"අශ්වක" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉන්දියාවේ වයඹදිග පිහිටි රාජ්‍යයකි. මාර්කණ්ඩ්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | ඉන්දියාවේ වයඹදිග පිහිටි රාජ්‍යයකි. මාර්කණ්ඩ්යය පුරාණයේ හා වෘහත් සංහිතාවේ අශ්මක නමින් සඳහන්ව ඇත්තේ මේ ප්‍රදේශය විය හැකි යයි ඇතැමෙක් සලකති. වෘහත් සංහිතාවේ මද්‍ර දේශයට (මදුරටට) අනතුරුව අග්මකය සඳහන් වන බැවින් මෙය පන්ජාබ් ප්‍රදේශයේ කොටසක් වූයේ යයි සිතිය හැක. කුර්ම පුරාණයෙන් ද ඒ මතය සනාථ වේ. මහා භාරතයෙහි ද අශ්වක රාජ්‍යයක් ගැන සදහන් වේ. එහෙත් එය පිහිටි ප්‍රදේශය පිළිබඳ විස්තර එහි නොදක්නා ලැබේ. | + | (අශ්මක). ඉන්දියාවේ වයඹදිග පිහිටි රාජ්‍යයකි. මාර්කණ්ඩ්යය පුරාණයේ හා වෘහත් සංහිතාවේ අශ්මක නමින් සඳහන්ව ඇත්තේ මේ ප්‍රදේශය විය හැකි යයි ඇතැමෙක් සලකති. වෘහත් සංහිතාවේ මද්‍ර දේශයට (මදුරටට) අනතුරුව අග්මකය සඳහන් වන බැවින් මෙය පන්ජාබ් ප්‍රදේශයේ කොටසක් වූයේ යයි සිතිය හැක. කුර්ම පුරාණයෙන් ද ඒ මතය සනාථ වේ. මහා භාරතයෙහි ද අශ්වක රාජ්‍යයක් ගැන සදහන් වේ. එහෙත් එය පිහිටි ප්‍රදේශය පිළිබඳ විස්තර එහි නොදක්නා ලැබේ. |
අශ්ව, අශ්වක යන නම් පර්සියානු භාෂාවේ අශ්වවාචී අස්ප ශබ්දයෙන් බිඳී අවුත් ව්‍යවහාර වන්නට ඇතැයි ද නැගෙනහිර හා බටහිර වශයෙන් මේ රාජ්‍යය කොටස් දෙකකින් යුක්ත වූයේ යයි ද සමහර ඉතිහාසඥයෝ සිතති. කාබුල් නදියට උතුරෙන් කුනර් නිම්නය අසල පිහිටි අස්පසිඕයි යන නමින් ග්‍රීක් ඉතිහාසඥයන් විසින් හඳුන්වන ලද ප්‍රදේශය බටහිර අශ්වක රාජ්‍යයයි ද ස්වාත් නිම්නය අවට පිහිටි ඔවුන් විසින් ම අස්සකිනස් නමින් හඳුන්වන ලද ප්‍රදේශය නැගෙනහිර අශ්වක රාජ්‍යයයි ද මේ අනුව ඉතිහාසඥයෝ සලකති. එහෙත් මේ සම්බන්ධයෙන් තව ම ස්ථිර නිගමනයකට බැසගෙන නැත. | අශ්ව, අශ්වක යන නම් පර්සියානු භාෂාවේ අශ්වවාචී අස්ප ශබ්දයෙන් බිඳී අවුත් ව්‍යවහාර වන්නට ඇතැයි ද නැගෙනහිර හා බටහිර වශයෙන් මේ රාජ්‍යය කොටස් දෙකකින් යුක්ත වූයේ යයි ද සමහර ඉතිහාසඥයෝ සිතති. කාබුල් නදියට උතුරෙන් කුනර් නිම්නය අසල පිහිටි අස්පසිඕයි යන නමින් ග්‍රීක් ඉතිහාසඥයන් විසින් හඳුන්වන ලද ප්‍රදේශය බටහිර අශ්වක රාජ්‍යයයි ද ස්වාත් නිම්නය අවට පිහිටි ඔවුන් විසින් ම අස්සකිනස් නමින් හඳුන්වන ලද ප්‍රදේශය නැගෙනහිර අශ්වක රාජ්‍යයයි ද මේ අනුව ඉතිහාසඥයෝ සලකති. එහෙත් මේ සම්බන්ධයෙන් තව ම ස්ථිර නිගමනයකට බැසගෙන නැත. |
15:20, 18 පෙබරවාරි 2025 වන විට නවතම සංශෝධනය
(අශ්මක). ඉන්දියාවේ වයඹදිග පිහිටි රාජ්‍යයකි. මාර්කණ්ඩ්යය පුරාණයේ හා වෘහත් සංහිතාවේ අශ්මක නමින් සඳහන්ව ඇත්තේ මේ ප්‍රදේශය විය හැකි යයි ඇතැමෙක් සලකති. වෘහත් සංහිතාවේ මද්‍ර දේශයට (මදුරටට) අනතුරුව අග්මකය සඳහන් වන බැවින් මෙය පන්ජාබ් ප්‍රදේශයේ කොටසක් වූයේ යයි සිතිය හැක. කුර්ම පුරාණයෙන් ද ඒ මතය සනාථ වේ. මහා භාරතයෙහි ද අශ්වක රාජ්‍යයක් ගැන සදහන් වේ. එහෙත් එය පිහිටි ප්‍රදේශය පිළිබඳ විස්තර එහි නොදක්නා ලැබේ.
අශ්ව, අශ්වක යන නම් පර්සියානු භාෂාවේ අශ්වවාචී අස්ප ශබ්දයෙන් බිඳී අවුත් ව්‍යවහාර වන්නට ඇතැයි ද නැගෙනහිර හා බටහිර වශයෙන් මේ රාජ්‍යය කොටස් දෙකකින් යුක්ත වූයේ යයි ද සමහර ඉතිහාසඥයෝ සිතති. කාබුල් නදියට උතුරෙන් කුනර් නිම්නය අසල පිහිටි අස්පසිඕයි යන නමින් ග්‍රීක් ඉතිහාසඥයන් විසින් හඳුන්වන ලද ප්‍රදේශය බටහිර අශ්වක රාජ්‍යයයි ද ස්වාත් නිම්නය අවට පිහිටි ඔවුන් විසින් ම අස්සකිනස් නමින් හඳුන්වන ලද ප්‍රදේශය නැගෙනහිර අශ්වක රාජ්‍යයයි ද මේ අනුව ඉතිහාසඥයෝ සලකති. එහෙත් මේ සම්බන්ධයෙන් තව ම ස්ථිර නිගමනයකට බැසගෙන නැත.
(කර්තෘ: ඇස්.ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න)
(සංස්කරණය: 1965)