"අල් වාකිදි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(747-823). අරාබි ජාතික ඉතිහාස ගත් කතුවරයෙකි. මෙදීනා (...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

09:32, 17 පෙබරවාරි 2025 තෙක් සංශෝධනය

(747-823). අරාබි ජාතික ඉතිහාස ගත් කතුවරයෙකි.

මෙදීනා (මෙඩීනා) නුවර උපන් හෙතෙම ජීවිතය ආරම්භ කෙළේ ධාන්‍ය වෙළෙන්දකු වශයෙනි. ස්වකීය ණයකාරයන්ගෙන් බේරී ගනු සඳහා ඔහුට බැග්ඩෑඩ් නුවරට පලා යන්නට සිදු වූයේය. එහි ප්‍රභූවරුන්ගේ ආධාරය ලැබූ හෙතෙම එම නුවර විනිශ්චයකාර ධුරයකට පත් විය. කෝරානය ද අරාබි අධිකරණය හා අරාබි පුරාවෘත්ත ද පිළිබඳව ග්‍රන්ථ කිහිපයක් ඔහු විසින් කරන ලදි. 'කිතාබ් අල්-මඝාසී' නම් ග්‍රන්ථය වාකිදිගේ විශිෂ්ටතම කෘතිය ලෙස පිළිගැනෙයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අල්_වාකිදි&oldid=7307" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි