"ආර්යධන" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
2 පේළිය: | 2 පේළිය: | ||
ආර්යධන සතෙකි. එනම් සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, චාග, පඤ්ඤා යන මේ සතයි. තුනුරුවන් කෙරෙහි ඇතිවන ප්‍රසාදය ශ්‍රද්ධාවයි. පස්පවින් වැළැක්ම සීලයයි. දුසිරිත් පිරීමට ඇතිවන ලැජ්ජාව හිරිය. දුසිරිත් පිරීමට ඇතිවන භය ඔත්තප්පය. බුද්ධධර්මය අසා දරාගැන්මෙන් වන බහුශ්‍රැතකම සුතයයි. මලමසුරුකමින් තොරව ත්‍යාගවන්ත වීම චාගයයි. දුක් නසන උතුම් නුවණින් යුක්ත වීම පඤ්ඤාවයි. තුනුරුවන් කෙරෙහි ගෞරවය, ප්‍රසාදය උපදවා ගෙන පවට ලජ්ජා භය ඇතිව ත්‍යාගවන්තව කෙලෙස් නසන නුවණ වඩන පුද්ගලයා ලෞකිකධනයෙන්, බාහිර සුවපහසුකම් අතින් දිළිඳු වුව ද මේ ධන අතින් පොහොසත් වන හෙයින් ආර්යධන ඇත්තෙක් වේ. මෙකී ආර්යධන යමකුට ඇත් නම් ඔහු දිළින්දකු නොවන බව ද ඔහුගේ ජීවිතය නොසිස් බව ද සාර්ථක බව ද බුද්ධ දේශනාවේ සඳහන් වේ. | ආර්යධන සතෙකි. එනම් සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, චාග, පඤ්ඤා යන මේ සතයි. තුනුරුවන් කෙරෙහි ඇතිවන ප්‍රසාදය ශ්‍රද්ධාවයි. පස්පවින් වැළැක්ම සීලයයි. දුසිරිත් පිරීමට ඇතිවන ලැජ්ජාව හිරිය. දුසිරිත් පිරීමට ඇතිවන භය ඔත්තප්පය. බුද්ධධර්මය අසා දරාගැන්මෙන් වන බහුශ්‍රැතකම සුතයයි. මලමසුරුකමින් තොරව ත්‍යාගවන්ත වීම චාගයයි. දුක් නසන උතුම් නුවණින් යුක්ත වීම පඤ්ඤාවයි. තුනුරුවන් කෙරෙහි ගෞරවය, ප්‍රසාදය උපදවා ගෙන පවට ලජ්ජා භය ඇතිව ත්‍යාගවන්තව කෙලෙස් නසන නුවණ වඩන පුද්ගලයා ලෞකිකධනයෙන්, බාහිර සුවපහසුකම් අතින් දිළිඳු වුව ද මේ ධන අතින් පොහොසත් වන හෙයින් ආර්යධන ඇත්තෙක් වේ. මෙකී ආර්යධන යමකුට ඇත් නම් ඔහු දිළින්දකු නොවන බව ද ඔහුගේ ජීවිතය නොසිස් බව ද සාර්ථක බව ද බුද්ධ දේශනාවේ සඳහන් වේ. | ||
− | අංගුත්තරනිකාය (සත්තක නිපාතය) බලනු. | + | [[අංගුත්තරනිකාය]] (සත්තක නිපාතය) බලනු. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) |
11:09, 14 මාර්තු 2025 වන විට නවතම සංශෝධනය
ආර්යයන් වදාළාවූ හෝ අගය කළාවූ හෝ ආර්යයන්ට අයත් වූ හෝ මහඟු ගුණ ආර්යධන නම් වේ. ආර්යයෝ නම් බුදු පසේබුදු මහරහත් යන නිකෙලෙස් උතුමෝය. ආර්යභාවය අපේක්ෂා කරන සෙසු බුද්ධශ්‍රාවකයන් විසින් ද මේ උතුම් ගුණ පුරුදු කළ යුතු වේ.
ආර්යධන සතෙකි. එනම් සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, චාග, පඤ්ඤා යන මේ සතයි. තුනුරුවන් කෙරෙහි ඇතිවන ප්‍රසාදය ශ්‍රද්ධාවයි. පස්පවින් වැළැක්ම සීලයයි. දුසිරිත් පිරීමට ඇතිවන ලැජ්ජාව හිරිය. දුසිරිත් පිරීමට ඇතිවන භය ඔත්තප්පය. බුද්ධධර්මය අසා දරාගැන්මෙන් වන බහුශ්‍රැතකම සුතයයි. මලමසුරුකමින් තොරව ත්‍යාගවන්ත වීම චාගයයි. දුක් නසන උතුම් නුවණින් යුක්ත වීම පඤ්ඤාවයි. තුනුරුවන් කෙරෙහි ගෞරවය, ප්‍රසාදය උපදවා ගෙන පවට ලජ්ජා භය ඇතිව ත්‍යාගවන්තව කෙලෙස් නසන නුවණ වඩන පුද්ගලයා ලෞකිකධනයෙන්, බාහිර සුවපහසුකම් අතින් දිළිඳු වුව ද මේ ධන අතින් පොහොසත් වන හෙයින් ආර්යධන ඇත්තෙක් වේ. මෙකී ආර්යධන යමකුට ඇත් නම් ඔහු දිළින්දකු නොවන බව ද ඔහුගේ ජීවිතය නොසිස් බව ද සාර්ථක බව ද බුද්ධ දේශනාවේ සඳහන් වේ. අංගුත්තරනිකාය (සත්තක නිපාතය) බලනු.
(සංස්කරණය: 1965)