"ඉන්දුමතී" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('විදර්භ දේශාධිපති භෝජරජුගේ නැඟණියයි. ඇය පිළිබ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
විදර්භ දේශාධිපති භෝජරජුගේ නැඟණියයි. ඇය පිළිබඳ කථා ප්‍රවෘත්තිය කාලිදාසගේ රඝුවංශයෙහි විස්තර වේ. යොවුන් විය පත් රූපශ්‍රීයෙන් හෙබි ඒ කුමරියට සුදුසු වල්ලභයකු වූ ඇය විසින් ම තෝරාගැනීම පිණිස ස්වයංවර මංගල්‍යයකට පැමිණෙන ලෙස අයැද භෝජරජ නානාදේශාධිපති රජවරුන්ට හසුන්පත් යැවීය. නියමිත දිනයෙහි ඕ තොමෝ මල්මාලාවක් ගෙල පැලඳවීමෙන් අජ කුමරු තම වල්ලභයා වශයෙන් තෝරා ගත්තාය. විවාහ මංගල්‍යයෙන් පසු අජ කුමරු තම ඇය කැටුව අයෝධ්‍යා පුරය බලා ගියේය. ඔවුන් දෙදෙනාගේ සහවාසයෙන් දශරථ කුමරුගේ උත්පත්තිය විය. හදිසියේ මිය ගිය ඉන්දුමතියගේ වියෝගයෙන් දුක්වන අජ කුමරුගේ විලාපය රඝුවංශයෙහි අනුවේදනීය ලෙස වර්ණිතය.
+
විදර්භ දේශාධිපති භෝජරජුගේ නැඟණියයි. ඇය පිළිබඳ කථා ප්‍රවෘත්තිය කාලිදාසගේ රඝුවංශයෙහි විස්තර වේ. යොවුන් විය පත් රූපශ්‍රීයෙන් හෙබි ඒ කුමරියට සුදුසු වල්ලභයකු ඇය විසින් ම තෝරාගැනීම පිණිස ස්වයංවර මංගල්‍යයකට පැමිණෙන ලෙස අයැද භෝජරජ නානාදේශාධිපති රජවරුන්ට හසුන්පත් යැවීය. නියමිත දිනයෙහි ඕ තොමෝ මල්මාලාවක් ගෙල පැලඳවීමෙන් අජ කුමරු තම වල්ලභයා වශයෙන් තෝරා ගත්තාය. විවාහ මංගල්‍යයෙන් පසු අජ කුමරා ඇය කැටුව අයෝධ්‍යා පුරය බලා ගියේය. ඔවුන් දෙදෙනාගේ සහවාසයෙන් දශරථ කුමරුගේ උත්පත්තිය විය. හදිසියේ මිය ගිය ඉන්දුමතියගේ වියෝගයෙන් දුක්වන අජ කුමරුගේ විලාපය රඝුවංශයෙහි අනුවේදනීය ලෙස වර්ණිතය.
  
 
(සංස්කරණය: 1970)
 
(සංස්කරණය: 1970)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: භාරතීය සාහිත්‍යය]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

12:29, 10 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය

විදර්භ දේශාධිපති භෝජරජුගේ නැඟණියයි. ඇය පිළිබඳ කථා ප්‍රවෘත්තිය කාලිදාසගේ රඝුවංශයෙහි විස්තර වේ. යොවුන් විය පත් රූපශ්‍රීයෙන් හෙබි ඒ කුමරියට සුදුසු වල්ලභයකු ඇය විසින් ම තෝරාගැනීම පිණිස ස්වයංවර මංගල්‍යයකට පැමිණෙන ලෙස අයැද භෝජරජ නානාදේශාධිපති රජවරුන්ට හසුන්පත් යැවීය. නියමිත දිනයෙහි ඕ තොමෝ මල්මාලාවක් ගෙල පැලඳවීමෙන් අජ කුමරු තම වල්ලභයා වශයෙන් තෝරා ගත්තාය. විවාහ මංගල්‍යයෙන් පසු අජ කුමරා ඇය කැටුව අයෝධ්‍යා පුරය බලා ගියේය. ඔවුන් දෙදෙනාගේ සහවාසයෙන් දශරථ කුමරුගේ උත්පත්තිය විය. හදිසියේ මිය ගිය ඉන්දුමතියගේ වියෝගයෙන් දුක්වන අජ කුමරුගේ විලාපය රඝුවංශයෙහි අනුවේදනීය ලෙස වර්ණිතය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉන්දුමතී&oldid=7846" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි