"අරුග්ගම් කලපුව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මෙය ලංකාවේ නැගෙනහිර වෙරළ බඩ, මඩකලපුවට සැතපුම්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
2 පේළිය: 2 පේළිය:
  
පුරාණයේ දී අරුග්ගම් තුඩුවට අපරතොට තුඩුව කියා ද අරුග්ගම් බොක්කට අපරතොට බොක්ක කියා ද ව්‍යවහාර වූ බව ඇතැම් ග්‍රන්ථයන්හි සඳහන් වේ. කරඳඹයෙන් වෙන් වී එන කිරිමැටි ආර සහ හැඩ ඔය අරුග්ගම් බොක්කට වැටෙන ප්‍රධාන ජලමාර්ග වේ. අවට ප්‍රදේශය කටු ළැහැබින් ගහන තැනිතලාවකි.
 
 +
 +
(සංස්කරණය: 1965)
 +
 +
[[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]]
 +
 +
[[ප්‍රවර්ගය: අ]]

12:56, 31 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය

මෙය ලංකාවේ නැගෙනහිර වෙරළ බඩ, මඩකලපුවට සැතපුම් 68ක් දකුණෙන් පිහිටි කලපුවකි. මෙහි විශාලත්වය අක්කර 500ක්පමණ වේ. කලපුවට දකුණෙන් අරුග්ගම් තුඩුව පිහිටියේය. අරුග්ගම් කලපුව අරුග්ගම් බොක්කට සම්බන්ධ කරවන මෝය යාර 150කට වඩා පළල් නොවේ. පොතුවිල් නගරය පිහිටියේ අරුග්ගම් කලපුවට උතුරිනි. මඩකලපු-පාණම් මහා මාර්ගයේ මෙම කලපුව හරහා වැටී ඇති කොටස දිය මංකඩකි. කලපුවෙහි මසුන් මැරීම කරනු ලැබේ.

පුරාණයේ දී අරුග්ගම් තුඩුවට අපරතොට තුඩුව කියා ද අරුග්ගම් බොක්කට අපරතොට බොක්ක කියා ද ව්‍යවහාර වූ බව ඇතැම් ග්‍රන්ථයන්හි සඳහන් වේ. කරඳඹයෙන් වෙන් වී එන කිරිමැටි ආර සහ හැඩ ඔය අරුග්ගම් බොක්කට වැටෙන ප්‍රධාන ජලමාර්ග වේ. අවට ප්‍රදේශය කටු ළැහැබින් ගහන තැනිතලාවකි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරුග්ගම්_කලපුව&oldid=7148" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි