"අල් හමදානී" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(969-1008). පර්සියානු කවියෙකි; ලේඛකයෙකි. හමදාන්හි ඉප...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) සුළු (Senasinghe විසින් අල් හමදානී (අබු අල් ෆදල් අහ්මද් ඉබ්න් අල් හුසෙයින් අල් හමදානී) සිට අල් හමදානී වෙත...) |
(වෙනසක් නොමැත)
| |
09:36, 17 පෙබරවාරි 2025 තෙක් සංශෝධනය
(969-1008). පර්සියානු කවියෙකි; ලේඛකයෙකි. හමදාන්හි ඉපිද එහිදීම අධ්‍යාපනය ලැබූ අල් හමදානී හෙරාත් ප්‍රදේශය ස්ථිර වාසස්ථානය කොටගත්තේය. අරාබි සාහිත්‍යයෙහි 'මකාම' නමින් හැඳින්වෙන කාව්‍ය විශේෂයේ නිෂ්පාදකයා වශයෙන් ඔහු විශේෂ සැලකිල්ලට භාජන වී තිබේ. 'මකාම' යනුවෙන් අල් හමදානි අදහස් කෙළේ දෙබස් කාව්‍ය රචනාය. මෙයින් 400ක් ඔහු විසින් නිබන්ධනය කරන ලද බව පැවසෙතත් එයින් දැනට ශේෂව ඇත්තේ 51කි. ඉන් බොහොමයක් ම මුදල් උපයා ගැනීම සඳහා කිසිවකු විසින් යොදන ලද උපායක් ගැබ් කොට රචිතය. සමහරකින් බැග්ඩෑඩ් නගරයේ සමාජ ජීවිතය ද පිළිබිඹු වෙයි.
එකල විසූ සැලකිය යුත්තන් වෙත ඔහු විසින් යවන ලද (ගද්‍ය) ලිපි 233ක් ද වැදගත් සාහිත්‍ය කෘති සේ සලකනු ලැබෙයි. එයින් බොහොමයකින් ම පෞද්ගලික ගනුදෙනු පිළිබඳ තොරතුරු හෙළිවේ. සමහරක් එකල පැවතුණු ආගමික මතාන්තර විදහා දැක්වීමට තරම් පොහොසත් වෙයි.
(සංස්කරණය: 1965)