින් A,D,E සහ K ඌනතා ද අස්ථිවල විකලත්වය (Osteomalacia) හා රුධිර කැල්සියම් ප‍්‍රමාණ අඩු වීමෙන් ටෙටනිය (Tetany) ද ඇති වෙයි.
මධ්‍යකාලීන යුරෝපයේ හා සමකාලීන තුන්වන ලෝකයේ රටවල ජීරණ පද්ධතියේ රෝග ලෙස ආසාදන හා මන්දපෝෂණ නිසා ඇතිවන තත්ත්වයන් පැතිරී ඇත. මේවා බොහෝ විට දුෂ්ට චක‍්‍රාකාරයෙන් (Vicious circle) සිදු වෙයි. ළදරුවන්ට වැළඳෙන බැරිබැරියාව හා ක්වෂියෝර්කොර් නමැති මන්දපෝෂණ තත්ත්වයන්හි දීත් ආසාදනයන්හි දීත් මේ චක‍්‍රය දැකිය හැකි ය.
මේ හැම විට ම රෝගියාට අවශ්‍ය පෝෂණය නොලැබීමත් ඒ නිසා ජීරණ පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය දුර්වල වීමත් ඒ අනුව ආහාර ජීරණය හා අවශෝෂණය තවත් අපහසු වීමත් සිදු වෙයි. මෙවැනි තත්ත්වයක දී සමස්ත ජීරණ පද්ධතිය ම පවා ක්ෂුද්‍ර ජීවීන් මගින් රෝගස්ත වීමට ලෙහෙසියෙන් ඉඩකඩ ඇත්තේ ප‍්‍රතිශක්තිකරණ යාන්ත‍්‍රණය දුර්වල වීම හේතුවෙනි.
අතීතයේ දී මන්දපෝෂණය හා ආසාදන හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අධික වුව ද අද භාවිතයේ ඇති ප‍්‍රතිජීවක ඖෂධ සහ ඉහළ මට්ටමක ඇති වෛද්‍ය විද්‍යාවේ දියුණුව මෙන් ම අධ්‍යාපනයත් නිසා මේ රෝග මාරාන්තික නොවූව ද ළමයින්ගේ ශාරීරික හා මානසික වැඞීම බාල කරයි.
අද යුරෝපයේ රටවල වඩා සුලභව දැකිය හැකි රෝග වන්නේ මානසික පීඩනය නිසා ඇතිවන මල බද්ධය, ඇස්ප‍්‍රීන් අධිකව ගැනීමෙන් සෑදෙන ආමාශයික හා ග‍්‍රහණියේ ව‍්‍රණ, අර්ශස් සහ ස්නායුමය ආබාධ හේතුවෙන් ඇතිවන දුර්භක්ෂය, ආහාර අරුචිය ආදිය ය.
ආමාශයේ සහ ග‍්‍රහණියේ (Vagotoney) ව‍්‍රණ සුව කිරීමට ක්ෂාර වර්ග අඩංගු බෙහෙත් ගැනීම හෝ ආබාධිත අවයව ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම ද දුර්භක්ෂය හා ආහාර අරුචිය සඳහා මානසික හෝ ස්නායු වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කරවනු ලැබීම ද සිදු කෙරෙයි.
ප‍්‍රදාහ උදෙසා පාවිච්චි කරනු ලබන්නේ ප‍්‍රතිජීවක ය. එසේ නැතහොත් අවයව ශල්‍යකර්මයකින් ඉවත් කරනු ලැබේ.
ආහාර මාර්ගයේ රෝගවල දී ශල්‍ය විධි මගින් රෝගී වූ කොටස ඉවත් කර දැමීම බොහෝ අවස්ථාවන්හි දී කරනු ලැබේ. ප‍්‍රදාහ, කාසිනෝමා, ව‍්‍රණ ආදිය උග‍්‍ර අවස්ථාවට එළඹි විට මෙය සිදු කරනු ලැබේ. දත් සහ මුඛය පවිත‍්‍ර ව තබා ගැනීම, පිරිසිදු වතුර හා ආහාර පාවිච්චිය, වැසිකිළි පාවිච්චි කිරීමේ දී එය නියමාකාරයට පිරිසිදු කිරීම ආදිය ආසාදිත තත්ත්වයන්ගෙන් වැළකීමට පිළිපැදිය හැකි සිරිත් වන අතර ප‍්‍රීතියෙන් සහ සැහැල්ලූවෙන් සිටීම ද ආමාශයික සහ ග‍්‍රහණියේ ව‍්‍රණ සෑදීම වැළැක්වීමට හේතු වේ. ‘ධ’ රුධිර ගණයේ උදවියට මෙවැනි ව‍්‍රණ සෑදීමේ ප‍්‍රවණතාව වැඩි ය.
ව‍්‍රණ සෑදුණු පසු ගන්නා ආහාරය කුළු බඩු අධිකව යෙදූවක් නොවිය යුතු ය. කෙඳි සහිත ආහාර වර්ග එළවළු සමග ආහාරයට ගැනීම වඩාත් උචිත ය. අද මිනිසා කොතරම් දියුණු වුව ද සමාජයේ බහුල වශයෙන් ජීරණ පද්ධතියේ රෝග දක්නට ලැබෙයි. ඊට හේතු වනුයේ අධික දිළිඳු බව හෝ අධික ලෙස නවීකරණය වීම ය. ආහාර නොපිසින සමාජයක් වන එස්කිමෝ ගෝත‍්‍රිකයන් අතර ජීරණ පද්ධතියේ රෝග සුලභ නොවන අතර කඳුකරයේ වෙසෙන කලබල රහිත ඉවසිලිමත් මිනිසුන් වන නේපාල වැසියන් ද මෙවැනි සෞඛ්‍ය සම්පන්න ජන කොට්ඨාසයකි.
ජීරණ පද්ධතියේ රෝග ලෙසට වෙනත් බොහෝ අවයවයන්හි ආබාධ ද එළි දකින අතර සිතේ අතෘප්තිය සහ නොඉවසිල්ල ද සැමවිට ම වාගේ ‘බඬේ අමාරුවකින්’ පෙන්වනු ලැබෙයි. කුඩා ශිෂ්‍යයන් තුළ පාසලට යාමට ඇති අකැමැත්ත ඔවුන් නොදැනුවත් ව ම බඬේ වේදනාවක් ඇති කිරීම මගින් එළි දැක්වීම මීට හොඳ නිදසුනකි. (ජඨරිය ව‍්‍රණ සහ ග‍්‍රහණිය ව‍්‍රණ ලිපිය ද බ.)
මාධවී සේනාරත්න