"ඉරානය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 15 පේළිය: | 15 පේළිය: | ||
'''සැග්රොස් කඳු''' | '''සැග්රොස් කඳු''' | ||
| + | |||
ආර්මීනියාවේ සිට බලුකිස්ථානය දක්වා ඉරානයේ වයඹදිග කෙළවර ඔස්සේ විහිදි සැග්රොස් කඳු භූ විද්‍යානුකූලව පැහැදිලි වන අයුරු යුරෝපය හා දකුණු ආසියා මහාද්වීපය හරහා විහිදි මහා නැමි කඳු පන්තියෙහි ම කොටසකි. කුර්දිස්ථානයේ සිට බන්ඩාර් අබ්බාස් දක්වා විහිදියා වූ මෙම සැග්රොස් කඳු මණ්ඩලය දිගින් සැතපුම් 800ක් පමණ වේ. කඳුවැටි කීහිපයකින් ම සැදි මෙහි සමහර තන්හි පළල සැතපුම් 120ක් පමණ වේ. අසම භූ චලනයන්ගේ හේතුවෙන් බිහි වූ හෝස්ට් කුට්ටි හා විභේද නිම්න බහුල වයඹදිග සැග්රොස් ප්‍රදේශයෙහි උර්මියා විල්ද්‍රෝණිය, බෝයි ද්‍රෝණිය, පහළ ඇරාස් ද්‍රෝණිය, කාරා සූ ද්‍රෝණිය ආදි ද්‍රෝණි කීපයක් ම ඇත. මෙම ද්‍රෝණිවල විල්හි ජලය ඉතා කිවුල්ය, ලුණු සහිතය. පටු නිම්න අතර හෝස්ට් කුට්ටි ද දැදුරු (fractures) ඔස්සේ මැග්මා මතු වූ තන්හි ඇති වූ යමහල් ශිඛර ද මෙහි තවත් විශේෂ ලක්ෂණයි. සවලාන් (14,000’), සහාන්ද් (12,000’) හා ඛාර සානා (15,100’) මෙම ශිඛරයන්ගෙන් තුනකි. | ආර්මීනියාවේ සිට බලුකිස්ථානය දක්වා ඉරානයේ වයඹදිග කෙළවර ඔස්සේ විහිදි සැග්රොස් කඳු භූ විද්‍යානුකූලව පැහැදිලි වන අයුරු යුරෝපය හා දකුණු ආසියා මහාද්වීපය හරහා විහිදි මහා නැමි කඳු පන්තියෙහි ම කොටසකි. කුර්දිස්ථානයේ සිට බන්ඩාර් අබ්බාස් දක්වා විහිදියා වූ මෙම සැග්රොස් කඳු මණ්ඩලය දිගින් සැතපුම් 800ක් පමණ වේ. කඳුවැටි කීහිපයකින් ම සැදි මෙහි සමහර තන්හි පළල සැතපුම් 120ක් පමණ වේ. අසම භූ චලනයන්ගේ හේතුවෙන් බිහි වූ හෝස්ට් කුට්ටි හා විභේද නිම්න බහුල වයඹදිග සැග්රොස් ප්‍රදේශයෙහි උර්මියා විල්ද්‍රෝණිය, බෝයි ද්‍රෝණිය, පහළ ඇරාස් ද්‍රෝණිය, කාරා සූ ද්‍රෝණිය ආදි ද්‍රෝණි කීපයක් ම ඇත. මෙම ද්‍රෝණිවල විල්හි ජලය ඉතා කිවුල්ය, ලුණු සහිතය. පටු නිම්න අතර හෝස්ට් කුට්ටි ද දැදුරු (fractures) ඔස්සේ මැග්මා මතු වූ තන්හි ඇති වූ යමහල් ශිඛර ද මෙහි තවත් විශේෂ ලක්ෂණයි. සවලාන් (14,000’), සහාන්ද් (12,000’) හා ඛාර සානා (15,100’) මෙම ශිඛරයන්ගෙන් තුනකි. | ||
| 20 පේළිය: | 21 පේළිය: | ||
'''උතුරුදිග උස්බිම්''' | '''උතුරුදිග උස්බිම්''' | ||
| + | |||
උතුරුදිග ඉරානයේ එල්බුර්ස් කඳු මණ්ඩලය ද හුරාසාන්හි කඳු ද අත්රෙක් ගංගා නිම්නය ද තාලිෂ් කඳු ද උතුරුදිග උස්බිම් වශයෙන් ගිණිය හැකි පෙදෙසෙහි ප්‍රධාන භූමි ලක්ෂණයෝ ය. ඉරානයේ කැස්පියන් වෙරළකරයට නුදුරුව විහිදි එල්බුර්ස් කඳු වැටියෙහි උතුරුදිග වැටිවල අඩි 10,000ක් පමණ උස් වූ ශිඛර ද ඇත. උතුරු දිග බෑවුම්හි කැස්පියන් වෙරළට ශීඝ්‍රව ඇදහැළෙන කඳුරු සහිත පටු නිම්න රාශියක් තිබේ. දකුණුදිග එල්බුර්ස් කඳුවැටිවල යමහල් කුළු බහුලය. උසින් අඩි 18,550ක් වූ ද මුදුන නිතර ම හිමෙන් වැසී පවතින්නා වූ ද දෙමාවෙන්ද් ඉන් ප්‍රධානය. ඉරානයේ ඉතා ම උස් ශිඛරය ද දෙමාවෙන්ද්ය. ඛුරාසාන් කඳු ප්‍රදේශයෙහි කෝපෙත්-දාහ් වැටිය (10,000’) කුහ්-ඉ-ආලේ හා කුහ්-ඉ-බිනාලුද් යන වැටිවලින් වෙන් කරන මහා නිම්නය ඔස්සේ බටහිර දෙසට අත්රෙක් හා නැගෙනහිර දෙසට කාෂෆ් යන ගංගා ගලා බසී. මර්ව් ප්‍රදේශයේ සිට කැස්පියන් වෙරළ දක්වා ගමන් මාර්ගයක් වශයෙන් මෙම නිම්නය ඈත අතීතයේ සිට ම වැදගත් විය. දළ වශයෙන් නැගෙනහිර-බටහිර දිශාභිමුඛ වූ එල්බුර්ස් කඳු මණ්ඩලයෙහි ගිරිතර සානු කීපයක් ම ඇත. | උතුරුදිග ඉරානයේ එල්බුර්ස් කඳු මණ්ඩලය ද හුරාසාන්හි කඳු ද අත්රෙක් ගංගා නිම්නය ද තාලිෂ් කඳු ද උතුරුදිග උස්බිම් වශයෙන් ගිණිය හැකි පෙදෙසෙහි ප්‍රධාන භූමි ලක්ෂණයෝ ය. ඉරානයේ කැස්පියන් වෙරළකරයට නුදුරුව විහිදි එල්බුර්ස් කඳු වැටියෙහි උතුරුදිග වැටිවල අඩි 10,000ක් පමණ උස් වූ ශිඛර ද ඇත. උතුරු දිග බෑවුම්හි කැස්පියන් වෙරළට ශීඝ්‍රව ඇදහැළෙන කඳුරු සහිත පටු නිම්න රාශියක් තිබේ. දකුණුදිග එල්බුර්ස් කඳුවැටිවල යමහල් කුළු බහුලය. උසින් අඩි 18,550ක් වූ ද මුදුන නිතර ම හිමෙන් වැසී පවතින්නා වූ ද දෙමාවෙන්ද් ඉන් ප්‍රධානය. ඉරානයේ ඉතා ම උස් ශිඛරය ද දෙමාවෙන්ද්ය. ඛුරාසාන් කඳු ප්‍රදේශයෙහි කෝපෙත්-දාහ් වැටිය (10,000’) කුහ්-ඉ-ආලේ හා කුහ්-ඉ-බිනාලුද් යන වැටිවලින් වෙන් කරන මහා නිම්නය ඔස්සේ බටහිර දෙසට අත්රෙක් හා නැගෙනහිර දෙසට කාෂෆ් යන ගංගා ගලා බසී. මර්ව් ප්‍රදේශයේ සිට කැස්පියන් වෙරළ දක්වා ගමන් මාර්ගයක් වශයෙන් මෙම නිම්නය ඈත අතීතයේ සිට ම වැදගත් විය. දළ වශයෙන් නැගෙනහිර-බටහිර දිශාභිමුඛ වූ එල්බුර්ස් කඳු මණ්ඩලයෙහි ගිරිතර සානු කීපයක් ම ඇත. | ||
'''කැස්පියන් තැනි''' | '''කැස්පියන් තැනි''' | ||
| + | |||
ඉරානයේ කැස්පියන් වෙරළබඩ ප්‍රදේශය ද තාලිෂ් හා එල්බුර්ස් කඳුවල උතුරුදිග පහත් බෑවුම් ද ගුර්ගාන් තැන්න ද සහිත වූ මෙම භූගෝලීය ප්‍රදේශය සැතපුම් 10-70 දක්වා පුළුල් වූවකි. මෙහි වෙරළකරයෙහි වැලි වැටිවලින් ආවරණය වූ කලපු හා කරදිය සහිත ගොහොරු ඇත. කැස්පියන් මුහුද ක්‍රමයෙන් සිඳී යන හෙයින් මෙම වෙරළබඩ තීරය වර්ෂයකට අඟල් 87ක් පමණ වැඩේල. මෙම වෙරළකරයෙන් දකුණුදිග එල්බුර්ස් ආදි කඳු කරා කෙමෙන් නැගෙන භූමිය මනා වූ ජලවහනය සහිත වූ ද වෘක්ෂලතාදිය සශ්‍රීකව වැඩෙන්නාවූ ද ප්‍රදේශයකි. | ඉරානයේ කැස්පියන් වෙරළබඩ ප්‍රදේශය ද තාලිෂ් හා එල්බුර්ස් කඳුවල උතුරුදිග පහත් බෑවුම් ද ගුර්ගාන් තැන්න ද සහිත වූ මෙම භූගෝලීය ප්‍රදේශය සැතපුම් 10-70 දක්වා පුළුල් වූවකි. මෙහි වෙරළකරයෙහි වැලි වැටිවලින් ආවරණය වූ කලපු හා කරදිය සහිත ගොහොරු ඇත. කැස්පියන් මුහුද ක්‍රමයෙන් සිඳී යන හෙයින් මෙම වෙරළබඩ තීරය වර්ෂයකට අඟල් 87ක් පමණ වැඩේල. මෙම වෙරළකරයෙන් දකුණුදිග එල්බුර්ස් ආදි කඳු කරා කෙමෙන් නැගෙන භූමිය මනා වූ ජලවහනය සහිත වූ ද වෘක්ෂලතාදිය සශ්‍රීකව වැඩෙන්නාවූ ද ප්‍රදේශයකි. | ||
'''නැගෙනහිරදිග උස්බිම්''' | '''නැගෙනහිරදිග උස්බිම්''' | ||
| + | |||
අග්නිදිග සැග්රොස් කඳු හා උතුරුදිග උස්බිම් අතර ප්‍රදේශය සාමාන්‍යයෙන් නැගෙනහිරදිග උස්බිම් වශයෙන් හැඳින්වේ. මෙහි භූමිනිර්මාණය විවිධය. පහත් ද්‍රෝණි හා නිම්න නිසා එකිනෙකින් වෙන් වූ රළු මුඩු සානු බිම් කීපයක් මෙහි ඇත. සෙයිස්ථාන් වළතැන්න ද මෙම පෙදෙසෙහි කොටසකි. හෙල්මාන්ද් ආදි ගංගා කීපයකින් පෝෂණය වන හමුන්-ඉ-හෙල්මාන්ද් විල ප්‍රමුඛ විල් කීපයක් ම මෙහි වේ. ඉරානයේ නැගෙනහිර දේශසීමාව අසල පෙදෙස් වැලිකඳු ආදි කාන්තාරීය භූමි ලක්ෂණයන්ගෙන් ද යුත් වේ. | අග්නිදිග සැග්රොස් කඳු හා උතුරුදිග උස්බිම් අතර ප්‍රදේශය සාමාන්‍යයෙන් නැගෙනහිරදිග උස්බිම් වශයෙන් හැඳින්වේ. මෙහි භූමිනිර්මාණය විවිධය. පහත් ද්‍රෝණි හා නිම්න නිසා එකිනෙකින් වෙන් වූ රළු මුඩු සානු බිම් කීපයක් මෙහි ඇත. සෙයිස්ථාන් වළතැන්න ද මෙම පෙදෙසෙහි කොටසකි. හෙල්මාන්ද් ආදි ගංගා කීපයකින් පෝෂණය වන හමුන්-ඉ-හෙල්මාන්ද් විල ප්‍රමුඛ විල් කීපයක් ම මෙහි වේ. ඉරානයේ නැගෙනහිර දේශසීමාව අසල පෙදෙස් වැලිකඳු ආදි කාන්තාරීය භූමි ලක්ෂණයන්ගෙන් ද යුත් වේ. | ||
'''මධ්‍යම සානුව''' | '''මධ්‍යම සානුව''' | ||
| + | |||
සැග්රෝස් කඳුවලින් ද නැගෙනහිර හා උතුරුදිග උස්බිම්වලින් ද වට වූ මධ්‍යම සානුව විශාලත්වයෙන් ඉරානයේ මුළු වර්ග ප්‍රමාණයෙන් අඩක් පමණ වූවකි. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට අඩි 5,000ක් පමණ වූ මෙම සානුවෙහි මීආනේහි සිට කර්මාන් දක්වාත් නිශාපූර්හි සිට බලුකිස්ථාන් දේශසීමාව දක්වාත් විහිදි ප්‍රධාන කඳුවැටි දෙකක් ඇත. මතුපිට වියළි ලුණු තට්ටුවකින් වැසී පවත්නා කුවීර් නම් වූ මඩගොහොරු මෙහි බොහෝ තන්හි තිබේ. මෙහි දේශගුණය වියළි නමුදු ජලය නොඅඩු වූ අවට කඳු පෙදෙස්වලින් යටිපසට දිය සීරාවක් රූරායාම නිසා මෙම ගොහොරු ඇති වී යැයි සලකනු ලැබේ. උඩට නෙරා ඇති තියුණු ලුණු කුට්ටි සහිත කැවීර් පෙදෙස බැලූ බැල්මට වුව ද අන්තරායදායකය. මධ්‍යම සානුවෙහි තද ගල් හා බොරලු සහිත රළු කාන්තාර පෙදෙස් දාෂ්ත් නමින් ද ජලය හා ගස්කොළන් රහිත තවත් පෙදෙස් ලූත් නමින් ද හැඳින්වේ. මේ අනුව ජනාවාස ඇතිවීමට හිතකර වූ සාධක දුලබ මුළු මධ්‍යම සානුව ම ජනශූන්‍ය ප්‍රදේශයකි. | සැග්රෝස් කඳුවලින් ද නැගෙනහිර හා උතුරුදිග උස්බිම්වලින් ද වට වූ මධ්‍යම සානුව විශාලත්වයෙන් ඉරානයේ මුළු වර්ග ප්‍රමාණයෙන් අඩක් පමණ වූවකි. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට අඩි 5,000ක් පමණ වූ මෙම සානුවෙහි මීආනේහි සිට කර්මාන් දක්වාත් නිශාපූර්හි සිට බලුකිස්ථාන් දේශසීමාව දක්වාත් විහිදි ප්‍රධාන කඳුවැටි දෙකක් ඇත. මතුපිට වියළි ලුණු තට්ටුවකින් වැසී පවත්නා කුවීර් නම් වූ මඩගොහොරු මෙහි බොහෝ තන්හි තිබේ. මෙහි දේශගුණය වියළි නමුදු ජලය නොඅඩු වූ අවට කඳු පෙදෙස්වලින් යටිපසට දිය සීරාවක් රූරායාම නිසා මෙම ගොහොරු ඇති වී යැයි සලකනු ලැබේ. උඩට නෙරා ඇති තියුණු ලුණු කුට්ටි සහිත කැවීර් පෙදෙස බැලූ බැල්මට වුව ද අන්තරායදායකය. මධ්‍යම සානුවෙහි තද ගල් හා බොරලු සහිත රළු කාන්තාර පෙදෙස් දාෂ්ත් නමින් ද ජලය හා ගස්කොළන් රහිත තවත් පෙදෙස් ලූත් නමින් ද හැඳින්වේ. මේ අනුව ජනාවාස ඇතිවීමට හිතකර වූ සාධක දුලබ මුළු මධ්‍යම සානුව ම ජනශූන්‍ය ප්‍රදේශයකි. | ||
| 38 පේළිය: | 43 පේළිය: | ||
== සත්ව ජීවිතය == | == සත්ව ජීවිතය == | ||
| − | සත්ව විද්‍යානුකූලව ආසියා මහාද්වීපය පේලියාක්ටික් ප්‍රදේශය හා පෙරදිග ප්‍රදේශය යයි (ආසියාව බ.) කොටස් දෙකකට බෙදේ. ඉරානයෙහි සත්ව ජීවිතය අනුව එය මෙම ප්‍රදේශද්වය අතර වූ අන්තර් ප්‍රදේශයක් වශයෙන් ගිණිය හැකිය. ඉරානයේ ස්වාභාවික සත්ව ජීවිතය පිළිබඳව පවත්වා ඇති ක්‍රමානුකූල සමීක්ෂණ ස්වල්පය. සාමාන්‍ය වශයෙන් පැහැදිලි වන අන්දමට කලකට පෙර මෙහි සිංහයන් බහුල වූ නමුදු දැනට එම සත්තු ඉතා විරලය. ඉරානයේ ජාතික ලාඤ්ඡනය සිංහයායි. මාසන්දෙරාන්හි කොටි ද කර්මාන්හි හා අස්තෙරාබාද්හි දිවියෝ ද සිටිත්. එල්බුර්ස් කඳුකරයෙහි දුඹුරු වලස්සු, සිවල්ලු, බැජර්, ඉත්තෑවෝ, වල් ඌරන් හා වර්ග කීපයක මුවෝ ද බහුලව වෙසෙත්. පර්සියානු මුවන් වැඩි වශයෙන් දක්නට ලැබෙනුයේ කුසිස්ථාන් පෙදෙස්හිය. විශේෂයෙන් ම ලුරිස්ථාන් කඳුබිම්හි වෙසෙන බැටළු වර්ග කීපයක් ද වෙත්. කාන්තාරවලට නුදුරු පෙදෙස්හි වල් බූරුවෝ දක්නට ලැබෙත්. දියබලු, උගුඩු, ලේන්, මී ආදි සත්තු ඉරානයේ බොහෝ පෙදෙස්හි වෙසෙත්. ඉරානයේ ම වෙසෙන පක්ෂීන් හැර කලින් කල එහි යන එන පක්ෂීහු ද බොහෝ වෙත්. බකමූණු, උකුසු, ගිජුලිහිණි ආදි පක්ෂීහු මෙහි බහුලය. කැස්පියන් මුහුදුබඩ පෙදෙස්හි මුහුදුරාජාලි වර්ගයක් ද එල්බුර්ස් කඳු පෙදෙස්හි වෙනත් රාජාලි වර්ගයක් ද සිටින නමුත් ඉරානයේ සෙසු පෙදෙස්හි රාජාලීහු දුලබය. සීස්ථානයේ හා කැස්පියන් වෙරළබඩ පෙදෙස්හි හංසයෝ ද පාත්තයෝ ද වෙත්. ශීත ඍතුවේ දී ඉරානයට සංක්‍රමණය වන පක්ෂීන් අතුරෙහි නොයෙකුත් වර්ගවල තාරාවෝ වෙත්. නිරිතදිග ඉරානයේ විශේෂයෙන් ම පර්සියන් බොක්ක අද්දර පෙදෙස්හි පෙලිකන් ආදි කොක්කු බොහෝ වෙත්. එල්බුර්ස් කඳුකරයෙහි ගංගාවල ට්‍රෞට්, චබ් හා බාබෙල් ආදි මත්ස්‍යයෝ ද ඉරානයේ දකුණු දෙසට ගලන ගංගාවන්හි කාප් මත්ස්‍යයෝ ද කැස්පියන් මුහුදට ගලන ගංගාවන්හි මෝයවලට නුදුරෙන් ස්ට’ජන් හා සැමන් මත්ස්‍යයෝ ද බහුල වෙත්. විෂ සහිත පොළොං ආදි සර්ප වර්ග කීපයක් ම ඉරානයේ ඇත. මෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙන සර්ප විශේෂය කොලුබර්ය. මේ හැර නොයෙකුත් වර්ගයේ සිකනල්, මැඩි, ඉබි ආදි සත්තු ද ඔවුනට හිතකර වූ වටාපිටාවන්හි සිටිත්. | + | සත්ව විද්‍යානුකූලව ආසියා මහාද්වීපය පේලියාක්ටික් ප්‍රදේශය හා පෙරදිග ප්‍රදේශය යයි ([[ආසියාව]] බ.) කොටස් දෙකකට බෙදේ. ඉරානයෙහි සත්ව ජීවිතය අනුව එය මෙම ප්‍රදේශද්වය අතර වූ අන්තර් ප්‍රදේශයක් වශයෙන් ගිණිය හැකිය. ඉරානයේ ස්වාභාවික සත්ව ජීවිතය පිළිබඳව පවත්වා ඇති ක්‍රමානුකූල සමීක්ෂණ ස්වල්පය. සාමාන්‍ය වශයෙන් පැහැදිලි වන අන්දමට කලකට පෙර මෙහි සිංහයන් බහුල වූ නමුදු දැනට එම සත්තු ඉතා විරලය. ඉරානයේ ජාතික ලාඤ්ඡනය සිංහයායි. මාසන්දෙරාන්හි කොටි ද කර්මාන්හි හා අස්තෙරාබාද්හි දිවියෝ ද සිටිත්. එල්බුර්ස් කඳුකරයෙහි දුඹුරු වලස්සු, සිවල්ලු, බැජර්, ඉත්තෑවෝ, වල් ඌරන් හා වර්ග කීපයක මුවෝ ද බහුලව වෙසෙත්. පර්සියානු මුවන් වැඩි වශයෙන් දක්නට ලැබෙනුයේ කුසිස්ථාන් පෙදෙස්හිය. විශේෂයෙන් ම ලුරිස්ථාන් කඳුබිම්හි වෙසෙන බැටළු වර්ග කීපයක් ද වෙත්. කාන්තාරවලට නුදුරු පෙදෙස්හි වල් බූරුවෝ දක්නට ලැබෙත්. දියබලු, උගුඩු, ලේන්, මී ආදි සත්තු ඉරානයේ බොහෝ පෙදෙස්හි වෙසෙත්. ඉරානයේ ම වෙසෙන පක්ෂීන් හැර කලින් කල එහි යන එන පක්ෂීහු ද බොහෝ වෙත්. බකමූණු, උකුසු, ගිජුලිහිණි ආදි පක්ෂීහු මෙහි බහුලය. කැස්පියන් මුහුදුබඩ පෙදෙස්හි මුහුදුරාජාලි වර්ගයක් ද එල්බුර්ස් කඳු පෙදෙස්හි වෙනත් රාජාලි වර්ගයක් ද සිටින නමුත් ඉරානයේ සෙසු පෙදෙස්හි රාජාලීහු දුලබය. සීස්ථානයේ හා කැස්පියන් වෙරළබඩ පෙදෙස්හි හංසයෝ ද පාත්තයෝ ද වෙත්. ශීත ඍතුවේ දී ඉරානයට සංක්‍රමණය වන පක්ෂීන් අතුරෙහි නොයෙකුත් වර්ගවල තාරාවෝ වෙත්. නිරිතදිග ඉරානයේ විශේෂයෙන් ම පර්සියන් බොක්ක අද්දර පෙදෙස්හි පෙලිකන් ආදි කොක්කු බොහෝ වෙත්. එල්බුර්ස් කඳුකරයෙහි ගංගාවල ට්‍රෞට්, චබ් හා බාබෙල් ආදි මත්ස්‍යයෝ ද ඉරානයේ දකුණු දෙසට ගලන ගංගාවන්හි කාප් මත්ස්‍යයෝ ද කැස්පියන් මුහුදට ගලන ගංගාවන්හි මෝයවලට නුදුරෙන් ස්ට’ජන් හා සැමන් මත්ස්‍යයෝ ද බහුල වෙත්. විෂ සහිත පොළොං ආදි සර්ප වර්ග කීපයක් ම ඉරානයේ ඇත. මෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙන සර්ප විශේෂය කොලුබර්ය. මේ හැර නොයෙකුත් වර්ගයේ සිකනල්, මැඩි, ඉබි ආදි සත්තු ද ඔවුනට හිතකර වූ වටාපිටාවන්හි සිටිත්. |
== ආණ්ඩුක්‍රමය == | == ආණ්ඩුක්‍රමය == | ||
| 99 පේළිය: | 104 පේළිය: | ||
== ඛනිජ හා ආකර කර්මාන්තය == | == ඛනිජ හා ආකර කර්මාන්තය == | ||
| − | ඉරානයේ ඛනිජ ධනය විශාල වුව ද ආකර කර්මාන්තයේ දියුණුව මඳය. ප්‍රවාහණ පහසුකම් දුලබ වීම මීට ප්‍රධාන හේතුවක් වී ඇත. නවීන ක්‍රමානුකූලව කැණගනු ලබනුයේ ඛනිජතෙල් පමණි. 1896 දී ශා රජතුමාගෙන් බලය ලත් පර්සියානු ජාතිකයකු විසින් ඉරානයේ ඛනිජතෙල් කැණීම ප්‍රථම වරට අරඹනු ලැබීය. මෙම අයිතිය 1916 පමණේ දී ජෝර්ජියානු ජාතික කෝස්මාරියා නමැත්තකු සතු කරගත්තේල. මේ අතරතුර 1901 දී ව.සැ. 480,000ක පමණ පෙදෙසක ඛනිජතෙල් කැණගැන්මේ වරප්‍රසාදයක් ලබාගත් විලියම් ඩාසි නමැත්තෙක් පසු කාලයේ දී එය ඇංග්ලෝ අයිරේනියානු ඛනිජතෙල් සමාගමට (A. L. 0. C.) පැවරීය. 1932 දී මෙම ගිවිසුම අවළංගු කර ව.සැ. 100,000ක් විශාල වූ ප්‍රදේශයක පමණක් ඛනිජතෙල් කැණීමේ බලය එම සමාගමට පවරනු ලැබීය. මෙම ගිවිසුම ද 1961 දී අවළංගු කර ඉරානයේ ඛනිජතෙල් කර්මාන්තය ජනසතු කරනු ලැබීය. මේ වන විට මෙම සමාගම සතු වූ විශාල ඛනිජතෙල් ශෝධනාගාරයක් ද ඉරානයේ තිබිණ. ජනසතු කිරීමට පෙරාතුව සමාගම සතුව තිබුණු ඛනිජතෙල් නිෂ්පාදනය කෙබඳු වී දැයි පහත දැක්වෙන සංඛ්‍යාලේඛනයෙන් පැහැදිලි වේ: | + | ඉරානයේ ඛනිජ ධනය විශාල වුව ද ආකර කර්මාන්තයේ දියුණුව මඳය. ප්‍රවාහණ පහසුකම් දුලබ වීම මීට ප්‍රධාන හේතුවක් වී ඇත. නවීන ක්‍රමානුකූලව කැණගනු ලබනුයේ ඛනිජතෙල් පමණි. 1896 දී ශා රජතුමාගෙන් බලය ලත් පර්සියානු ජාතිකයකු විසින් ඉරානයේ ඛනිජතෙල් කැණීම ප්‍රථම වරට අරඹනු ලැබීය. මෙම අයිතිය 1916 පමණේ දී ජෝර්ජියානු ජාතික කෝස්මාරියා නමැත්තකු සතු කරගත්තේල. මේ අතරතුර 1901 දී ව.සැ. 480,000ක පමණ පෙදෙසක ඛනිජතෙල් කැණගැන්මේ වරප්‍රසාදයක් ලබාගත් විලියම් ඩාසි නමැත්තෙක් පසු කාලයේ දී එය ඇංග්ලෝ අයිරේනියානු ඛනිජතෙල් සමාගමට (A.L.0.C.) පැවරීය. 1932 දී මෙම ගිවිසුම අවළංගු කර ව.සැ. 100,000ක් විශාල වූ ප්‍රදේශයක පමණක් ඛනිජතෙල් කැණීමේ බලය එම සමාගමට පවරනු ලැබීය. මෙම ගිවිසුම ද 1961 දී අවළංගු කර ඉරානයේ ඛනිජතෙල් කර්මාන්තය ජනසතු කරනු ලැබීය. මේ වන විට මෙම සමාගම සතු වූ විශාල ඛනිජතෙල් ශෝධනාගාරයක් ද ඉරානයේ තිබිණ. ජනසතු කිරීමට පෙරාතුව සමාගම සතුව තිබුණු ඛනිජතෙල් නිෂ්පාදනය කෙබඳු වී දැයි පහත දැක්වෙන සංඛ්‍යාලේඛනයෙන් පැහැදිලි වේ: |
'''වර්ෂය-ඉපයු ඛනිජ තෙල් ප්‍රමාණය (දිග ටොන්)''' | '''වර්ෂය-ඉපයු ඛනිජ තෙල් ප්‍රමාණය (දිග ටොන්)''' | ||
| 109 පේළිය: | 114 පේළිය: | ||
1950-3,175,147 | 1950-3,175,147 | ||
| − | 1951 (ජන. - ඔක්.)-16,176,000 | + | 1951 (ජන.-ඔක්.)-16,176,000 |
ජනසතු කිරීමට අනතුරුව ඇති වූ අරගළ නිසා ඛනිජතෙල් නිෂ්පාදන හා නිර්යාත ප්‍රමාණ බොහෝසෙයින් අඩු විය. කෙසේ නමුදු 1954 දී එක් අතකින් ඉරාන රජය හා ජාතික ඉරාන ඛනිජතෙල් සංගමයත් අනෙක් අතින් ජාත්‍යන්තර ඛනිජතෙල් සමාගම් අටකුත් එක්ව අත්සන් තැබූ ගිවිසුමක් අනුව ඉරාන ඛනිජතෙල් කර්මාන්තය නව පණක් ලැබීය. 1964 දී ඉරානයේ නිපදවූ තෙල් ප්‍රමාණය මෙ.ටො. 75,000,000ක් විය. 1961 වන තුරු කැණගත් ඛනිජතෙල් බිම් ප්‍රධාන වශයෙන් නිරිතදිග ඉරානයේ සැග්රොස් පාවුල් කඳු ප්‍රදේශයට සීමා වී තිබිණ. 1961න් පසු පර්සියන් බොක්කෙහි ද තෙහෙරාන් පළාතේ කුම් නගරයට සමීපව ද ඛනිජතෙල් කැණීම අරඹනු ලැබීය. | ජනසතු කිරීමට අනතුරුව ඇති වූ අරගළ නිසා ඛනිජතෙල් නිෂ්පාදන හා නිර්යාත ප්‍රමාණ බොහෝසෙයින් අඩු විය. කෙසේ නමුදු 1954 දී එක් අතකින් ඉරාන රජය හා ජාතික ඉරාන ඛනිජතෙල් සංගමයත් අනෙක් අතින් ජාත්‍යන්තර ඛනිජතෙල් සමාගම් අටකුත් එක්ව අත්සන් තැබූ ගිවිසුමක් අනුව ඉරාන ඛනිජතෙල් කර්මාන්තය නව පණක් ලැබීය. 1964 දී ඉරානයේ නිපදවූ තෙල් ප්‍රමාණය මෙ.ටො. 75,000,000ක් විය. 1961 වන තුරු කැණගත් ඛනිජතෙල් බිම් ප්‍රධාන වශයෙන් නිරිතදිග ඉරානයේ සැග්රොස් පාවුල් කඳු ප්‍රදේශයට සීමා වී තිබිණ. 1961න් පසු පර්සියන් බොක්කෙහි ද තෙහෙරාන් පළාතේ කුම් නගරයට සමීපව ද ඛනිජතෙල් කැණීම අරඹනු ලැබීය. | ||
| 176 පේළිය: | 181 පේළිය: | ||
'''ප්‍රාග්-ඇකිමේනියානු හා ඇකිමේනියානු යුග''' | '''ප්‍රාග්-ඇකිමේනියානු හා ඇකිමේනියානු යුග''' | ||
| − | ක්‍රි.පූ. 3 වන හා 2 වන සහස්‍රකවල දී ඉරානයේ දේශපාලන හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය වූයේ නිරිතදිග ප්‍රදේශයයි. නිරිතදිග ඉරානයේ පැවැති ඊලාම් (බ.) රාජ්‍යය බටහිර ආසියා ඉතිහාසයේ ප්‍රධාන තැනක් ගත් එකකි. මෙම රාජ්‍යය ක්‍රි.පූ. 640 දී ඇසිරියානු අසුර්බනිපාල් එරට ආක්‍රමණය කරන තෙක් පැවැතියේය (ඇසිරියාව බ.). | + | |
| + | ක්‍රි.පූ. 3 වන හා 2 වන සහස්‍රකවල දී ඉරානයේ දේශපාලන හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය වූයේ නිරිතදිග ප්‍රදේශයයි. නිරිතදිග ඉරානයේ පැවැති [[ඊලාම්]] (බ.) රාජ්‍යය බටහිර ආසියා ඉතිහාසයේ ප්‍රධාන තැනක් ගත් එකකි. මෙම රාජ්‍යය ක්‍රි.පූ. 640 දී ඇසිරියානු අසුර්බනිපාල් එරට ආක්‍රමණය කරන තෙක් පැවැතියේය ([[ඇසිරියාව]] බ.). | ||
පළමුවන සහස්‍රකයේ මුල්භාගය මානව ඉතිහාසයේ සන්ධිස්ථානයකි. මෙම යුගයේ බලවිවර්ධනය සඳහා සටන් ඇති වූයේ මනුෂ්‍ය වාසයට බෙහෙවින් හිතකර යුප්‍රටීස්-ටයිග්‍රිස් ගංගා නිම්නවල නොව ඊට උතුරින් පිහිටි කඳුකර ප්‍රදේශයේයි. ආධිපත්‍යය සඳහා සටන් ඇති වූයේ සෙමිටික් ඇසිරියන්වරුන්, උරාර්තු රාජ්‍යය හා ඉරාන ජාතිකයන් අතරේයි. අවසානයේ දී ජයග්‍රහණය කොළෝ ඉරාන ජාතිකයෝය. ඔවුනට ලෝකයේ ඉපැරණි ශ්‍රෙෂ්ඨ අධිරාජ්‍යයක් ගොඩනැඟීමට හැකි විය. ඉරාන ජාතිකයෝ ඉන්දු-ඉරාන පවුලෙන් බටහිරට කැඩීගිය කොටසට අයත් වෙති. මෙම ආර්‍ය්‍ය සංක්‍රමණය ආරම්භ වූයේ ක්‍රි.පූ. 1200 පමණේ දීය. ඉරාන කඳුකරයට සංක්‍රමණය වූ ආර්යයන්ට ඇසිරියා, ඊලාම් වැනි රාජ්‍ය නිසා තව දුරටත් බටහිරට සංක්‍රමණය වීම අපහසු විය. මෙම හේතුවෙන් ඔවුහු ක්‍රි.පූ. 900 පමණේ දී ඉරාන තැනිතලාවේ ජනපද පිහිටුවා ගත්හ. | පළමුවන සහස්‍රකයේ මුල්භාගය මානව ඉතිහාසයේ සන්ධිස්ථානයකි. මෙම යුගයේ බලවිවර්ධනය සඳහා සටන් ඇති වූයේ මනුෂ්‍ය වාසයට බෙහෙවින් හිතකර යුප්‍රටීස්-ටයිග්‍රිස් ගංගා නිම්නවල නොව ඊට උතුරින් පිහිටි කඳුකර ප්‍රදේශයේයි. ආධිපත්‍යය සඳහා සටන් ඇති වූයේ සෙමිටික් ඇසිරියන්වරුන්, උරාර්තු රාජ්‍යය හා ඉරාන ජාතිකයන් අතරේයි. අවසානයේ දී ජයග්‍රහණය කොළෝ ඉරාන ජාතිකයෝය. ඔවුනට ලෝකයේ ඉපැරණි ශ්‍රෙෂ්ඨ අධිරාජ්‍යයක් ගොඩනැඟීමට හැකි විය. ඉරාන ජාතිකයෝ ඉන්දු-ඉරාන පවුලෙන් බටහිරට කැඩීගිය කොටසට අයත් වෙති. මෙම ආර්‍ය්‍ය සංක්‍රමණය ආරම්භ වූයේ ක්‍රි.පූ. 1200 පමණේ දීය. ඉරාන කඳුකරයට සංක්‍රමණය වූ ආර්යයන්ට ඇසිරියා, ඊලාම් වැනි රාජ්‍ය නිසා තව දුරටත් බටහිරට සංක්‍රමණය වීම අපහසු විය. මෙම හේතුවෙන් ඔවුහු ක්‍රි.පූ. 900 පමණේ දී ඉරාන තැනිතලාවේ ජනපද පිහිටුවා ගත්හ. | ||
| − | ඉරාන ජාතිකයෝ ඉරානයේ නොයෙක් පෙදෙස්වල රාජ්‍යයන් පිහිටුවූහ. බටහිර ඉරානයේ බිහි වූ මීඩියා රාජ්‍යයට ඇසිරියාව සමඟ නිතර ගැටෙන්නට සිදු විය. මීඩියන් රාජ්‍යයේ අගනුවර වූයේ ඒක්බතානා නුවරයි. මීඩියාවේ බලවත් රජකු වූ සයක්සරීස් (ක්‍රි.පූ. 625-585) ඇසිරියාවේ බලය සම්පුර්ණයෙන් ම විනාශ කොට තම බලය සුළු ආසියාව දක්වා ව්‍යාප්ත කෙළේය. ෆාර්ස් ප්‍රදේශයේ වූ රාජ්‍යය ඇකිමේනියානු රාජ්‍යය නමින් හැඳින්විණි. ක්‍රි.පූ. 532 දී ඇකිමේනියානු සයිරස් රජ ඇකිමේනියාව මීඩියන් රාජ්‍යයේ ආධිපත්‍ය බියන් මුදාගත්තේය. මීඩියාව ද තවත් නොයෙක් දේශ ද වසා පැතිරී ගිය ඇකිමේනියානු අධිරාජ්‍යය ප්‍රහි වූයේ මෙයින් පසුවයි. එම අධිරාජ්‍යය ක්‍රි.පූ. 330 දී මහා ඇලෙන්සැන්ඩර් රජු එරට ආක්‍රමණය කරන තෙක් පැවැතියේය (ඇකිමේනියානු අධිරාජ්‍යය ඛ.). | + | ඉරාන ජාතිකයෝ ඉරානයේ නොයෙක් පෙදෙස්වල රාජ්‍යයන් පිහිටුවූහ. බටහිර ඉරානයේ බිහි වූ මීඩියා රාජ්‍යයට ඇසිරියාව සමඟ නිතර ගැටෙන්නට සිදු විය. මීඩියන් රාජ්‍යයේ අගනුවර වූයේ ඒක්බතානා නුවරයි. මීඩියාවේ බලවත් රජකු වූ සයක්සරීස් (ක්‍රි.පූ. 625-585) ඇසිරියාවේ බලය සම්පුර්ණයෙන් ම විනාශ කොට තම බලය සුළු ආසියාව දක්වා ව්‍යාප්ත කෙළේය. ෆාර්ස් ප්‍රදේශයේ වූ රාජ්‍යය ඇකිමේනියානු රාජ්‍යය නමින් හැඳින්විණි. ක්‍රි.පූ. 532 දී ඇකිමේනියානු සයිරස් රජ ඇකිමේනියාව මීඩියන් රාජ්‍යයේ ආධිපත්‍ය බියන් මුදාගත්තේය. මීඩියාව ද තවත් නොයෙක් දේශ ද වසා පැතිරී ගිය ඇකිමේනියානු අධිරාජ්‍යය ප්‍රහි වූයේ මෙයින් පසුවයි. එම අධිරාජ්‍යය ක්‍රි.පූ. 330 දී මහා ඇලෙන්සැන්ඩර් රජු එරට ආක්‍රමණය කරන තෙක් පැවැතියේය ([[ඇකිමේනියානු අධිරාජ්‍යය]] ඛ.). |
'''යාවනික යුගය''' | '''යාවනික යුගය''' | ||
| − | ඇලෙක්සැන්ඩර්ගේ අකාල මරණයෙන් පසුව ඔහු ගොඩනැඟු විශාල අධිරාජ්‍යය ඔහුගේ සෙන්පතියන් අතරේ බෙදාගන්නා ලදි. මේ අනුව ඉරානය ඇතුළු ආසියාතික පෙදෙස් අයත් වූයේ සෙලූකස් නිකේටර්ටය. ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතියන් අතරින් ඉරානය සමඟ ළඟින් සම්බන්ධකම් පවත්වන ලද්දේ නිකේටර් විසින් පමණි. ඔහු විවාහ වී සිටියේ පර්සියානු කුමරියක සමඟය. සෙලූසිඩ් ආධිරාජ්‍යයේ ප්‍රථම අගනුවර වූයේ ටයිග්‍රිස් නදිය අසල පිහිටි සෙලූෂියා නුවරයි. එහෙත් සිරියාවේ ඇන්ටියොක් (බ) නගරය සෙලූසිඩ් පාලනය දුර්වල විය. සෙලූසිඩ් අධිරාජ්‍යයේ දුර්වලත්වය ප්‍රාදේශීය රාජ්‍යයන්ගේ නැඟීමට අනුබලයක් විය. | + | |
| + | ඇලෙක්සැන්ඩර්ගේ අකාල මරණයෙන් පසුව ඔහු ගොඩනැඟු විශාල අධිරාජ්‍යය ඔහුගේ සෙන්පතියන් අතරේ බෙදාගන්නා ලදි. මේ අනුව ඉරානය ඇතුළු ආසියාතික පෙදෙස් අයත් වූයේ සෙලූකස් නිකේටර්ටය. ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතියන් අතරින් ඉරානය සමඟ ළඟින් සම්බන්ධකම් පවත්වන ලද්දේ නිකේටර් විසින් පමණි. ඔහු විවාහ වී සිටියේ පර්සියානු කුමරියක සමඟය. සෙලූසිඩ් ආධිරාජ්‍යයේ ප්‍රථම අගනුවර වූයේ ටයිග්‍රිස් නදිය අසල පිහිටි සෙලූෂියා නුවරයි. එහෙත් සිරියාවේ [[ඇන්ටියොක්]] (බ) නගරය සෙලූසිඩ් පාලනය දුර්වල විය. සෙලූසිඩ් අධිරාජ්‍යයේ දුර්වලත්වය ප්‍රාදේශීය රාජ්‍යයන්ගේ නැඟීමට අනුබලයක් විය. | ||
මෙසේ බිහි වුණු රාජ්‍ය අතරින් වැදගත් තැනක් ගන්නේ ආර්සසිඩ් රාජ්‍යයයි. මෙම රාජ්‍යය ගොඩනඟන ලද්දේ පාර්තියන්වරුන් විසිනි. පාර්තියාව නියම අධිරාජ්‍යයක් බවට පත්වූයේ පළමුවන මිත්‍රඩේටිස් (ක්‍රි.පූ. 171-138) සමයේ දීය. මේ සමයේ දී පාර්තියා අධිරාජ්‍යයට මීඩියා, ඊලාම්, පර්සිස්, බැබිලෝනියා, ඇසිරියා, සූසා යන ප්‍රදේශත් නැගෙනහිරින් බැක්ට්‍රියාවත් අයත් විය. පාර්තියන්වරුන්ගේ ආධිපත්‍යය ඉරානවාසීන් ඉවසුවේ බලවත් අප්‍රසාදයෙනි. පාර්තියන්වරුන් ම්ලේච්ඡ කොටසක් ලෙස ඔවුහු සැලකූහ. එමෙන් ම පාර්තියන්වරුන් යටතේ ඉරාන පෙදෙස්වල දේශපාලනය අතින් හෝ ආර්ථික අංශයෙන් දියුණුවක් නොවීය. | මෙසේ බිහි වුණු රාජ්‍ය අතරින් වැදගත් තැනක් ගන්නේ ආර්සසිඩ් රාජ්‍යයයි. මෙම රාජ්‍යය ගොඩනඟන ලද්දේ පාර්තියන්වරුන් විසිනි. පාර්තියාව නියම අධිරාජ්‍යයක් බවට පත්වූයේ පළමුවන මිත්‍රඩේටිස් (ක්‍රි.පූ. 171-138) සමයේ දීය. මේ සමයේ දී පාර්තියා අධිරාජ්‍යයට මීඩියා, ඊලාම්, පර්සිස්, බැබිලෝනියා, ඇසිරියා, සූසා යන ප්‍රදේශත් නැගෙනහිරින් බැක්ට්‍රියාවත් අයත් විය. පාර්තියන්වරුන්ගේ ආධිපත්‍යය ඉරානවාසීන් ඉවසුවේ බලවත් අප්‍රසාදයෙනි. පාර්තියන්වරුන් ම්ලේච්ඡ කොටසක් ලෙස ඔවුහු සැලකූහ. එමෙන් ම පාර්තියන්වරුන් යටතේ ඉරාන පෙදෙස්වල දේශපාලනය අතින් හෝ ආර්ථික අංශයෙන් දියුණුවක් නොවීය. | ||
| 206 පේළිය: | 213 පේළිය: | ||
'''තුර්කි ආක්‍රමණය''' | '''තුර්කි ආක්‍රමණය''' | ||
| − | 10 වැනි සියවස ආරම්භයේ දී ඝාස්නි ප්‍රදේශයේ තුර්කි රාජවංශයක් බිහි විය. සාමානිය රාජ්‍යයෙන් බිඳීගිය වහල් සෙන්පතින් විසින් මෙය ගොඩනඟන ලදි. මෙම රාජවංශයේ වැදගත් ම පාලකයා වූයේ ඝාස්නිහි මහමුද්ය (998-1038). කෙර්මාන් සහ ෆාර්ස් යන ප්‍රදේශ හැරෙන්නට ඉරානයේ අනෙක් සියලු ම ප්‍රදේශ ඔහු යටතට පත් විය. ඔහුගේ ඉන්දියානු ආක්‍රමණ මෙයට වඩා වැදගත් විය. ආක්‍රමණවලින් ලබාගත් වස්තුවලින් මහමුද් ඝාස්නි නගරය අලංකාර කෙළේය. එමෙන් ම ඔහු තමාගේ රජවාසල කීර්තියට පත් කරනු වස් කිවියන්ට හා පඬිවරුන්ට අනුග්‍රහය දැක්විය. අල්-බිරූනි නම් ඉතිහාසඥයා විසුවේ ද එකලය (ඇෆ්ඝනිස්ථානය බ.). ඝාස්නිහි රජවරුන් ඉන්දියාව කෙරෙහි නෙත් සිත් යොමු කළ හෙයින් ඉරානයේ ඔවුන්ගේ පාලනය පැවතියේ සුළු කලකි. එම නිසා ඉරාන ඉතිහාසය කෙරෙහි ඔවුන්ගේ බලපෑම එතරම් වැදගත් නොවිය. ඒ සමඟ ම සෙල්ජුක් තුර්කිවරු ඉරානය අල්ලාගත්හ. | + | |
| + | 10 වැනි සියවස ආරම්භයේ දී ඝාස්නි ප්‍රදේශයේ තුර්කි රාජවංශයක් බිහි විය. සාමානිය රාජ්‍යයෙන් බිඳීගිය වහල් සෙන්පතින් විසින් මෙය ගොඩනඟන ලදි. මෙම රාජවංශයේ වැදගත් ම පාලකයා වූයේ ඝාස්නිහි මහමුද්ය (998-1038). කෙර්මාන් සහ ෆාර්ස් යන ප්‍රදේශ හැරෙන්නට ඉරානයේ අනෙක් සියලු ම ප්‍රදේශ ඔහු යටතට පත් විය. ඔහුගේ ඉන්දියානු ආක්‍රමණ මෙයට වඩා වැදගත් විය. ආක්‍රමණවලින් ලබාගත් වස්තුවලින් මහමුද් ඝාස්නි නගරය අලංකාර කෙළේය. එමෙන් ම ඔහු තමාගේ රජවාසල කීර්තියට පත් කරනු වස් කිවියන්ට හා පඬිවරුන්ට අනුග්‍රහය දැක්විය. අල්-බිරූනි නම් ඉතිහාසඥයා විසුවේ ද එකලය ([[ඇෆ්ඝනිස්ථානය]] බ.). ඝාස්නිහි රජවරුන් ඉන්දියාව කෙරෙහි නෙත් සිත් යොමු කළ හෙයින් ඉරානයේ ඔවුන්ගේ පාලනය පැවතියේ සුළු කලකි. එම නිසා ඉරාන ඉතිහාසය කෙරෙහි ඔවුන්ගේ බලපෑම එතරම් වැදගත් නොවිය. ඒ සමඟ ම සෙල්ජුක් තුර්කිවරු ඉරානය අල්ලාගත්හ. | ||
සෙල්ජුක් තුර්කිවරුන් තම බලය ව්‍යාප්ත කිරීමට පටන් ගත්තේ ජක්සාටේස් ප්‍රදේශයේ සිටයි. 1040 දී ඔවුන්ගේ නායක තුග්රිල් බෙග් ඝාස්නි රජ පරදවා ඛුරාසාන් ප්‍රදේශය අල්ලාගත්තේය. එයින් පසු සෙල්ජුක් තුර්කිවරු ක්‍රමයෙන් බටහිරට ව්‍යාප්ත වූහ. 1055 දී බැග්ඩෑඩය බලා ගිය තුග්රිල් බෙග් දුර්වලව තිබුණු කාලිප් පදවිය නැවතත් බලවත් තත්වයකට නඟාලීය. තුග්රිල් ඉරානය ආක්‍රමණය කරන අවදියෙහි ඉරානය ප්‍රාදේශීය රාජ්‍ය කිහිපයක් අතර බෙදී ගොස් තිබිණි. මේ රාජ්‍යයන් පරාජය කළ තුග්රිල් බෙග් ආසියාවේ ඉස්ලාම් ප්‍රදේශ එක්සත් කෙළේය. තුර්කිවරු ද මුස්ලිම් ධර්මය වැලඳගත්හ. එමෙන් ම ඔව්හු ඉරාන සංස්කෘතියේ අනුග්‍රාහකයන් බවට පත්වූහ. පාලන තන්ත්‍රයේ ප්‍රධාන නිලවලට ඉරාන ජාතිකයෝ පත් කරන ලදහ. අල්ප් අස්ර්ලන් (1063-72) හා මලික් ශා යටතේ සෙල්ජුක්වරුනට ඔක්සස්හි සිට සිරියාව දක්වා විහිදුණු අධිරාජ්‍යයක් ගොඩනැඟිමට හැකි විය. මෙම අධිරාජ්‍යය ගොඩනැඟිමේ දී වසීර් පදවිය ඉසුලූ ඉරාන ජාතික නිසාම් අල් මුල්ක්ගේ සහාය විශේෂ ආධාරයක් විය. සෙල්ජුක් තුර්කි අධිරාජ්‍යයට අයත් වූ ප්‍රදේශ අතුරින් ඉරානය එම අධිරාජ්‍යයෙන් 1/3ක් පමණක් වූයේය. එම අධිරාජ්‍යයේ අගනුවර වූයේ ඉස්‍ෆහාන් බැවින් ඉරානය ලෝකයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ද විය. | සෙල්ජුක් තුර්කිවරුන් තම බලය ව්‍යාප්ත කිරීමට පටන් ගත්තේ ජක්සාටේස් ප්‍රදේශයේ සිටයි. 1040 දී ඔවුන්ගේ නායක තුග්රිල් බෙග් ඝාස්නි රජ පරදවා ඛුරාසාන් ප්‍රදේශය අල්ලාගත්තේය. එයින් පසු සෙල්ජුක් තුර්කිවරු ක්‍රමයෙන් බටහිරට ව්‍යාප්ත වූහ. 1055 දී බැග්ඩෑඩය බලා ගිය තුග්රිල් බෙග් දුර්වලව තිබුණු කාලිප් පදවිය නැවතත් බලවත් තත්වයකට නඟාලීය. තුග්රිල් ඉරානය ආක්‍රමණය කරන අවදියෙහි ඉරානය ප්‍රාදේශීය රාජ්‍ය කිහිපයක් අතර බෙදී ගොස් තිබිණි. මේ රාජ්‍යයන් පරාජය කළ තුග්රිල් බෙග් ආසියාවේ ඉස්ලාම් ප්‍රදේශ එක්සත් කෙළේය. තුර්කිවරු ද මුස්ලිම් ධර්මය වැලඳගත්හ. එමෙන් ම ඔව්හු ඉරාන සංස්කෘතියේ අනුග්‍රාහකයන් බවට පත්වූහ. පාලන තන්ත්‍රයේ ප්‍රධාන නිලවලට ඉරාන ජාතිකයෝ පත් කරන ලදහ. අල්ප් අස්ර්ලන් (1063-72) හා මලික් ශා යටතේ සෙල්ජුක්වරුනට ඔක්සස්හි සිට සිරියාව දක්වා විහිදුණු අධිරාජ්‍යයක් ගොඩනැඟිමට හැකි විය. මෙම අධිරාජ්‍යය ගොඩනැඟිමේ දී වසීර් පදවිය ඉසුලූ ඉරාන ජාතික නිසාම් අල් මුල්ක්ගේ සහාය විශේෂ ආධාරයක් විය. සෙල්ජුක් තුර්කි අධිරාජ්‍යයට අයත් වූ ප්‍රදේශ අතුරින් ඉරානය එම අධිරාජ්‍යයෙන් 1/3ක් පමණක් වූයේය. එම අධිරාජ්‍යයේ අගනුවර වූයේ ඉස්‍ෆහාන් බැවින් ඉරානය ලෝකයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ද විය. | ||
| 215 පේළිය: | 223 පේළිය: | ||
'''මොංගල් සමය (1218–1341)''' | '''මොංගල් සමය (1218–1341)''' | ||
| + | |||
සෙල්ජුක් තුර්කි රාජ්‍යය මෙසේ බිඳවැටෙද්දී මධ්‍යම ආසියාවේ වැදගත් සිද්ධි සිදු වෙමින් පැවතිණි. මේ අතුරින් අතිශයින් වැදගත් වන්නේ ජෙන්ඝිස් ඛාන් යටතේ මොංගල් බලය නැඟඒමයි. චිනය යටපත් කිරීමෙන් පසුව ජෙන්ඝිස් ඛාන් බටහිර බලා ගමන් ගත්තේය. 1219-20 කාලයේ දී ට්‍රාන්ස්-ඔක්සෝනියා ප්‍රදේශය අල්ලාගත් මෙම මොංගල් අධිපතියා 1221 දී ඔක්සස් ප්‍රදේශය තරණය කළේය. ඛුරාසාන් ප්‍රදේශය ජෙන්ඝිස් වෙනුවෙන් ඔහුගේ පුත්‍රයා විසින් අල්ලා ගන්නා ලදි. 1221 දී ඔහු නිශාපූර් නගරය සම්පුර්ණයෙන් ම විනාශ කෙළේය. ජෙන්ඝිස් ඛාන් විසින් යවන ලද සේනාපතියෝ මධ්‍යම හා උතුරු ඉරානය විනාශ කළහ. 1258 දී මොංගල්වරු මෙම විනාශකාරී ආක්‍රමණයන් බැග්ඩෑඩය දක්වා ගෙන ගියහ. හුලගු නම් මොංගල් නායකයා 1258 දී බැග්ඩෑඩයට ඇතුළුව කාලිප්වරුන්ගේ දේවස්ථාන හා සොහොන්කොත් සියල්ල විනාශ කළේය. අන්තිම කාලිප්වරයා ද ජීවිතක්ෂයට පත් කරන ලදි. තාවකාලික වශයෙන් මුළු මුස්ලිම් සංවිධානය ම බිඳ වැටිණි. එහෙත් මොංගල් පාලනයෙන් සිදුවුණු එක් යහපතක් නම් නැවතත් ඉරානය ඔක්සස් ප්‍රදේශයේ සිට සිරියාව හා සුළු ආසියාව දක්වා විහිදුණු විශාල අධිරාජ්‍යයක කේන්ද්‍රස්ථානය වීමයි. ඉල් ඛාන් රාජවංශය බිහි වූයේ මෙයින් පසුවයි. | සෙල්ජුක් තුර්කි රාජ්‍යය මෙසේ බිඳවැටෙද්දී මධ්‍යම ආසියාවේ වැදගත් සිද්ධි සිදු වෙමින් පැවතිණි. මේ අතුරින් අතිශයින් වැදගත් වන්නේ ජෙන්ඝිස් ඛාන් යටතේ මොංගල් බලය නැඟඒමයි. චිනය යටපත් කිරීමෙන් පසුව ජෙන්ඝිස් ඛාන් බටහිර බලා ගමන් ගත්තේය. 1219-20 කාලයේ දී ට්‍රාන්ස්-ඔක්සෝනියා ප්‍රදේශය අල්ලාගත් මෙම මොංගල් අධිපතියා 1221 දී ඔක්සස් ප්‍රදේශය තරණය කළේය. ඛුරාසාන් ප්‍රදේශය ජෙන්ඝිස් වෙනුවෙන් ඔහුගේ පුත්‍රයා විසින් අල්ලා ගන්නා ලදි. 1221 දී ඔහු නිශාපූර් නගරය සම්පුර්ණයෙන් ම විනාශ කෙළේය. ජෙන්ඝිස් ඛාන් විසින් යවන ලද සේනාපතියෝ මධ්‍යම හා උතුරු ඉරානය විනාශ කළහ. 1258 දී මොංගල්වරු මෙම විනාශකාරී ආක්‍රමණයන් බැග්ඩෑඩය දක්වා ගෙන ගියහ. හුලගු නම් මොංගල් නායකයා 1258 දී බැග්ඩෑඩයට ඇතුළුව කාලිප්වරුන්ගේ දේවස්ථාන හා සොහොන්කොත් සියල්ල විනාශ කළේය. අන්තිම කාලිප්වරයා ද ජීවිතක්ෂයට පත් කරන ලදි. තාවකාලික වශයෙන් මුළු මුස්ලිම් සංවිධානය ම බිඳ වැටිණි. එහෙත් මොංගල් පාලනයෙන් සිදුවුණු එක් යහපතක් නම් නැවතත් ඉරානය ඔක්සස් ප්‍රදේශයේ සිට සිරියාව හා සුළු ආසියාව දක්වා විහිදුණු විශාල අධිරාජ්‍යයක කේන්ද්‍රස්ථානය වීමයි. ඉල් ඛාන් රාජවංශය බිහි වූයේ මෙයින් පසුවයි. | ||
| 224 පේළිය: | 233 පේළිය: | ||
'''ටිමූර්ගේ ආක්‍රමණය''' | '''ටිමූර්ගේ ආක්‍රමණය''' | ||
| + | |||
14 වන සියවස අවසානයේ දී ඉරානය මධ්‍යම ආසියාවේ පහළ වූ අලුත් අධිරාජ්‍යයක කොටසක් බවට පත් විය. මධ්‍යම ආසියානු තුර්කි නායකයකු වූ ටිමූර් 1300 දී ඛුරාසාන්, සීස්ථාන් යන ප්‍රදේශත් 1384 දී අසර්බයිජාන් හා බටහිර ඉරානයත් 1298 දි ෆාර්ස් ප්‍රදේශයත් වශයෙන් ඉරානය සම්පූර්ණයෙන් ම ආක්‍රමණය කෙළේය. මේ හැරෙන්නට බැග්ඩෑඩය, සිරියාව හා අලෙප්පෝව ද යටත් කරගත්තේය. මෙම ආක්‍රමණ බොහෝ විනාශකාරී සටන්වලින් යුක්ත විය. ටිමූර්ගේ ආක්‍රමණයන්ගේ හදිසි ස්වභාව නිසා යටත් කළ ප්‍රදේශ ස්ථාවර පාලන ක්‍රමයක් යටතට ගෙන ඒම අපහසු විය. එමෙන් ම ප්‍රදේශයන්ගේ විශාලත්වය ද එයට බෙහෙවින් ම බලපෑවේය. මෙම අධිරාජ්‍යයේ පාලන මධ්‍යස්ථානය වූයේ ද පෙර මෙන් නොව ඉරානයෙන් පිටස්තර ප්‍රදේශයකය. ටිමූර්ගේ අධිරාජ්‍යයේ පාලන හා සංස්කෘතික මධ්‍යස්ථානය වූයේ සමර්ඛන්ද් නගරයයි. එහෙත් ටිමූර්ට ද ඉරාන සංස්කෘතික බලපෑමෙන් ඉවත් වී සිටීමට නොහැකි විය. මෙයට හේතු වූයේ ටිමූර් භක්තිමත් ඉස්ලාම් ලබ්ධිකයකු වීමය. | 14 වන සියවස අවසානයේ දී ඉරානය මධ්‍යම ආසියාවේ පහළ වූ අලුත් අධිරාජ්‍යයක කොටසක් බවට පත් විය. මධ්‍යම ආසියානු තුර්කි නායකයකු වූ ටිමූර් 1300 දී ඛුරාසාන්, සීස්ථාන් යන ප්‍රදේශත් 1384 දී අසර්බයිජාන් හා බටහිර ඉරානයත් 1298 දි ෆාර්ස් ප්‍රදේශයත් වශයෙන් ඉරානය සම්පූර්ණයෙන් ම ආක්‍රමණය කෙළේය. මේ හැරෙන්නට බැග්ඩෑඩය, සිරියාව හා අලෙප්පෝව ද යටත් කරගත්තේය. මෙම ආක්‍රමණ බොහෝ විනාශකාරී සටන්වලින් යුක්ත විය. ටිමූර්ගේ ආක්‍රමණයන්ගේ හදිසි ස්වභාව නිසා යටත් කළ ප්‍රදේශ ස්ථාවර පාලන ක්‍රමයක් යටතට ගෙන ඒම අපහසු විය. එමෙන් ම ප්‍රදේශයන්ගේ විශාලත්වය ද එයට බෙහෙවින් ම බලපෑවේය. මෙම අධිරාජ්‍යයේ පාලන මධ්‍යස්ථානය වූයේ ද පෙර මෙන් නොව ඉරානයෙන් පිටස්තර ප්‍රදේශයකය. ටිමූර්ගේ අධිරාජ්‍යයේ පාලන හා සංස්කෘතික මධ්‍යස්ථානය වූයේ සමර්ඛන්ද් නගරයයි. එහෙත් ටිමූර්ට ද ඉරාන සංස්කෘතික බලපෑමෙන් ඉවත් වී සිටීමට නොහැකි විය. මෙයට හේතු වූයේ ටිමූර් භක්තිමත් ඉස්ලාම් ලබ්ධිකයකු වීමය. | ||
| 235 පේළිය: | 245 පේළිය: | ||
'''සෆාවිද් වංශය (1502–1736)''' | '''සෆාවිද් වංශය (1502–1736)''' | ||
| + | |||
සියවස් අටක් පමණ කාලයකට පසුව යළි ඉරානයේ නියම දේශීය රාජවංශයක් බිහි වූයේ සෆාවිද්වරුන්ගේ කාලයේ දීය. මෙම රාජ්‍යය යටතේ ඇති වූ ප්‍රබෝධය සාසාන අධිරාජ්‍යය යටතේ වූ ප්‍රබෝධයට සමකළ හැකිය. සෆාවිද් වංශයේ ප්‍රථම රජතුමා වූයේ අසර්බයිජාන් ප්‍රදේශයේ තුර්කි ගෝත්‍ර කිහිපයක නායකයා වූ ශා ඉස්මායිල්ය. මෙම රාජවංශයේ ආදිකර්තෘවරයා ලෙස සැලකෙන්නේ සූෆි ආගමික නායකයෙකි. | සියවස් අටක් පමණ කාලයකට පසුව යළි ඉරානයේ නියම දේශීය රාජවංශයක් බිහි වූයේ සෆාවිද්වරුන්ගේ කාලයේ දීය. මෙම රාජ්‍යය යටතේ ඇති වූ ප්‍රබෝධය සාසාන අධිරාජ්‍යය යටතේ වූ ප්‍රබෝධයට සමකළ හැකිය. සෆාවිද් වංශයේ ප්‍රථම රජතුමා වූයේ අසර්බයිජාන් ප්‍රදේශයේ තුර්කි ගෝත්‍ර කිහිපයක නායකයා වූ ශා ඉස්මායිල්ය. මෙම රාජවංශයේ ආදිකර්තෘවරයා ලෙස සැලකෙන්නේ සූෆි ආගමික නායකයෙකි. | ||
| 248 පේළිය: | 259 පේළිය: | ||
'''නදිර් ශා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයෝ (1736-79)''' | '''නදිර් ශා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයෝ (1736-79)''' | ||
| + | |||
අෆසාර් ගෝත්‍රිකයකු වූ නදීර් කුලි බලයට පත් වූයේ සෆාවිද් වංශිකයකු වූ II වැනි තාමාස්ප්ගේ ආධාරකරුවකු වශයෙනි. මෙම රජු වෙනුවෙන් මොහු 1726 සීස්ථානය අල්ලාගත්තේය. එයින් පසුව ඔහුගේ කාලය ගෙවුණේ නොයෙක් ප්‍රදේශවල ඇති වූ සටන් සඳහාය. අබ්දාලි ඇෆ්ඝන්වරුන් පරාජය කළ හෙතෙම 1727 දී හීරාත් පාලකයා වශයෙන් තම අනුගාමිකයකු පත් කළේය. 1729 සිල්සායිවරුන් පැරදවූ ඔහු කන්දහාර් ද අල්ලාගත්තේය. මේ සටන්වල ප්‍රතිඵලයක් වශයෙන් II වැනි තාමාස්ප්ට 1720 දී ඉස්ෆහාන් ලබාගැනීමට හැකි විය. එමෙන් ම ඔහු ඔටෝමන්වරුන් කිහිපවරක් ම පරාජයට පත් කෙළේය. | අෆසාර් ගෝත්‍රිකයකු වූ නදීර් කුලි බලයට පත් වූයේ සෆාවිද් වංශිකයකු වූ II වැනි තාමාස්ප්ගේ ආධාරකරුවකු වශයෙනි. මෙම රජු වෙනුවෙන් මොහු 1726 සීස්ථානය අල්ලාගත්තේය. එයින් පසුව ඔහුගේ කාලය ගෙවුණේ නොයෙක් ප්‍රදේශවල ඇති වූ සටන් සඳහාය. අබ්දාලි ඇෆ්ඝන්වරුන් පරාජය කළ හෙතෙම 1727 දී හීරාත් පාලකයා වශයෙන් තම අනුගාමිකයකු පත් කළේය. 1729 සිල්සායිවරුන් පැරදවූ ඔහු කන්දහාර් ද අල්ලාගත්තේය. මේ සටන්වල ප්‍රතිඵලයක් වශයෙන් II වැනි තාමාස්ප්ට 1720 දී ඉස්ෆහාන් ලබාගැනීමට හැකි විය. එමෙන් ම ඔහු ඔටෝමන්වරුන් කිහිපවරක් ම පරාජයට පත් කෙළේය. | ||
| 253 පේළිය: | 265 පේළිය: | ||
'''කජාර් ගෝත්‍රය''' | '''කජාර් ගෝත්‍රය''' | ||
| + | |||
සෆාවිද් රාජ්‍යය ගොඩනැඟීමට ආධාර දුන් ගෝත්‍රයක් වූ කජාර් ගෝත්‍රය නදිර් ශාගේ කාලයේ දී දුර්වල තත්වයකට පත් විය. මෙම ගෝත්‍රය නැවතත් නදිර් ශාගේ මරණයෙන් පසුව බලවත් විය. අඝා මොහමද් ඛාන් යටතේ එක්සත් වූ මොවුහු 1779 දී තෙහෙරාන්හි බලයට පැමිණියහ. මොහමද් ඛාන් ශා බවට පැමිණියේ 1796 දීය. 1797 දී මොහමද් ඛාන් මරණයට පත්වන විට ඔහු මුළු ඉරානය පුරා ම බලය පතුරුවා තිබිණි. 1797 සිට 1834 දක්වා රජ කළ ෆත්අලි ශාගේ කාලය සාමකාමී වුවත් දේශපාලන වශයෙන් පරිහානි යුගයක් විය. ඉරානය යුරෝපා රටවල් සමඟ කෙළින් ම සම්බන්ධකම් පැවැත්වූයේ 1807 දී ප්‍රංසය සමඟ ඇති කරගත් ගිවිසුමෙන් පසුවයි. ප්‍රංසයට ඉන්දියාව ආක්‍රමණය කිරීම සඳහා ගොඩබිම් මාර්ගයක් අවශ්‍ය විය. මේ වෙනුවට රුසියාවෙන් ජෝර්ජියාව මුදාගනු වස් ඉරානයට යුද්ධ ආධාර දීමට ප්‍රංසය පොරොන්දු විය. එහෙත් මේ අතර සාර් සමග නැපෝලියන් සාම ගිවිසුමකට එළඹ සිටියෙන් රුසියාවට විරුද්ධව ආධාර දීමට ප්‍රංසයට නුපුළුවන් විය. බ්‍රිතාන්‍ය උදෙස් පරිදි රුසියාවට විරුද්ධව ජෝර්ජියාව සඳහා කළ යුද්ධයෙන් පසුව ජෝර්ජියා ප්‍රදේශය 1828 දී රුසියාවට භාරදීමට ඉරානයට සිදු විය. | සෆාවිද් රාජ්‍යය ගොඩනැඟීමට ආධාර දුන් ගෝත්‍රයක් වූ කජාර් ගෝත්‍රය නදිර් ශාගේ කාලයේ දී දුර්වල තත්වයකට පත් විය. මෙම ගෝත්‍රය නැවතත් නදිර් ශාගේ මරණයෙන් පසුව බලවත් විය. අඝා මොහමද් ඛාන් යටතේ එක්සත් වූ මොවුහු 1779 දී තෙහෙරාන්හි බලයට පැමිණියහ. මොහමද් ඛාන් ශා බවට පැමිණියේ 1796 දීය. 1797 දී මොහමද් ඛාන් මරණයට පත්වන විට ඔහු මුළු ඉරානය පුරා ම බලය පතුරුවා තිබිණි. 1797 සිට 1834 දක්වා රජ කළ ෆත්අලි ශාගේ කාලය සාමකාමී වුවත් දේශපාලන වශයෙන් පරිහානි යුගයක් විය. ඉරානය යුරෝපා රටවල් සමඟ කෙළින් ම සම්බන්ධකම් පැවැත්වූයේ 1807 දී ප්‍රංසය සමඟ ඇති කරගත් ගිවිසුමෙන් පසුවයි. ප්‍රංසයට ඉන්දියාව ආක්‍රමණය කිරීම සඳහා ගොඩබිම් මාර්ගයක් අවශ්‍ය විය. මේ වෙනුවට රුසියාවෙන් ජෝර්ජියාව මුදාගනු වස් ඉරානයට යුද්ධ ආධාර දීමට ප්‍රංසය පොරොන්දු විය. එහෙත් මේ අතර සාර් සමග නැපෝලියන් සාම ගිවිසුමකට එළඹ සිටියෙන් රුසියාවට විරුද්ධව ආධාර දීමට ප්‍රංසයට නුපුළුවන් විය. බ්‍රිතාන්‍ය උදෙස් පරිදි රුසියාවට විරුද්ධව ජෝර්ජියාව සඳහා කළ යුද්ධයෙන් පසුව ජෝර්ජියා ප්‍රදේශය 1828 දී රුසියාවට භාරදීමට ඉරානයට සිදු විය. | ||
| 278 පේළිය: | 291 පේළිය: | ||
'''පහ්ලවී වංශය''' | '''පහ්ලවී වංශය''' | ||
| + | |||
1921 දී රේසා ඛාන් නම් හමුදා නායකයෙක් තෙහෙරානයේ පැවැති දුර්වල ආණ්ඩුව පෙරළා දැම්මේය. 1923 දී හෙතෙම එරට අගමැතිවරයා බවට පත් විය. කජාර් වංශයේ අවසාන රජ ඉරානය අත්හැර ගියේය. 1925 දී රැස් වූ විශේෂ නියෝජිත සභාවක් විසින් රේසා ඛාන් ඉරානයේ ශා වශයෙන් පත් කරගන්නා ලදි. මෙම රාජවංශය පහ්ලවී වංශය යනුවෙන් හඳුන්වනු ලැබේ. | 1921 දී රේසා ඛාන් නම් හමුදා නායකයෙක් තෙහෙරානයේ පැවැති දුර්වල ආණ්ඩුව පෙරළා දැම්මේය. 1923 දී හෙතෙම එරට අගමැතිවරයා බවට පත් විය. කජාර් වංශයේ අවසාන රජ ඉරානය අත්හැර ගියේය. 1925 දී රැස් වූ විශේෂ නියෝජිත සභාවක් විසින් රේසා ඛාන් ඉරානයේ ශා වශයෙන් පත් කරගන්නා ලදි. මෙම රාජවංශය පහ්ලවී වංශය යනුවෙන් හඳුන්වනු ලැබේ. | ||
| 285 පේළිය: | 299 පේළිය: | ||
'''ජාතික පෙරමුණු පක්ෂය හා තෙල් අර්බුදය''' | '''ජාතික පෙරමුණු පක්ෂය හා තෙල් අර්බුදය''' | ||
| + | |||
II වැනි ජගත් සංග්‍රාමයට අනතුරුව ඉරානයේ ඇති වූ වියවුල් තත්වය මැඩ මුළු රාජ්‍යය එක්සත් කරගැනීමෙන් පසු ඉරානය එහි තෙල් ආදායම මත පිහිටා ඩොලර් 650,000,000ක සත්හවුරුදු සංවර්ධන වැඩ පිළිවෙළක් අනුමත කොටගත්තේය. මේ කාලයේ දී බටහිර තෙල් වෙළෙඳපොළවල් තෙල් සඳහා වැඩි වැඩියෙන් පර්සියානු වරාය ප්‍රදේශයේ රාජ්‍ය දෙසට ඇදී ඒමට වූයෙන් ස්වකීය ඛනිජතෙල් සම්පත්වල අගය එම රටවලට වැටහෙන්නට විය. ඉරානයේ තෙල් නිෂ්පාදනයේ යෙදී සිටි ඉංග්‍රීසි හා ඇමෙරිකානු වෙළෙඳ සමාගම් තෙල්වලින් උපදින ලාභයෙන් අතිවිශාල කොටසක් තමන්හට ම තබාගත් අතර තෙල් සම්පත් අයත් රටවලට ගෙවීමට බැඳි සිටියේ ඉතා සුළු ප්‍රමාණයකි. මේ තතු බුද්ධිමත් ඉරාන ජාතිකයන්හට පෙනීයන්නට වූයෙන් ස්වකීය දේශයේ තෙල් නිෂ්පාදනය තමන් අතට ගැනීම මගින් සම්පූර්ණ ලාභය තමන් විසින් ම ගත යුතුය යන උද්ඝෝෂණයක් කෙමෙන් ඇති වන්නට විය. මේ නිසා 1949 දී එතෙක් බිම් අඳය වශයෙන් ලැබුණු කොටස මෙන් දෙගුණයක් ඉරානයට හිමි වන අතිරේක ගිවිසුමක් ඇති කරගැනීමට කැබිනට් මණ්ඩලයේ ද අනුමතය ලැබුණු නමුත් මජ්ලිස් සභාවේ විරුද්ධත්වයෙන් එය ප්‍රතික්ෂේප විය. | II වැනි ජගත් සංග්‍රාමයට අනතුරුව ඉරානයේ ඇති වූ වියවුල් තත්වය මැඩ මුළු රාජ්‍යය එක්සත් කරගැනීමෙන් පසු ඉරානය එහි තෙල් ආදායම මත පිහිටා ඩොලර් 650,000,000ක සත්හවුරුදු සංවර්ධන වැඩ පිළිවෙළක් අනුමත කොටගත්තේය. මේ කාලයේ දී බටහිර තෙල් වෙළෙඳපොළවල් තෙල් සඳහා වැඩි වැඩියෙන් පර්සියානු වරාය ප්‍රදේශයේ රාජ්‍ය දෙසට ඇදී ඒමට වූයෙන් ස්වකීය ඛනිජතෙල් සම්පත්වල අගය එම රටවලට වැටහෙන්නට විය. ඉරානයේ තෙල් නිෂ්පාදනයේ යෙදී සිටි ඉංග්‍රීසි හා ඇමෙරිකානු වෙළෙඳ සමාගම් තෙල්වලින් උපදින ලාභයෙන් අතිවිශාල කොටසක් තමන්හට ම තබාගත් අතර තෙල් සම්පත් අයත් රටවලට ගෙවීමට බැඳි සිටියේ ඉතා සුළු ප්‍රමාණයකි. මේ තතු බුද්ධිමත් ඉරාන ජාතිකයන්හට පෙනීයන්නට වූයෙන් ස්වකීය දේශයේ තෙල් නිෂ්පාදනය තමන් අතට ගැනීම මගින් සම්පූර්ණ ලාභය තමන් විසින් ම ගත යුතුය යන උද්ඝෝෂණයක් කෙමෙන් ඇති වන්නට විය. මේ නිසා 1949 දී එතෙක් බිම් අඳය වශයෙන් ලැබුණු කොටස මෙන් දෙගුණයක් ඉරානයට හිමි වන අතිරේක ගිවිසුමක් ඇති කරගැනීමට කැබිනට් මණ්ඩලයේ ද අනුමතය ලැබුණු නමුත් මජ්ලිස් සභාවේ විරුද්ධත්වයෙන් එය ප්‍රතික්ෂේප විය. | ||
| 367 පේළිය: | 382 පේළිය: | ||
'''ඇකිමේනියානු යුගය (ක්‍රි.පූ. 553–330)''' | '''ඇකිමේනියානු යුගය (ක්‍රි.පූ. 553–330)''' | ||
| + | |||
ක්‍රි.පූ. සවන ශතවර්ෂයේ මැද භාගයේ දී මිඩියානු මහරජු යටත් කොට විදේශ ආක්‍රමණයෙහි යෙදුණු සයිරස් රජ පර්සිපොලිස් නුවරට සැතැපුම් පනහක් උතුරු දෙසින් පිහිටි පසර්ගදේ තම වාසස්ථානය කර ගත්තේය. එහි කරවන ලද ගොඩනැඟිලි අතර බලකොටු, දෙවොල්, රාජකීය නිවාස හා අට්ටාලයක් වැනි උස් වූ නිර්මාණයක් ද විය. සයිරස්ගේ සොහොන් ගෙය තනා ඇත්තේ ද එහිය. පැරණි බලකොටුවෙන් දැනට ශේෂව පවත්නේ විසිතුරු ලෙස නිම කළ ගල් යොදා ලෝහ කීලයන්ගෙන් ශක්තිමත් කර බඳින ලද විශාල ධාරක ප්‍රාකාර පමණකි. දෙවොල් ගොඩනඟා තිබුණ භූමිවල උස් වූ වේදිකා පමණක් ශේෂව පවතී. රාජකීය මන්දිරයන්ට අයත් බිත්ති පදනම් හා කුලුනු පදනම් පුරාවිද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක් වී ඇත. පේළි වශයෙන් යෙදූ කුලුනු හා එක් පැත්තක හෝ පැති කීපයක ද්වාරමණ්ඩප සහිතව කරන ලද ආයතවතුරස්‍රාකාර විශාල ශාලාවලින් යුක්ත වූ මේ රාජමන්දිර තනා ඇත්තේ ප්‍රාග්-ඇකිමේනියානු යුගයට අයත් ගෘහනිර්මාණ ශිල්පයේ වැඩීගිය ස්වරූපයකිනි. හාත්පස ස්තම්භාවලීන්ගෙන් පරික්ෂිප්ත සයිරස්ගේ සොහොන් ගෙට සම්බන්ධ අංගණය හා ස්තම්භ විනාශමුඛයට ගොස් දැනට ශේෂව පවත්නේ සොහොන් ගෙය පමණකි. | ක්‍රි.පූ. සවන ශතවර්ෂයේ මැද භාගයේ දී මිඩියානු මහරජු යටත් කොට විදේශ ආක්‍රමණයෙහි යෙදුණු සයිරස් රජ පර්සිපොලිස් නුවරට සැතැපුම් පනහක් උතුරු දෙසින් පිහිටි පසර්ගදේ තම වාසස්ථානය කර ගත්තේය. එහි කරවන ලද ගොඩනැඟිලි අතර බලකොටු, දෙවොල්, රාජකීය නිවාස හා අට්ටාලයක් වැනි උස් වූ නිර්මාණයක් ද විය. සයිරස්ගේ සොහොන් ගෙය තනා ඇත්තේ ද එහිය. පැරණි බලකොටුවෙන් දැනට ශේෂව පවත්නේ විසිතුරු ලෙස නිම කළ ගල් යොදා ලෝහ කීලයන්ගෙන් ශක්තිමත් කර බඳින ලද විශාල ධාරක ප්‍රාකාර පමණකි. දෙවොල් ගොඩනඟා තිබුණ භූමිවල උස් වූ වේදිකා පමණක් ශේෂව පවතී. රාජකීය මන්දිරයන්ට අයත් බිත්ති පදනම් හා කුලුනු පදනම් පුරාවිද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක් වී ඇත. පේළි වශයෙන් යෙදූ කුලුනු හා එක් පැත්තක හෝ පැති කීපයක ද්වාරමණ්ඩප සහිතව කරන ලද ආයතවතුරස්‍රාකාර විශාල ශාලාවලින් යුක්ත වූ මේ රාජමන්දිර තනා ඇත්තේ ප්‍රාග්-ඇකිමේනියානු යුගයට අයත් ගෘහනිර්මාණ ශිල්පයේ වැඩීගිය ස්වරූපයකිනි. හාත්පස ස්තම්භාවලීන්ගෙන් පරික්ෂිප්ත සයිරස්ගේ සොහොන් ගෙට සම්බන්ධ අංගණය හා ස්තම්භ විනාශමුඛයට ගොස් දැනට ශේෂව පවත්නේ සොහොන් ගෙය පමණකි. | ||
| 372 පේළිය: | 388 පේළිය: | ||
'''යාවනික (Hellenistic) සෙලූසිඩ් යුගය (ක්‍රි.පූ. 330-250)''' | '''යාවනික (Hellenistic) සෙලූසිඩ් යුගය (ක්‍රි.පූ. 330-250)''' | ||
| + | |||
මේ කාලයට අයත් ගොඩනැඟිලි අතුරින් දැනට ශේෂව ඇත්තේ කීපයක් පමණි. නුරාබාද්හි ගරා වැටී තිබෙන දෙවොලෙහි තන්හි තන්හි විසිරී ඇති නටබුන්වලින් ද පර්සිපොලිස්හි වේදිකාවක් පාමුල දක්නට ලැබෙන නෂ්ටාවශේෂයන්ගෙන් ද යථෝක්ත සමයට අයත් ගෘහ නිර්මාණ ශිල්පය කෙබඳු වී දැයි වටහාගත හැකිය. මේ ගොඩනැඟිලි දෙක ම තනා ඇත්තේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට ඉඳුරා එකඟවය. මෙසමයට ම අයත් ඉස්තඛ්ර්, කන්ගවර්, ඛූර්හා යන දෙවොල් නිමවා ඇත්තේ ග්‍රීක ගෘහනිර්මාණ ශිල්පයට අනුවය. | මේ කාලයට අයත් ගොඩනැඟිලි අතුරින් දැනට ශේෂව ඇත්තේ කීපයක් පමණි. නුරාබාද්හි ගරා වැටී තිබෙන දෙවොලෙහි තන්හි තන්හි විසිරී ඇති නටබුන්වලින් ද පර්සිපොලිස්හි වේදිකාවක් පාමුල දක්නට ලැබෙන නෂ්ටාවශේෂයන්ගෙන් ද යථෝක්ත සමයට අයත් ගෘහ නිර්මාණ ශිල්පය කෙබඳු වී දැයි වටහාගත හැකිය. මේ ගොඩනැඟිලි දෙක ම තනා ඇත්තේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට ඉඳුරා එකඟවය. මෙසමයට ම අයත් ඉස්තඛ්ර්, කන්ගවර්, ඛූර්හා යන දෙවොල් නිමවා ඇත්තේ ග්‍රීක ගෘහනිර්මාණ ශිල්පයට අනුවය. | ||
'''පාර්තියන් යුගය (ක්‍රි.පූ. 249-ක්‍රි.ව. 224)''' | '''පාර්තියන් යුගය (ක්‍රි.පූ. 249-ක්‍රි.ව. 224)''' | ||
| + | |||
මේ යුගයට අයත් නෂ්ටාවශේෂ ඩූරා-යුරෝපොස්, හත්‍රා, සෙලූෂියා, අශූර්, නිප්පූර්, ප්‍රාස්පා යන ප්‍රදේශවල දක්නට ලැබේ. මේ නෂ්ටාවශේෂයන් අතර මාළිගා, ගෘහ, දෙවොල් හා සොහොන් ගෙවල් ද ඇත. මේවා අතුරෙන් විශේෂ සැලකීමට භාජන වී ඇත්තේ හත්‍රා ප්‍රදේශයේ මේ දක්වා සුරක්ෂිතව පවත්නා ගොඩනැඟිලිය. හාත්පස ප්‍රාකාරයකින් පරික්ෂිප්ත මේ නගරය මැද ගලින් නිම කරන ලද මාළිගා හා වෙනත් ගොඩනැඟිලි ද හිරු දෙවියාට කැප කරන ලද දෙවොලක් ද වේ. සාමාන්‍යයෙන් මේ ගොඩනැගිලිවලට යොදා ඇත්තේ පුලුස්සන ලද ගඩොල් හා ගල්ය. ගලින් නිමවන ලද ගොඩනැඟිලිවලට විවිධ සැරසිලිවලින් අලංකෘත ගල් යොදා ඇත. පාර්තියන් ගෘහ නිර්මාණ ශිල්පය ඊට පෙර පැවති විවිධ නිර්මාණයන්ගේ චිත්තාකර්ෂණීය කොටස් යෙදීමෙන් සකස් කරගත් ක්‍රමයක් බව යථෝක්ත නෂ්ටාවශේෂයන්ගෙන් පැහැදිලි වේ. එහෙත් එය ඇකිමේනියානු ශිල්පයෙන් ප්‍රකට කැරෙන ප්‍රාණවත් ගතියෙන් හා ප්‍රතාපවත් ස්වභාවයෙන් තොර වූවකි. යාවනික, පර්සියානු හා ප්‍රාදේශික ශිල්ප ධර්ම පාර්තියන් ගෘහ නිර්මාණ ශිල්පයෙහි ගැබ් වී ඇති බව පැහැදිලිව පෙනේ. | මේ යුගයට අයත් නෂ්ටාවශේෂ ඩූරා-යුරෝපොස්, හත්‍රා, සෙලූෂියා, අශූර්, නිප්පූර්, ප්‍රාස්පා යන ප්‍රදේශවල දක්නට ලැබේ. මේ නෂ්ටාවශේෂයන් අතර මාළිගා, ගෘහ, දෙවොල් හා සොහොන් ගෙවල් ද ඇත. මේවා අතුරෙන් විශේෂ සැලකීමට භාජන වී ඇත්තේ හත්‍රා ප්‍රදේශයේ මේ දක්වා සුරක්ෂිතව පවත්නා ගොඩනැඟිලිය. හාත්පස ප්‍රාකාරයකින් පරික්ෂිප්ත මේ නගරය මැද ගලින් නිම කරන ලද මාළිගා හා වෙනත් ගොඩනැඟිලි ද හිරු දෙවියාට කැප කරන ලද දෙවොලක් ද වේ. සාමාන්‍යයෙන් මේ ගොඩනැගිලිවලට යොදා ඇත්තේ පුලුස්සන ලද ගඩොල් හා ගල්ය. ගලින් නිමවන ලද ගොඩනැඟිලිවලට විවිධ සැරසිලිවලින් අලංකෘත ගල් යොදා ඇත. පාර්තියන් ගෘහ නිර්මාණ ශිල්පය ඊට පෙර පැවති විවිධ නිර්මාණයන්ගේ චිත්තාකර්ෂණීය කොටස් යෙදීමෙන් සකස් කරගත් ක්‍රමයක් බව යථෝක්ත නෂ්ටාවශේෂයන්ගෙන් පැහැදිලි වේ. එහෙත් එය ඇකිමේනියානු ශිල්පයෙන් ප්‍රකට කැරෙන ප්‍රාණවත් ගතියෙන් හා ප්‍රතාපවත් ස්වභාවයෙන් තොර වූවකි. යාවනික, පර්සියානු හා ප්‍රාදේශික ශිල්ප ධර්ම පාර්තියන් ගෘහ නිර්මාණ ශිල්පයෙහි ගැබ් වී ඇති බව පැහැදිලිව පෙනේ. | ||
'''සාසාන යුගය (ක්‍රි.ව. 224-642)''' | '''සාසාන යුගය (ක්‍රි.ව. 224-642)''' | ||
| + | |||
මෙම යුගයෙහි පැවති ගෘහනිර්මාණ ශිල්පයට අයත් නෂ්ටාවශේෂ රාශියක් මේ දක්වා ඉතිරිව පවතී. මාළිගා, ගෘහ, ගිනි දෙවියාට කැප කරන ලද දෙවොල්, බලකොටු, පාලම්, වේලි හා නිර්මිත නගර මින් සමහරකි. ව්‍යාජ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ ඕජෝ ගුණයෙන් යුත් ඔවුන්ගේ ගෘහනිර්මාණ ශිල්පයෙන් යාවනික මූලධර්මයන් බැහැර වී ඇති බව පෙනේ. ෆාර්ස් පළාතේ ෆිරූසාබාද්හි දක්නට ලැබෙන මාළිගය පළමුවන සාසාන රජු සමයට අයත් යයි සලකනු ලැබේ. දිගින් අඩි 300කට අධික වූ මේ මාළිගය ආයත චතුරස්‍රාකාරය. එය තැනීමට කුඩා ගල් කැබලි යොදා ඇත. එහි ඉදිරි පාර්ශ්වයේ සිට සිංහාසනශාලාව කරා යාමට ගෝලාකාර ශිඛරයක් සහිත චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලක් වේ. සිංහාසනශාලාවට පසුපස පිහිටි නිවාසාගාරය වටා අභ්‍යන්තර අංගණයකි. මෙකී ගොඩනැඟිලි මෙම යුගයේ විශේෂ නිර්මාණයන් හැටියට සැලකිය හැකිය. පාලම් සහ වේලි තැනීමේ දී රෝම ක්‍රමය අනුගමනය කැරිණ. සාසානවරුන්ගේ පැරණි රාජධානිය වූ ශාපූර්හි පවත්වන ලද පුරාවිද්‍යා පරීක්ෂණවලින් ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයට අයත් කරුණු රැසක් අනාවරණය වී ඇත. මස්දා ආගමට සම්බන්ධ දෙවොල්හි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වූයේ ගෝලාකාර ශිඛරයකින් යුත් චතුරස්‍රාකාර ශාලාය. මේවා බහුල වශයෙන් දක්නට ඇත්තේ සාසාන යුගයෙන් පසුවය. | මෙම යුගයෙහි පැවති ගෘහනිර්මාණ ශිල්පයට අයත් නෂ්ටාවශේෂ රාශියක් මේ දක්වා ඉතිරිව පවතී. මාළිගා, ගෘහ, ගිනි දෙවියාට කැප කරන ලද දෙවොල්, බලකොටු, පාලම්, වේලි හා නිර්මිත නගර මින් සමහරකි. ව්‍යාජ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ ඕජෝ ගුණයෙන් යුත් ඔවුන්ගේ ගෘහනිර්මාණ ශිල්පයෙන් යාවනික මූලධර්මයන් බැහැර වී ඇති බව පෙනේ. ෆාර්ස් පළාතේ ෆිරූසාබාද්හි දක්නට ලැබෙන මාළිගය පළමුවන සාසාන රජු සමයට අයත් යයි සලකනු ලැබේ. දිගින් අඩි 300කට අධික වූ මේ මාළිගය ආයත චතුරස්‍රාකාරය. එය තැනීමට කුඩා ගල් කැබලි යොදා ඇත. එහි ඉදිරි පාර්ශ්වයේ සිට සිංහාසනශාලාව කරා යාමට ගෝලාකාර ශිඛරයක් සහිත චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලක් වේ. සිංහාසනශාලාවට පසුපස පිහිටි නිවාසාගාරය වටා අභ්‍යන්තර අංගණයකි. මෙකී ගොඩනැඟිලි මෙම යුගයේ විශේෂ නිර්මාණයන් හැටියට සැලකිය හැකිය. පාලම් සහ වේලි තැනීමේ දී රෝම ක්‍රමය අනුගමනය කැරිණ. සාසානවරුන්ගේ පැරණි රාජධානිය වූ ශාපූර්හි පවත්වන ලද පුරාවිද්‍යා පරීක්ෂණවලින් ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයට අයත් කරුණු රැසක් අනාවරණය වී ඇත. මස්දා ආගමට සම්බන්ධ දෙවොල්හි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වූයේ ගෝලාකාර ශිඛරයකින් යුත් චතුරස්‍රාකාර ශාලාය. මේවා බහුල වශයෙන් දක්නට ඇත්තේ සාසාන යුගයෙන් පසුවය. | ||
සත්වන සියවස ආරම්භයේ දී සාසාන අධිරාජ්‍යය වැටී ගිය පසු අරාබි ගෘහ නිර්මාණ ශිල්පය හා යුරෝපීය ශිල්පක්‍රම ද පැතිරෙන්නට විය. එහෙත් දැනට ඉරානයේ ගෘහනිර්මාණ ශිල්පය සකස් කොටගෙන ඇත්තේ පර්සියාවේ පැරණි ගොඩනැඟිලි ආදර්ශයට ගැනීමෙනි. | සත්වන සියවස ආරම්භයේ දී සාසාන අධිරාජ්‍යය වැටී ගිය පසු අරාබි ගෘහ නිර්මාණ ශිල්පය හා යුරෝපීය ශිල්පක්‍රම ද පැතිරෙන්නට විය. එහෙත් දැනට ඉරානයේ ගෘහනිර්මාණ ශිල්පය සකස් කොටගෙන ඇත්තේ පර්සියාවේ පැරණි ගොඩනැඟිලි ආදර්ශයට ගැනීමෙනි. | ||
| + | |||
| + | (සංස්කරණය: 1970) | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: ඉ]] | ||
13:41, 23 මැයි 2025 වන විට නවතම සංශෝධනය
(පර්සියාව; කිෂ්වාර්-ඉ-ශාහ්ඉන්ශාහ්-ඉ-ඊරාන්). බටහිර ආසියාවේ පිහිටි ප්‍රෞඪ ඉතිහාසයක් ඇති පුරාණ රාජ්‍යයක් වූ ඉරානය පරම්පරානුයාත වුව ද ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් සහිත නිදහස් රාජ්‍යයකි. එහි වත්මන් රජ මුහම්මද් රේසා පහ්ලවීය. අමීර් අබ්බාස් හොවෙයිදා ඉරානයේ වර්තමාන (1969) අග්‍රාමාත්‍යවරයාය.
ඉරාන යන වචනය ආර්‍ය්‍ය යන්න මුල්කොට ඇති වූවකි. ඇකිමේනියානු ශිලාලිපිවල එන ‘ආර්‍ය්‍ය’ යන්නෙන් පුරාණ ඉරාන භාෂාවට ගත් ‘ආර්‍ය්‍යන’ යන්නෙහි මධ්‍ය පර්සියානු හෙවත් පහ්ලවී ස්වරුපය වූ ‘ඊරාන්’ යන්නෙන් මෙය සිද්ධයි. 1935 සිට එරට නිලනාමය වශයෙන් ඉරානය යන්න භාවිතා කළ යුතු යයි සම්මත කරගෙන ඇත. එහෙත් පර්සියාව යන වචනය භාවිතා කිරීමට ද 1949 දී එරට විසින් ඉඩදෙන ලදි.
ව.සැ. 627,000ක් පමණ විශාල වූ මෙරට ජනගහනය අධික නොවේ. 1964 ගණන් බැලීම අනුව එහි ජනගහනය 22,623,000ක් පමණය. ඉරානයේ අගනුවර විසිතුන් ලක්ෂයකට අධික ජනගහනයකින් (1964) යුත් තෙහෙරාන්ය.
පටුන
- 1 පිහිටීම
- 2 භූ විද්‍යාව
- 3 භූමි ලක්ෂණ
- 4 දේශගුණය
- 5 වෘක්ෂලතා
- 6 සත්ව ජීවිතය
- 7 ආණ්ඩුක්‍රමය
- 8 පරිපාලනය
- 9 ආර්ථික ක්‍රමය
- 10 වාණිජ කටයුතු
- 11 කෘෂිකර්මය
- 12 සත්ව පාලනය
- 13 ජලසම්පාදනය
- 14 නිෂ්පාදන කර්මාන්ත
- 15 ඛනිජ හා ආකර කර්මාන්තය
- 16 ප්‍රවාහණය
- 17 ජනගහනය
- 18 අධ්‍යාපනය
- 19 ඉතිහාසය
- 20 පුරාවිද්‍යාව
- 21 ඉරාන චිත්‍ර කලාව
- 22 ඉරාන මූර්ති කලාව
- 23 කලාශිල්ප
- 24 ගෘහනිර්මාණ ශිල්පය
පිහිටීම
ඉරානය උතුරින් සෝවියට් සමූහාණ්ඩු සංගම ප්‍රදේශයෙන් හා කැස්පියන් මුහුදින් ද නැගෙනහිරින් ඇෆ්ඝනිස්ථානය හා පකිස්ථානය යන රාජ්‍යයන්ගෙන් ද දකුණින් අරාබි මුහුදින් හා පර්සියන් බොක්කෙන් ද බටහිරින් ඉරාකය හා තුර්කිය යන රාජ්‍යයන්ගෙන් ද වට වී පිහිටා ඇත. සෑම අතින් ම මහා කඳු වැටිවලින් වට වූ උස් වියළි සානු ප්‍රදේශයක් වූ ඉරාන රාජ්‍යයේ විශාල කොටසක් කාන්තාරවත්ය.
භූ විද්‍යාව
නිරිතදිග ඉරානයේ ඛනිජ තෙල් සෙවීම උදෙසා පැවැත්වුණු භූ ගවේෂණයන් නිසා එම පෙදෙස් පිළිබඳ භූ ගවේෂණ තවමත් අසම්පූර්ණය. ඉරාන ප්‍රදේශයෙහි ප්‍රාක්-කේම්බ්‍රිය භූමිය, කේම්බ්‍රිය යුගයේ දී ගිලාබැසීමෙන් පසුව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි මෙහි නිධිසාධනය සිදු විය. පර්මියානු අවධියේ දී මුළු ඉරාන භූමිය ම තෙතිස් මුහුදින් යට වී පවතින්නට ඇතැයි නිගමනය කර ඇත. මෙම නිධි සමහරක් භූ චලන නිසා නැමී, ඉරානයේ සැග්රොස් මෙන් ම එල්බුර්ස් කඳු මණ්ඩල ද ඇති වී තිබේ. සැග්රොස් කඳුවල වයඹදිග කොටස් ජුරාසික අවධියේ දී ද ඊට මඳක් දකුණුදිග කොටස් ඉහළ ඛටිකාමය අවධියේ දී ද නිරිතදිග කොටස් ඉයෝසීන අවධියේ පටන් ප්ලයොසීන අවධිය දක්වා වූ කාලය තුළ දී ද විටින් විට ඇති වූ කඳුකාරක භූ චලනයන් නිසා සෑදී ඇති බව ඒ ඒ කොටස්වල කඳුසාධනයට භාජන වූ නිධි අනුව නිගමනය කළ හැකියි. මුළු සැග්රොස් කඳු මණ්ඩලය පුරා ම හුනුගල් බහුලව ඇත. මෙම හුනුගල් නිධිවල අතරින් පතර වැලි, වටපිඬු පාෂාණ (conglomerates) ග්රැනිට් හා ලාවා තිබේ. එල්බුර්ස් කඳුවල භූ ඉතිහාසය ද මීට නොවෙනස්ය. මෙම කඳු පන්තියෙහි උතුරු දිග වැටිවල ඔඩොවීසියානු නිධි පවා ඇත. අංගාරධර මණ්ඩලීය ගල් අඟුරු නිධි සහිත පෙදෙස් ද මේ කඳු අතර ඇත. ජුරාසික හා ඛටිකාමය අවධිවල දී තැන්පත් වූ හුනුගල් හා ශල්ක මෙහි ද බහුලය. ඔලිගොසීන අවධියෙන් පසුව ද එල්බස් ප්‍රදේශයෙහි කඳුකාරක භූචලනයක් සිදුවන්නට ඇතැයි එහි නැමී, කැඩී, විසිරී ඇත්තාවූ ඔලිගොසීන නිධි අනුව නිගමනය කළ හැකි වේ. කෝපෙත්-දාහ් කඳුවල ද ඛටිකාමය, ඉයෝසීන හා ඔලිගොසීන නිධි ප්‍රමුඛව ඇත. මෙසේ සැග්රොස් හා එල්බුර්ස් ආදි කඳුසාධනයන් සමඟ ම තෙතිස් මුහුද ද කොටස්වලට බෙදිණ. තෙතිස් මුහුදින් ඉරාන ප්‍රදේශයේ ශේෂ වූ කොටස ශීඝ්‍රව ගොඩ වුවද තෘතීයක යුගය දක්වා ම පැවතිණ. ඉරානයේ මධ්‍යම සානුව තෙතිස් මුහුදින් ශේෂවූ ජලාශයන් පමණක් නොව පසු කාලයේ දී එහි සැදි විල් හා ගොහොරු ආශ්‍රිතව තැන්පත් වූ ඝන අවසාදිත නිධිවලින් ද යුක්තය. දකුණුදිග හා අග්නිදිග ඉරානයේ ද ජුරාසික අවධියේ සිට ඉයෝසීන අවධිය දක්වා වූ කාලයට අයත් හුනුගල්, ශල්ක ආදි අවසාදිත නිධි මෙන් ම ලාවා හා ග්රැනිට් පාෂාණ ද ඇත.
භූමි ලක්ෂණ
ඉරානයේ භූ ව්‍යූහය සංකීර්ණ නමුදු ප්‍රධාන භුමි ලක්ෂණ අනුව සැග්රොස් කඳු, උතුරුදිග උස්බිම්, කැස්පියන් තැනි, නැගෙනහිර දිග උස්බිම් හා මධ්‍යම සානුව යැයි කොටස් පහකට බෙදිය හැකි වේ.
සැග්රොස් කඳු
ආර්මීනියාවේ සිට බලුකිස්ථානය දක්වා ඉරානයේ වයඹදිග කෙළවර ඔස්සේ විහිදි සැග්රොස් කඳු භූ විද්‍යානුකූලව පැහැදිලි වන අයුරු යුරෝපය හා දකුණු ආසියා මහාද්වීපය හරහා විහිදි මහා නැමි කඳු පන්තියෙහි ම කොටසකි. කුර්දිස්ථානයේ සිට බන්ඩාර් අබ්බාස් දක්වා විහිදියා වූ මෙම සැග්රොස් කඳු මණ්ඩලය දිගින් සැතපුම් 800ක් පමණ වේ. කඳුවැටි කීහිපයකින් ම සැදි මෙහි සමහර තන්හි පළල සැතපුම් 120ක් පමණ වේ. අසම භූ චලනයන්ගේ හේතුවෙන් බිහි වූ හෝස්ට් කුට්ටි හා විභේද නිම්න බහුල වයඹදිග සැග්රොස් ප්‍රදේශයෙහි උර්මියා විල්ද්‍රෝණිය, බෝයි ද්‍රෝණිය, පහළ ඇරාස් ද්‍රෝණිය, කාරා සූ ද්‍රෝණිය ආදි ද්‍රෝණි කීපයක් ම ඇත. මෙම ද්‍රෝණිවල විල්හි ජලය ඉතා කිවුල්ය, ලුණු සහිතය. පටු නිම්න අතර හෝස්ට් කුට්ටි ද දැදුරු (fractures) ඔස්සේ මැග්මා මතු වූ තන්හි ඇති වූ යමහල් ශිඛර ද මෙහි තවත් විශේෂ ලක්ෂණයි. සවලාන් (14,000’), සහාන්ද් (12,000’) හා ඛාර සානා (15,100’) මෙම ශිඛරයන්ගෙන් තුනකි.
මෙම ප්‍රදේශය හා පර්සියන් බොක්ක අයිනෙහි පිහිටි බන්ඩාර් අබ්බාස් දක්වා වූ සැග්රොස් ප්‍රදේශයෙහි විභේද භූ ලක්ෂණයන්ට වඩා දළ වශයෙන් එකිනෙකට සමාන්තරව විහිදි නැමි කඳුවැටි බහුලය. මෙම කඳුවැටි අතර පටු නිම්න ඉතා සාරවත්ය. මේවායේ උල්පත් බහුලව ඇත. ඉරානයේ මහා ඛනිජතෙල් නිධි පිහිටා ඇත්තේ ද මෙහිය. සැග්රොස් කඳු මණ්ඩලයෙහි මක්රාන් වෙරළට සමාන්තරව විහිදි කොටස උසින් අඩි 7,000කට වැඩි නොවූ ද බෙහෙවින් ඛාදනය වූ ද කඳු වැටි කීපයකින් යුත් වූවකි. මෙම කඳු හා වෙරළ අතර පටු තැනිතලාවක් ද ඇත.
උතුරුදිග උස්බිම්
උතුරුදිග ඉරානයේ එල්බුර්ස් කඳු මණ්ඩලය ද හුරාසාන්හි කඳු ද අත්රෙක් ගංගා නිම්නය ද තාලිෂ් කඳු ද උතුරුදිග උස්බිම් වශයෙන් ගිණිය හැකි පෙදෙසෙහි ප්‍රධාන භූමි ලක්ෂණයෝ ය. ඉරානයේ කැස්පියන් වෙරළකරයට නුදුරුව විහිදි එල්බුර්ස් කඳු වැටියෙහි උතුරුදිග වැටිවල අඩි 10,000ක් පමණ උස් වූ ශිඛර ද ඇත. උතුරු දිග බෑවුම්හි කැස්පියන් වෙරළට ශීඝ්‍රව ඇදහැළෙන කඳුරු සහිත පටු නිම්න රාශියක් තිබේ. දකුණුදිග එල්බුර්ස් කඳුවැටිවල යමහල් කුළු බහුලය. උසින් අඩි 18,550ක් වූ ද මුදුන නිතර ම හිමෙන් වැසී පවතින්නා වූ ද දෙමාවෙන්ද් ඉන් ප්‍රධානය. ඉරානයේ ඉතා ම උස් ශිඛරය ද දෙමාවෙන්ද්ය. ඛුරාසාන් කඳු ප්‍රදේශයෙහි කෝපෙත්-දාහ් වැටිය (10,000’) කුහ්-ඉ-ආලේ හා කුහ්-ඉ-බිනාලුද් යන වැටිවලින් වෙන් කරන මහා නිම්නය ඔස්සේ බටහිර දෙසට අත්රෙක් හා නැගෙනහිර දෙසට කාෂෆ් යන ගංගා ගලා බසී. මර්ව් ප්‍රදේශයේ සිට කැස්පියන් වෙරළ දක්වා ගමන් මාර්ගයක් වශයෙන් මෙම නිම්නය ඈත අතීතයේ සිට ම වැදගත් විය. දළ වශයෙන් නැගෙනහිර-බටහිර දිශාභිමුඛ වූ එල්බුර්ස් කඳු මණ්ඩලයෙහි ගිරිතර සානු කීපයක් ම ඇත.
කැස්පියන් තැනි
ඉරානයේ කැස්පියන් වෙරළබඩ ප්‍රදේශය ද තාලිෂ් හා එල්බුර්ස් කඳුවල උතුරුදිග පහත් බෑවුම් ද ගුර්ගාන් තැන්න ද සහිත වූ මෙම භූගෝලීය ප්‍රදේශය සැතපුම් 10-70 දක්වා පුළුල් වූවකි. මෙහි වෙරළකරයෙහි වැලි වැටිවලින් ආවරණය වූ කලපු හා කරදිය සහිත ගොහොරු ඇත. කැස්පියන් මුහුද ක්‍රමයෙන් සිඳී යන හෙයින් මෙම වෙරළබඩ තීරය වර්ෂයකට අඟල් 87ක් පමණ වැඩේල. මෙම වෙරළකරයෙන් දකුණුදිග එල්බුර්ස් ආදි කඳු කරා කෙමෙන් නැගෙන භූමිය මනා වූ ජලවහනය සහිත වූ ද වෘක්ෂලතාදිය සශ්‍රීකව වැඩෙන්නාවූ ද ප්‍රදේශයකි.
නැගෙනහිරදිග උස්බිම්
අග්නිදිග සැග්රොස් කඳු හා උතුරුදිග උස්බිම් අතර ප්‍රදේශය සාමාන්‍යයෙන් නැගෙනහිරදිග උස්බිම් වශයෙන් හැඳින්වේ. මෙහි භූමිනිර්මාණය විවිධය. පහත් ද්‍රෝණි හා නිම්න නිසා එකිනෙකින් වෙන් වූ රළු මුඩු සානු බිම් කීපයක් මෙහි ඇත. සෙයිස්ථාන් වළතැන්න ද මෙම පෙදෙසෙහි කොටසකි. හෙල්මාන්ද් ආදි ගංගා කීපයකින් පෝෂණය වන හමුන්-ඉ-හෙල්මාන්ද් විල ප්‍රමුඛ විල් කීපයක් ම මෙහි වේ. ඉරානයේ නැගෙනහිර දේශසීමාව අසල පෙදෙස් වැලිකඳු ආදි කාන්තාරීය භූමි ලක්ෂණයන්ගෙන් ද යුත් වේ.
මධ්‍යම සානුව
සැග්රෝස් කඳුවලින් ද නැගෙනහිර හා උතුරුදිග උස්බිම්වලින් ද වට වූ මධ්‍යම සානුව විශාලත්වයෙන් ඉරානයේ මුළු වර්ග ප්‍රමාණයෙන් අඩක් පමණ වූවකි. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට අඩි 5,000ක් පමණ වූ මෙම සානුවෙහි මීආනේහි සිට කර්මාන් දක්වාත් නිශාපූර්හි සිට බලුකිස්ථාන් දේශසීමාව දක්වාත් විහිදි ප්‍රධාන කඳුවැටි දෙකක් ඇත. මතුපිට වියළි ලුණු තට්ටුවකින් වැසී පවත්නා කුවීර් නම් වූ මඩගොහොරු මෙහි බොහෝ තන්හි තිබේ. මෙහි දේශගුණය වියළි නමුදු ජලය නොඅඩු වූ අවට කඳු පෙදෙස්වලින් යටිපසට දිය සීරාවක් රූරායාම නිසා මෙම ගොහොරු ඇති වී යැයි සලකනු ලැබේ. උඩට නෙරා ඇති තියුණු ලුණු කුට්ටි සහිත කැවීර් පෙදෙස බැලූ බැල්මට වුව ද අන්තරායදායකය. මධ්‍යම සානුවෙහි තද ගල් හා බොරලු සහිත රළු කාන්තාර පෙදෙස් දාෂ්ත් නමින් ද ජලය හා ගස්කොළන් රහිත තවත් පෙදෙස් ලූත් නමින් ද හැඳින්වේ. මේ අනුව ජනාවාස ඇතිවීමට හිතකර වූ සාධක දුලබ මුළු මධ්‍යම සානුව ම ජනශූන්‍ය ප්‍රදේශයකි.
දේශගුණය
ඉතා උෂ්ණ වූ ග්‍රීෂ්ම ඍතුවකින් ද අතිශයින් ශීත වූ ශීත ඍතුවකින් ද යුත් ඉරානයේ දේශගුණය මහාද්වීපිකය. පර්සියන් හා ඕමාන් බොකු හැරුණ විට සෑම අතින් ම පාහේ ඉතා විශාල භූමි ප්‍රදේශයන්ගෙන් වට වූ ද මහා කඳුවැටිවලින් ආවරණය වූ ද මෙහි දේශගුණය මහාද්වීපික ලක්ෂණ දැරීම අස්වාභාවික නොවේ. රටේ උතුරු හා බටහිර දිග පෙදෙස්වලට වර්ෂාපතනයක් ඇතත් සෙසු පෙදෙස් ඉතා වියළිය. දැඩි සුළං ඉරානයේ දේශගුණයෙහි විශේෂ ලක්ෂණයකි. ඉන්දියන් අර්ධද්වීපය ඔස්සේ ග්‍රීෂ්ම ඍතුවේ දී හමා එන මෝසම් සුළං ඉරානයට පැමිණෙනුයේ වියළි උණුසුම් සුළඟක් වශයෙනි. ග්‍රීෂ්ම ඍතුවේ දී මධ්‍යම ඉරානය තරම් උෂ්ණ ප්‍රදේශයක් ලෝකයේ වෙනත් නැතැයි කිව යුතු තරම්ය. සීස්ථානයේ සමහර පෙදෙස්වල සා.වා. උෂ්ණත්වය පැ. 130°කි. පර්සියන් බොක්ක අද්දර පැ. 125°ක් වාර්තාගත වූ ස්ථාන ද ඇත. කඳු බෑවුම් මෙතරම් උණුසුම් නොවන හෙයින් ග්‍රීෂ්ම ඍතුවේ දී දැඩි උෂ්ණයෙන් බේරීමට බොහෝ දෙනා එම පෙදෙස්වලට යති. කැපී පෙනෙන ශරත් ඍතුවක් ඇති වනුයේ කැස්පියන් වෙරළ අද්දර පමණි. මධ්‍යම සයිබීරියාවෙන් හමා එන වියළි ශීත සුළං නිසා ඉරානයේ ශීතල තවත් දැඩි වේ. ඉතා ම ශීත වයඹ දිග ඉරානයෙහි ශීත ඍතුවේ දී හිමපතනය අධිකය. ඉරානයේ ජනවාරි මාසයෙහි සාමාන්‍ය උෂ්ණත්වය පැ. 35˚ක් පමණ වේ. දකුණු හා නැගෙනහිරදිග පෙදෙස්වල ජනවාරි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය පැ. 45˚කි. වයඹදිග සැග්රොස්හි ජනවාරි මාසයේ උෂ්ණත්වය පැ. −20°කි. බොහෝ තන්හි පැ. 0°ක උෂ්ණත්වයක් ඇත. ශීත ඍතුවේ දී මක්රාන් වෙරළෙහි හැර සෙසු සෑම තන්හි ම තුෂාරය ද ඇති වේ. ඉරානයට වර්ෂාව ලැබෙනුයේ ප්‍රධාන වශයෙන් මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ හටගෙන නැගෙනහිර දෙසට හමා එන අවපාතවලිනි. මේවායින් වුව ද වැඩි වර්ෂාව ලබන වයඹදිග උස්බිම්හි පිටබෑවුම්වල සා.වා.ව. අඟල් 20 සිට 80 දක්වා අඩු වැඩි වේ. උණුසුම් තෙත් වායුගුණයක් සහිත කැස්පියන් වෙරළබඩ පෙදෙස්හි සා.වා.ව. අඟල් 20-50ක් පමණ වේ. සුළු ආසියාව ඔස්සේ හමා එන අවපාතයන්ගෙන් ලැබෙනවාට වඩා ඊජියන් මුහුද හා කළුමුහුද ඔස්සේ හමා එන අවපාතයන්ගෙන් වර්ෂාව ලැබේ. වියළි වූ දකුණු හා නැගෙනහිර පෙදෙස්වල සා.වා.ව. අඟල් 10ක් පමණ වේ. ඉරානයේ ඉතා ම ශුෂ්ක පෙදෙස් වශයෙන් ගැනෙන මධ්‍යම සානුවේ ද මධ්‍යම සැග්රොස් පෙදෙසේ ද ඉස්ෆහාන්, හමාදාන්, ශිරාස්, කර්මාන්ශා ආදි ප්‍රදේශයන්හි ද සා.වා.ව. අඟල් 4කටත් අඩු තරමි.
වෘක්ෂලතා
වර්ෂාව නොඅඩුව ලැබෙන කැස්පියන් වෙරළ ආසන්නයෙහි හා එල්බුර්ස් කඳුවල උතුරු බෑවුම්වල ද වයඹදිග සැග්රොස් කඳුවල ද හැර ඉරානයේ සෙසු පෙදෙස්හි වනාන්තර නොමැති තරම්ය. විශේෂයෙන් ම වර්ෂාව බහුලව ලැබෙන කැස්පියන් වෙරළ ආසන්නයෙහි හා එල්බුර්ස් කඳුවල උතුරුදිග බෑවුම්හි වනාන්තර ඕක්, හේසල්, ඕල්ඩර්, මේපල්, හෝතෝන් ආදි ලොකු ගස් හා ඒ යට වැඩෙන ඉත්ත වැල්, කටු ඇඹිල්ල ආදියෙන් ද යුක්තය. මෙම වනාන්තරවල අතරින් පතර දෙළුම්, මෙඩ්ලර් ආදි කුඩා පඳුරු සහිත ළැහැබ් පමණක් ඇත. මේවායේ කේතුධර ශාක නැත. එල්බුර්ස් කඳුවල උසින් අඩි 7,000–8,000 ඉක්මවන බෑවුම්හි මෙවැනි වනාන්තර නොවැඩේ. එහි ඇත්තේ මිටි පඳුරු පමණි. කැස්පියන් පෙදෙසේ සිට නැගෙනහිර දෙසට හා දකුණු දෙසට යත් ම වර්ෂාව හිඟ හෙයින් වෘක්ෂලතාදිය ද හීන වේ. ගුර්ගාන් තැන්නෙහි හා ඉන් ඔබ්බෙහි නැගෙනහිර පෙදෙස්හි වැඩි වශයෙන් වැඩෙනුයේ තෘණ සහිත පතන් පමණි. එල්බුර්ස් කඳුවල දකුණු දිග බෑවුම්හි ද වෘක්ෂලතාදිය හීන නමුත් ගිරිතර සානුවල උෂ්ණසමශීතෝෂ්ණ කලාපීය ශාක වැඩේ. එල්බුර්ස් හා සැග්රොස් කඳු අතර ඉරානයේ වයඹදිග පෙදෙස්හි ද වැඩෙනුයේ කාන්තාරීය හා අර්ධකාන්තාරීය ශාක පමණි. මෙම පෙදෙස්හි ශාක අතුරෙහි බොරිජ් (borage), තයිම් (thyme) ආදි බෙහෙත් පැළෑටි රාශියක් ඇත. එල්බුර්ස් කඳුවල උතුරු බෑවුම්හි තරම් ම ශාක ජීවිතය බහුල යැයි ගිණිය හැකි අනෙක් පෙදෙස සැග්රොස් කඳුය. නොයෙකුත් භූ ශාක වර්ග (geophytes) ද වැල්මී, ටැමරිස්ක් පඳුරු හා විනපොඩියේසියේ කුලයේ වෙනත් බෙහෙත් පැළෑටි රාශියක් ද මෙහි ඇත. ඉරානයේ කාන්තාර අද්දර වුව ද ටැමරිස්ක් බහුලව වැවේ. සැග්රොස් කඳුවලට දකුණු දිග පර්සියන් බොක්කෙහි වෙරළබඩ ගස්කොළන් එතරම් සරුසාරව නොවැඩෙතත් රටඉඳි, දෙහි, දොඩම්, සියඹලා හා ටැමරිස්ක් සුලබව දක්නට ලැබේ. අග්නිදිග ඉරානයේ උස්බිම්හි කඳුරු අද්දර උෂ්ණසමශීතෝෂ්ණ කලාපීය ශාක ඇතත් බොහෝ තන්හි වැඩෙනුයේ ශුෂ්කශාක හා ලවණශාක පමණි. අතරින් පතර ජලය නොඅඩු තන්හි අකේෂා, ටැමරිස්ක් ආදිය ඇත. ඉරානයේ වෘක්ෂලතාදිය ඉතා ම දුලබ මධ්‍යම සානු දේශයෙහිය. කරදිය ගොහොරු සහිත මහාකැවීර් පෙදෙසෙහි ශාක ජීවිතයක් නැති තරම්ය. ඒ අවට මඩ සහිත තන්හි කැමල්ස්තෝන් ආදි ශුෂ්කශාක විශේෂ කීපයක් පමණක් වැඩේ. කඳුවැටි අද්දර උල්පත් ඇසුරෙහි රටඉඳි ආදි ශාක දක්නට ලැබේ.
සත්ව ජීවිතය
සත්ව විද්‍යානුකූලව ආසියා මහාද්වීපය පේලියාක්ටික් ප්‍රදේශය හා පෙරදිග ප්‍රදේශය යයි (ආසියාව බ.) කොටස් දෙකකට බෙදේ. ඉරානයෙහි සත්ව ජීවිතය අනුව එය මෙම ප්‍රදේශද්වය අතර වූ අන්තර් ප්‍රදේශයක් වශයෙන් ගිණිය හැකිය. ඉරානයේ ස්වාභාවික සත්ව ජීවිතය පිළිබඳව පවත්වා ඇති ක්‍රමානුකූල සමීක්ෂණ ස්වල්පය. සාමාන්‍ය වශයෙන් පැහැදිලි වන අන්දමට කලකට පෙර මෙහි සිංහයන් බහුල වූ නමුදු දැනට එම සත්තු ඉතා විරලය. ඉරානයේ ජාතික ලාඤ්ඡනය සිංහයායි. මාසන්දෙරාන්හි කොටි ද කර්මාන්හි හා අස්තෙරාබාද්හි දිවියෝ ද සිටිත්. එල්බුර්ස් කඳුකරයෙහි දුඹුරු වලස්සු, සිවල්ලු, බැජර්, ඉත්තෑවෝ, වල් ඌරන් හා වර්ග කීපයක මුවෝ ද බහුලව වෙසෙත්. පර්සියානු මුවන් වැඩි වශයෙන් දක්නට ලැබෙනුයේ කුසිස්ථාන් පෙදෙස්හිය. විශේෂයෙන් ම ලුරිස්ථාන් කඳුබිම්හි වෙසෙන බැටළු වර්ග කීපයක් ද වෙත්. කාන්තාරවලට නුදුරු පෙදෙස්හි වල් බූරුවෝ දක්නට ලැබෙත්. දියබලු, උගුඩු, ලේන්, මී ආදි සත්තු ඉරානයේ බොහෝ පෙදෙස්හි වෙසෙත්. ඉරානයේ ම වෙසෙන පක්ෂීන් හැර කලින් කල එහි යන එන පක්ෂීහු ද බොහෝ වෙත්. බකමූණු, උකුසු, ගිජුලිහිණි ආදි පක්ෂීහු මෙහි බහුලය. කැස්පියන් මුහුදුබඩ පෙදෙස්හි මුහුදුරාජාලි වර්ගයක් ද එල්බුර්ස් කඳු පෙදෙස්හි වෙනත් රාජාලි වර්ගයක් ද සිටින නමුත් ඉරානයේ සෙසු පෙදෙස්හි රාජාලීහු දුලබය. සීස්ථානයේ හා කැස්පියන් වෙරළබඩ පෙදෙස්හි හංසයෝ ද පාත්තයෝ ද වෙත්. ශීත ඍතුවේ දී ඉරානයට සංක්‍රමණය වන පක්ෂීන් අතුරෙහි නොයෙකුත් වර්ගවල තාරාවෝ වෙත්. නිරිතදිග ඉරානයේ විශේෂයෙන් ම පර්සියන් බොක්ක අද්දර පෙදෙස්හි පෙලිකන් ආදි කොක්කු බොහෝ වෙත්. එල්බුර්ස් කඳුකරයෙහි ගංගාවල ට්‍රෞට්, චබ් හා බාබෙල් ආදි මත්ස්‍යයෝ ද ඉරානයේ දකුණු දෙසට ගලන ගංගාවන්හි කාප් මත්ස්‍යයෝ ද කැස්පියන් මුහුදට ගලන ගංගාවන්හි මෝයවලට නුදුරෙන් ස්ට’ජන් හා සැමන් මත්ස්‍යයෝ ද බහුල වෙත්. විෂ සහිත පොළොං ආදි සර්ප වර්ග කීපයක් ම ඉරානයේ ඇත. මෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙන සර්ප විශේෂය කොලුබර්ය. මේ හැර නොයෙකුත් වර්ගයේ සිකනල්, මැඩි, ඉබි ආදි සත්තු ද ඔවුනට හිතකර වූ වටාපිටාවන්හි සිටිත්.
ආණ්ඩුක්‍රමය
1907 සිට ඉරානයේ ආණ්ඩුක්‍රමය හඳුන්වනු ලබන්නේ ‘ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක්’ හැටියටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට සෙනට් සභාවක් හා මහජන මණ්ඩලයක් තිබිය යුතු වේ. එහෙත් 1950 වන තෙක් සෙනට් සභාවක් ඉරානයේ නොතිබිණ. ‘මජ්ලිස්’ නමැති පහළ මණ්ඩලයේ සාමාජිකයන් ගණන 136කි. 1957න් පසු මෙම සංඛ්‍යාව 200 දක්වා වැඩි කරන ලදි. මොවුන් අතුරෙන් වැඩි දෙනකු මහජන ඡන්දයෙන් තේරෙන අතර ස්වල්ප දෙනෙක් රජු විසින් පත් කරනු ලැබෙත්. රජු විසින් අග්‍රාමාත්‍යවරයා ද නම් කරනු ලැබේ. මෙම නාම යෝජනාව මජ්ලිස් සභාවෙන් අනුමත විය යුතුය.
ආණ්ඩුක්‍රමයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විශාල බලතල හිමි වන ආයතනයකි. එහෙත් දේශපාලන බලපෑම්වලට ලක් වන බැවින් නියම නීති විවරණයක් ඉන් ඇති වේ යයි සිතිය නොහේ. නමින් ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් තිබුණ ද ඉරානයේ ඇත්තෙන් ම පවත්නේ ඒකාධිපති පාලනයකැයි කිව යුතුය.
ඉරානයේ ජනසංඛ්‍යාවෙන් හයෙන් එකේ සිට සතරෙන් එකක් දක්වා විවිධ ගෝත්‍රවලට අයත් වෙති. මොවුහු දේශපාලන කටයුතු ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වන නූගත් පිරිසකි. ගෝත්‍ර කණ්ඩායම් අතුරෙන් කුර්ද්, ක්වේක්වායි හා බාක්තියාම් ගෝත්‍රිකයෝ නිතර ම පාහේ කැරලි කෝලාහල ඇති කරන්නෝය. ගෝත්‍රවල නොපනත්කම් මධ්‍යම ආණ්ඩුවේ කාර්යයන් කෙරෙහි මුල සිට ම තදබල අවහිරයක් වී ඇත. නොසන්සුන්බවක් දක්වන ප්‍රත්‍යන්ත ප්‍රදේශ ද ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවකට විරුද්ධත්වය දක්වයි. ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් ඇතිකිරීමේ දී වෙන රටවල මෙන් නොව මෙරට අභ්‍යන්තර ආරක්ෂක සේවාවන් හසුරුවාලීම විශේෂයෙන් ම අවශ්‍ය වූවකි. හමුදාවන් සහ ආරක්ෂක සේවාවන් දැඩි ලෙස පාලනය කිරීමට ශා රජවරුන් පුරුදු වී සිටින්නේ ඒ නිසාය.
පාර්ලිමේන්තු මන්ත්‍රණ සභාද්වය ම හෝ එකක් හෝ විසුරුවා හැරීමට ශාහට බලය ඇත. මුදල් පිළිබඳ නීති සම්මත කිරීමේ හා පැනවීමේ බලය ඇත්තේ මජ්ලිස් සභාවට පමණි. පාර්ලිමේන්තුවෙන් සම්මත වන පනත් ක්‍රියාත්මක වනුයේ ශා සිය අත්සනින් ඒවා අනුමත කළ පසුය. ඒ එසේ වුව ද පාර්ලිමේන්තුව සම්මත කරන පනත් කෙටුම්පත්වලට අත්සන් තබා ආඥාපනත් වශයෙන් ප්‍රකාශ කිරීමට ශා නීතියෙන් බැඳී සිටී.
ව්‍යවස්ථානුකූල පාර්ලිමේන්තු ක්‍රමය අවුරුදු 50ක් පමණ කාලයක් ඉරානයේ ක්‍රියාත්මකව පැවතියේ වුව ද එය නියම පරිදි ක්‍රියාත්මක නොවීය. එහෙයින් නිදහස් පාර්ලිමේන්තුවක් හෝ කැබිනට් මණ්ඩලයක් හෝ එහි නොපැවති අතර දේශපාලන මූලධර්ම හා පරමාර්ථ උඩ ගොඩනැඟුණු පක්ෂ ක්‍රමයක් එරට නොවැඩිණි. 1925 සිට 1941 දක්වා එවක සිටි පරිසා ශා රජු රට පාලනය කෙළේ කිසි ම ව්‍යවස්ථානුකූල බලතල සීමා කිරීමක් නොතකා ස්වෛරී විලාසයෙනි. ඔහුගේ අනුප්‍රාප්තික වර්තමාන රජ ආණ්ඩු ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කරන්නට වූ අතර 1957 දී කරන ලද සංශෝධන මගින් ස්වකීය පරම බලතල ශක්තිමත් කොටගත්තේය.
ඉරානයේ වත්මන් කැබිනට් මණ්ඩලය අග්‍රාමාත්‍යවරයකුගෙන් සහ ඇමතිවරුන් 16 දෙනකුගෙන් සමන්විතය. මේ හැර රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක් ද උපඅගමැතිවරු කීපදෙනෙක් ද එහි වෙති.
පරිපාලනය
පාලන කටයුතු සඳහා ඉරානය උස්තාන් නම් වූ ප්‍රධාන පළාත් 13කට බෙදා ඇත (මෙහි ම ජනගහනය යටතේ බලන්න). ඒවායේ ප්‍රධාන පාලන නිලධාරි තැන උස්තාන්දාර් (අග්‍රාණ්ඩුකාර) නමින් හැඳින්වේ. එක් එක් උස්තානයක් ශාරේස්තාන් (කෝරළ) කිහිපයකට බෙදා ඇත. මේවායේ පාලනය භාරව ඉන්නාහු පාර්මන්දාර් හෙවත් ආණ්ඩුකාරවරුය. ශාරේස්තාන් යළිබාක්පි (දිස්ත්‍රික්ක) වශයෙන් ද ඒවා දේනිස්තාන් (ගම්පත්තු) වශයෙන් ද බෙදා ඇත. කුඩා ගම් භාර මුලාදෑනීන් හැරෙන්නට සෙසු නිලධාරින් පත් කරනු ලබන්නේ මහාණ්ඩුව විසිනි. වඩා විශාල පාලන කොට්ඨාසවල වූ නගරවල මහනගරසභා හෝ නගරසභා ඇත. ඒවායේ නගරාධිපතිවරු අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබෙති. ඉරාන මහා රාජ්‍යයේ මෙන් ම තෙහෙරාන් උස්තානයේ ද අගනුවර වූ තෙහෙරාන්හි මහනගරසභාව මන්ත්‍රීන් 12 දෙනකුගෙන් සමන්විතය. ඉරානයේ පරිපාලන කටයුතු ප්‍රංසයේ පාලන පද්ධතිය අනුව හැඩගැසී ඇති බව පෙනේ.
ආර්ථික ක්‍රමය
ඉරානය බෙහෙවින් ම කෘෂිකාර්මික රටකි. ඉරාන වාසීන් සියයට 80ක් ම යැපෙන්නේ ගොවිතැන් කිරීමෙනි. ගොවි කර්මාන්තය සඳහා භාවිතා කරන නිෂ්පාදන ක්‍රම ඉතා පැරණි වූ ද නොදියුණු වූ ද ඒවාය. එහෙයින් අක්කරයකින් ලැබෙන අස්වනු ප්‍රමාණය ඉතා ම පහත් තත්වයක පවතී. පශුපාලනය ද ඉරානවාසීන්ගේ වැදගත් ම රැකියාවකි. සංචාරක ජනතාව සම්පූර්ණ වශයෙන් ම යැපෙන්නේ එළු බැටළු ආදි සතුන් ඇති කිරීමෙනි. ගොවිජනතාවට ද අතිරේක ආදායමක් ලැබෙන්නේ පශුපාලනයෙනි. ඔවුනට මුදල් උපදින මාර්ග ඇත්තේ මෙපමණකි.
ඛනිජතෙල් කර්මාන්තය හැරණු විට ඉරානයේ ප්‍රධාන කර්මාන්ත රෙදි විවීම, පලස් විවීම, විසිතුරු රිදී භාණ්ඩ සෑදීම ආදියයි. මේ ප්‍රධාන කර්මාන්ත වැඩි ගණනාවක් ම පැරණි කර්මාන්ත වේ. මෙම කර්මාන්ත රටපුරා තැන් තැන්වල විසිරී ගොස් තිබෙන ඒවාය. වැදගත් ලෙස සැලැකෙන නවීන කර්මාන්ත ඇත්තේ සුළු වශයෙනි. සීනි, තඹ, රෙදි, සිමෙන්ති හා වීදුරු කර්මාන්තශාලා ස්වල්ප ගණනක් හැර නවීන කාර්මික ව්‍යාපාර අඩුය. මෙම එක ම කර්මාන්තයකින් වත් අභ්‍යන්තර පාරිභෝගික අවශ්‍යතාවන් නොපිරිමැසෙන බව පැහැදිලිය. ආකර වැඩ කිරීම වුව ද සාපේක්ෂ වශයෙන් නොදියුණු තත්වයක පවතී. ඉරානයේ දියුණු කළ හැකි සෑහෙන තරම් විශාල ඛනිජ සම්පත් තිබේ. ගල් අඟුරු, යකඩ, තඹ, මැංගනීස්, නිකල්, කොබෝල්ට්, සල්ෆර්, සෝඩියම් සල්ෆේට් යනාදිය මෙම ඛනිජ සම්පත් අතුරෙන් කිහිපයකි.
වාණිජ කටයුතු
නිපදවන භාණ්ඩ සුළු ප්‍රමාණය මුළුමනින් ම වාගේ රට තුළ දී ම ප්‍රයෝජනයට ගැනෙන හෙයින් අපනයනය කිරීමට තරම් භාණ්ඩ අතිරික්තයක් මෙරට ඇති නොවෙයි. ඉරානයේ ප්‍රධාන නිර්යාත භාණ්ඩ නම් ඛනිජතෙල්, පලස්, සත්ව ලොම් හා සම්, වියළන ලද පලතුරු, අමු කපු යනාදියයි. සීනි, තේ, යකඩ සහ වානේ, රෙදිපිළී, යන්ත්‍රෝපකරණ, රථවාහන, ටයර්, කඩදාසි, බෙහෙත් ද්‍රව්‍ය, විදුලි භාණ්ඩ උපකරණ වැනි ද්‍රව්‍ය වර්ග රාශියක් ම ඉරානයට ආනයනය කරනු ලැබේ.
දෙවැනි ලෝක සංග්‍රාම කාලයේ දී භාණ්ඩ ආයාතනය කෙරෙහි බාධා ඇති වී ඒවා අත්හිටවනු ලැබුණ ද ඒ වෙනුවට රට තුළ නිෂ්පාදනයක් ඇති නොවීය. මේ අනුව ඇති වුණු උද්ධමනය සහ සමපේක්ෂණ ව්‍යාපාර ඉතා තදබල විය.
1949 ජූලි මස මජ්ලිස් සභාවෙන් හත් අවුරුදු ආර්ථික සැලැස්මක් අනුමත කරනු ලැබිණ. එහි වියදම තක්සේරු කරනු ලැබුවේ රියාල් කෝටි 21ක් වශයෙනි. ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදහස් කරනු ලැබිණ. 1962-68 කාලය ඇතුළත් කරන ලද තුන්වන සැලැස්ම අනුව යොදන ලද මුදල රියාල් කෝටි 14,000කි. ඉන් 21.6%ක් කෘෂිකර්මය සහ වාරිමාර්ග තැනීමටත් 21.4%ක් ප්‍රවාහණ කටයුතුවලටත් 18.7%ක් ඉන්ධන සහ විදුලිබලය සැපයීමටත් 16.7%ක් අධ්‍යාපන සහ සෞඛ්‍ය කටයුතුවලටත් 13%ක් කර්මාන්ත සහ ආකර කටයුතුවලටත් යෙදීමට අදහස් කෙරිණ. ආර්ථික සැලැස්ම සඳහා තෙල් ආදායම්වලින් පළමු අවුරුද්දේ 5% සිට අන්තිම අවුරුද්ද වන විට 80%ක් දක්වා වාර්ෂික වශයෙන් වැඩි වන විශාල මුදල් ප්‍රමාණයක් යෙදීමට රජය විසින් අදහස් කිරීම තුන්වන සැලැස්මේ කැපී පෙනෙන්නා වූ අංගයකි.
ඉරානයේ ව්‍යවහාර මුදල් ඒකකය රියාල්ය. එහි ප්‍රධාන ව්‍යාපාර බැංකුව රියාල් 52,049,415,578ක පූර්ණ වගකීම් සහිත මෙලී බැංකුව වේ. ජාතික ඉතුරු කිරීම් බැංකුව (1939) ද මෙහි ශාඛාවක් වේ. කෘෂිකාර්මික බැංකුව ද මුලින් මෙහි අංශයක් වී තිබුණ ද 1933 දී එය වෙන ම ආයතනයක් සැටියට පිහිටුවනු ලැබීය. උකස් බැංකුව, කාර්මික සහ ආකර සංවර්ධන බැංකුව, විදේශ වෙළෙඳ බැංකුව, ගොඩනැඟිලි සම්බන්ධ බැංකුව, සංවර්ධන බැංකුව යන මේවා ඉරාන ව්‍යාපාර බැංකු අතරින් සමහරකි. රටේ මුදල් සහ ණය මුදල් ප්‍රතිපත්ති භාර මධ්‍යම බැංකුවක් 1960 මුදල් සහ බැංකු නීතිය අනුව 1961 දී පිහිටුවන ලදි.
කෘෂිකර්මය
ඉරානය ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික රටක් වුව ද කෘෂිකර්මය සඳහා යොදවා ඇත්තේ හෙක්ටෙයාර් 16,857,000ක් පමණ වූ බිම් ප්‍රමාණයක් වේ. තව හෙක්ටෙයාර් 32,700,000ක් පමණ ගොවිතැනට යෝග්‍ය නමුදු ගමනාගමන දුෂ්කරතා, ජල හිඟය ආදි හේතූන් නිසා ඒවා වගා කිරීමට ජනයා තුළ උනන්දුවක් නොමැති සේයි. බොහෝ විට අඳ ක්‍රමයක් අනුව ගොවිතැන් කිරීම දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ඉරානයේ කෘෂිකාර්මික දියුණුවට බාධාවක් වී තිබේ. ඒ ඒ පළාත්වල අඳ ගොවිතැන් සිරිත් අනුව ගොවියාටත් ඉඩම් හිමියාටත් අස්වැන්නෙන් හිමි වන ප්‍රමාණය විවිධය. මෑතක දී, විශේෂයෙන් ම රේසා පහ්ලවී ශා රජුගේ පරිශ්‍රමයන් නිසා, ගොවිජනයාට රජයේත් විශාල ඉඩම් හිමියන්ගේත් ඉඩම් බෙදාදීම ආදි ව්‍යාපාර මගින් ගොවිජනයා සතු ඉඩම් ප්‍රමාණය වැඩි කිරීමටත් එමඟින් ගොවිතැන නඟාලීමට මඟපෑදීමටත් කටයුතු යොදා තිබේ. උදලු, නඟුල්, පෝරු ආදියෙන් වැඩ කරන ගොවිජනයා නවීන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ භාවිතයට ඇබ්බැහි කරවීමට ඉරාන රජය දැනට වෙහෙසෙයි. 1961-62 වර්ෂයේ දී ඉරානයේ කෘෂිකාර්මික ට්රැක්ටර් 8,000ක් පමණ වැඩට යොදවා තිබිණ. ඉරානයේ ගොවි කර්මාන්තය කෙරෙහි බෙහෙවින් බලපාන අනෙක් සාධකය ජලසම්පාදනයයි.
ඉරානයේ වගා කරන බෝග අතුරෙහි ප්‍රධාන වනුයේ තිරිඟු, බාර්ලි හා වී ය. ඛුරාසාන්හි කුචාන්-මෙෂෙද් (මෂද්) හා අසර්බයිජාන්හි උර්මියා තැනි ද ඉස්ෆහාන්, කෙර්මාන්, ඛූසිස්ථාන් හා ෆාර්ස් දිස්ත්‍රික්ක ද තිරිඟු වගා කරන ප්‍රධාන ප්‍රදේශය. තිරිඟු ඉරානයේ ශීත ඍතු වගාවකි. තිරිඟු වවන පෙදෙස්හි ම බාර්ලි ද වගා කරනු ලැබේ. කෘමි වසංගත ඉරානයේ කෘෂිවගාවන්ට අතිශයින් විනාශකාරීය. කැස්පියන් මුහුදුබඩ මාසන්දෙරාන් හා ගිලාන් ප්‍රදේශයන්හි හා පහළ සෙෆීඩ් රුඩ් නිම්නයෙහි ද ප්‍රධාන බෝගය වනුයේ වීය. ඛූසිස්ථාන් හා කෙර්මාන්ශා දිස්ත්‍රික්කවල ද ශිරාස් ද්‍රෝණියෙහි ද වී ජලසම්පාදන පහසුකම් නොඅඩු ගොවිබිම්හි ද වී ගොවිතැන කෙරේ. ඉරානයේ ප්‍රධාන ආහාර සඳහා වැඩි වශයෙන් භාවිත වනුයේ පිළිවෙළින් තිරිඟු, බාර්ලි හා සහල්ය. වසන්තයේ දී වගා කරන ධාන්‍ය අතුරෙහි මිලට් හා ඉරිඟු ද වැදගත් වේ. ඉරිඟු වගාව වඩාත් දියුණු වී ඇත්තේ ඛූසිස්ථාන් ප්‍රදේශයෙහිය.
ඉරාන ජනයාගේ දෛනික ආහාරයෙහි පලතුරු ද වැදගත් තැනක් ගනී. ඒප්‍රිකට්, ආමන්ඩ්, ඇපල්, චෙරි, පීච්, ෆිග්, ඔලිව්, මිදි, කොමඩු හා දොඩම් වර්ගයේ පලතුරු ඉරානයේ බොහෝ ගොවිබිම්හි සරුවට වැඩේ. පලතුරු වගාව වඩාත් දියුණු වයඹදිග ඉරානයේය. මුහුදු මට්ටමේ සිට අඩි 4,500ක් පමණ උසින් පිහිටි ගොවිබිම්හි ද මිදි වැවීම දියුණුය. ඉරානයේ මිදි වගාව සම්බන්ධයෙන් නම් දරනුයේ ශිරාස් දිස්ත්‍රික්කයයි. අලුත් පලතුරු වශයෙන් මිදි විශාල ප්‍රමාණයක් ඉරාන ජනයාගේ ආහාරයට ගැනෙන නමුදු රේසින්, සුල්තානා ආදි වියළි මිදි වර්ග රාශියක් රටේ නිර්යාත ද්‍රව්‍ය ගණයට ද එක් වේ. ආගමික බාධාවන් කෙසේ වෙතත් වයින් පෙරීම ද අතීතයේ පටන් පැවත එන කර්මාන්තයකි. ශිරාස් දිස්ත්‍රික්කයේ හා කැස්පියන් වෙරළාසන්න පෙදෙස්හි දොඩම් ආදී පලතුරු වගාව ද දියුණුය. මුහුදු මට්ටමේ සිට අඩි 1,000-2,000 දක්වා වූ කඳු බෑවුම්හි දොඩම්, පීච් හා දෙළුම් ආදි පලතුරු ද සිසිල් දේශගුණයක් සහිත වූ ද ජලය ප්‍රමාණවත් වූ ද ඊට ඉහළ මුහුදු මට්ටමේ සිට 4,000 පමණ දක්වා වූ බෑවුම්හි ප්ලම්, චෙරි, ඇපල්, පෙයාර්, ස්ට්‍රෝබෙරි ආදි සමශීතෝෂ්ණ කලාපීය පලතුරු ද වගා කරනු ලැබේ. ඉරානයේ සෑම තැන ම පාහේ කොමඩු වගා කරන නමුදු ඒ ගැන වඩාත් ප්‍රසිද්ධියක් දරනුයේ ඉස්ෆහාන් ප්‍රදේශයයි. එහි ඔලිව් එතරම් බහුලව වගා නොකෙරේ. වැඩි වශයෙන් ඔලිව් වගා කෙරෙනුයේ මධ්‍යම සෙෆිඩ් රුඩ් නිම්නයෙහිය. සැග්රොස් කඳුවල නැගෙනහිර බෑවුම් පෙදෙස්හි ද කුඩා ඔලිව් උයන් ඇත. දකුණු ඉරානයේ සැග්රොස් කඳුවලින් අග්නිදිග පෙදෙස්හි ද මක්රාන් දිස්ත්‍රික්කයෙහි ද රටඉඳි වැවීම ඉතා දියුණුය. මෙම පෙදෙස්හි ජනයාගේ ප්‍රධාන ආහාරයක් වශයෙන් රටඉඳි ඉතා වැදගත් වේ. මිනාබ් හා ඛූසිස්ථාන් රටඉඳි ඉතා ම බහුල ප්‍රදේශය. ඉරාන ජනතාවගේ ආහාර සඳහා වගා කරන බෝග අතුරෙහි එළවළු ද වැදගත්ය. බෝංචි, කැරට්, තක්කලි, පිපිඤ්ඤ, ලූනු ආදි සාමාන්‍ය එළවළු වර්ග රාශියක් වවනු ලැබේ. දහනවවැනි ශතවර්ෂයේ මුල් භාගයේ දී සර් ජෝන් මැල්කම් විසින් ඉරානයේ අර්තාපල් වැවීම ආරම්භ කරනු ලැබීය.
ඉරානයේ වෙළෙඳ බෝග අතුරෙහි ප්‍රමුඛ වනුයේ කපුය. තරමක් දිග කෙඳි සහිත ෆිලෙස්ටානි කපු වගාව දියුණු පෙදෙස් නම් අසර්බයිජාන්, කෙර්මාන්ශා, ෆාර්ස් හා ඛූසිස්ථාන්ය. කෙටි කෙඳි සහිත ඇමෙරිකානු කපු වර්ගයක් කැස්පියන් පෙදෙස්හි ද කෙටි කෙඳි සහිත දේශීය කපු වර්ගයක් වැඩි වශයෙන් වියළි කඳුකරයන්හි ද වවනු ලැබේ. කපු වචන පෙදෙස්වල ජලසම්පාදන ක්‍රම ද අවශ්‍යයෙන් ම දියුණු කර ඇත. සමහර පෙදෙස්හි පුළුන් සඳහා පමණක් නොව තෙල් සිඳීම පිණිස ඇට රැස්කිරීමට ද කපු වවනු ලැබේ. ඉරානයේ සමහර පළාත්වල ආහාර පිසීමට තෙල් භාවිතා කෙරේ. තෙල් සිඳීම සඳහා ඉරානයේ වගාකරන අනෙක් බෝග වශයෙන් අබ, ලින්සීඩ් හා එඬරු සඳහන් කළ හැකිය. පටපණුවන් ඇති කිරීම උදෙසා මල්බෙරි වැවීම වැඩි වශයෙන් මාසන්දෙරාන් ප්‍රදේශයෙහි හා ඊ අවට කැස්පියන් පළාත්වල දියුණුය. සමහර ප්‍රදේශයන්හි රජයට හොරා වුව ද අබිං වැවීම මල්බෙරි වගාවන්ට මහත් පහරක් විය. අබිං වැවීම ඉරානයේ ඉතා බහුලව පැවති නමුත්, ඉරාන ජනතාව අතර අබිං පාවිච්චිය ඉතාමත් හිංසාකාරී සමාජ ප්‍රශ්නයන්ට තුඩුදුන් හෙයින් අබිං වැවීම රජය මගින් සම්පුර්ණයෙන් තහනම් කර තිබේ. එසේ වුවද නීති විරෝධි අබිං වගාවන් මැඩපැවැත්වීම රජයට මුහුණ පාන්නට වී ඇති උග්‍ර ප්‍රශ්නයකි. රේසා ශාගේ උද්‍යෝගය නිසා ආරම්භ වුණු සීනි බීට් වැවීම ඉරානයේ වැදගත් වෙළෙඳ වගාවක් වී තිබේ. ඛුරාසාන්, කෙර්මාන්ශා හා ශිරාස් යනාදි තන්හි එය ජයට කෙරීගෙන යේ. අතීතයේ පටන් උක්වැවීම ඉරානයේ දියුණුව පැවති නමුදු මෑතක සිට ඒ කෙරෙහි සැලකිල්ල අඩු වී තිබේ. සුළු වශයෙන් වුව ද උක් වැවීම ගිලාන් හා මාසන්දෙරාන් පළාත්වලට සීමා වී ඇත. ඉරානයේ ආර්ථික තත්වය නඟාලීම අරමුණු කරගත් රේසා ශාගේ උනන්දුව නිසා ආරම්භ කරන ලද අනෙක් වෙළෙඳ බෝගය තේ ය. තේ වැවීම් වඩාත් දියුණු වී ඇත්තේ උතුරු ඉරානයේ බටහිර සැග්රොස් කඳු පෙදෙසෙහිය. ඉරානයේ ඉතා ම ජනප්‍රිය පානය තේ යැයි කිව හැකිය. 1936 දී ඉරානයේ ප්‍රථම තේ කම්හල ලභිජාන්හි පිහිටුවනු ලැබීය. 1962-63 දී ඉරානය තේ මෙ.ටොන් 12,000ක් නිපැදවීය. මාසන්දෙරාන් පළාතේ නැගෙනහිර දිග පෙදෙස්හි ජූට් හණ ස්වාභාවිකව වැඩෙන නමුත් වෙළෙඳ බෝගයක් වශයෙන් එය වඩා දියුණු කර නැත. දුම්කොළ ඉරානයේ බොහෝ පෙදෙස්වල වගා කෙරේ. අග්නිදිග හා වයඹදිග සැග්රොස් ප්‍රදේශයන්හි ද කැස්පියන් ප්‍රාන්තයන්හි ද දුම්කොළ වගාව වඩාත් දියුණුය. දුම්කොළ රැස්කිරීම හා නිෂ්පාදනය ඉරාන රජය මඟින් මෙහෙයවනු ලැබේ. බෙහෙත් ද්‍රව්‍ය වශයෙන් හෝ කාර්මික වශයෙන් හෝ අගය ඇති සමහර ගස්වල ලාටු හා මැලියම් ඉරානයට විශාල විදේශ ආදායමක් උපයා දෙයි.
සත්ව පාලනය
ඉරානයේ සත්ව පාලනය රැඳී ඇත්තේ සංචාරක එඬේර ගෝත්‍රික ජනයා අතෙහිය. සංචාරක එඬේර ගෝත්‍රික ජනයා ගම්වල පදිංචි කරවා ඔවුන් කෘෂිකාර්මික ව්‍යාපාරයන්හි යෙදවීමට මෑතක දී පියවර ගෙන ඇති නමුත් එම එඬේර ජීවිතයට ඇබ්බැහි වූවන් ඉන් ඉවත් කිරීම එතරම් සාර්ථක වී නැත. ඇත්ත වශයෙන් මෙම සංචාරක එඩේර ජනයා ඔවුන්ට හුරුපුරුදු ජීවනෝපාය ක්‍රමයෙන් ඉවත් කර ස්ථිර වාසස්ථාන සහිත ගොවිජනතාවක් බවට පත්කිරීම සඳහා වූ ප්‍රයත්නයන් නිසා එතෙක් ඉරානයට මස්, කිරි හා විශේෂයෙන් ම බුමුතුරුණු සඳහා වූ ලොම් සපයා ගත් මාර්ගයට මහත් පහරක් වැදිණ.
සංචාරක එඬේර ගෝත්‍රික ජනයා විසින් මෙන් ම ගැමියන් විසින් ද එළුවෝ ද බැටළුවෝ ද වැඩි වශයෙන් ඇති කරනු ලබත්. ශුෂ්ක දේශගුණය නිසා සරු තණ බිම් දුලබ ඉරානයේ සතුන් ඇති කරන්නන් එළුවන් හා බැටළුවන් රැකීමට වැඩි උනන්දුවක් දැක්වීම ස්වාභාවිකය. ගවපාලනයට සරු තණබිම් අවශ්‍යය. එළු බැටළු දෙවර්ගයට ම අවශ්‍ය වනුයේ මිටි තණ පඳුරු හා ශුෂ්ක කලාපීය ශාකය. ඉරානයේ සංචාරක එඬේරු ග්‍රීෂ්ම ඍතුවේ දී කඳු ඉහළ තණබිම්වලටත් ශිත සෘතුවේ දී පහළ ප්‍රදේශයන්ටත් සමහර විට සැතැපුම් සිය ගණන් යති. තමන් සතු, තැනින් තැන ගෙන යා හැකි, සියලු දේපළ ද වැඩි වශයෙන් එළු ලොමින් නිමවූ කූඩාරම් ද බූරුවන් හෝ ඔටුවන් පිට පටවාගෙන සිය අඹු දරුවන් ද කැටුව එළුබැටළු ආදින් ද දක්කාගෙන සමූහ වශයෙන් එක් පෙදෙසක සිට තවත් පෙදෙසකට සංක්‍රමණය වීමට මොවුනට බොහෝ විට දින කීපයක් ගත වේ. මෙම සංචාරක ගෝත්‍රික ජනයා තේ, සීනි, රෙදිපිළී, ආභරණ හා වෙඩිබෙහෙත් ආදි දේ හැර සෙසු දෛනික අවශ්‍යතාවන් අතින් බොහෝ දුරට ස්වයංපෝෂිතයහ. කිරි, වෙඬරු ආදි ආහාර ද්‍රව්‍ය ද විශේෂයෙන් ම ඉරානයේ බුමුතුරුණු කර්මාන්තය සඳහා ලොම් ද මෙම එඬේරු උපයති. 1964 සංඛ්‍යා ලේඛනයෙහි එම වර්ෂයේ ඉරානයේ බැටළුවන් ලක්ෂ 260ක් හා එළුවන් ලක්ෂ 140ක් වී යැයි සටහන් වී ඇත. ගවපාලනය ඉරානයේ නගර අවට පමණක් දියුණු වී ඇත්තේ ජනගහනය රාශීභූත වී සිටින නගරයන්හි කිරි හා කිරි ද්‍රව්‍යයන් අලෙවි කරගැන්ම වඩාත් පහසු හෙයිනි. ඉරානයේ සාමාන්‍ය ගවයෝ වර්ගයෙන් එතරම් උසස් නොවෙත්. කිරි පිණිස වූ ගව දෙවර්ගයක් සරාබ් හා ගුල්පායිගාන් පෙදෙස්වල බෝකර ඇත. කෘෂිකාර්මික ප්‍රදේශයන්හි ගොවිපළවල වැඩට හා බර ඇදීම සඳහා දේශීය ගවයෝ යොදනු ලැබෙත්. බර ඇදීම සඳහා බූරුවන් හා කොටළුවන් යොදාගැනීම වඩාත් බහුලය. මොවුන් ඇති කරන ප්‍රධාන පෙදෙස් නම් ලුරිස්ථාන්, කුර්දිස්ථාන් හා ෆාර්ස්ය. දකුණු හා නැගෙනහිරදිග ඉරානයේ තවලම්වල ඔටුවෝ ද බොහෝයි. ඉරානයේ කටුක දේශගුණය දැරිය හැකි වූත් බර ඉසිලීමෙහි වඩා දක්ෂ වූත් දෙමුහුන් ඔටු වර්ගයක් ඇති කෙරේ. සෑම තැන ම පාහේ කුකුළන් ඇති කරනු දක්නට ලැබේ. නගරාසන්නයන්හි ද ජනගහනය බහුල උතුරු ඉරානයේ ද නව ක්‍රමානුකූලව කුකුළන් ඇතිකිරීම ශීඝ්‍රව දියුණු වී යයි.
ජලසම්පාදනය
වර්ෂාපතනයෙන් ඉරානයට ලැබෙන ජලය අඩුය. වර්ෂාපතනය හෝ හිමපතනය හෝ ලැබෙන කඳුකරයන්ගෙන් ගලා බස්නා ජලය හැකි පමණින් ප්‍රයෝජනයට ගැනීමට සිදු වී ඇත්තේ එහෙයිනි. කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් නොව ඉරාන ජනයාගේ දෛනික අවශ්‍යතාවන් පිරිමසාගැන්ම උදෙසා ද අවශ්‍ය ජලය සපයාගැන්මට ඉරානයට විශේෂ වූ චිරාගත ජලසම්පාදන ක්‍රම ඇත. ජල බහුල ළිඳකින් හෝ ගඟකින් ගමකට හෝ ජනාකීර්ණ ස්ථානයකට හෝ කනාත් නොහොත් කාරිස් නම් වූ උමඟක් ඔස්සේ ජලය ගෙනයාම එබඳු ජල සම්පාදන ක්‍රමයකි. කනාත් උමඟෙහි පළින්පළ රොන්බොර ඉවත් කිරීම හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මිනිසකුට එතුළට වැදීමට තරම් වූ දෝනා ඇත. ලොකු ගම්වලට ජලය සැපයෙන කනාත් උමං දෙක තුනක් ඇත. කනාත් ජලමාර්ගයෙන් බෙදී යන කුඩා ඇළවල් මඟින් ගොවිබිම්වලට ජලය සැපයේ. භූගත ජලය රැඳි පෙදෙස්හි නළ ළිං භාවිතය ශීඝ්‍රව පැතිරී ගොස් ඇත. ගෘහ්‍ය කටයුතු සඳහා පමණක් නොව ගොවිබිම්වලට ජලය සැපයීමට ද ඒවා යොදනු ලැබේ. ගංගා හරහා වේලි බැඳ ජලය රැස් කරගැන්ම ද අතීතයේ පටන්ම ඉරානයේ පැවැති බවට සාක්ෂි ඇත. ඉරාන ගොවියා තවමත් ලී කොටන් හා කටුමැටි යොදා වේලි බැඳගනී. 1930-1950 අතර කාලයේ දී බොහෝ පෙදෙස්හි කුඩා වුව ද නවීන ක්‍රමානුකූල වේලි රැසක් ඉදි කරනු ලැබීය. 1950න් පසු විශාල කොන්ක්‍රීට් වේලි ආදිය යොදා මහා ජලසම්පාදන හා කෘෂිකාර්මික ව්‍යාපාර අරඹනු ලැබීය. 1949 දී ඉරාන රජය මගින් පිහිටුවනු ලැබූ සැලසුම් සංවිධානය යටතෙහි රටේ ආර්ථික සංවර්ධනය අරභයා යෝජිත ව්‍යාපාර කීපයක් ක්‍රියාත්මක කිරීම මීට හේතු විය. තෙහෙරාන් නගරයට නුදුරු කාරාජ් හා උතුරු එල්බුර්ස් බෑවුම්හි සෙෆිඩ් රුඩ් ගංගා හරහා විශාල වේලි දෙකක් පිළිවෙළින් 1961 හා 1962 දී නිම කරනු ලැබීය. ඛූසිස්ථාන් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම උදෙසා වූ කාරූන් ගංගා නිම්න ව්‍යාපාරය ද දේස් වේලි ව්‍යාපාරය ද ඉතා වැදගත්ය. ජල සම්පාදනය පමණක් නොව ජල විදුලිබලය නිපදවීමට ද වසන්තයේ දී ඇති වන ජලගැලීම් වැළැක්වීමට ද මෙම ව්‍යාපාරයන් උපයෝගී කරගැනීමට සැලසුම් කර තිබේ. දේස් වේල්ල මගින් රැස් කරගත හැකි ජලප්‍රමාණයෙන් අක්කර 360,000ක් පමණ වූ ගොවිබිම් අවුරුද්දකට දෙවරක් වගා කිරීමට ද කි.වො. 520,000ක විදුලිබලය නිපදවීමට ද හැකි වෙතැයි ගණන් බලා ඇත. කාරූන් ගංගා නිම්න ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ඛූසිස්ථාන් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා වූවකි. ගවයින් යොදා කරකවාගන්නා ජලරෝද සහිත ළිං විශේෂයෙන් ම දකුණු ඉරානයේ බහුලව දක්නට ලැබේ.
නිෂ්පාදන කර්මාන්ත
ඛනිජතෙල් කර්මාන්තය හැර වෙනත් ප්‍රධාන කර්මාන්ත වශයෙන් ඉරානයේ වැදගත් වනුයේ පේශකර්මාන්තය, සීනි පිරිසිදු කිරීම, පිටි ඇඹරීම, පලතුරු සැපයීම, සම් කර්මාන්තය හා වීදුරු, ගිනිපෙට්ටි, සිමෙන්ති, ගොඩනැගිලි ද්‍රව්‍ය යනාදිය නිපදවීමත්ය. පේශකර්මාන්තය, බුමුතුරුණු විවීම හා සම් කර්මාන්තය ආදිය පාරම්පරිකව ඉරානයේ දියුණු වී තිබෙන ගෘහකර්මාන්තයෝය. රේසා ශාගේ ප්‍රයත්නයන් නිසා ඉරානයේ ආරම්භ කරන ලද කර්මාන්ත බොහොමයකට උවමනා අමුද්‍රව්‍ය එරටින් ම සොයගත හැකි විය. අභිනවයෙන් ආරම්භ කරන ලද නවීන නිෂ්පාදන කර්මාන්තයන් පාලනය කිරීම උදෙසා ඉරාන රජය යටතේ කාර්මික හා ආකර කර්මාන්ත බැංකුව, සත් අවුරුදු ක්‍රම සම්පාදක මණ්ඩලය ආදි සංවිධාන ද පිහිටුවන ලදි.
ඉරානයේ කපුපිළී කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානය වනුයේ කපු වගාවට ද ප්‍රසිද්ධ ඉස්‍ෆහාන් පළාතය. ඉස්ෆහාන් නගරයේ කපුපිළී කම්හල් කීහිපයක් ම ඇත. ෂාහී, බේෂාහර්, තබ්රීස්, කස්වීන්, කෙර්මාන්, මෙෂෙද් හා යෙස්ද් කපු කර්මාන්තය සම්බන්ධයෙන් වැදගත් වෙනත් නගරය. ලෝම කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානය ද ඉස්ෆහාන්ය. තබ්රීස් හා කස්වීන්හි ද ලොම්පිළී නිෂ්පාදනය දියුණුය. පටපිළී විවීම පට නිපදවන කැස්පියන් පළාත්වලට ම ප්‍රධාන වශයෙන් සීමා වී ඇත. පටපිළී කර්මාන්තය වැඩිදියුණු කිරීම උදෙසා හත් අවුරුදු සංවර්ධන සැලැස්ම යටතේ පට කර්මාන්ත සංස්ථාවක් ද පිහිටුවා තිබේ. චාලුස් හා රාෂ්ත් පටපිළී කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානයෝයි. 1963 දී ඉරානයේ සියලු වර්ගයේ රෙදි මීටර් 240,000,000ක් පමණ ද නූල් බේල්මිට් 3,290,000ක් පමණ ද නිපදවනු ලැබීය.
ඉරානයේ බුමුතුරුණු විවීම පාරම්පරික කර්මාන්තයකි. රසායනික සායම් නොව ශාක ද්‍රව්‍යයන්ගෙන් ලබාගන්නා සායම් පෙවූ අයිරේනියානු ලොම්වලින් පාරම්පරික කාර්මිකයා අතින් වියැවුණු බුමුතුරුණු නිමැවුමෙන් මෙන් ම කලාත්මකභාවයෙන් ද විශේෂත්වයක් දැරීය. තබ්රීස්, සුල්තානාබාද්, කෙර්මාන්, තෙහෙරාන්, ශිරාස්, හමාදාන්, ඛුරමාබාද්, බිජාර්, සෙන්නා හා කෂාන් බුමුතුරුණු නිපදවන ප්‍රධාන මධ්‍යස්ථානය. මේ එක් එක් මධ්‍යස්ථානයෙහි නිමැවෙන බුමුතුරුණු වුව ද රටා වර්ණ ආදි ලක්ෂණ අනුව එකිනෙකින් සියුම් ලෙස වෙනස් වේ. හස්තකර්මාන්තයක් වශයෙන් වඩාත් දියුණු වූ බුමුතුරුණු නිපදවීම සඳහා නවීන යන්ත්‍රෝපකරණ යෙදවීම එතරම් සාර්ථක වී නැත. 1965 දී බුමුතුරුණු පිටරට යැවීමෙන් ඉරානය රියාල් 2,733,415ක ආදායමක් උපයාගෙන තිබේ.
නොයෙකුත් ආහාර ද්‍රව්‍යයන් අලෙවිය පිණිස සැකසීම සඳහා වූ කර්මාන්ත රාශියක් ඉරානයේ ඇත. රජයේ තේ හා සීනි කම්හල් ද වී මෝල් කීපයක් ද වෙයි. ඉරානයේ තේ සංස්ථාව සතු විශාල ම කම්හල පිහිටා ඇත්තේ ලභිජාන්හිය. වයඹ දිග ඉරානයේ හා තෙහෙරාන්හි සීනි කම්හල් පිහිටුවා තිබේ. පිටි මෝල් වැඩි කොටස ඇත්තේත් ධාන්‍ය වගාව දියුණු වයඹදිග පෙදෙස්හිය. විශාල පිටි මෝල්වල නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කෙරෙන අතර ගම්බදව ජලරෝද මඟින් වැඩකරන පිටි මෝල් බහුලව දක්නට ලැබේ. පලතුරු ටින්වල ඇහිරීම, මත්පැන් පෙරීම, දුම්කොළ කර්මාන්තය ආදි කර්මාන්ත රැසක් ම ප්‍රධාන වශයෙන් තෙහෙරාන්හි ඇත.
නවීන කම්හල් රාශිභූත වී ඇති තෙහෙරාන්හි රසායන ද්‍රව්‍ය, සබන්, සිමෙන්ති, ගිනිකූරු, වීදුරු, කඩදාසි, කාඩ්බෝඩ් ආදි භාණ්ඩ රැසක් නිපදවනු ලැබේ. හස්තකර්මාන්ත මුල් කරගත් නිෂ්පාදන කර්මාන්ත අතුරෙහි මැටිභාණ්ඩ, විසිතුරු ගඩොල්, ලී කැටයම්, රිදී භාණ්ඩ ආදිය නිපදවීම ප්‍රධාන වේ. ඉස්ෆහාන් හා තෙහෙරාන් මැටිභාණ්ඩ සහ විසිතුරු ගඩොල් සෑදීම ගැන ද සෙන්ජාන්, ඉස්ෆහාන් හා ශිරාස් රිදී කැටයම් වැඩ ගැන ද අබාදේ හා ගුල්පයිගාන් ලී කැටයම් කර්මාන්තය ගැන ද ප්‍රසිද්ධියක් දරයි.
ඛනිජ හා ආකර කර්මාන්තය
ඉරානයේ ඛනිජ ධනය විශාල වුව ද ආකර කර්මාන්තයේ දියුණුව මඳය. ප්‍රවාහණ පහසුකම් දුලබ වීම මීට ප්‍රධාන හේතුවක් වී ඇත. නවීන ක්‍රමානුකූලව කැණගනු ලබනුයේ ඛනිජතෙල් පමණි. 1896 දී ශා රජතුමාගෙන් බලය ලත් පර්සියානු ජාතිකයකු විසින් ඉරානයේ ඛනිජතෙල් කැණීම ප්‍රථම වරට අරඹනු ලැබීය. මෙම අයිතිය 1916 පමණේ දී ජෝර්ජියානු ජාතික කෝස්මාරියා නමැත්තකු සතු කරගත්තේල. මේ අතරතුර 1901 දී ව.සැ. 480,000ක පමණ පෙදෙසක ඛනිජතෙල් කැණගැන්මේ වරප්‍රසාදයක් ලබාගත් විලියම් ඩාසි නමැත්තෙක් පසු කාලයේ දී එය ඇංග්ලෝ අයිරේනියානු ඛනිජතෙල් සමාගමට (A.L.0.C.) පැවරීය. 1932 දී මෙම ගිවිසුම අවළංගු කර ව.සැ. 100,000ක් විශාල වූ ප්‍රදේශයක පමණක් ඛනිජතෙල් කැණීමේ බලය එම සමාගමට පවරනු ලැබීය. මෙම ගිවිසුම ද 1961 දී අවළංගු කර ඉරානයේ ඛනිජතෙල් කර්මාන්තය ජනසතු කරනු ලැබීය. මේ වන විට මෙම සමාගම සතු වූ විශාල ඛනිජතෙල් ශෝධනාගාරයක් ද ඉරානයේ තිබිණ. ජනසතු කිරීමට පෙරාතුව සමාගම සතුව තිබුණු ඛනිජතෙල් නිෂ්පාදනය කෙබඳු වී දැයි පහත දැක්වෙන සංඛ්‍යාලේඛනයෙන් පැහැදිලි වේ:
වර්ෂය-ඉපයු ඛනිජ තෙල් ප්‍රමාණය (දිග ටොන්)
1946-19,189,551
1948-24,871,058
1950-3,175,147
1951 (ජන.-ඔක්.)-16,176,000
ජනසතු කිරීමට අනතුරුව ඇති වූ අරගළ නිසා ඛනිජතෙල් නිෂ්පාදන හා නිර්යාත ප්‍රමාණ බොහෝසෙයින් අඩු විය. කෙසේ නමුදු 1954 දී එක් අතකින් ඉරාන රජය හා ජාතික ඉරාන ඛනිජතෙල් සංගමයත් අනෙක් අතින් ජාත්‍යන්තර ඛනිජතෙල් සමාගම් අටකුත් එක්ව අත්සන් තැබූ ගිවිසුමක් අනුව ඉරාන ඛනිජතෙල් කර්මාන්තය නව පණක් ලැබීය. 1964 දී ඉරානයේ නිපදවූ තෙල් ප්‍රමාණය මෙ.ටො. 75,000,000ක් විය. 1961 වන තුරු කැණගත් ඛනිජතෙල් බිම් ප්‍රධාන වශයෙන් නිරිතදිග ඉරානයේ සැග්රොස් පාවුල් කඳු ප්‍රදේශයට සීමා වී තිබිණ. 1961න් පසු පර්සියන් බොක්කෙහි ද තෙහෙරාන් පළාතේ කුම් නගරයට සමීපව ද ඛනිජතෙල් කැණීම අරඹනු ලැබීය.
වාණිජ ව්‍යාපාර වශයෙන් ඛනිජතෙල් ලබා ගැනීම හැර වෙනත් ඛනිජ කැණගැන්ම එතරම් දියුණු නැත. ඛනිජ නිධි සොයාගැන්ම උදෙසා වූ ගවේෂණ ද අසම්පූර්ණය. ආකර කර්මාන්තයේ දියුණුවට මංමාවත් සෑදීම අත්‍යවශ්‍ය වී ඇත. එල්බුර්ස් කඳුකරයේ බොහෝ පෙදෙස්හි බිටුමන්මය ගල්අඟුරු නිධි බහුලව ඇත. කෝක් සඳහා යෝග්‍ය ගල්අඟුරු නිධි විශාල ප්‍රමාණයක් කිර්මාන්හි ඇත. 1960-61 දී ඉරානයේ ගල්අඟුරු නිෂ්පාදනය ටොන් 230,000ක් පමණ විය. එල්බුර්ස් කඳු වැටි පෙදෙස්හි ද කෙර්මාන්, ඉස්ෆහාන් හා අනාරාක් පළාත්වල ද අරාක් හා ෂම්සාබාද් නගර අවට ද ඉරානයේ ප්‍රධාන නිධි ඇතැයි සොයාගෙන තිබේ. මෙ රට වර්ෂයකට යකඩ ටොන් 57,600ක් නිපදවනු ලැබේ. මින් වැඩි කොටස යුරෝපයට යැවෙයි. යකඩ හා වානේ කම්හලක් පිහිටුවා ගැන්මට ඉරානය අවුරුදු කීපයක් ම වෙහෙස වී ඇත. ෂම්සාබාද්හි මෙම කම්හල පිහිටුවීමට යෝජනා කර ඇති නමුත් එම කටයුතු තවමත් සම්පූර්ණ කොට නැත. වැඩි වශයෙන් ම හෝර්මුස් දිවයිනෙන් රැස් කරගන්නා යකඩ ඔක්සයිඩ් ඉරානයේ නිර්යාත ද්‍රව්‍යයන්ට ඇතුළත්ය. ප්‍රධාන වශයෙන් එල්බුර්ස් ප්‍රදේශයන්ගෙන් ද සුළුවශයෙන් වෙනත් පෙදෙස්වලින් ද ක්‍රෝමයිට් ටොන් 109,000ක් පමණ 1962-63 වර්ෂයේ දී රැස් කරගනු ලැබීය. මින් කොටසක් ස්වදේශීය සම් කර්මාන්තයේ අවශ්‍යතාවන් සඳහා වැය වන නමුත් කොටසක් පිටරටවලට යවනු ලැබේ. ඉරානයේ ඊයම් බහුලව ලැබේ. ඊයම් ආකර බහුලව පිහිටා ඇත්තේ අනාරාක් පෙදෙසෙහිය. 1960–61 ඊයම් ඉපැයුම ටොන් 100,000ක් පමණ විය. ඉරානයෙන් ඊයම් මිලයට ගන්නා ප්‍රධාන රට සෝවියට් රුසියාවය. එල්බුර්ස් කඳුකරයෙහි හා උතුරුමැද ඉරානයේ තඹ ආකර රාශියක් ඇත. 1960–61 දී තඹ ටොන් 12,400ක් පමණ හාරාගනු ලැබීය. නවීන තඹ ශෝධනාගාරයක් තෙහෙරාන් නගරයට නුදුරු සෙන්ජාන්හි ඇත. තුත්තනාගම්, මැංගනීස්, නිකල්, බෙලෙක්, කොබෝල්ට්, ඇන්ටිමනි, ඇලම් හා ආසනික් ආදි සුළු වශයෙන් කැණගනු ලබන වෙනත් ඛනිජ ද ඉරානයේ නිර්යාත ද්‍රව්‍ය ගණයට ඇතුළත් වේ. ඛුරාසාන් පළාතෙන් කැණගනු ලබන නිල් මැණික් ඉතා උසස් වර්ගයකි. නිෂාපූර් නිල්මැණික් කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානයයි. කිරිගරුඬ, හුනුගල්, ග්රැනිට් ආදිය ඉරානයේ බොහෝ පෙදෙස්හි රැස් කරනු ලැබේ. ගෙන්දගම්, ගල්ලුණු හා ලවණ නිධි ආශ්‍රිතව රැස් කරගන්නා ඛනිජ නිධි වර්ග කීපයක් ද ඇත.
ප්‍රවාහණය
ඈත අතීතයේ පටන් මධ්‍යධරණී රටවල සිට ඉන්දියාව ආදි පෙරදිග රටවල් කරා වූ මාර්ග විශේෂයෙන් ම උතුරු ඉරානය හරහා වැටී තිබිණ. මුහුදු ගමන් දියුණු වත් ම ඉරානය හරහා වූ මෙම ජාත්‍යන්තර ගොඩ ගමන් මාර්ග අභාවයට පත් විය. 16 වැනි හා 17 වැනි ශතවර්ෂය තුළ දී සෆාවිදු ශා රජවරු යටතෙහි විශේෂයෙන් ම උතුරු හා බටහිර ඉරානයේ ගමන් මාර්ග දියුණු කරන ලද නමුත් ප්‍රතිසංස්කරණ කටයුතු නිසි කලට ඉටු නොවූ හෙයින් හා ගෝත්‍ර කලකෝලාහල ආදිය නිසා එම මාර්ග ද අබලන් විය. පළමුවැනි ලෝක සංග්‍රාමයේ අවශ්‍යතාවන් උදෙසා බ්‍රිතාන්‍ය හා රුසියන් ජාතිකයන් විසින් වයඹ, නිරිත හා නැගෙනහිර දිග ඉරානයේ මහාමාර්ග තරමක් දියුණු කරනු ලැබීය. හිටපු රේසා ශා රජුගේ ප්‍රයත්නයන් නිසා ද 1939න් පසු ඉරානයේ මංමාවත් වැඩි දියුණු විය. 1965 දී මැනැවින් තනන ලද මහාමාර්ගවල දිග කිමී. 4,907ක් පමණ විය.
1927ට පෙර ඉරානයේ දුම්රිය සේවය ඉන්දියාවේ සිට ශාහිදාන් දක්වා වූ මාර්ගයකටත් රුසියානු ජල්‍ෆා නගරයේ සිට තාබ්රිස් දක්වා වූ මාර්ගයකටත් සීමා වී පැවතිණ. උතුරු ඉරානයේ බන්දාර් ශාහ්නගරයේ සිට තෙහෙරාන් හා බන්දාර් ශාන්පූර් දක්වා දුම්රිය මාර්ග දැමීමට 1927 දී වැඩ ආරම්භ කරන ලදුව 1938 දී පමණ එය නිම විය. දෙවැනි ලෝක සංග්‍රාම කාලයේ දී රුසියන් හා බ්‍රිතාන්‍ය ජාතීන්ගේ උනන්දුව නිසා තව තවත් දුම්රිය මාර්ග තනන ලදි. දිගින් කිමී. 3,400ක් පමණ වූ දුම්රිය මාර්ග ඉරානයේ ඇත (1965). යුගල ධාවනපථ සහිත දුම්රිය මාර්ග ඉරානයේ නැත.
තෙහෙරාන්හි මේහ්රාබාද්, අබදාන් හා ශාහිදාන් යන ඉරානයේ ප්‍රධාන ගුවන් තොටුපොළවල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල්ය. ශිරාස්, ආහ්වාස්, ඉස්ෆහාන්, හමාදාන්, මෙෂෙද්, කෙර්මාන්ශා හා තබ්රීස් අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් වශයෙන් වැදගත් වේ. ඉරාන් ජාතික ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් සේවාවන්හි සහාය ඇතිව යුරෝපීය රටවලට ද සෝවියට් දේශයට හා ආසියාතික රටවලට ද ගුවන් ගමන් පහසුකම් සපයයි.
තැපැල් විදුලි පණිවුඩ හා දූරකථන සේවාවන් ඉරාන රජය මගින් පාලනය වේ.
නාවික ගමනාගමනය සඳහා කැස්පියන් මුහුද හා පර්සියන් බොක්ක නිසා යම්යම් පහසුකම් ඉරානය සතුය. ඉරානයේ ප්‍රධාන වරාය පර්සියන් බොක්කෙහි පිහිටි ඛුරම්ෂාර්ය. ඉරානයේ නිර්යාත ද්‍රව්‍ය වැඩි කොටසක් පිට වනුයේ මෙම වරායෙනි. බන්දාර් ශාහ්පූර් වරාය දියුණු කිරීමෙන් පසුව ඉරාන දුම්රිය සේවය හා නාවික සේවය සම්බන්ධ කිරීමට වඩාත් පහසුකම් සැලසිණ. ඇංග්ලෝ-අයිරේනියානු තෙල් සමාගම මගින් ඛනිජතෙල් පිටරට යැවීම සඳහා සංවර්ධනය කරන ලද අබදාන් වරාය ඉතා දියුණුය. මුතු කිමිදීම සඳහා හෝ වෙළෙඳාම සඳහා පැමිණෙන කුඩා යාත්‍රාවන්ට ප්‍රධාන වශයෙන් ලින්ගේහ්, චාර්බාර් ආදියෙහි වරාය පහසුකම් ඇත.
ඉරානයේ කැස්පියන් වෙරළේ පිහිටි ප්‍රධාන වරාය බන්දාර් පහ්ලවීය. කැස්පියන් මුහුදේ මසුන් මැරීම ද බහුලව කෙරෙන හෙයින් එම යාත්‍රා ද පහ්ලවී වරායට සේන්දු වේ. ඉරානයේ කැස්පියන් වෙරළ ශීඝ්‍රව ගොඩ වී යන නිසා මෙහි සෙසු වරායවල් එතරම් යහපත් නොවේ.
අභ්‍යන්තර ජලමාර්ගයක් වශයෙන් කරූන් නදිය තරමක් වැදගත්ය. ආහ්වාස්හි සිට ඛුරම්ෂාර් දක්වා බඩුබාහිරාදිය ගෙනයන කුඩා යාත්‍රා ගමනාගමනය කෙරේ. ආහ්වාස්හි සිට ගඟ ඉහළ ෂලිලි දක්වා තරණය කරන කුඩා යාත්‍රා ඇත. රේසායේ විලෙහි ශාරාෆ්-ඛානේ සිට කොල්මාන්-ඛානේ දක්වා මගීන් මෙන් ම බඩුබාහිරාදිය ද ගෙනයන යාත්‍රා ඇත.
ජනගහනය
1956 සංගණනය අනුව ඉරානයේ ජනගහනය 18,944,821ක් විය. 1964 නිගමනයන් අනුව මෙය 22,623,039ක් යැයි සංඛ්‍යාලේඛනයන්හි සඳහන් වේ. ජනගහනය ඉතා ම අධික තෙහෙරාන් පළාතෙහිය. සංඛ්‍යා වශයෙන් ඊළඟට වැදගත් වනුයේ ඛුරාසාන් හා අසර්බයිජාන් පළාත්ය. මැලේරියා ආදි රෝග මර්ධනය කිරීම පිණිස වූ ව්‍යාපාර, වඩා යහපත් සෞඛ්‍ය පහසුකම් යනාදිය නිසා ඉරානයේ මරණ සංඛ්‍යාව ද අඩු වී ඇත. 1964 සංඛ්‍යාලේඛන අනුව වර්ෂයකට 3% පමණකින් ජනගහනය වැඩි වේ යැයි ගණන් බලා තිබේ. ඉරානයේ ජනගහනයෙන් 70%ක් පමණ ගැමි ජනයාය. 20%ක් පමණ නාගරික ජනයාය. 10%ක් පමණ වූ සෙසු ජනයා සංචාරක එඬේර ගෝත්‍රිකයෝය.
ඉරානයේ පළාත් (උස්තාන්) ද අගනුවරවල් හා ඒවායේ ජනගහනය (1964) ද මෙසේය:
පළාත-අගනුවර-නගරයේ ජනගහනය-පළාතේ ජනගහනය (දශ ලක්ෂ)
තෙහෙරාන්-තෙහෙරාන්-2,317,116-4.8
ගිලාන්-රාෂ්ත්-118,634-1.5
නැ. අසර්බයිජාන්-තබ්රිස්-387,803-2.7
බ. අසර්බයිජාන්-රේසායේ-91,127-.8
කුර්දිස්ථාන්-සනත්මාජ්-45,446-0.5
කෙර්මාන්ශා-කෙර්මාන්ශා-_-1.7
මාසන්දෙරාන්-සාරි-_-1.6
ඛූසිස්ථාන්-ආහ්වාස්-_-2.4
ෆාර්ස්-ශිරාස්-_-1.6
ඉස්ෆහාන්-ඉස්ෆහාන්-339,909-1.8
කෙර්මාන්-කෙර්මාන්-75,228-0.9
ඛුරාසාන්-මෙෂෙද්-312,186-1.8
සීස්ථාන් හා බලුකිස්ථාන්-සහේදාන්-_-.25
ඉරාන ජාතිකයන්ගෙන් 98%ක් පමණ ඉස්ලාම් භක්තිකයෝය. ඉස්ලාම් ආගමේ ශීය නිකාය අනුගමනය කරන්නෝ වඩාත් බහුලය. සුන්නි නිකායික ඉස්ලාම් භක්තිකයෝ අඩුය. එහෙත් සෑම පෙදෙසක ම පාහේ මොවුහු ද හමුවෙත්. කුර්ද්, ටුකාමාන් හා බලුකි මෙම නිකායවාදි ප්‍රධාන ගෝත්‍රය. සූෆි, ඉස්මයිලි, අලි ඉලාහි ආදි කුඩා ඉස්ලාම් නිකායයන් අදහන සුළු ජන සමුහ ද ඉරානයේ වෙත්. ශරතුෂ්ට්‍ර ධර්මයේ නිජබිම වූ ඉරානයේ මෙකල ඇත්තේ ශරතුෂ්ට්‍ර භක්තිකයන් දසදහසක් පමණ පිරිසක් පමණි. මොවුහු ප්‍රධාන වශයෙන් යෙස්ද් හා කෙර්මාන් ප්‍රදේශවල වෙසෙත්. යුදෙව්වන් හා නිකාය කීපයක ක්‍රිස්තු භක්තිකයෝ ද මෙහි වෙත්.
අධ්‍යාපනය
19 වැනි ශත වර්ෂය මැද භාගයේ දී නස්රෙබ්-දින්-ශා රජුගේ අධ්‍යාපන නීති පැනවෙන තුරු ඉරානයේ අධ්‍යාපනය ආගමික මධ්‍යස්ථානයන්ට සීමා වී පැවතිණ. කුරානය හැදෑරීම නිසාත් උසස් පර්සියානු සාහිත්‍ය කෘතීන් මුඛපරම්පරාගතව හෝ සාමාන්‍ය ජනයා අතර ප්‍රචලිත වූ නිසාත් ඉරානයේ භාෂාව සශ්‍රීකව වැඩිණ. ක්‍රමානුකූල නවීන අධ්‍යාපනයට මුල් පියවර ගත් නසර් උද්දීන් ශා රජ විද්‍යාව ඉගැන්වීම සඳහා ආයතනයක් 1852 දී තෙහෙරාන්හි පිහිටුවා විද්‍යාව, කලා ආදියෙහි අධ්‍යාපන කටයුතු පාලනය සඳහා රජයේ අමාත්‍යාංශයක් ද පිහිටුවාලූයේය. 1897 දී අන්ජුවාන්-ඉ-මාරුෆ් නමැති ජාතික අධ්‍යාපන මණ්ඩලය පිහිටුවීම ඉරානයේ අධ්‍යාපනයේ වැඩීමට තවත් රුකුලක් විය. ඇමෙරිකානු මිෂනාරි සමාගම, ප්‍රංශ කතෝලික සභාව ආදි සංවිධානයන් මගින් ද පාසැල් රැසක් මේ වකවානුවේ දී පිහිටුවනු ලැබීය. 20 වැනි ශතවර්ෂය මැද භාගයේ දී ඇමෙරිකානු ආධාර මඟින් විශේෂයෙන් ම ග්‍රාමීය පෙදෙස්වල නවීන පාසැල් පිහිටුවනු ලැබීය. ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්‍ය්‍ය කෙරෙන නීති රජය මගින් 1943 දී පනවනු ලැබීය.
ඉරාන ජනගහනයෙන් 40%ක් පමණ කිසියම් අධ්‍යාපනයක් ලැබුවෝ වෙත්. ඉරානයේ අධ්‍යාපන ක්‍රමය ප්‍රංසයේ අධ්‍යාපන ක්‍රමයට සමානකම් දක්වයි. ප්‍රාථමික හා ද්විතීය ප්‍රාථමික අධ්‍යාපන පරිපාටිය රජය මඟින් තීරණය කරනු ලැබේ. උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයන් හා කාර්මික විද්‍යාලයෝ ද වෙත්. ඉරානයේ ප්‍රමුඛ විශ්වවිද්‍යාලය තෙහෙරාන්හි පිහිටා ඇත. රේසායේ, ඉස්ෆහාන්, මෙෂෙද්, ශිරාස් හා ආහ්වාස් යන තන්හි ද විශ්වවිද්‍යාලයෝ වෙත්. රජයේ පාසැල්වල මෙන් ම විශ්වවිද්‍යාලයන්හි ද නිදහස් අධ්‍යාපන පහසුකම් ඇත. ජාතික අයිරේනියානු තෙල් සමාගම මගින් අබදුන්හි පාලනය වන කාර්මික විදුහල ද මධ්‍ය ගිවිසුම් සංවිධානය (Central Treaty Organization) මඟින් 1959 දී තෙහෙරාන්හි පිහිටුවන ලද න්‍යෂ්ටික විද්‍යා ආයතනය ද 1961 දී කරාජ්හි පිහිටුවන ලද කෘෂිකාර්මික හා පාංශු සංරක්ෂණ විද්‍යා ආයතනය ද ඉරානයේ විශේෂ අධ්‍යාපන මධ්‍යස්ථානයෝය. 1963 දී ඉරානයේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහා වූ පාසැල්හි ශිෂ්‍ය සංඛ්‍යාව 17,194,226ක් විය. ද්විතීය පාඨශාලා 1,380ක ශිෂ්‍යයෝ 341,905ක් වූහ. එම වර්ෂයේ දී ශිෂ්‍යයන් 12,198කට අධ්‍යාපනය සැලසූ වෘත්තීය පාඨශාලා 114ක් ද 24,450ක පමණ ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත උසස් අධ්‍යාපන ආයතන 41ක් ද ඉරානයේ විය.
ඉතිහාසය
කැස්පියන් මුහුදත් පර්සියන් බොක්කත් අතර පිහිටි ප්‍රදේශය ඉරානය යනුවෙනුත් පර්සියාව යනුවෙනුත් හැඳින්වේ. මෙරට නිල නාමය වන ඉරානය යන වචනයේ තේරුම ආර්යයන්ගේ භූමිය යන්නයි.
ඉරාන දේශය ප්‍රාග්-ඓතිහාසික යුගයේ සිට ලෝක සංස්කෘතියේ වැදගත් තැනක් උසුලන රටකි. තිරිඟු තෘණ වර්ගය පළමුවෙන් ම සොයාගනු ලැබුණේ ඉරාන පෙදෙසෙනි. ක්‍රි.පූ. 5000 පමණේ දී සිට ම මේ ප්‍රදේශයේ ගොවිතැන ප්‍රචලිතව පැවැතිණි. මේ හැර ඉරාන කඳුකර ප්‍රදේශය තවත් අතකින් ඉතිහාසයේ වැදගත් තැනක් ගනියි. යුප්‍රටීස්-ටයිග්‍රිස් මිටියාවතේ නාගරික සභ්‍යත්වයක් ගොඩනැඟූ ජනතාව ඒ ප්‍රදේශයට සංක්‍රමණය වූයේ ඉරාන කඳුකර පෙදෙසින් බව පුරාවිද්‍යාත්මක සාධකවලින් ඔප්පු වී ඇත.
ප්‍රාග්-ඇකිමේනියානු හා ඇකිමේනියානු යුග
ක්‍රි.පූ. 3 වන හා 2 වන සහස්‍රකවල දී ඉරානයේ දේශපාලන හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය වූයේ නිරිතදිග ප්‍රදේශයයි. නිරිතදිග ඉරානයේ පැවැති ඊලාම් (බ.) රාජ්‍යය බටහිර ආසියා ඉතිහාසයේ ප්‍රධාන තැනක් ගත් එකකි. මෙම රාජ්‍යය ක්‍රි.පූ. 640 දී ඇසිරියානු අසුර්බනිපාල් එරට ආක්‍රමණය කරන තෙක් පැවැතියේය (ඇසිරියාව බ.).
පළමුවන සහස්‍රකයේ මුල්භාගය මානව ඉතිහාසයේ සන්ධිස්ථානයකි. මෙම යුගයේ බලවිවර්ධනය සඳහා සටන් ඇති වූයේ මනුෂ්‍ය වාසයට බෙහෙවින් හිතකර යුප්‍රටීස්-ටයිග්‍රිස් ගංගා නිම්නවල නොව ඊට උතුරින් පිහිටි කඳුකර ප්‍රදේශයේයි. ආධිපත්‍යය සඳහා සටන් ඇති වූයේ සෙමිටික් ඇසිරියන්වරුන්, උරාර්තු රාජ්‍යය හා ඉරාන ජාතිකයන් අතරේයි. අවසානයේ දී ජයග්‍රහණය කොළෝ ඉරාන ජාතිකයෝය. ඔවුනට ලෝකයේ ඉපැරණි ශ්‍රෙෂ්ඨ අධිරාජ්‍යයක් ගොඩනැඟීමට හැකි විය. ඉරාන ජාතිකයෝ ඉන්දු-ඉරාන පවුලෙන් බටහිරට කැඩීගිය කොටසට අයත් වෙති. මෙම ආර්‍ය්‍ය සංක්‍රමණය ආරම්භ වූයේ ක්‍රි.පූ. 1200 පමණේ දීය. ඉරාන කඳුකරයට සංක්‍රමණය වූ ආර්යයන්ට ඇසිරියා, ඊලාම් වැනි රාජ්‍ය නිසා තව දුරටත් බටහිරට සංක්‍රමණය වීම අපහසු විය. මෙම හේතුවෙන් ඔවුහු ක්‍රි.පූ. 900 පමණේ දී ඉරාන තැනිතලාවේ ජනපද පිහිටුවා ගත්හ.
ඉරාන ජාතිකයෝ ඉරානයේ නොයෙක් පෙදෙස්වල රාජ්‍යයන් පිහිටුවූහ. බටහිර ඉරානයේ බිහි වූ මීඩියා රාජ්‍යයට ඇසිරියාව සමඟ නිතර ගැටෙන්නට සිදු විය. මීඩියන් රාජ්‍යයේ අගනුවර වූයේ ඒක්බතානා නුවරයි. මීඩියාවේ බලවත් රජකු වූ සයක්සරීස් (ක්‍රි.පූ. 625-585) ඇසිරියාවේ බලය සම්පුර්ණයෙන් ම විනාශ කොට තම බලය සුළු ආසියාව දක්වා ව්‍යාප්ත කෙළේය. ෆාර්ස් ප්‍රදේශයේ වූ රාජ්‍යය ඇකිමේනියානු රාජ්‍යය නමින් හැඳින්විණි. ක්‍රි.පූ. 532 දී ඇකිමේනියානු සයිරස් රජ ඇකිමේනියාව මීඩියන් රාජ්‍යයේ ආධිපත්‍ය බියන් මුදාගත්තේය. මීඩියාව ද තවත් නොයෙක් දේශ ද වසා පැතිරී ගිය ඇකිමේනියානු අධිරාජ්‍යය ප්‍රහි වූයේ මෙයින් පසුවයි. එම අධිරාජ්‍යය ක්‍රි.පූ. 330 දී මහා ඇලෙන්සැන්ඩර් රජු එරට ආක්‍රමණය කරන තෙක් පැවැතියේය (ඇකිමේනියානු අධිරාජ්‍යය ඛ.).
යාවනික යුගය
ඇලෙක්සැන්ඩර්ගේ අකාල මරණයෙන් පසුව ඔහු ගොඩනැඟු විශාල අධිරාජ්‍යය ඔහුගේ සෙන්පතියන් අතරේ බෙදාගන්නා ලදි. මේ අනුව ඉරානය ඇතුළු ආසියාතික පෙදෙස් අයත් වූයේ සෙලූකස් නිකේටර්ටය. ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතියන් අතරින් ඉරානය සමඟ ළඟින් සම්බන්ධකම් පවත්වන ලද්දේ නිකේටර් විසින් පමණි. ඔහු විවාහ වී සිටියේ පර්සියානු කුමරියක සමඟය. සෙලූසිඩ් ආධිරාජ්‍යයේ ප්‍රථම අගනුවර වූයේ ටයිග්‍රිස් නදිය අසල පිහිටි සෙලූෂියා නුවරයි. එහෙත් සිරියාවේ ඇන්ටියොක් (බ) නගරය සෙලූසිඩ් පාලනය දුර්වල විය. සෙලූසිඩ් අධිරාජ්‍යයේ දුර්වලත්වය ප්‍රාදේශීය රාජ්‍යයන්ගේ නැඟීමට අනුබලයක් විය.
මෙසේ බිහි වුණු රාජ්‍ය අතරින් වැදගත් තැනක් ගන්නේ ආර්සසිඩ් රාජ්‍යයයි. මෙම රාජ්‍යය ගොඩනඟන ලද්දේ පාර්තියන්වරුන් විසිනි. පාර්තියාව නියම අධිරාජ්‍යයක් බවට පත්වූයේ පළමුවන මිත්‍රඩේටිස් (ක්‍රි.පූ. 171-138) සමයේ දීය. මේ සමයේ දී පාර්තියා අධිරාජ්‍යයට මීඩියා, ඊලාම්, පර්සිස්, බැබිලෝනියා, ඇසිරියා, සූසා යන ප්‍රදේශත් නැගෙනහිරින් බැක්ට්‍රියාවත් අයත් විය. පාර්තියන්වරුන්ගේ ආධිපත්‍යය ඉරානවාසීන් ඉවසුවේ බලවත් අප්‍රසාදයෙනි. පාර්තියන්වරුන් ම්ලේච්ඡ කොටසක් ලෙස ඔවුහු සැලකූහ. එමෙන් ම පාර්තියන්වරුන් යටතේ ඉරාන පෙදෙස්වල දේශපාලනය අතින් හෝ ආර්ථික අංශයෙන් දියුණුවක් නොවීය.
ඉරානය නැවතත් නිදහස් රාජ්‍යයක් වශයෙන් නැඟීසිටියේ පාර්තියානු රාජ්‍යය බිඳවැටීමෙන් පසුවයි. ක්‍රි.ව. 211 දී අර්දසීර් නමැත්තා ෆාර්ස් ප්‍රදේශයේ කැරැල්ලක් ඇති කොට 224 දී පාර්තියානු ආධිපත්‍යය කෙළවර කළේය. අර්දසීර් ආර්මීනියාව, බැක්ට්‍රියාව යන ප්‍රදේශ හැරෙන්නට අනෙක් සියලු ම ඉරාන පෙදෙස් එක්සත් කළේය. අලුත් රාජවංශය හැඳින්වුණේ ‘සාසාන’ රාජවංශය යනුවෙනි. සාසාන රාජවංශය යටතේ බලවත් මධ්‍යම ආණ්ඩුවක් බිහි විය. ඔවුන්ගේ පාලනය කාර්යක්ෂම එකක් විය. අර්දසීර් මස්දා ආගම රාජ්‍ය ආගම බවට පත් කෙළේය. අර්දසීර්ගේ වැදගත් ම කාර්යසිද්ධිය ලෙස සැලකිය හැක්කේ බලවත් යුද්ධ හමුදාවක් ගොඩනැඟීමයි.
සාසානවරු මුල පටන් ම කාර්යක්ෂම විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. බටහිරින් රෝම අධිරාජ්‍යය සමඟ ද නැගෙනහිරින් මධ්‍යම ආසියාවේ කුෂාණ අධිරාජ්‍යය සමඟ හා හූණයන් සමඟ ද ඔවුන්ට සටන් කරන්නට සිදු විය. මේ හැරෙන්නට ආර්මීනියාව ද තර්ජනයක් විය.
සාර්පූර් I (241-271) රාජ්‍යසමයේ දී රෝම අධිරාජයා පරාජය කිරීමට සාසානවරුනට හැකි විය. රෝම අධිරාජයා වූ වැලේරියන් සිරකරුවකු කොට ගන්නා ලදි. නස්ත්-ඉ-රස්තම් ශිලා ලිපියෙහි සාර්පූර් I රජු කුෂාණවරුන්ගේ අගනුවර වූ පේශාවර් අල්ලාගත් බව සඳහන් වේ. කුෂාණ රජවරුන් සාසාන රාජ්‍යයේ ආධිපත්‍යය පිළිගත් බව ද සඳහන් වේ. ආක්‍රමණ ව්‍යාපාර සඳහා පමණක් නොව සංස්කෘතික දියුණුව සඳහා ද හේ කටයුතු කළේය. සාර්පූර්ගෙන් පසුව වැදගත් සාසාන පාලකයා වූයේ දෙවැනි සාර්පූර් (309-79) රජතුමායි. ඔහු කුෂාණ බලය සම්පූර්ණයෙන් ම විනාශ කළේය. කුෂාණ පෙදෙස් යටත්වීම සාසාන කලා ශිල්ප නැගෙනහිරට විහිදීයාමට ආධාරයක් විය.
II වැනි සාර්පූර්ගේ මරණයෙන් පසුව සාසාන රාජ්‍යය අභ්‍යන්තර වියවුල් නිසා දුර්වල විය. සිංහාසනය සඳහා නිතර සටන් ඇති විය. රාජ්‍යයේ නියම බලවතුන් වූයේ රදල හා පූජක පක්ෂයයි. සාසාන රජවරු ඔවුන්ගේ අතකොළු බවට පත් වූහ.
සාසාන රාජවංශය නැවතත් බලවත් වූයේ I වැනි ඛුස්රාවෝ (521-579) සමයේ දීය. රාජවංශයේ ආධිපත්‍යය රදල හා පූජක යන දෙපක්ෂය ම පිළිගත්හ. පාලන තන්ත්‍රය නැවත සංවිධානය කළ මෙම රජතුමා පාලන පහසුව සඳහා අධිරාජ්‍යය කොටස් සතරකට බෙදුවේය. එපමණක් නොව වාරිමාර්ග දියුණුවට ද හෙතෙම කටයුතු කළේය. සාසාන ඉතිහාසයේ ශ්‍රෙෂ්ඨතම යුගය ලෙස සැලකිය හැක්කේ ඛුස්ර වෝගේ රාජ්‍ය සමයයි. යුද්ධ ජයග්‍රහණය අතින් පමණක් නොව ඉරාන සංස්කෘතික දියුණුව අතින් ද ඔහුගේ සමය සාසාන යුගයේ උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැකිය.
ඛුස්රාවෝ යුගය තවත් අතකින් ද වැදගත්ය. බයිසන්ටයින් අධිරාජ්‍යය සමඟ නැවතත් සටන් ඇති වූයේ මෙකලයි. II වැනි ඛුස්රාවෝ (589-628) ප්‍රථමයෙන් බයිසන්ටයින් අධිරාජ්‍යයට විරුද්ධව ජයග්‍රහණය කළත් ක්‍රි.ව. 627 දී නිනවේ දී අන්ත පරාජයට පත් විය. මෙම පරාජය සාසාන අධිරාජ්‍යයේ පරිහානියට මුල පිරීමක් විය.
ශතවර්ෂ හතරක් පමණ කාලයක් අසල්වැසි රාජ්‍යයන් සමඟ දිගට ම සටන් කිරීම සාසාන රාජ්‍යයේ පිරිහීමට හේතුවක් විය. එමෙන් ම ආභ්‍යන්තරික වියවුල් ද ඊට හේතු විය. මෙලෙසින් පිරිහෙමින් තුබුණු සාසාන රාජ්‍යයට අවසාන ප්‍රහාරය එල්ල කරන ලද්දේ මෙම රාජ්‍යයේ පාරම්පරික සතුරන් විසින් නොව අලුතින් පැමිණි අරාබි ජාතිකයන් විසිනි. ක්‍රි.ව. 651 වන විට සාසාන අධිරාජ්‍යය අරාබි ජාතිකයන්ගේ යටත් ප්‍රදේශයක් බවට පත් විය. අරාබි ගෝත්‍රිකයෝ ඛුරාසාන් හා අසර්බයිජාන් යන ප්‍රදේශවල පදිංචි වූහ. ක්‍රි.ව. 750 දක්වා මේ ප්‍රදේශවල පැවැතියේ අරාබි පාලනයකි. ඉරානයේ ඉස්ලාම් ධර්මය පැතිර යාම එරට දේශපාලන, ආර්ථික හා සමාජ ව්‍යූහයේ විශාල වෙනසක් ඇති කරවීමේ ලා සමත් වූ සිද්ධියක් විය. රජුන්ගේ දිව්‍යමය අයිතිය හා ඒකාධිපති පාලනය පිළිබඳ අදහස් ඉස්ලාම් ධර්මයේ සමාජ දර්ශනය නිසා දුර්වල විය. මෙසේ වුව ද ඉරාන ජාතිකයන්ට ඔවුන්ගේ සමහර සංස්කෘතික සම්ප්‍රදායයන් රැකගැනීමට හැකි විය. ක්‍රි.ව. 750 දී අබ්බාසිද් කාලිෆ්වරුන් බලයට පත් වීමෙන් පසුව ඉරාන ජාතිකයන්ට-විශේෂයෙන් ඛුරාසාන්වරුන්ට-පාලනයට සහභාගී වීමට හැකි විය.
ඉස්ලාම් ධර්මය ඉරාන ජාතිකයන් අතරේ පැතිරයාමෙන් වූ ප්‍රතිඵලයකි, අලුත් නිකායවල් කිහිපයක් බිහිවීම. ඉරානයේ ජනප්‍රිය වූ ශීය නිකාය සුන්නි ධර්මයට වෙනස් විය. ඉරාන ජාතිකයන් අතර මෙවැනි අදහස් ඉස්මතු වීම අබ්බාසිද් කාලිප් රාජ්‍යයේ පාලනය දුර්වලවීමක් විය. ඒ හා සමඟ ම ඉරානයේ ප්‍රාදේශීය රාජ්‍ය කිහිපයක් පැනනැඟිණි.
පළමුවන ප්‍රාදේශීය රාජවංශය නම් ඛුරාසාන් ප්‍රදේශයේ ඇති වූ තහිරිය වංශයයි (821-878). නිල වශයෙන් කාලිප්වරුන්ගේ ප්‍රාදේශීය ආණ්ඩුකාරවරුන් වූ ඔව්හු බැග්ඩෑඩ් (බග්දාද්) නගරය සමඟ සම්බන්ධකම් පැවැත්වූහ. ඊළඟ රාජවංශය වූයේ සීස්ථාන් ප්‍රදේශයේ සප්පුරිද් වංශයයි (867-902). 873 දී තහිරීයවරුන් රාජ්‍යයෙන් පහ කළ සප්පුරිද් තමාගේ අයිතිය නොපිළිගත් බැග්ඩෑඩ් නුවර ආක්‍රමණය කෙළේය. මෙය අසාර්ථක ව්‍යායාමයක් විය. තුන්වැනි රාජවංශය වූයේ සාමානීය වංශයයි. 892-899 අතරතුර දී ට්‍රාන්ස්-ඔක්සෝනියා පෙදෙසේ ඔවුනට තම බලය ස්ථාවර කරගැනීමට හැකි විය. සාමානීයවරු වැසියන්ට හිතවත් පිරිසක් වූහ. ඔව්හු පර්සියානු සංස්කෘතිය හා සාහිත්‍යය කෙරෙහි උනන්දුවක් දැක්වූහ. කාලිප්වරුන්ගෙන් ලබාගත් නිලතල හැරෙන්නට අනෙක් සියල්ලේ දී ම ඔව්හු නිදහස් රජවරු වූහ. සාමානීය වංශය පිරිහීමට හේතු වූයේ ඔවුන්ගේ කේන්ද්‍රස්ථ පාලනය කෙරෙහි ප්‍රාදේශීය රදලවරුන් දැක්වූ විරුද්ධත්වය හා තුර්කි ආක්‍රමණයත්ය.
තුර්කි ආක්‍රමණය
10 වැනි සියවස ආරම්භයේ දී ඝාස්නි ප්‍රදේශයේ තුර්කි රාජවංශයක් බිහි විය. සාමානිය රාජ්‍යයෙන් බිඳීගිය වහල් සෙන්පතින් විසින් මෙය ගොඩනඟන ලදි. මෙම රාජවංශයේ වැදගත් ම පාලකයා වූයේ ඝාස්නිහි මහමුද්ය (998-1038). කෙර්මාන් සහ ෆාර්ස් යන ප්‍රදේශ හැරෙන්නට ඉරානයේ අනෙක් සියලු ම ප්‍රදේශ ඔහු යටතට පත් විය. ඔහුගේ ඉන්දියානු ආක්‍රමණ මෙයට වඩා වැදගත් විය. ආක්‍රමණවලින් ලබාගත් වස්තුවලින් මහමුද් ඝාස්නි නගරය අලංකාර කෙළේය. එමෙන් ම ඔහු තමාගේ රජවාසල කීර්තියට පත් කරනු වස් කිවියන්ට හා පඬිවරුන්ට අනුග්‍රහය දැක්විය. අල්-බිරූනි නම් ඉතිහාසඥයා විසුවේ ද එකලය (ඇෆ්ඝනිස්ථානය බ.). ඝාස්නිහි රජවරුන් ඉන්දියාව කෙරෙහි නෙත් සිත් යොමු කළ හෙයින් ඉරානයේ ඔවුන්ගේ පාලනය පැවතියේ සුළු කලකි. එම නිසා ඉරාන ඉතිහාසය කෙරෙහි ඔවුන්ගේ බලපෑම එතරම් වැදගත් නොවිය. ඒ සමඟ ම සෙල්ජුක් තුර්කිවරු ඉරානය අල්ලාගත්හ.
සෙල්ජුක් තුර්කිවරුන් තම බලය ව්‍යාප්ත කිරීමට පටන් ගත්තේ ජක්සාටේස් ප්‍රදේශයේ සිටයි. 1040 දී ඔවුන්ගේ නායක තුග්රිල් බෙග් ඝාස්නි රජ පරදවා ඛුරාසාන් ප්‍රදේශය අල්ලාගත්තේය. එයින් පසු සෙල්ජුක් තුර්කිවරු ක්‍රමයෙන් බටහිරට ව්‍යාප්ත වූහ. 1055 දී බැග්ඩෑඩය බලා ගිය තුග්රිල් බෙග් දුර්වලව තිබුණු කාලිප් පදවිය නැවතත් බලවත් තත්වයකට නඟාලීය. තුග්රිල් ඉරානය ආක්‍රමණය කරන අවදියෙහි ඉරානය ප්‍රාදේශීය රාජ්‍ය කිහිපයක් අතර බෙදී ගොස් තිබිණි. මේ රාජ්‍යයන් පරාජය කළ තුග්රිල් බෙග් ආසියාවේ ඉස්ලාම් ප්‍රදේශ එක්සත් කෙළේය. තුර්කිවරු ද මුස්ලිම් ධර්මය වැලඳගත්හ. එමෙන් ම ඔව්හු ඉරාන සංස්කෘතියේ අනුග්‍රාහකයන් බවට පත්වූහ. පාලන තන්ත්‍රයේ ප්‍රධාන නිලවලට ඉරාන ජාතිකයෝ පත් කරන ලදහ. අල්ප් අස්ර්ලන් (1063-72) හා මලික් ශා යටතේ සෙල්ජුක්වරුනට ඔක්සස්හි සිට සිරියාව දක්වා විහිදුණු අධිරාජ්‍යයක් ගොඩනැඟිමට හැකි විය. මෙම අධිරාජ්‍යය ගොඩනැඟිමේ දී වසීර් පදවිය ඉසුලූ ඉරාන ජාතික නිසාම් අල් මුල්ක්ගේ සහාය විශේෂ ආධාරයක් විය. සෙල්ජුක් තුර්කි අධිරාජ්‍යයට අයත් වූ ප්‍රදේශ අතුරින් ඉරානය එම අධිරාජ්‍යයෙන් 1/3ක් පමණක් වූයේය. එම අධිරාජ්‍යයේ අගනුවර වූයේ ඉස්‍ෆහාන් බැවින් ඉරානය ලෝකයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ද විය.
මලික් ශාගේ මරණයෙන් (1092) පසුව අධිරාජ්‍යය දුර්වල විය. මෙය එයින් පසු සිහසුනට පත් වූවන්ගේ දුර්වලකම් නිසා සිදු වූවකි. සෙල්ජුක් තුර්කිවරු සුන්නි භක්තිකයෝ වූහ. ඉරානයේ බලවත්ව සිටි ශීයවාදීහු රටේ කැරලි ඇති කළහ. නිසාම් අල් මුල්ක් මරණයට පත් වූයේ ද ඔවුන් අතිනි. සිරියාව සහ සුළු ආසියාව අධිරාජ්‍යයෙන් වෙන් විය. ප්‍රාදේශීය පාලකයෝ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සිය නිදහස ප්‍රකාශ කළහ. මෙසේ අධිරාජ්‍යය දුර්වල වීමත් සමඟ ම විදේශීය සතුරෝ රට ආක්‍රමණය කළහ. චීන ප්‍රදේශවලින් පැමිණි තුර්කි මොංගල් ආක්‍රමණිකයන් අතින් ප්‍රධාන සෙල්ජුක් වංශයේ අවසානයා වූ සන්ජාර් (1141) පරාජයට පත් විය. ප්‍රධාන සෙල්ජුක් වංශය අභාවයට යාමෙන් පසුව ඔවුන්ගේ ප්‍රාදේශීය පාලකයන් වූ ක්වාරිස්ම් ශා රාජවංශය සෙල්ජුක් රාජ්‍යයේ බලය ලබාගත්තේය. එම වංශයේ සුල්තාන් මහමුද් (1200-1220) මුළු ඉරානය යටත් කොට බැග්ඩෑඩය ආක්‍රමණය කිරීමට සැරසෙද්දී මොංගල්වරු ඉරානයට කඩාවැදුණාහ.
සංස්කෘතික ඉතිහාසය අතින් ද සෙල්ජුක් යුගය ඉරානයේ වැදගත් තැනක් ගනියි. දියුණු වූ සංස්කෘතියකට හිමිකම් නොකී සෙල්ජුක් තුර්කිවරු බොහෝ සෙයින් ඉරාන සංස්කෘතියේ බලපෑමට හසු වූහ. එපමණක් ද නොව එම සංස්කෘතිය දියුණු කිරීමට මහත් සේ ආධාර ද කළහ. සෙල්ජුක් යුගයේ දී සුප්‍රසිද්ධ කවීන් හා දාර්ශනිකයෝ බොහෝ දෙනෙක් බිහි වූහ. උමර් ඛයියාම්, අල් ඝසාලි, පරීද් අද්දීන් අත්තාර්, සර්-ඉ-ඛුශ්රූ ඔවුනතුරෙහි ප්‍රධාන වෙති. ඔවුන්ගෙනුදු බොහෝ දෙනෙක් යෝගීහු වූහ. සුෆිවාදයට ක්‍රිස්තියානි යෝගී අදහස් ඇතුළු වූයේත් මෙකලය. එමෙන් ම අනෙක් කලාවන්ගේ දියුණුවක් ද මෙකල ඇති විය. මලික් ශා විශේෂයෙන් ම ඉස්ෆහාන් නගරය දියුණු කළේය. ඉස්ෆහාන් නගරයෙහි ඇති මුස්ලිම් දේවස්ථාන මේ යුගයෙහි ගොඩනගන ලද ඒවාය.
මොංගල් සමය (1218–1341)
සෙල්ජුක් තුර්කි රාජ්‍යය මෙසේ බිඳවැටෙද්දී මධ්‍යම ආසියාවේ වැදගත් සිද්ධි සිදු වෙමින් පැවතිණි. මේ අතුරින් අතිශයින් වැදගත් වන්නේ ජෙන්ඝිස් ඛාන් යටතේ මොංගල් බලය නැඟඒමයි. චිනය යටපත් කිරීමෙන් පසුව ජෙන්ඝිස් ඛාන් බටහිර බලා ගමන් ගත්තේය. 1219-20 කාලයේ දී ට්‍රාන්ස්-ඔක්සෝනියා ප්‍රදේශය අල්ලාගත් මෙම මොංගල් අධිපතියා 1221 දී ඔක්සස් ප්‍රදේශය තරණය කළේය. ඛුරාසාන් ප්‍රදේශය ජෙන්ඝිස් වෙනුවෙන් ඔහුගේ පුත්‍රයා විසින් අල්ලා ගන්නා ලදි. 1221 දී ඔහු නිශාපූර් නගරය සම්පුර්ණයෙන් ම විනාශ කෙළේය. ජෙන්ඝිස් ඛාන් විසින් යවන ලද සේනාපතියෝ මධ්‍යම හා උතුරු ඉරානය විනාශ කළහ. 1258 දී මොංගල්වරු මෙම විනාශකාරී ආක්‍රමණයන් බැග්ඩෑඩය දක්වා ගෙන ගියහ. හුලගු නම් මොංගල් නායකයා 1258 දී බැග්ඩෑඩයට ඇතුළුව කාලිප්වරුන්ගේ දේවස්ථාන හා සොහොන්කොත් සියල්ල විනාශ කළේය. අන්තිම කාලිප්වරයා ද ජීවිතක්ෂයට පත් කරන ලදි. තාවකාලික වශයෙන් මුළු මුස්ලිම් සංවිධානය ම බිඳ වැටිණි. එහෙත් මොංගල් පාලනයෙන් සිදුවුණු එක් යහපතක් නම් නැවතත් ඉරානය ඔක්සස් ප්‍රදේශයේ සිට සිරියාව හා සුළු ආසියාව දක්වා විහිදුණු විශාල අධිරාජ්‍යයක කේන්ද්‍රස්ථානය වීමයි. ඉල් ඛාන් රාජවංශය බිහි වූයේ මෙයින් පසුවයි.
හුලගුගේ පුත්‍ර අබාසා (1265-68) සහ ඔහුගේ පුත්‍ර අර්සුස් (1284-91) යන රජවරු දෙදෙන මුස්ලිම් භක්තිකයෝ නුවූහ. එහෙත් ක්‍රමයෙන් මොංගල්වරු ද ඉරාන සංස්කෘතියට හසු වූහ. 1282 දී රජ වූ තගුදාර් මුස්ලිම් ධර්මය වැලඳ ගත්තේය. මෙම රජුගේ රාජ්‍ය කාලය ඉතා කෙටි එකක් විය. එහෙත් එය අලුත් පරිච්ඡේදයක උදාවක් ලෙස ගිණිය හැකිය. මෙම කාලය වන විට පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන් ම පාහේ ඉරාන ජාතිකයන් අතට පත් වී තිබිණි. 1295 ඝසාන් ඛාන්ගේ රාජපදප්‍රාප්තිය මෙම අලුත් පරිච්ඡේදයේ වැදගත් පිටුවක් විය. ඔහු ඉස්ලාම් ධර්මය වැලඳ ගත්තේය. එමෙන් ම අලුතින් ආගමක් වැලඳගත්තකුගේ උද්‍යෝගීභාවය පෙන්නුම් කරමින් අනෙක් ආගම් විනාශ කරන්නට පටන් ගත්තේය. ඉස්ලාම් ධර්මයට පිටුපා යන ලදැයි චෝදනා නගමින් ඔහු මිසරය ආක්‍රමණය කළ ද ඒ තැන නිෂ්ඵල විය. රසිද්-අද්-දීන් නම් වසිර්ගේ සහාය ඇතිව ඝසාන් ඛාන් ප්‍රතිසංස්කරණ කිහිපයක් ද ඇති කළේය. මෙම කාලය වෙළෙඳාම අතින් ද සමෘද්ධිමත් යුගයක් විය. වැනීසිය, ජිනෝවා යන නගර සමඟ වෙළෙඳ සබඳකම් ඇති කර ගන්නා ලදි. මේ රජතුමා විසින් තවලම් මාර්ගයන්ගේ ආරක්ෂාව ද සැලසීය. මෙම යුගයේ දී රසිද්-අද්-දීන් ලෝක ඉතිහාසයක් ලිවීමේ කාර්යයේ නියුතු විය. මෙම ඉතිහාස ග්‍රන්ථය නිමවීමට වර්ෂ ගණනක් ගත විය.
උල්ජයිතු (1304-1316) නම් රජතුමා සුල්තානියා නම් ස්ථානයේ අලුත් නගරයක් ඉදි කෙළේය. මෙය වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් විය. උල්ජයිතුගේ මරණයෙන් පසු නැවතත් තබ්රිස් අගනුවර බවට පත් කරගන්නා ලදි. අබු සයිද්ගේ කාලය (1316-24) වන විට මොංගල් රාජ්‍යයේ වැදගත් ම කාලය අවසන් වී තිබිණ. එයින් පසු උදා වූයේ පරිහානි සමයකි. මෙම පරිහානි තත්වය මඟහැරවීමට ශක්තියක් අබු සයිද්ට නොවීය. රටේ ප්‍රධානීන්ගේ පක්ෂපාතභාවය රැකගැනීමට ඔහුට නොහැකි විය. දකුණු ප්‍රදේශවල, විශේෂයෙන් ෆාර්ස් ප්‍රදේශය ආශ්‍රිතව, ප්‍රාදේශීය රාජ්‍යයක් බිහි විය. අබු සයිද්ගේ මරණයෙන් පසුව රජ වීමට නීත්‍යනුකූල රාජකුමාරයෙක් නොවීය. එහෙයින් රාජ්‍යයට උරුම කීවෝ බොහෝ දෙනෙකි. මෙම උරුමකරුවන් අතර ඇති වූ ගැටුම් නිසා රාජ්‍යයෙන් කොටස් කැඩී ගියේය. මේ නිසා ප්‍රාදේශීය රාජවංශ බොහෝ ගණනක් දක්නට ලැබිණ.
සාහිත්‍යය අතින් මොංගල් සමය ඉතා වැදගත් තැනක් ගනියි. ඉතිහාස ග්‍රන්ථ කිහිපයක් ම මෙකල ලියැවුණු ග්‍රන්ථ අතර විය. මේ සියල්ල ලියන ලද්දේ පර්සියානු භාෂාවෙනි. පර්සියානු සාහිත්‍යයේ වැදගත් කිවිවරුන් වන ජලාල් උද්දීන් රූමී සහ සාදී යන අය විසුවේ මෙකලය. මේ දෙදෙන ම සූෆි යෝගීහු වූහ. සාදි ලියූ සාහිත්‍ය ග්‍රන්ථ අතර ගුලිස්තාන් (රෝස උයන) ඛූස්තාන් (පලතුරු උයන) යන කෘති වැදගත් වේ. මෙම කෘති පසුකාලයේ පර්සියානු සාහිත්‍යයේ දියුණුවට විශාල අනුබලයක් විය. විද්‍යාවන්ගේ වර්ධනයක් ද මෙකල ඇති විය.
ටිමූර්ගේ ආක්‍රමණය
14 වන සියවස අවසානයේ දී ඉරානය මධ්‍යම ආසියාවේ පහළ වූ අලුත් අධිරාජ්‍යයක කොටසක් බවට පත් විය. මධ්‍යම ආසියානු තුර්කි නායකයකු වූ ටිමූර් 1300 දී ඛුරාසාන්, සීස්ථාන් යන ප්‍රදේශත් 1384 දී අසර්බයිජාන් හා බටහිර ඉරානයත් 1298 දි ෆාර්ස් ප්‍රදේශයත් වශයෙන් ඉරානය සම්පූර්ණයෙන් ම ආක්‍රමණය කෙළේය. මේ හැරෙන්නට බැග්ඩෑඩය, සිරියාව හා අලෙප්පෝව ද යටත් කරගත්තේය. මෙම ආක්‍රමණ බොහෝ විනාශකාරී සටන්වලින් යුක්ත විය. ටිමූර්ගේ ආක්‍රමණයන්ගේ හදිසි ස්වභාව නිසා යටත් කළ ප්‍රදේශ ස්ථාවර පාලන ක්‍රමයක් යටතට ගෙන ඒම අපහසු විය. එමෙන් ම ප්‍රදේශයන්ගේ විශාලත්වය ද එයට බෙහෙවින් ම බලපෑවේය. මෙම අධිරාජ්‍යයේ පාලන මධ්‍යස්ථානය වූයේ ද පෙර මෙන් නොව ඉරානයෙන් පිටස්තර ප්‍රදේශයකය. ටිමූර්ගේ අධිරාජ්‍යයේ පාලන හා සංස්කෘතික මධ්‍යස්ථානය වූයේ සමර්ඛන්ද් නගරයයි. එහෙත් ටිමූර්ට ද ඉරාන සංස්කෘතික බලපෑමෙන් ඉවත් වී සිටීමට නොහැකි විය. මෙයට හේතු වූයේ ටිමූර් භක්තිමත් ඉස්ලාම් ලබ්ධිකයකු වීමය.
තමා යටතේ වූ විශාල ප්‍රදේශ පාලනය කිරීම සඳහා ටිමූර් ඔහුගේ පුත්‍රයන්ගේ හා මුනුබුරන්ගේ සහාය ලබා ගත්තේය. මෙම ප්‍රදේශ කොටස්වලට වෙන් කොට පාලනය සඳහා තම පුත්‍රයන් පත් කෙළේය. ටිමූර්ගේ මරණයෙන් (1408) පසුව මෙම පාලන ක්‍රමය රාජ්‍යයේ අවුල් ඇති වීමට හේතු වුණු ප්‍රධාන කරුණ විය.
ටිමූර්ගේ පුත්‍රයන් අතර ශ්‍රේෂ්ඨතම පාලකයා වූයේ හීරාත් ප්‍රදේශය භාරව සිටි ශාරුඛ්ය (1404-47). ටිමූර්ගේ මරණයෙන් පසුව ඉරානය පුරා ම තම බලය පතුරුවාලීමට ඔහුට හැකි විය. මෙම ආධිපත්‍යය ඉරානයේ බටහිර පෙදෙස්වල පැවතියේ ටික කලකි. මෙම ප්‍රදේශවල මේ කාලය තුළ කාරාකොයින්ලු නම් තුර්කෝමාන් ගෝත්‍රය බලයට පැමිණියහ. ඔවුන් මැඩීමට ශාරුඛ් ගත් උත්සහාය නිෂ්ඵල වීමෙන් පසුව හේ මෙම ගෝත්‍රයේ ජහාන් ශා (1437-67) තමාගේ යටත් රජකු ලෙස පිළිගත්තේය. ඉරානයේ බටහිර පෙදෙස්වල මෙම ගෝත්‍රිකයෝ 1469 දක්වා බලයේ සිටියහ.
ශාරුඛ් නියම මුස්ලිම් පාලකයෙක් විය. ඉස්ලාම් නීතියේ ආධිපත්‍යය ඔහු පිළිගත්තේය. හීරාත් නගරය ඔහු යටතේ ප්‍රසිද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් විය. සාහිත්‍යය හා අධ්‍යාපනය අතින් විශාල දියුණුවක් මෙකල ඇති විය. ඔහුගෙන් පසුව සිටි අබු සයිද් (1458-69) ද හුසේන් බයිකරා (1469-1501) ද වැදගත් පාලකයන් ලෙස පිළිගැනෙති.
මෙම කාලය තුළ බටහිර පෙදෙස්වල කාරාකොයින්ලු (කළුබැටළු) පක්ෂය මැඩ අක්-කොයින්ලු (සුදුබැටළු) පාක්ෂිකයෝ බලයට පත් වූහ. මෙම රාජ්‍යයේ උච්චතම අවස්ථාව උදා වූයේ උසුන් හසන් (1457-1479) යටතේයි. එක් අතකින් පර්සියන් බොක්ක දක්වාත් අනෙක් අතින් හීරාත් දක්වාත් ඉරානයේ බලය ව්‍යාප්ත කිරීමට ඔහුට හැකි විය.
සෆාවිද් වංශය (1502–1736)
සියවස් අටක් පමණ කාලයකට පසුව යළි ඉරානයේ නියම දේශීය රාජවංශයක් බිහි වූයේ සෆාවිද්වරුන්ගේ කාලයේ දීය. මෙම රාජ්‍යය යටතේ ඇති වූ ප්‍රබෝධය සාසාන අධිරාජ්‍යය යටතේ වූ ප්‍රබෝධයට සමකළ හැකිය. සෆාවිද් වංශයේ ප්‍රථම රජතුමා වූයේ අසර්බයිජාන් ප්‍රදේශයේ තුර්කි ගෝත්‍ර කිහිපයක නායකයා වූ ශා ඉස්මායිල්ය. මෙම රාජවංශයේ ආදිකර්තෘවරයා ලෙස සැලකෙන්නේ සූෆි ආගමික නායකයෙකි.
1500 දී ශා ඉස්මායිල් අක්-කොයින්ලු වංශය විනාශ කොට තබ්රිස් නගරයේ රජ විය. 1530 වන විට ඔහුගේ රාජ්‍යයට ඉරාකය, ෆාර්ස්, කෙර්මාන්, හමදාන් හා ඛුරාසාන් යන ප්‍රදේශ ද නැගෙනහිරින් ඛීවා දක්වා ද අයත් විය. ශා ඉස්මායිල් උග්‍ර ශීය වාදියෙක් විය. ඔහු ශීය ආගම රාජ්‍යාගම බවට පත් කෙළේය. සුන්නිවාදීන් හරවා ගැනීමට ක්‍රෑර ක්‍රියාමාර්ගයක් ගෙන ගිය හෙයින් සෆාවිද් වංශය ඔටෝමන් තුර්කීන්ගේ සතුරන් බවට පත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉරානය මෙම යුගය මුල දී ම ඔටෝමන් සුල්තාන් විසින් ආක්‍රමණය කරන ලදි. 1514 දී ශා ඉස්මායිල් තබ්රීස් අසල දී පරාජය විය. ඉරානයට පිටතින් ආ මෙම තර්ජනය ඉරානයේ එක්සත්බව ගොඩනැගීමට හා ශීය නිකායේ වර්ධනයට විශාල අනුබලයක් විය.
සෆාවීද් වංශයේ දෙවැනි රජු වූ ගා තාමාස්ප් 1524 සිට 1576 දක්වා රජ කෙළේය. නැගෙනහිර මායිම් ආරක්ෂා කරගැනීමට ඔහුට හැකි වුව ද බටහිර දෙසින් ඔටෝමන් ආක්‍රමණ නැවතත් එල්ල විය. ඔටෝමන් අධිරාජයා වූ ‘විභූතිමත්’ සුලෙයිමාන් ඉරාකය අල්ලාගෙන තබ්රිස් හා ඉස්ෆහාන් දක්වා ආක්‍රමණය කෙළේය; 1555 දී තුර්කිය සමඟ සමඟි ගිවිසුමකට පැමිණියේය. ඉන්දියාවේ මෝගල් රජු වු හුමායූන් 1544 දී ඇෆ්ඝන්වරුන් අතින් පැරදී රැකවරණය පතා පර්සියාවට පැමිණියේය. සෆාවිද් රජතුමා ඉන්දියාවේ බලය ලබාගැනීමට ඔහුට ආධාර කෙළේය.
1587 දී ශ්‍රේෂ්ඨතම සෆාවිද් රජු වූ ශා අබ්බාස් සිහසුනට පත් විය. මේ කාලය වන විට ඉරානයේ බටහිර කොටස් ඔටෝමන්වරුන්ට අයත්ව තිබිණි. නැගෙනහිරින් ඛුරාසාන් ප්‍රදේශය ආක්‍රමණය කළ උස්බෙක් තුර්කිවරු හිරාත් අල්ලාගෙන උන්හ. ප්‍රථමයෙන් ඔටෝමන්වරුන් සමග ගිවිසුමකට එළඹී අබ්බාස් උස්බෙක්වරුන්ගේ තර්ජනය ඉවත් කිරීමට සමත් විය. එයින් පසු ඔටෝමන්වරුන් පරාජය කොට අසර්බයිජාන්, බැග්ඩෑඩ් යන ප්‍රදේශ ලබාගත්තේය. ඔටෝමන්වරුන්ට විරුද්ධව යුරෝපීය සහාය ලබාගත් නමුත් ඔහුට ඔවුන්ගේ තර්ජනය සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට නොහැකි විය. අබ්බාස්ගේ මරණයෙන් පසුව ඉරානය හා තුර්කිය අතර වූ ගිවිසුමකින් ඉරානයේ බටහිර මායිම් පිළිබඳව සමථයක් ඇති කළ හැකි විය.
අබ්බාස්ගේ කාලය පිළිබඳව යුරෝපීය වාර්තාවල බොහෝ කරුණු දැක්වේ. ඉරානය නූතන රටක් බවට පත් කිරීමට හේ උත්සාහ කෙළේය. ඉංග්‍රීසීන්ගේ ආධාර ලැබ පර්සියන් බොක්කේ ප්‍රදේශ අයත් කොටගෙන සිටි පෘතුගීසීන් පලවා හැරීමට ඔහුට හැකි විය. එමෙන් ම ඔහු ඉංග්‍රීසින් හා ලන්දේසීන් සමග වෙළෙඳ කටයුතුවල ද නිරත විය. ඔහු තම අගනුවර වශයෙන් ඉස්ෆහාන් තෝරාගත්තේය. ඔහුගේ නියමය පරිදි ඉස්ෆාහාන්හි අලුතින් නගරයක් ගොඩනංවන ලදි. එහෙත් ඔහුගෙන් පසුව රජවීමට සුදුසු නියම අධ්‍යාපනයක් ලත් කුමාරයෙක් නොවීය. මෙය ශා අබ්බාස්ගේ ප්‍රතිපත්තියේ දුර්වල අංශයක් විය.
1620-1694 අතර වූ රජවරුන්ට රාජ්‍යය බොහෝ දුරට රැකගැනීමට හැකි විය. එහෙත් රාජ්‍යයේ නියම බලය පූජකවරුන් අතට පත්වෙමින් තිබිණි. ශා සුල්තාන් හුසේන් (1694-1722 ) සමයේ දී නැගෙනහිර පෙදෙස්වල ඇති වුණු කැරලි නිසා රාජ්‍යය ක්‍රමයෙන් පිරිහෙන්නට විය. මේ අවස්ථාවේ දී සෆාවිද්වරුන්ගේ සතුරන් වූයේ ඇෆ්ඝන්වරුන්ය. අබ්දාලි වංශය හීරාත් ප්‍රදේශයේත් සිල්සායිවරු කන්දහාර් ප්‍රදේශයේත් බලය ලබාගත්හ. කන්දහාර්හි සිට සිල්සායිවරු මහමුද් ඉබ්න් මීර් වයිස් යටතේ කෙර්මාන් හා ඉස්ෆහාන් යන ස්ථාන අල්ලාගත්හ. සෆාවිද් රජ සිය කැමැත්තෙන් ම සිහසුනෙන් ඉවත් වී මහමුද් වයිස් හට ඉරානයේ ශා නාමය ප්‍රදානය කළේය. මහමුද්ගෙන් පසුව රජ වූයේ අෂ්රාෆ්ය (1725-29). රුසියන්වරු බටහිර හා දකුණු කැස්පියන් වෙරළ ද ඔටෝමන්වරු බටහිර ඉරානය ද මෙම කාලයේ දී අල්ලාගත්හ.
නදිර් ශා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයෝ (1736-79)
අෆසාර් ගෝත්‍රිකයකු වූ නදීර් කුලි බලයට පත් වූයේ සෆාවිද් වංශිකයකු වූ II වැනි තාමාස්ප්ගේ ආධාරකරුවකු වශයෙනි. මෙම රජු වෙනුවෙන් මොහු 1726 සීස්ථානය අල්ලාගත්තේය. එයින් පසුව ඔහුගේ කාලය ගෙවුණේ නොයෙක් ප්‍රදේශවල ඇති වූ සටන් සඳහාය. අබ්දාලි ඇෆ්ඝන්වරුන් පරාජය කළ හෙතෙම 1727 දී හීරාත් පාලකයා වශයෙන් තම අනුගාමිකයකු පත් කළේය. 1729 සිල්සායිවරුන් පැරදවූ ඔහු කන්දහාර් ද අල්ලාගත්තේය. මේ සටන්වල ප්‍රතිඵලයක් වශයෙන් II වැනි තාමාස්ප්ට 1720 දී ඉස්ෆහාන් ලබාගැනීමට හැකි විය. එමෙන් ම ඔහු ඔටෝමන්වරුන් කිහිපවරක් ම පරාජයට පත් කෙළේය.
1736 දී ඉරාන නායකයන්ගේ අනුමතියෙන් නදීර් ඉරානයේ ශා බවට පත් විය. හේ අෆ්සාර් යනුවෙන් රාජවංශයක් ද බිහි කෙළේය. සුන්නිවාදය රාජ්‍යයේ නිල ආගම බවට පත් කිරීමට ඔහු ගත් උත්සාහය එතරම් සාර්ථක නොවීය. 1728 දී නැවතත් නැගෙනහිරට ගමන් ගත් හේ 1739 දී ඉන්දියාව ද ආක්‍රමණය කොට මහත් ධනයක් ආපසු ගෙන ආවේය. 1743 දී බුඛාරා යන මධ්‍යම ආසියානු ප්‍රදේශය ද ලබාගත්තේය. නදිර් ශාගේ ආක්‍රමණ සඳහා රාජ්‍යයට විශාල වියදමක් දරන්නට සිදු විය. රාජ්‍යයට කීර්තිය ලැබුණත් එයින් සාමාන්‍ය ජනයාට සෙතක් නොවීය. මෙම කරුණු නිසා රාජ්‍යයේ නොයෙක් ප්‍රදේශවල කැරලි පැනනැඟිණි. ඔහුයේ ක්‍රෑර ක්‍රියාවලින් කළකිරුණු අෆ්සාර් හා කජාර් නායකයෝ 1747 දී ඔහු මරණයට පත් කළහ. 1745 සිට 1796 දක්වා නදිර් ශාගේ මුනුපුරෙක් ඛුරාසාන් ප්‍රදේශය පාලනය කෙළේය. රාජ්‍යය දුර්වල වීමත් සමඟ ම ඇෆ්ඝන් ජාතිකයෝ තමන්ගේ නිදහස ලබාගත්හ. බටහිර ඉරානයේ පැවති දුර්වල තත්වයෙන් ප්‍රයෝජන ලබාගෙන කජාර් ගෝත්‍රිකයෝ එහි බලයට පත් වූහ.
කජාර් ගෝත්‍රය
සෆාවිද් රාජ්‍යය ගොඩනැඟීමට ආධාර දුන් ගෝත්‍රයක් වූ කජාර් ගෝත්‍රය නදිර් ශාගේ කාලයේ දී දුර්වල තත්වයකට පත් විය. මෙම ගෝත්‍රය නැවතත් නදිර් ශාගේ මරණයෙන් පසුව බලවත් විය. අඝා මොහමද් ඛාන් යටතේ එක්සත් වූ මොවුහු 1779 දී තෙහෙරාන්හි බලයට පැමිණියහ. මොහමද් ඛාන් ශා බවට පැමිණියේ 1796 දීය. 1797 දී මොහමද් ඛාන් මරණයට පත්වන විට ඔහු මුළු ඉරානය පුරා ම බලය පතුරුවා තිබිණි. 1797 සිට 1834 දක්වා රජ කළ ෆත්අලි ශාගේ කාලය සාමකාමී වුවත් දේශපාලන වශයෙන් පරිහානි යුගයක් විය. ඉරානය යුරෝපා රටවල් සමඟ කෙළින් ම සම්බන්ධකම් පැවැත්වූයේ 1807 දී ප්‍රංසය සමඟ ඇති කරගත් ගිවිසුමෙන් පසුවයි. ප්‍රංසයට ඉන්දියාව ආක්‍රමණය කිරීම සඳහා ගොඩබිම් මාර්ගයක් අවශ්‍ය විය. මේ වෙනුවට රුසියාවෙන් ජෝර්ජියාව මුදාගනු වස් ඉරානයට යුද්ධ ආධාර දීමට ප්‍රංසය පොරොන්දු විය. එහෙත් මේ අතර සාර් සමග නැපෝලියන් සාම ගිවිසුමකට එළඹ සිටියෙන් රුසියාවට විරුද්ධව ආධාර දීමට ප්‍රංසයට නුපුළුවන් විය. බ්‍රිතාන්‍ය උදෙස් පරිදි රුසියාවට විරුද්ධව ජෝර්ජියාව සඳහා කළ යුද්ධයෙන් පසුව ජෝර්ජියා ප්‍රදේශය 1828 දී රුසියාවට භාරදීමට ඉරානයට සිදු විය.
මේ කාලයේ සිට විසිවන සියවස ආරම්භය දක්වා ම ඉරානයේ දේශපාලන තත්වය රැඳී පැවතුණේ ඉරානයේ අයිතිවාසිකම් ලබාගැනීමට රුසියාව හා බ්‍රිතාන්‍යය අතර පැවති තරඟය මතය. ආසියාවේ අධිරාජ්‍යයක් ගොඩනැඟීමටත් පර්සියන් බොක්කේ වරායක් ලබාගැනීමටත් රුසියානුන් තුළ වූ අභිමතාර්ථය නිසා රුසියාවට ඉරානය වැදගත් විය. බ්‍රිතාන්‍යයන් ඉරානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූයේ ඉන්දියාවේ ආරක්ෂාව සඳහාය.
1834 සිට 1848 දක්වා රජ කළ මහමුද් ශා රට දියුණු කිරීමට උත්සාහ දැරීය. ඔහු රුසියන් ආධාර ලැබ හීරාත් ලබාගැනීමට දැරූ උත්සාහය බ්‍රිතාන්‍යයන් නිසා නිෂ්ඵල විය. මේ රජුගේ කාලය අලුත් ආගමික නිකායක ප්‍රභවය නිසා ද වැදගත් වේ. ඛාබි නමින් හැඳින්වුණු මෙය පසුකාලයේ දී බහායි නමින් ප්‍රසිද්ධ වූ ආගමේ පටන් ගැන්ම විය.
1847 දී රජ වූ නසර්-උද්-දින් සමයේ දී රුසියන් බලපෑම බෙහෙවින් ම දියුණු විය. 1856 දී පර්සියන් හමුදාව ඇෆ්ඝනිස්ථානයට ගමන් කොට හීරාත් අල්ලාගත්හ. මෙයින් ඇති වූ යුද්ධයේ දී බ්‍රිතාන්‍ය සේනා පර්සියන් බොක්කේ ප්‍රදේශ අල්ලා ගැනීමට සමත් වූහ. 1857 පැරිස් ගිවිසුමෙන් හීරාත් ප්‍රදේශය අත්හැරීමටත් ඇෆ්ඝනිස්ථානයේ නිදහස පිළිගැනීමටත් ඉරානය එකඟ විය.
19 වන සියවසේ අවසාන කොටසේ දී රුසියාව හා බ්‍රිතාන්‍යය අතර වූ තරඟය අලුත් මුහුණුවරක් ගත්තේය. මෙයින් පසුව මේ දෙරට ආර්ථික අතින් අයිතිවාසිකම් ලබා ගැනීමට උත්සාහ දැරීය. 1872 දී බ්‍රිතාන්‍ය බැංකු ව්‍යාපාරිකයකුට ඉරානයේ දුම්රිය මාර්ග තැනීමට හා ඛනිජතෙල් නිපදවීමට අවසර ලැබිණි. 1890 දී තවත් බ්‍රිතාන්‍ය සමාගමකට දුම්කොළ වගාව පිළිබඳව ඒකාධිකාරයක් ලැබිණි. රුසියාව ද හමුදාවක් සංවිධානය කිරීමේ පොරොන්දුව උඩ යම් යම් අයිතිවාසිකම් ලබාගත්තේය. ඇමෙරිකාව ප්‍රථමයෙන් ම ඉරානය සමඟ තානාපති සම්බන්ධකම් ඇති කරගත්තේ 1882 දීය.
නසර්-උද්-දීන් ඉරානය නූතන රටක් කිරීමට උත්සාහ දැරූවෙකි. යුරෝපයේ ශිල්පක්‍රම ආදිය ඉරානයට හඳුන්වා දී එමඟින් එරට නවීන රටක් බවට පත් කිරීමට ඔහු ගත් උත්සාහය පූජකවරුන්ගේ බලපෑම නිසා නිෂ්ඵල විය. නසර්-උද්-දින්ගේ පුත්‍රයා වූ මුසාෆර්-උද්-දීන් 1896 සිට 1907 දක්වා රාජ්‍යය කෙළේය. විනෝදකාමී රජකු වූ ඔහු යටතේ රටේ පාලනය අකාර්යක්ෂම එකක් බවට පත් විය. එමෙන් ම ඔහුගේ යුරෝපීය සවාරි සඳහා භාණ්ඩාගාරයෙන් විශාල වියදමක් දරන්නට වීම රටේ ආර්ථික තත්වය කෙරෙහි ද බෙහෙවින් ම බලපෑවේය. ඔහු යටතේ යහපත සැලසුණේ උසස් පන්තියට පමණකි. ගොවීහු බදුබරින් මිරිකෙන්නට වූහ. ආර්ථික දරිද්‍රතාව මඟහැරවීම සඳහා රුසියාවෙන් විශාල ණයක් ගැනීමට ඉරානයට සිදු විය. මෙම ණය ගැනීමේ දී අනෙක් යුරෝපා ජාතීන්ට අහිතකර වූ කොන්දේසි කිහිපයකට එකඟ වීමට ඉරානයට සිදු විය.
රටේ මෙලෙස අර්බුදකාරි තත්වයක් උදා වීම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා උද්ඝෝෂණයක් පැවැත්වීමට අවස්ථාවක් විය. බටහිර බලපෑමට හසුවුණු කොටස්වල මූලිකත්වයෙන් ඇරඹුණු මෙම උද්ඝෝෂණය කෙතෙක් සාර්ථක වීද යත් 1906 දී ආර්ථික හා අනෙක් කටයුතු සම්පූර්ණයෙන් ම ඇනහිටියේය. මෙම උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් 1906 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරන ලදි. ප්‍රථම වරට පාර්ලිමේන්තුවක් බිහි වුණේ මෙකලය.
1907 දී රජ වූ මහමුද් අලි ශා ප්‍රතිසංස්කරණවාදීන්ගේ මතභේද ආධාර කොටගෙන ඒකාධිපති රාජ බලය නැවත නඟාසිටුවීමට උත්සාහ කෙළේය. මේ වන විට වාණිජ පන්තිය හා පූජකවරු ප්‍රතිසංස්කරණවාදීන් කෙරෙහි කලකිරීමට පත්ව සිටියහ.
1907 ඉංග්‍රීසි-රුසියන් ගිවිසුමෙන් ඉරානය පිළිබඳ තීරණයක් ඇති විය. මේ දෙජාතීහු ඉරානය තමන්ගේ කටයුතු සඳහා කොටස් දෙකකට බෙදා ගත්හ. රුසියාවෙන් අනුබලය ලත් ශා ප්‍රතිසංස්කරණවාදීන්ට විරුද්ධව ක්‍රියා කිරීමට උත්සුක විය. පාර්ලිමේන්තු ගොඩනැගිලි විනාශ කළ ඔහු පාර්ලිමේන්තුව ද විසුරුවා හැරියේය. මෙවැනි ක්‍රියාමාර්ගයන් නිසා නැඟුණු මහජන විරෝධය බලවත් විය. කැරලිකරුවෝ 1900 දී ඉස්ෆහාන් නගරය අල්ලා ගත්හ. ශා රුසියාවට පලා ගියේය.
විප්ලවවාදී ආණ්ඩුවට පළමුවෙන් ම මුහුණදෙන්නට වූයේ රට සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳ ප්‍රශ්නයටයි. ඇමෙරිකානු ජාතිකයකුගේ ආධාර ඇතිව රාජ්‍යය සංවිධානය කිරීමට දරන ලද උත්සාහය නිෂ්ඵල විය. ලිබරල්වාදීන් අතර වූ අසමගිය මෙන් ම රුසියාව කළ තර්ජනය ද මෙම උත්සාහය නිෂ්ඵල වීමට හේතු විය.
පළමුවන ජගත් සංග්‍රාමයේ දී ඉරානය හැකි තරම් දුරට මධ්‍යස්ථව සිටීමට උත්සාහ දැරුවේය. කෙසේවතුදු රුසියන්, ජර්මන් හා බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණයන්ගෙන් ගැළවී සිටීමට ඉරානයට නොහැකි විය. වයඹදිග ඉරානයේ බලය ලබා ගැනීම සඳහා තුර්කිය හා රුසියාව අතර ගැටුම් ඇති විය. දකුණු ඉරානය බ්‍රිතාන්‍ය බලය යටතට පත් විය. මෙයට හේතු වූයේ ඉන්දියාවේ සිට බලඇණියක් සමඟ මේජර් සයික්ගේ පැමිණීමයි.
යුද්ධයෙන් පසුව පැවැත්වූ සාම සම්මේලනයේ දී ඉරානය විසින් කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලදි. එම නිසා ඉරානයට 1919 දී බ්‍රිතාන්‍යය සමග සම්මුතියකට එළඹීමට සිදු විය. එයින් ඉරානයේ ස්වාධීනත්වය පිළිගැනුණි. එමෙන් ම රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය විශේෂඥයන්ගේ සහාය ලබාදීමට ද බ්‍රිතාන්‍යය පොරොන්දු විය. මෙම ගිවිසුම සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වූයේ නම් ඉරානය සම්පූර්ණයෙන් ම බ්‍රිතාන්‍ය ආධිපත්‍යය යටතට පත් වීමට ඉඩ තිබිණි. බලවත් මහජන විරෝධය නිසා මෙය ක්‍රියාත්මක නොවීය. 1921 දී සෝවියට් රුසියාව මෙයට පෙර ඉරානය සමඟ ඇති කරගත් සියලු ගිවිසුම් අවලංගු කිරීමට කැමැති විය. ඒ සමග ම ඉරානයෙන් ගෙවීමට තුබුණු ණය ද අහෝසි විය. අනෙක් අතට ඉරානයට යම් විදේශීය ජාතියක් පහර දුනහොත් යුද්ධාධාර දීමට රුසියාව එකඟ විය.
පහ්ලවී වංශය
1921 දී රේසා ඛාන් නම් හමුදා නායකයෙක් තෙහෙරානයේ පැවැති දුර්වල ආණ්ඩුව පෙරළා දැම්මේය. 1923 දී හෙතෙම එරට අගමැතිවරයා බවට පත් විය. කජාර් වංශයේ අවසාන රජ ඉරානය අත්හැර ගියේය. 1925 දී රැස් වූ විශේෂ නියෝජිත සභාවක් විසින් රේසා ඛාන් ඉරානයේ ශා වශයෙන් පත් කරගන්නා ලදි. මෙම රාජවංශය පහ්ලවී වංශය යනුවෙන් හඳුන්වනු ලැබේ.
මුල සිට ම පාහේ අලුත් ශාතුමා කාර්යක්ෂම ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ගෝත්‍රික නායකයන් මැඩලා පාලනය සංවිධානය කළේය. ඔහුගේ පරමාර්ථය වූයේ ජාතික අභිමානයෙන් යුතු අලුත් ඉරානයක් බිහි කිරීමයි. ඒ සඳහා ඉරානය කෙරෙහි වූ විදේශීය බලපෑම් සීමා කිරීමට ද උත්සාහ දැරීය. බලවත් හමුදාවක් ගොඩනඟා ඒ මගින් රටේ පාලනය ශක්තිමත් කිරීමට උත්සාහ දැරීය. රදල හා පූජක බලය මැඩලීමට ද හේ සමත් විය. රටේ ඇති වූ පරිහානි සමයකින් ප්‍රයෝජන ගත් හෙතෙම රටේ ආර්ථික කටයුතු සියල්ල රජයට පවරාගත්තේය. මෙම රජතුමාගේ පාලන සමයේ දී පහළ වූ අයහපත් අංග කිහිපයක් ද වේ. සියලු ව්‍යවස්ථා සම්පාදන කටයුතුවල දී ශා ප්‍රමුඛව ක්‍රියා කළ හෙයින් යහපත් ආණ්ඩුක්‍රමයක් බිහිටීමට ඒ බාධාවක් විය. දෙවන ජගත් සංග්‍රාමය ආරම්භයේ දී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශා දැරූ උත්සාහය සාර්ථක නොවීය. 1941 දී ජර්මනිය රුසියාවට පහර දුන් විට ඉරානයේ හුන් ජර්මන් ජනතාව පිළිබඳ ප්‍රශ්නය පැනනැංගේය. 1941 අගෝස්තු මස මිත්‍ර ජාතීන්ගේ හමුදා ඉරානයට කඩාවැදුණහ. රේසා ශා සිහසුන තම පුත්‍රයාට පවරා ඉරානයෙන් ඉවත් විය. අලුත් ශා වූ මහමුද් රේසා ශා සහ ඔහුගේ අගමැති ද මිත්‍රජාතීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැති වූහ. ඉතාලිය, ජපානය හා ජර්මනිය සමග පැවති තානාපති සබඳකම් සියල්ල 1942 දී නවතා දමන ලදි. එපමණක් ද නොව 1943 දී ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන ලදි. ඉරානය බ්‍රිතාන්‍ය-ඇමෙරිකානු රුසියානු මිත්‍රජාතීන්ට නොයෙක් ලෙසින් ආධාරයක් විය. රුසියාවට ආධාර පිණිස හමුදා යවන ලද්දේ ඉරානය හරහාය. 1943 දෙසැම්බර් මාසයේ දී තෙහෙරානයේ පැවති බ්‍රිතාන්‍ය මිත්‍රජාතීන්ගේ නායකයන්ගේ සම්මේලනයෙන් පසුව ඉරානයේ ස්වාධීනත්වය පිළිගනිමින් ප්‍රකාශනයක් නිකුත් කරන ලදි. යුද්ධයෙන් පසුව සියලු විදේශීය හමුදා ඉවත් කිරීමට ද එයින් ප්‍රතිඥා දෙන ලදි. යුද්ධය අවසාන වීමෙන් පසුව විදේශීය හමුදා ඉවත් කරලීමේ ප්‍රශ්නය පැන නැඟිණි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ දී සහ ආරක්ෂක මණ්ඩලයේ දී ප්‍රථමයෙන් ම සාකච්ඡා වූයේ මෙම ප්‍රශ්නයයි. අවසානයේ දී සෝවියට් හමුදාවෝ 1946 දී ඉරානයෙන් ඉවත් කර ගන්නා ලදහ.
දෙවැනි ලෝක යුද්ධ සමයේ දී රටේ ඇති වූ උග්‍ර ප්‍රශ්නයන්ගෙන් ප්‍රයෝජන ගත් තුදේ පක්ෂය අසර්බයිජාන් ප්‍රදේශයේ වෙන ම ආණ්ඩුවක් පිහිටුවූහ. එහෙත් සුළු කාලයකට පසු මෙම පක්ෂය විසුරුවා හැර රට නැවත එක්සත් කිරීමට පර්සියන් හමුදාවන්ට හැකි විය.
ජාතික පෙරමුණු පක්ෂය හා තෙල් අර්බුදය
II වැනි ජගත් සංග්‍රාමයට අනතුරුව ඉරානයේ ඇති වූ වියවුල් තත්වය මැඩ මුළු රාජ්‍යය එක්සත් කරගැනීමෙන් පසු ඉරානය එහි තෙල් ආදායම මත පිහිටා ඩොලර් 650,000,000ක සත්හවුරුදු සංවර්ධන වැඩ පිළිවෙළක් අනුමත කොටගත්තේය. මේ කාලයේ දී බටහිර තෙල් වෙළෙඳපොළවල් තෙල් සඳහා වැඩි වැඩියෙන් පර්සියානු වරාය ප්‍රදේශයේ රාජ්‍ය දෙසට ඇදී ඒමට වූයෙන් ස්වකීය ඛනිජතෙල් සම්පත්වල අගය එම රටවලට වැටහෙන්නට විය. ඉරානයේ තෙල් නිෂ්පාදනයේ යෙදී සිටි ඉංග්‍රීසි හා ඇමෙරිකානු වෙළෙඳ සමාගම් තෙල්වලින් උපදින ලාභයෙන් අතිවිශාල කොටසක් තමන්හට ම තබාගත් අතර තෙල් සම්පත් අයත් රටවලට ගෙවීමට බැඳි සිටියේ ඉතා සුළු ප්‍රමාණයකි. මේ තතු බුද්ධිමත් ඉරාන ජාතිකයන්හට පෙනීයන්නට වූයෙන් ස්වකීය දේශයේ තෙල් නිෂ්පාදනය තමන් අතට ගැනීම මගින් සම්පූර්ණ ලාභය තමන් විසින් ම ගත යුතුය යන උද්ඝෝෂණයක් කෙමෙන් ඇති වන්නට විය. මේ නිසා 1949 දී එතෙක් බිම් අඳය වශයෙන් ලැබුණු කොටස මෙන් දෙගුණයක් ඉරානයට හිමි වන අතිරේක ගිවිසුමක් ඇති කරගැනීමට කැබිනට් මණ්ඩලයේ ද අනුමතය ලැබුණු නමුත් මජ්ලිස් සභාවේ විරුද්ධත්වයෙන් එය ප්‍රතික්ෂේප විය.
තෙල් නිෂ්පාදනය විදේශිකයන් අතින් මුදා ගැනීමේ ව්‍යාපාරයේ පුරෝගාමියා වූයේ 1944 දී ආධාරකරුවන් කීපදෙනකු ද සමග ජාතික පෙරමුණු පක්ෂය නම් වූ පාර්ලිමේන්තු කණ්ඩායමක් පිහිටුවා ගත් ආචාර්ය මුහම්මද් මුසාදෙක්ය. ඔහු තෙල් නිෂ්පාදනය ජනසතු කළ යුතු යයි උද්ඝෝෂණය කළ අතර අගමැති අලි රස්මිආරා එයට විරුද්ධ විය. මේ කාලය වන විට බ්‍රිතාන්‍ය තෙල් සිටාණවරුනට විරුද්ධව මුසාදෙක් පක්ෂය ගත්තවුන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රව වැඩි වන්නට විය. බටහිර ජාතීන්ගේ තෙල් නිෂ්පාදන තනි අයිතිය බිඳදැමීමට විරුද්ධ වූ අගමැති රස්මිආරා 1951 දී සාහසිකයකු අතින් මැරුම් කෑවේය. වැඩිකල් නොගොස්, මහජන උද්ඝෝෂණය නිසා ම ශා විසින් මුසාදෙක් අගමැති හැටියට පත් කරන ලදි. එතෙක් පැවති ගිවිසුම් අනුව 1953 දක්වා තිබිය යුතු වූ ඇංග්ලෝ-ඉරාන තෙල් සමාගමේ නිෂ්පාදන අයිතිකම් ඔහු වහා ම අවලංගු කොට තෙල් ජනසතු කිරීමේ පනත විගස ම සම්මත කොටගත්තේය. ඇංග්ලෝ-ඉරාන තෙල් සමාගමට වන්දි ගෙවා ජාතික තෙල් සමාගම පිහිටුවීමේ වැඩපිළිවෙළක් ද සකස් කැරිණි. ශා විසින් ආඥාපනතට අත්සන් තබනු ලැබීමෙන් පසු බ්‍රිතාන්‍ය ජාතිකයන් රටින් පිට කළ යුතු බව ඉරානය කියා සිටියේය. අර්බුදය සමථයකට පැමිණවීමට ට්රූමන් ජනාධිපති ගත් තැත ද නිෂ්ඵල විය. බ්‍රිතාන්‍යය තම නඩුව එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ඉදිරියේ තැබූ නමුත් තෙල් අර්බුදය විසඳීමට එම මණ්ඩලයට අධිකරණ බලයක් නැති බැව් මුසාදෙක් එ.ජා. ආරක්ෂක සභාවේ දී කියා සිටියේය. මේ අතර තෙල් ශෝධනාගාරවලින් බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉවත් කරන ලදින් තෙල් නිපදවීම මුළුමනින් ම වාගේ ඇණහිටියේය. ඉතාලියට හා ජපානයට හැර අන් රටවලට තෙල් ගෙනයාම ද නැවතිණ. මේ නිසා තෙල් ජනසතු කිරීමෙන් බලාපොරොත්තු වූ ආදායම තබා කලින් ලැබුණු බිම් අඳය පමණ ආදායමකුදු ඉරානයට නොලැබෙන්නට විය. මේ අතර 1953 පෙබරවාරි මාසයේ දී තෙල් අර්බුදය විසඳීම පිණිස යළිත් වරක් ඉදිරිපත් කැරුණු ඇංග්ලෝ-ඇමෙරිකානු යෝජනා මුසාදෙක් ප්‍රතික්ෂේප කෙළෙන් සාකච්ඡා මගින් කිසිවක් කළ නොහැකි බව ඉංග්‍රීසි අගමැති ඊඩන්ට ඒත්තු ගියේය. එහි දී එංගලන්ත රජය ඉරානයේ ආර්ථික පීඩනයක් ඇති කිරීමේ පියවර ගත්තේය.
මෙම වකවානුවේ දී මජ්ලිස් සභාව හා අගමැති අතර ඇති වන්නට ගිය බරපතළ අර්බුදයක් මඟහැරීගිය නමුත් අගමැති හා ශා අතර කලක සිට පැවති භේදය උග්‍ර වන්නට විය. රාජකීය දේපළවලින් බදු අය කළ යුතු බව අගමැති කියා සිටියේය. අධිරාජ වාසල විරුද්ධ පක්ෂය හා පුවත්පත් සමග එක්ව තමාට විරුද්ධ කුමන්ත්‍රණයක යෙදී සිටිතැයි ද හෙතෙම ගුවන් විදුලිය මගින් චෝදනා කෙළේය. ඉක්බිති හේ රජුට හිතෛෂි වාසල ඇමති අලා ඉවත් කොට තම පාක්ෂිකයකු එම තනතුරට පත් කරවාගැනීමෙන් තම බලපෑම රජවාසල කෙරෙහි ද පතුරුවාගත්තේය. ඒ සමග ම ශාගේ බලතල සීමා කිරීමට මජ්ලිස් සභාවේ දී ගෙන ආ යෝජනාවක්, ආණ්ඩු ව්‍යවස්ථාවට පටහැණිව මුසාදෙක් ක්‍රියා කරතැයි එහි සභාපතිවර කෂානි චෝදනා කිරීමෙන් ඇති වූ අවුල නිසා ස්ථිර කොට ගත නොහැකි විය. අන්තිමේ දී කෂානි ඉවත් කොට මුසාදෙක් තම පාක්ෂිකයකු එම තනතුරට පත් කරගත්තේය.
රාජ්‍ය ආදායම් තත්වය ක්‍රමයෙන් බරපතළ ලෙස පහත වැටෙන්නට වූයෙන්, කෙසේ හෝ භාණ්ඩාගාරය හිස් වී යා නොදී තබාගැනීමේ අරමුණින් ක්‍රියා කළ මුසාදෙක් ස්වකීය පෞද්ගලික ධනයෙන් විශාල කොටසක් දේශය උදෙසා පරිත්‍යාග කෙළේය. තම මුළු ධනය ම ඔහු රට උදෙසා වෙන් කළැයි ඇතැමෙක් කියත්. මේ නිසා ශා ද එපරිදි ක්‍රියා කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. 1953 මැයි 11 වැනි දින ශා තෙමේ තමාට පියාගෙන් උරුම වූ දේපළ, පහ්ලවී පුණ්‍යාධාර ආයතනයට රියාල් හයකෝටියක් වාර්ෂිකව ගෙවීමේ කොන්දේසියකට යටත් කොට, රජයට පවරා දුන්නේය. එහෙත් තෙල් රජය සතු කිරීමෙන් රාජ්‍යයට ලබාදීමට පොරොන්දු වූ මහා ධනස්කන්ධය වෙනුවට මෙබඳු ආදායමකින් ජනතාව තෘප්තිමත් කිරීම උගහට විය. මුසාදෙක් මහත් බලාපොරොත්තු ඇතිව ඇමෙරිකානු ජනාධිපති අයිසන්හවර්හට කළ ආයාචනයකට ඔහු කන්නොදීම නිසා තත්වය තවත් නරක අතට හැරිණි. ජාතික පෙරමුණට බැඳී සිටි බලවත් අය ජූනි මාසය වන විට අගමැති කෙරෙන් ඈත් වන්නට වූහ. අගෝස්තු 13 වැනි දින ශා තෙමේ රාජ නිවේදනයකින්, කලින් මුසාදෙක්ගේ හිතෛෂියකුව සිටි ෆස්ලූල්ලා සහේදි සෙනෙවියා අගමැති හැටියට පත් කෙළේය; තවත් නිවේදනයකින් මුසාදෙක් අගමැතිකමින් පහ කෙළේය. රාජාඥාව නොපිළිගත් මුසාදෙක් අත්අඩංගුවට ගැනීමට අධිරාජ ආරක්ෂක සේනාව ඉදිරිපත් වූහ. එම ප්‍රයත්නය නිෂ්ඵල වූයෙන් සහේදි සැඟවී ගති. ශා සිය බිසව ද සමඟ රටින් පිටව ගියේය. තෙහෙරානය පුරා ශාට විරුද්ධ පෙළපාළි පැතිරී ගිය අතර ජනරජයක් පිහිටුවීමේ පියවර ගත යුතු යයි තුදේ පක්ෂය උද්ඝෝෂණය කරන්නට විය. ඇත්ත වශයෙන් කැබිනට් මණ්ඩලය එක්රැස්ව අනාගත ජනරජය පිළිබඳ සැලැස්ම ගැන සාකච්ඡා ද පැවැත්වූහ. එහෙත් අගෝස්තු 19 වැනි දින වන විට තත්වය අනික් අතට හැරෙන්නට විය. රාජපාක්ෂික ජනකාය ජාතික පෙරමුණ හා සම්බන්ධ කාර්යාල, පුවත්පත් කාර්යාල ආදිය විනාශ කොට තෙහෙරාන් ගුවන් විදුලිය සිය අත් අඩංගුවට ගත්හ. සහේදි ජාතිය ඇමතීය. මුසාදෙක් පාක්ෂික භට හමුදා දැක්වූ විරෝධය මැඩලන ලදි. අගෝස්තු 22 වැනි දින ශා තෙහෙරානයට ආපසු පැමිණියේ මහාජනකාය විසින් සාදරයෙන් පිළිගන්නා ලදි.
නොවැම්බර් මාසයේ දී ආණ්ඩු ව්‍යවස්ථා විරෝධී කැරැල්ලක් ඇති කිරීම, රාජාඥාව ප්‍රතික්ෂේප කිරීම ආදිය ගැන චෝදනා ලත් මුසාදෙක් යුද්ධාධිකරණයක් හමුවට පමුණුවන ලදි. නොසැලී යුද්ධාධිකරණයට මුහුණ දුන් මුසාදෙක් චෝදනාවලට වරදකරු යයි තීරණය කළ අධිකරණය ඔහු තෙවසකට සිරගෙට යැවීය.
මුසාදෙක්ගේ පරාභවයෙන් පසු සහේදිගේ ඉල්ලීම පරිදි අයිසන්හවර් ඉරානයට ඩොලර් අටකෝටියක් පමණ වූ ආධාරයක් දීමට එකඟ විය. සහේදි තෙල් අර්බුදය විසඳීමට පියවර ගැනීමට කැමති වූයෙන් 1954 ඔක්තෝබර් මාසයේ දී ඇමෙරිකාව වෙනුවෙන් පෙනී සිටි හ’බට් හූවර් (කනිෂ්ඨ) අවුරුදු 25කට වළංගු ගිවිසුමක් ඇති කරගැනීමට ආධාර කෙළේය. එම ගිවිසුම අනුව ඉරාන තෙල් නිපදවා වෙළෙඳපොළවලට යැවීමේ ද පර්සියානු බොක්ක අවට පිහිටි අනික් තෙල් නිෂ්පාදක රටවලට ගෙවන ලාභයට සමානුපාත ලාභයක් ගෙවීමේ ද කාර්යයන් භාර තෙල් සමාගම් අටකින් සැදි ජාත්‍යන්තර සංගමයක් පිහිටුවිණි.
ශා ඉරානයට පෙරළා ඊමෙන් පසු කළ මුල් ම කාර්යයක් වූයේ ආණ්ඩුවේ ඉඩම් ක්‍රමයෙන් බෙදා දීම යළි ඇරඹීමය. 1953 ඔක්තෝබර් 25 වැනි දා එක් ගොවියකුට හෙක්ටෙයාර් 3 1/2 බැගින් ගොවීන් එක්දහස් හය සියයකට ඉඩම් බෙදාදෙන ලදි. අධ්‍යාපනයේ හා සමාජ සෞඛ්‍යයේ දියුණුව අරභයා ද පියවර ගන්නා ලදි.
1954 දී කොමියුනිස්ට් හිතෛෂි තුදේ පාක්ෂිකයන් පනස් දෙනෙක් සිරභාරයට ගනු ලැබූහ. ශා ජීවිතක්ෂයට පැමිණවීමේ කුමන්ත්‍රණයක් හෙළිවීම නිසා මොවුන් සමහරකුට මරණ දඬුවම පමුණුවන ලදි.
1955 නොවැම්බර් මාසයේ දී ඉරානය සෝවියට් සංගමයේ විරුද්ධ ප්‍රචාර මධ්‍යයේ ම තුර්කිය, පකිස්ථානය, ඉරාකය හා මහා බ්‍රිතාන්‍යය ඇතුළත් බැග්ඩෑඩ් සම්මුතියට හෙවත් මධ්‍යම ගිවිසුම් සංවිධානයට (සෙන්ටෝ) බැඳුණේය. 1958 දී ශා තෙමේ බොන්යාද්-ඊ-පහ්ලවී නම් වූ පුණ්‍යාධාර ආයතනයක් ඇති කොට ගොවි ඉඩම් හැර සෙසු රාජ්‍ය අය සම්පත් එම ආයතනයට පැවරීය. එහි ආදායම සමාජ සෞඛ්‍යය, අධ්‍යාපනය හා සමාජ සේවා සඳහා යෙදවීමට නියමිතය. මේ කාලය වන විටත් මුහම්මද් රේසා ශාහට සිහසුන උරුම කිරීම සඳහා පුත්‍රයකු නොසිටීම රටේ බලවත් නොසන්සුන්කමට හේතු වී තිබිණි. ස්වකීය සුහෘද සොරායා රැජින අත්හැර දමා පුත්‍රලාභයක් පතා ශා අන් බිසවක පාවා ගත යුතු බව මහජන මතය විය. අවසානයේ දි ශා තෙමේ සොරායා බිසව දික්කසාද කොට 1959 දෙසැම්බර් මාසයේ දී ෆාරා දිබා නම් කුමරිය විවා කොටගත්තේය. 1960 දී ඕ පුත්කුමරුවකු ප්‍රසූත කිරීමෙන් රජුත් රටත් සැනසුවාය. ශා රජු සිය අභිෂේක මංගල්‍යය සිදු කෙළේ 1967 දීය. ඉරාන ඉතිහාසයේ සහස්‍රවර්ෂාධික කාලයකින් නොසිදුවුණු රාජිනි අභිෂේකයක් ද ඒ අවස්ථාවේ දී පැවැත්විණි.
1960 වන විට ශා සිය බලතල දැඩි ලෙස තහවුරු කොට ගෙන සිටියේය. 1961 දී කලින් පැවති ක්‍රමයන්ට පටහැණිව රජ තෙමේ තම විරුද්ධවාදියකු වූ ආචාර්ය අලි අමිනි නමැත්තා ෂරිෆ් එමානිගෙන් හිස් වූ අගමැති පදවියට පත් කෙළේය. වසක පමණ සේවයකින් පසු ඉරානයේ ආර්ථික අර්බුදය බොහෝ දුරට විසඳාලීමෙන් අනතුරුව 1962 ජූනි මාසයේ දී තවදුරටත් ඇමරිකාවෙන් ණය මුදල් ඉල්ලීමට අකැමැති වූ අමිනි එම පදවියෙන් ඉල්ලා අස්වීම නිසා අසදුල්ලා ආලාම් අගමැති වශයෙන් පත් කැරිණි. මොහුගේ කාලයේ දී නව අධ්‍යාපන වැඩපිළිවෙළක් යටතේ රටේ අධ්‍යාපන තත්වය ඔසවාලීමට අවංක පරිශ්‍රමයක් දරනු ලැබීය.
මුසාදෙක්ගේ අවසාන කාලයේ සිට ම වාගේ පළුදුව තිබුණු රුසියානු-ඉරාන සබඳතා 1962 සිට ක්‍රමයෙන් හොඳ අතට හැරෙන්නට විය. 1963 දී රුසියානු අගමැති බ්‍රෙස්නෙෆ්‍ගේ ඉරාන චාරිකාව දෙරට අතර කාර්මික සහයෝගතා ගිවිසුමකට මඟ පෑදුවේය. 1963 දී ශා විසින් ම සැලැස්මක් සපයන ලද සමාජ ශෝධන වැඩපිළිවෙළක් ගැන ජනමතය විචාරන ලදුව ඊට පක්ෂව පනස්හයලක්ෂයකට කිට්ටු සංඛ්‍යාවකගේ කැමැත්ත ලැබුණු අතර විරුද්ධ වූයේ 4,115 දෙනකු පමණි. ඒ අනුව දේශයේ වනාන්තර ජාතිය සතු කිරීමේත් ඉඩම් සංශෝධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යාධාර ලබාගැනීම පිණිස රජය සතු කර්මාන්තායතන විකිණීමට අවසර දීමේත් කම්කරුවනට කර්මාන්තශාලා හා කාර්මික ආයතනවල ශුද්ධ ලාභයෙන් 20%ක් දක්වා භුක්ති විඳීමට ඉඩකඩ සලසාදීමේත් අකුරු ඉගැන්වීමේ දේශව්‍යාප්ත ව්‍යාපාරයක් ඇරඹීමේත් රාජාඥාවලට ජනානුමතය ලැබිණි.
පුරාවිද්‍යාව
ඉරානයේ කරන ලද පුරාවිද්‍යාත්මක පරීක්ෂණවලින් ප්‍රාග්-ඓතිහාසික යුගයට මෙන් ම මූල-ඵෙතිහාසික යුගයට ද අයත් තොරතුරු අනාවරණය කරගැනීමට පුළුවන් වී තිබේ. ප්‍රාග්-ඓතිහාසික යුගයට අයත් සේ පෙනෙනුයේ වැඩි වශයෙන් ම ගල්ගුහාවල නටබුන් හා මැටි බඳුන් කැබැලි රාශියක් ද වේ. මෙම ගල්ගුහාවල ප්‍රාග්-ඓතිහාසික යුගයෙහි මනුෂ්‍ය වර්ගයක් වාසය කළ බවට සාධක ඇත. සුස්තාර් කෙරෙන් ඊසාන දිගින් පිහිටි බක්තියාරි කඳුවැටි අසබඩ තංග්-ඉ-පඛ්දා ගුහාවේ පූර්වෝක්ත යුගයේ නටබුන් තිබිණ. එකල මිනිසුන් භාවිතා කළ ගල්පොරෝ, ගල්මිටි, මිටකට සවි කරන ලද ගල්පොරෝ තල, ඇටවලින් තනාගත් අවිආයුධ ආදිය මේ නටබුන් අතර විය.
ඉරාන සානුවේ සිටි ආදි ම මනුෂ්‍ය කොට්ඨාසය පිළිබඳ තොරතුරු සොයාගෙන ඇත්තේ තෙහෙරානයට දකුණින් පිහිටි කෂාන් අසබඩ වූ සියාල්ක් ප්‍රදේශයෙන්ය. ඉරානයේ ආදි ම මිනිසුන්ට ගෙවල් තනාගැනීම පිළිබඳ අවබෝධයක් නොතිබුණ ද අතුවලින් ආවරණය කරගත් තැනක් තනා ගැනීමට පුළුවන්කම ඔවුන්ට තිබුණු බව පෙනේ. මුල දී, දුම්ගස්සා වේළාගත් කාලවර්ණ මැටි බඳුන් පාවිච්චි කළ මොවුන් පසු කාලයක දී විවිධ වර්ණාලේප කළ මැටි බඳුන් භාවිතයට ගත් බව හෙළි වී ඇත.
සැහැල්ලු ගලින් හා සිප්පි කටුවලින් තනාගත් ආභරණ මොවුන් පැලඳි බවට සාධක ඇත. ශරීරාලංකරණය පිණිස විවිධ වර්ණයන් ආලේප කල බව ද පෙනේ. කැටයම් කලාව පිළිබඳව වුව ද ප්‍රමාණවත් අවබෝධයක් ඔවුන් සතුව තිබුණු බව යථෝක්ත ප්‍රදේශයේ තිබී සම්බ වූ කැටයම් කරන ලද සත්ව ඇටයකින් පැහැදිලි වේ.
ඉරානයේ ප්‍රාග්-ඓතිහාසික යුගයන්ට අයත් මෙම නටබුන්වලට හාත්පසින් ම සමාන නෂ්ටාවශේෂ මෙසපොටේමියාවේ තිබී සොයාගන්නා ලද හෙයින් ඉරාන නෂ්ටාවශේෂයන්ගේ කාලනිර්ණය කිරීම ඉතා පහසු කාර්යයක් විය. ආදිශිලා, මධ්‍යශිලා හා නව ශිලා යුගයන්ට අයත් නටබුන් ඉරානයේ උතුරු ප්‍රදේශයන්හි තිබී සොයාගනු ලැබීය. සර්-ඉ-කමාර්ඛන්ද්, සර්-ඉ-හූතූ යන ගුහාවලින් ද අසර්බයිජාන්හි තම්තමා ආදි ගුභාවලින් ද ප්‍රාග්-ඓතිහාසික යුගයේ මැටිබඳුන් ලැබී ඇත.
නවශිලායුගයට අයත් සේ කැපී පෙනෙන සංස්කෘතීන් දෙකක් වූ බව පෙනේ. කෂාන් හා ෆාර්ස් යන ස්ථානද්වයේ කරන ලද ගවේෂණයන්ගෙන් අනාවරණය කරගනු ලැබූ මෙම සංස්කෘති දෙක තේපි-සියාල්ක් I හා තෙල්-ඉ-ජාරි B නමින් හැඳින්වේ. තාම්‍රශිලා යුගයේ සංස්කෘතීන් ක්‍රි.පූ. 3 වන සහස්‍රවර්ෂය තෙක් පැතිරී තිබුණු බව දම්සාන්, ලුරිස්ථාන්, ඛුසිස්ථාන් හා ෆාර්ස් යන පෙදෙස්හි ද ඉරානයේ නැගෙනහිර සීමාවේ ද කරන ලද ගවේෂණ කටයුතුවලින් අනාවරණය විය. කිර්මාන්හි බාම්පුර්-ඛුරාබ් ප්‍රදේශයේ ද ෆාර්ස්හි ද තිබී ආදි ලෝකඩ යුගයේ නෂ්ටාවශේෂ සම්බ වී ඇත.
අයස් යුගය පිළිබඳ තොරතුරු සොයා ගනු ලැබුවේත් ලුරිස්ථාන්හි හර්සිරි, ඛුරාමාබාද් ආදි තන්හි සොහොන් ගැබ්වල තිබුණු ලෝකඩ භාණ්ඩ මගිනි. මේවා අතුරෙහි අවි ආයුධ, උල්කටු, පූජනීය භාණ්ඩ හා හැඩවැඩ දමන ලද නොයෙකුත් බඳුන් ද විය. මේවායේ වැඩි වශයෙන් ම දක්නට ඇත්තේ හිටයිට් නිර්මාණ ලක්ෂණය.
ඉරාන පුරාවිද්‍යාත්මක ගවේෂණයන් නිසා අනාවරණය කරගනු ලැබූ ප්‍රථම ඓතිහාසික ශිෂ්ටාචාරය වූයේ ඊලාම ශිෂ්ටාචාරයයි. මෙය මෙසපොටේමියානු ශිෂ්ටාචාරය හා කෙතරම් දුරට නෑකම් දක්වන්නක් දැයි කිවහොත් මෙයින් එකක් අනිකෙන් වෙසෙසා හඳුනාගැනීම උගහටය. ඊලාම ශිෂ්ටාචාරයට අයත් නටබුන් වැඩි වශයෙන් ම දක්නට ලැබුණේ ඉරානයේ නිරිතදිග ප්‍රදේශයන්හිය. මේ සමයේ කරවන ලදැයි පිළිගැනෙන කැටයම් රූප රාශියක් ඉරාන කලාශිල්ප ඉතිහාසයේ ඉතා වැදගත් ස්ථානයක් ගනී. ඊලාම අගනුවර වූ සූසාහි තිබී ඉපැරණි ගොඩනැගිලි නටබුන්, මූර්ති කලාකෘති, රන් භාණ්ඩ, රිදී භාණ්ඩ, ඇත්දත් භාණ්ඩ හා නොයෙකුත් මුද්‍රා හමු වී ඇත. මේ හැරෙන්නට වුගා සන්බීල්, තෙල්-ඉ-ඝසීර්, තූලස්පීද් ආදි ස්ථානයන්හි තිබී පූර්වෝක්ත ගණයන්ට අයත් වන නටබුන් ලැබී ඇති අතර ෆාර්ස්, ඛුසිස්ථාන්, කුර්දිස්ථාන් ආදි ස්ථානවල තිබී පුරාවස්තු රැසක් සොයාගෙන ඇත.
අසර්බයිජාන් ප්‍රදේශයේ තාශ්-තේපි, සිකින්දිල් යන ස්ථානයන්හි තිබී සොයා ගෙන ඇති ශිලාලේඛන හා කීල්-ඉ-ෂීන්හි ඇති කැටයම් සහිත කණු උරාර්තු සභ්‍යත්වයේ නෂ්ටාවශේෂය. මින් අනතුරුව ආර්‍ය්‍ය සභ්‍යත්වය ඉරානයේ ප්‍රචලිත වූ අතර එහි නටබුන් වැඩි වශයෙන් ම දක්නට ලැබෙන්නේ උතුරු ඉරානයේය. ෆඛ්රකා, උතාක්-ඉ-ෆර්හාද්, සබ්නා, සඛවන්ද් ආදි ප්‍රදේශයන්හි තිබී සොයාගන්නා ලද සොහොන්ගැබ් රාශියක් ආර්‍ය්‍ය සභ්‍යත්වයට අයත් යයි කියනු ලැබේ. මේවා නිර්මාණය කිරීමට ඉවහල් කරගත් සම්ප්‍රදායයන් ෆාර්ස්හි පර්සිපොලිස්, නක්ෂ්-ඉ-රුස්තම් ආදි ස්ථානයන්හි ප්‍රචලිතව තිබුණු බව පෙනේ.
ඉරාන ශිෂ්ටාචාරයන් අතුරෙන් ඇකිමේනියානු ශිෂ්ටාචාරයට අයත් ඉතා වැදගත් නටබුන් තිබුණේ ඉරානයේ දකුණු දිග ප්‍රදේශයන්හිය. ෆාර්ස්හි පර්සිපොලිස්, පසාර්ගදේ, අබාර්ජ්, ජින් ජින්, සූසා, හමදාන් ආදි ස්ථානයන්හි තිබුණු මෙම නටබුන් අතර ආරක්‍ෂක මාලක, දෙව්මැදුරු, අග්නි පූජාසන, රජමාළිගා, මූර්ති හා කැටයම්, රන් භාණ්ඩ, මැටි බඳුන් ආදිය විය. පළමුවන ඩේරියස්ගේ අගනුවර වූ පර්සිපොලිස් (බ.) නගරය ඇකිමේනියානු කලාශිල්පයන් බිහි වුණු ප්‍රධාන මධ්‍යස්ථානය විය. මෙහි ගොඩනැගිලි කර්මාන්තය සඳහා ගල් භාවිතා කොට ඇත.
ඉරානයේ යාවනික සෙලූසිඩ් සමය පිළිබඳ පුරාවිද්‍යාත්මක තොරතුරු විරලය. අවශිෂ්ටව ඇත්තේ ස්මාරක කිහිපයක නටබුන් පමණි.
නාණක විද්‍යාත්මක පර්යෙෂණයන් මඟින් ඉරානය පිළිබඳව ඵෙතිහාසික තොරතුරු එතරම් ලැබී නැත. පැරැණි සමයට අයත් කාසි ලැබුණේ පර්සිපොලිස්, සූසා, රායි වැනි කිහිප තැනකින් පමණකි.
මධ්‍යකාලීන ඉරානයේ පැවති කලා සම්ප්‍රදාය පෘථුල කලා පද්ධතියක කොටසක් වූ පාර්තියන් කලා සම්ප්‍රදායයි. මෙකල ගල් වෙනුවට භාවිතා කරන ලද්දේ ගඩොල්ය. බොකු වහල හා අර්ධගෝලාකාර පියස්ස ප්‍රචලිතව තිබිණි. මධ්‍යකාලීන ගෘහ නිර්මාණයන්ගෙන් ඉතිරිව ඇත්තේ ඉතා සුළු සංඛ්‍යාවක් පමණකි. සීස්ථානයේ කුහ්-ඉ-ක්වාජාහි ඇති මූර්ති හා කැටයම්, බිතුසිතුවම්, මැටි බඳුන් ආදියෙහි නටබුන් මේ සමයට අයත්ය. අසර්බයිජාන්හි තාක්ත්-ඉ-සුලයිමාන් හා බුසිස්ථාන්හි ෂාම් ගෘහනිර්මාණය පිළිබඳ මධ්‍යස්ථානයෝයි. ෂාම් වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ ප්‍රතිමා හා ලෝකඩ නිර්මාණ ගැනය. සූසා පෙදෙසේ හැම කලා ශිල්පයකට ම අයත් පුරාවස්තු දක්නට ඇති අතර බද්ර් නිෂන්දාහිත් සුප්‍රකට සිංහමූර්තිය සොයාගනු ලැබූ හමදාන්හිත් මූර්ති කලාවට අයත් වස්තු ඇත.
ඉරාන පුරාවිද්‍යා කටයුතු මඟින් මහඟු සේවයක් සිදු වී ඇත්තේ සාසාන යුගය අනාවරණය කර ගැනීමටය. සාසාන නිර්මාණ සම්ප්‍රදායයන්ට අයත් ප්‍රධාන ස්මාරකය නම් ඉරානයෙන් බැහැර ටෙසිෆන්හි රජමාළිගාවය. බලකොටු, අග්නි දේවාල, තැන තැන තිබුණු කුඩා ගෘහ විශේෂ, පාලම් ආදියෙන් සාසාන ගෘහනිර්මාණ ශිල්පයට රෝම ආභාසය කෙතෙක් දුරට ලැබී ඇත් දැයි අවබෝධ කරගත හැකිය. ගඩොල් මෙන් ම ගල් ද මෙම නිර්මාණයන්හි භාවිතා කොට ඇති බව පෙනේ.
මෙම සමයට අයත් වන ගලින් නෙළූ මූර්ති 30ක් පමණ ෆාර්ස්, ෆිරූසාබාද්, බිෂාපූර් ආදි ස්ථානයන්හි තිබී සොයාගෙන ඇත. ඛුසිස්ථාන්, අසර්බයිජාන්, කුර්දිස්ථාන් ආදියෙහි ද තැන තැන මෙම මූර්ති දක්නට ඇත. මේවායින් ඉතා වැදගත් ලෙස සලකනු ලබන්නේ 7 වන සියවසට අයත් මූර්තියක් වූ තාක්-ඉ-ඛුස්තාන් දඩකෙළි දර්ශනයයි. සාසාන යුගයට අයත් ඓතිහාසික නෂ්ටාවශේෂයන්හි කාලනිර්ණය කිරීමට ඉරාන කාසි විශේෂයෙන් ම උපස්තම්භක වූ බව පෙනේ. ඒ ඒ රජවරුන්ගේ කාසිවල තිබුණු විවිධ අලංකරණ මෝස්තර අනුසාරයෙන් යථෝක්ත කාලනිර්ණය කරගත හැකි විය.
මුස්ලිම් බලපෑම් හේතුකොටගෙන පසු කාලයේ දී ඉරාන ගොඩනැගිලි විවිධ වෙනස්වීම්වලට භාජන විය. ඉරානයේ මුස්ලිම් ගෘහනිර්මාණයන් බිහිවූයේ රෝම-බයිසන්ටයින් හා ඉරාන-ආසියාතික නිර්මාණ සම්ප්‍රදායයන් දෙකේ සංකලනයෙනි. මෙම සම්ප්‍රදායයන්ට අයත් මුස්ලිම් පල්ලි දමාවන්ද්, ගුල්පයිගාන්, ආර්දිස්ථාන් ආදි ස්ථානයන්හි ඇත.
අංග සම්පූර්ණ ඉරාන නිර්මාණ ලක්ෂණ ඇති ගෘහනිර්මාණ වූකලි මුස්ලිම් නිර්මාණයන්ට වඩා හාත්පසින් ම පරිණත ලක්ෂණ ඇති ගෘහ විශේෂයකි. මෙම ගොඩනැගිලි වඩාත් ප්‍රචලිත වූයේ මොංගල් ආක්‍රමණයට පෙරය. සොහොන් ගැබ් තැනීම ද ඉරාන ගෘහනිර්මාණ ශිල්පයේ ම තවත් අංගයක් විය.
ඉරාන චිත්‍ර කලාව
මැටි භාණ්ඩයන්හි අඳින ලද චිත්‍ර හා බිතුසිතුවම් ඉරානයේ ඉතා පැරණි චිත්‍ර කලාවට සම්බන්ධ වෙයි. දැනට ශේෂව පවත්නා ඉරාන චිත්‍ර අතර ඉතා පැරණි යයි සැලකිය හැක්කේ සීස්ථාන් ප්‍රදේශයට අයත් කුහ්-ඉ-ඛ්වාජාහි දක්නට ලැබෙන බිතුසිතුවම්ය. ඒවා කිතුවසින් පළමුවන සියවසට අයත් යයි සලකනු ලැබේ. කැබලි වශයෙන් ශේෂව පවත්නා මේ චිත්‍රයන්ගෙන් යාවනික හා පෙරදිග කලාවන්ට අයත් සාරවත් කොටස් උපුටා ගැනීමෙන් නිපදවාගත් ශෛලියක් නිරූපණය කෙරෙයි. රෝම ඉතිහාසඥයකු විසින් සඳහන් කරන ලද රජුන්ගේ දඩකෙළි හා සටන් නිරූපිත බිතුසිතුවම් කිසිවක් දැනට ශේෂව නැත. සාසාන රාජ්‍ය සමයට (ක්‍රි.පූ. 224-ක්‍රි.ව. 642) අයත් මේ දක්වා අවිනෂ්ටව පවත්නා එකම චිත්‍රය ඇෆ්ඝනිස්ථානයේ දුඛ්තර්-ඉ-නූෂිර්වාන්හි දක්නට ලැබෙන සිංහාසන දර්ශනයයි. මේ හැර ඉරාන ශෛලියට අනුව කරන ලද චිත්‍ර රාශියක් මධ්‍ය ආසියාවේ බෞද්ධ විහාරස්ථානයන්හි වේ. කිතුවසින් සිව්වන සියවසටත් සත්වන සියවසටත් අතර කාලයෙහි බිතුසිතුවම්වල ආභාසය ගලින් නෙළූ උන්නත රූපවල දක්නට ඇත. ඉරානයට ඉස්ලාම් ධර්මය සම්ප්‍රාප්ත වීමත් සමග මිනිස් හා සත්ව රූප ඇඳීම රූප වන්දනාවට තුඩු දෙන්නකැයි සැලකීමෙන් එය තහනම් විය. එහෙත් රජවරුන් හා වෙනත් ප්‍රභූහු තමනට අවශ්‍ය වූ විට බිතුසිතුවම් ඇඳීම හා ග්‍රන්ථයනට චිත්‍ර යෙදීම කළහ. පර්සියානු ජනයාගේ ජාතික මහාකාව්‍යය හැටියට සැලකෙන ශානාම නමැති ග්‍රන්ථය ක්ෂුද්‍ර චිත්‍රවලින් සරසන ලද්දකි. මුල් ම ක්ෂුද්‍ර චිත්‍ර දක්නට ඇත්තේ ක්‍රි.පූ. 12 වන සියවසට අයත් මැටිබඳුන්වලය. අභාවයට ගිය යථෝක්ත ග්‍රන්ථයෙහි ඇතුළත් ඓතිහාසික කරුණු සම්පිණ්ඩනයෙන් සම්පාදිත ග්‍රන්ථයන්හි දැක්වෙන සිතුවම්වලින් සමහරක් චීන චිත්‍රකලාවට අනුව නිදහස් ලෙස අඳින ලද රේඛා චිත්‍රයන්ට සූක්ෂ්ම ලෙස වර්ණ සංයෝජනය කිරීමෙන් ප්‍රාණවත් බවට පමුණුවා ඇති බව පැහැදිලිව පෙනේ. සමහරක් පැරණි ඉරාන සම්ප්‍රදායට අනුව අන්‍යෝන්‍ය කොටස් එකිනෙකට ගැළපෙන සේ යොදා තද පාටවලින් වර්ණවත් කර ඇත. 14 වන සියවස පමණේ දී මේ ශෛලි දෙක සම්මිශ්‍රණය වූ බව ඒ කාලයට අයත් චිත්‍රයන්ගෙන් ප්‍රකට වේ. ආගමික තහනම් නිසා චිත්‍රයන්ගේ ව්‍යාප්තිය ස්වල්ප වශයෙන් ඇවිරී ගිය නමුදු ලෞකික වශයෙන් පෞද්ගලික ගෘහයන් මෙන් ම සාහිත්‍ය ග්‍රන්ථ ද ඇතැම් විට විද්‍යාත්මක ග්‍රන්ථ ද චිත්‍රයන්ගෙන් අලංකාර කිරීමට එමට සිදු විය.
14 වන සියවසේ මැද භාගයේ පටන් 15 වන සියවසේ අවසානය දක්වා කාලය තුළ ටිමූරිය නමින් නව චිත්‍ර ශෛලියක් බිහි විය. මේ චිත්‍ර ශෛලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් සුප්‍රසිද්ධ ජයග්‍රාහක ටිමූර්ගේ පවුලේ අය වූ බැවින් ඊට ඒ නම් යොදන ලදි. මෙම කලාවට සම්බන්ධ වූ විෂයයන් අතර සටන්, දඩකෙළි, සිංහාසනාරූඪ වූ රජවරු, රාජසභා හා ප්‍රේම බන්ධනයන්ට සම්බන්ධ වූ ජවනිකා ආදිය බහුලය. ඒවා නිම කර ඇත්තේ මනෝරඤ්ජනයට හේතු වන ලාලිත්‍යය ගෙන දීමට යෝග්‍යාකාරයෙන් වර්ණසංයෝජනය කිරීමෙනි. පුෂ්පාකුල භූමිභාග, මනහර ඇඳුම් පැලඳුම් හා සුඛෝපභෝගී නිවාස ආදිය නිරූපණය කිරීම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වුණු බව මේ චිත්‍රයන්ගෙන් ඉඳුරා ප්‍රකට වෙයි. මෙම ශෛලියට අයත් ප්‍රධාන චිත්‍රශිල්පායතන පිහිටුවා තිබුණේ ශිරාස්, හීරාත්, තබ්‍රීස් යන නගරවලය. බිහ්සාද් නමැති චිත්‍රශිල්පියාගේ සිතුවම්වලින් මෙම චිත්‍ර ශෛලියේ උච්චතම අවස්ථාව පිළිබිඹු කෙරේ. ටිමූර් පෙළපතේ අවසන් වරට රජ කළ රජවරුන් කීප දෙනාගෙන් කෙනකු යටතේ සේවය කළ බිහ්සාද් හීරාත් රාජසභාවෙහි චිත්‍ර ඇඳීම සඳහා ඔහුගේ කාලයෙන් වැඩි කොටසක් ගත කළේය. ටිමූරිය පෙළපතේ අභාවයෙන් පසු බිහ්සාද් ශෛලිය සොළොස්වන ශතවර්ෂයේ මැද භාගය දක්වා ප්‍රචලිත විය. සෆාවිද් ශා පෙළපතට අයත් යුගයේ දී (ක්‍රි.ව. 1502න් පසු) ද එය ව්‍යවහාරයෙහි පැවැතිණි. ඇතැම් චිත්‍රශිල්පායතනයන්හි එය සංවර්ධනය වූ අතර ඇතැමෙක එය පිරිහිණ. මේ පෙළපතට අයත් ශා තාමාස්ප් I රජු සමයේ දී යථාර්ථ නිරූපණය බෙහෙවින් ප්‍රචලිත විය. සොළොස්වන සියවසේ මැද භාගයේ දී ඇතැම් චිත්‍රශිල්පීහු පැරණි චිත්‍ර ශෛලිය බැහැර කර සියුම් රේඛා චිත්‍ර හා කෝමල වර්ණසංයෝජනය ද ආරම්භ කළහ. සොළොස්වන සියවස අවසානයේ දී ද සතළොස්වන සියවස ආරම්භයේ දී ද ඉන් පසුව ආ දශක කීපයක දී ද රාජමාළිගයන්හි හා ප්‍රසිද්ධ ගොඩනැගිලිවල බිතුසිතුවම් පිළිබඳ පුනරුත්ථානයක් ඇති විය. සතළොස්වන සියවසේ දී යුරෝපීය චිත්‍ර ශෛලිය ඉරානයේ ද පැතිර ගියේය. කශ්වීන්, තබ්‍රීස්, ශිරාස්, හීරාත්, මෙෂෙද්, ඉස්‍ෆාහාන් යන ප්‍රදේශ සෆාවිද් චිත්‍ර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.
එකුන් විසිවන සියවසේ දී, කජාර් පෙළපතේ අනුග්‍රහයෙන් තෙල් සායම් චිත්‍ර ශෛලියක් බිහි විය. මේ චිත්‍ර අඳීන ලදුයේ කැන්වස් රෙදිවලය. පැරණි පර්සියානු චිත්‍ර කලාවට අයත් ඇතැම් අංග එහි විද්‍යමාන වුව ද යුරෝපීය චිත්‍ර කලාව මේ චිත්‍රයන් කෙරෙහි බෙහෙවින් බලපා ඇති බව නොරහසකි. මේ චිත්‍ර විශේෂයට වස්තු වී ඇත්තාහු නම් රාජසභිකයෝ, රජ පවුල, වංශාධිපතීන් හා අභිසචාරිකාවෝය. ඉන් පසු කාලයට අයත් චිත්‍රවලින් සමහරක් සෆාවිද් ශෛලියට අනුව ද සමහරක් යුරෝපීය ශෛලියට අනුව ද නිමවා ඇත.
ඉරාන මූර්ති කලාව
ක්‍රි.පූ. තුන්වන සහස්‍රවර්ෂය තරම් පැරණි කාලයක සිට පර්සියාවේ මූර්ති කලාව දියුණු වීමට එහි කඳු ආශ්‍රිතව පිහිටා ඇති විශාල පර්වත සමූහය මහත් රුකුලක් විය. මේ පාෂාණයන්හි ඉදිරියට නෙරා සිටින සේ නෙළන ලද මූර්ති සමූහය ඉතා පැරණි යුගයට අයත්ය. මේවා අතුරෙන් පැරණිම මූර්තිය හැටියට සැලකෙන්නේ සාර්පූල් නගරයට නුදුරු ගලක උන්නතාකාරයෙන් නෙළා ඇති අන්නුබනිනි රජුගේ පිළිරුවයි. එය ක්‍රි.පූ. 2500 පමණේ දී රජ කළ නරම් සිං රජු සමයට අයත් යයි සැලැකේ. ඉරාන මූර්ති කලාවේ මුල් අවස්ථාවක් විදහාපාන මේ රූපයෙන් සතුරන් නසා ජයගත් ඒ රජුගේ රාජපදප්‍රාප්තිය දෙවියකු විසින් කරනු ලබන්නක් හැටියට නිරූපණය කර ඇත. දුරාතීතයට අයත් මෙබඳු නිර්මාණ හැම එකක් ම වාගේ මෙසපොටේමියානු කලා ශෛලිය අනුගමනය කර ඇත. ඇතැම් පිළිරූවල යාවනික මූර්ති කලාවේ බලපෑම ද නොයෙක් විට ලැබුණු බව දිනාවර්, නිහාවන්ද්, පර්සිපොලිස්, ෂමී, සූසා, තෙල්-ඉ-සුහක් යන ප්‍රදේශවලින් හමු වූ නෂ්ටාවශේෂයන්ගෙන් පැහැදිලි වේ. ඉරාන මූර්ති කලාවේ උච්චතම අවස්ථාව එළඹුණේ ඇකිමේනියානු යුගයේ (ක්‍රි.පූ. 553-330) දීය. ඇකිමේනියන්වරුන්ගේ මූර්ති කලාව ඊට පෙර පැවැති පෙරදිග ශිෂ්ටාචාරයන්ගෙන් ප්‍රභව වූ නමුදු එය ඊට ම ආවේණික වූ ශිල්පධර්මයන් ඇසුරෙන් සංවර්ධනය විය. මේ කලාව ඔවුන්ගේ පාලන සමය අවසන් වන තුරු අවුරුදු 200කට අධික කාලයක් නොවෙනස්ව පැවැතියේය. පර්සිපොලිස්හි ශේෂව පවත්නා මාළිගා කොටස්වලින් මේ මූර්ති කලාව පිළිබිඹු කරන ප්‍රතිමා බොහෝ ගණනක් හමු වී ඇත. එහි කුලුනු මත ආරුක්කු සන්ධි වන තැන්වල නෙළා ඇති සත්ව රූප සහිත ශිලාඛණ්ඩ හා ප්‍රධාන දොරටුව ආශ්‍රිත ද්වාරපාලක රූපාදිය මූර්තිකලාවට සම්බන්ධ වුවද විශේෂයෙන් ගෘහනිර්මාණ කාර්යයක් ඉටු කරයි. දොර උළුවහු, ධාරක භිත්ති, සෝපාන පන්ති ආදියෙහි අල්පෝන්නතාකාරයෙන් නෙළන ලද රූ සටහන්වලින් ඒ ඒ ස්ථානවල හෝ ඊට නුදුරු තැන්වල හෝ සිදු වූ සිහිකටයුතු සිද්ධීන් නිරූපණය කර ඇත. ඇතැම් ගොඩනැඟිලිවල ඉදිරි පාර්ශ්ව මස්තකයෙහි ඇති ත්‍රිකෝණාකාර කොටස රාජකීය ආරක්ෂක භටයන්ගේ හෝ පරිවාර ජනයාගේ රූපවලින් අලංකාර කර ඇත. මේවා අතුරෙන් ඉතා දර්ශනීය ලෙස නෙළා ඇත්තේ අලුත් අවුරුදු උත්සවයට විවිධ දේශයන්ගෙන් පඬුරු රැගෙන රජු කරා යන පෙරහැරය. මේ මුර්ති සියල්ල ම මනා සේ ඔප දමන ලද කළුගල්වල තදපාටවලින් වර්ණවත් කර තිබුණු බව පෙනේ. සමහරක් විවිධ ලෝහ සහ වටිනා ගල්වර්ග යෙදීමෙන් අලංකෘතය.
සූසා නගරයෙහි වර්ණාලේප කරන ලද ගඩොල් මත අල්පෝන්නතාකාරයෙන් නෙළන ලද පිළිරූ සහිත පැරණි මාළිගා මූර්ති කලාව අතින් විශේෂ තැනක් ගනී. මේ කාලයට අයත් ඇතැම් අල්පෝන්නත පිළිරූ පාෂාණයන්හි ද නෙළා ඇත්තේ ය. මේවා අතුරෙන් කුර්දිස්ථාන්හි බෙහිස්තූන් ප්‍රදේශයෙන් සොයා ගෙන ඇති ඩේරියස් I රජු (ක්‍රි.පූ. 521–486) කැරලිකාර රජුන් පරදවා ලත් ජයග්‍රහණය නිරූපණය කැරෙන උන්නත රූප මහත් ප්‍රසිද්ධියක් උසුලයි. රාජකීයයන්ගේ ශෛලමය සොහොන් ගැබ්වලට මඳක් දුරින් අහුර මස්දාගේ සංකේතය අසල වූ යඥවේදියක් ඉදිරිපිට සිටි රජු එම සංකේතයට නැමදීම දර්ශනීයාකාරයෙන් නිරූපණය කර තිබේ. යාවනික යුගයට (ක්‍රි.පූ. 331-250) අයත් මූර්ති කලාව ඊට ම ආවේණික වූ ශිල්ප ධර්මයන් අනුව සකස් වී ඇත. ඉන්පසු ඇති වූ පාර්තියන් (ආර්සසිඩ්) යුගයට (ක්‍රි.පූ. 250-ක්‍රි.ව. 226) අයත් ප්‍රතිමා හා පිහිටි ගලේ නෙළූ උන්නත රූප යාවනික හා පෙරදිග ශිල්පධර්ම සම්මිශ්‍රණයෙන් නිමවා ඇත්තේය. ඒවායින් ශේෂව ඇත්තේ ස්වල්පයකි.
සාසාන යුගයේ දී (ක්‍රි.ව. 226-641) යාවනික කලා ශෛලියට නැඹුරු වීමක් දැකිය හැකි වුව ද එයට පෙරදිග ශිල්පධර්මයන් ද එකතු කරගැනිමෙන් අමුතු ශෛලියක් සකස් කරගත් බව පෙනේ. රජුන්ගේ රාජපදප්‍රාප්ති, යුද්ධ, සතුරන් ජය ගැනීම, වංශාධිපතින් පිරිවරා සිටීම දඩකෙළි ආදිය නොයෙක් විට ඔවුන්ගේ අල්පෝන්නත රූපාදියෙන් නිරූපණය කර ඇත. මේ මූර්ති කලාවට අයත් උන්නතව නෙළන ලද විශාල ගල් තිහක් පමණ සොයාගෙන තිබේ. බහ්රාම් I රජුගේ (ක්‍රි.ව. 273-277) රාජපදප්‍රාප්තිය නිරූපණය කැරෙන නිෂාපූර්හි ගල් කැටයම් නිර්මාණය අතින් ශ්‍රෙෂ්ඨ තැනක් ගනී. ෆිරූසාබාද්, නක්ෂ්-ඉ-රුස්තම්, නක්ෂ්-ඉ--රාජාබ්, නක්ෂ්-ඉ-බහ්රාම් යන ස්ථානවල ද සාසාන මූර්තිකලාවට අයත් විශිෂ්ට කෘති දක්නට ලැබේ. මේ යුගයෙහි විසූ ශිල්පීහු මූර්ති කලාවට අයත් සැරසිලි මෝස්තර බාහිර අලංකාරයක් වශයෙන් රිදී භාජනවලට යෙදීමෙහි ද දක්ෂ වූහ. රූප වන්දනාවට විරුද්ධව සටන් කළ ඉස්ලාම් භක්තිකයන්ගේ කලාකෘති අතර මූර්ති නොමැති විය. එහෙත් මධ්‍ය කාලයට අයත් ඉස්ලාම් දේවස්ථානයන්හි අඳින ලද මාලා කර්ම හා අමූර්තසැරසිලි ද ඔවුන් තුළ කලාව කෙරෙහි ඇල්මක් පැවති බව විදහාපායි. දහනවවන සියවස ආරම්භයේ දී ෆත්-අලි ශා විසින් ගලේ උන්නත රූප නෙළීමේ කලාවට නවපණක් දෙන ලදුව එය නැවතත් ව්‍යාප්ත විය. ඔහුගේ සිංහාසනය හා දඩකෙළි නිරූපණය කැරෙන මූර්ති කලාත්මක වටිනාකමින් අඩු වුව ද සාසාන යුගයේ ශිල්ප ධර්මයන්ගේ ඡායාමාත්‍රයක් දැක්වීමෙහි සමත්ය.
කලාශිල්ප
ඉරානයේ ප්‍රාග්-ඓතිහාසික සමයට අයත් කලාශිල්ප ආරම්භ වන්නේ විවිධ ආකෘතීන්ට අනුව සාදන ලද මැටි භාජනවලිනි. වෙනත් සංස්කෘතීන් සමඟ මිශ්‍ර වූ බවක් ප්‍රකට කැරෙන මේ මැටි භාණ්ඩ බෙහෙවින් ම මෙසපොටේමියාවේ කලාකෘතීන් හා සම්බන්ධබවක් දක්වයි. මේ දක්වා කරන ලද පරීක්ෂණයන්ට අනුව ප්‍රාග්-ඓතිහාසික යුගයට අයත් ඒ ඒ ප්‍රදේශවලින් හමු වූ පුරාවස්තු ඒ ඒ ප්‍රදේශයන්ට ම ආවේණික වූ කලා සම්ප්‍රදායයන්ට සම්බන්ධ බව නිගමනය කර තිබේ. පුරාශිලා, මධ්‍යශිලා, නවශිලා යන යුගයන්ට අයත් කලාකෘති ඉරානයේ උතුරු පෙදෙසෙන් ද පශ්චාත් කුලාල හා නවශිලා යුගයන්ට අයත් වස්තු තේපිසියාල්ක් I, ෆාර්ස් යන ප්‍රදේශවලින් ද තාම්‍ර ශිලා යුගයේ සංස්කෘතියට අයත් කලාකෘති තේපිසියාල්ක් II, III, තේපි හිසාර් I ආදි ස්ථානවලින් ද ලෝකඩ යුගයේ මුල කොටසට අයත් දෑ අනෞ III, තේපිහිසාර් III, සූසා II ආදි ස්ථානවලින් ද මධ්‍ය ලෝකඩ යුගයට අයත් වස්තු හා පශ්චාත් ලෝකඩ යුගයට හෙවත් ක්‍රි.පූ. 1200 දක්වා කාලයට අයත් වස්තු ෆාර්ස් ප්‍රදේශයෙන් ද හමු වී ඇත. ක්‍රි.පූ. 1200-800 පමණ කාලයට අයත් විශිෂ්ට කලාකෘති හැටියට සැලකෙන ලුරිස්ථාන්හි ලෝකඩ භාණ්ඩ ක්‍රි.ව. 1928-1930 අතර කාලයේ දී තෙහෙරාන්හි පැරණි භාණ්ඩ වෙළෙඳුන් අතට පත් විය. ඒවා ඔවුන් අතට පත් වූයේ ලුරිස්ථාන්හි මිටියාවත්වල ඉදි කර තිබුණු සොහොන් ගැබ්වලිනි. මේ ලෝකඩ භාණ්ඩයන් අතර ආයුධ, අශ්ව ඇඳුම්, කීල, භාර ඔප්පු කිරීම් හා සංස්කාරාදියට සම්බන්ධ වස්තු හා දර්ශනීය ලෙස අලංකාර කරන ලද භාජන ද විය. කාලාර් දාෂ්ත් ආදි උතුරුදිග ප්‍රදේශවලින් හමු වූ රන් රිදී භාණ්ඩ හා යටකී ලෝකඩ භාණ්ඩ අතර සබඳතා දැක්විය හැකිය. කෂාන් අසල තේපි සියාක්හි පහත් භූමි ඉරාන ජාතිකයන්ගේ ප්‍රාරම්භක ශිෂ්ටාචාරය පැවැති ප්‍රදේශය හැටියට සැලකේ. ඔවුනතර ව්‍යවහාරයෙහි පැවැති කලා පිළිබඳ උච්චතම අවස්ථාවක් තේපි සියාල්ක්හි තිබී හමු වූ ජ්‍යාමිතික රේඛාවලින් හා සත්ව රූප සටහන්වලින් සරසා සායම් කරන ලද මැටිභාජනවලින් නිරූපණය වේ. මීට මඳක් වෙනස් වූ මැටිභාජන හිසාර්, ගියාන්, ෆාර්ස් ආදි ප්‍රදේශවලින් ද සොයා ගෙන ඇත. සූසා I (ෂූෂ්) නගරයෙන් හමු වූ අවමංගල අවස්ථාවල දී උපයෝගී කර ගන්නා ලද මැටිභාජන මෙම යුගයේ අවසාන සමයට අයත් යැයි සැලකේ. ඒවා නිර්මාණය අතින් ද කලාත්මක මෝස්තර අතින් ද වර්ණසංයෝජනය අතින් ද එවක අන් කිසි ම කලාකෘතියකට දෙවැනි නොවේ. නොයෙක් විට මිනිස් සිරුරක හෝ සත්ව සිරුරක කොටසක් මුළු සිරුර නිරූපණය කිරීම සඳහා ඒවායේ යොදා ඇත. මේ කලාකෘති ක්‍රිස්තු පූර්ව තුන්වන සහස්‍රකය තරම් පැරණි යුගයකට අයත් යයි සලකනු ලැබේ.
පර්සිපොලිස්, සූසා, පසර්ගදේ, කුර්දිස්ථාන්, හමදාන් (ඒක්බතානා), තබ්‍රිස්, ලුරිස්ථාන්, තේපිගියාන්, ෂම්, ෆිරූසාබාද්, ඉස්තඛ්ර්, ශිරාස් ආදි ප්‍රදේශවල අවශිෂ්ටව පවත්නා මාළිගාදි ගොඩනැඟිලිවලින් ද විවිධ ප්‍රදේශවලින් හමු වූ තඹ, ලෝකඩ, ස්වර්ණ, රජත ආදියෙන් නිම කරන ලද භාණ්ඩවලින් ද ඇත්දත් කැටයම්, ශෛලමය සොහොන් ගැබ්, ආයුධ, ආභරණ, මැණික් කැටයම්, අල්පෝන්නත රූ සටහන් ආදියෙන් ද පැරණි ඉරාන කලාශිල්පයන්ගේ ප්‍රෞඪත්වය මොනවට විදහා දැක්වෙයි.
ක්‍රි.ව. 1934 වන තුරු පර්සියාවේ නවීන යන්ත්‍ර සූත්‍ර ව්‍යවහාරයක් නොවීය. ඊට පෙර කුඩා කර්මාන්තශාලා මගින් ආහාර ද්‍රව්‍ය, රෙදිපිළී, ගෘහභාණ්ඩ, පලස් ආදිය සාදන ලදි. ලෝහ සහ සම් කර්මාන්තයන්හි ද පලස් විවීමෙහි ද ඉරානජාතිකයෝ ප්‍රසිද්ධියක් උසුලති. ඔවුන්ගේ කලාශිල්ප පරම්පරානුයාතය. ලොම් සායම් කිරීම පුරුෂ පක්ෂය අතින් සිදු වේ. ඉතා දීර්ඝ වූ ද සෙමින් කළ යුතු වූ ද විවීම් කරනු ලබන්නේ ස්ත්‍රීන් හා ළමයින් විසිනි. ඉස්‍ෆහාන් නගරය අවට ප්‍රදේශය ශ්‍රෙෂ්ඨතම කලාකෘතීන් ගැන ප්‍රසිද්ධියක් උසුලයි. රන් ආදි ලෝහවලින් කරන කර්මාන්ත, සම්වැඩ, ආයුධ තැනීම, ගෙත්තම්, ලී කැටයම්, සේද විවීම යන මේවා එහි බහුල වශයෙන් කෙරේ. නවීන ක්‍රම අනුගමනය කිරීම හේතුකොටගෙන එහි පැරණි කලා ශිල්ප පිරිහීගෙන යයි.
ගෘහනිර්මාණ ශිල්පය
ක්‍රි.පූ. 5000 පමණේ දී කැස්පියන් හෙවත් කොකේසියන් නමින් හැඳින්වුණු මනුෂ්‍ය වර්ගයක් ඉරානයේ (පර්සියාවේ) සාරවත් භූමිප්‍රදේශ ආශ්‍රිතව වාසස්ථාන තනාගෙන ගොවිතැන් කිරීම් ආදියෙන් ජීවනෝපාය සලස්වාගෙන විසූහයි ඉතිහාසඥයෝ නිගමනය කරති. එකිනෙකට නුදුරුව තනාගත් ඔවුන්ගේ ගෘහ දුබල තත්වයක පැවැති බැවින් අධික වර්ෂාව හේතුකොටගෙන ඉන් සමහරක් විනාශ විය. සුන්බුන්වලින් වැසී ගිය පැරණි ගෙපළවල් මත නැවත නැවත ගොඩනැඟිලි ඉදි කිරීමෙන් භුමි මට්ටම උස් වූවාක් මෙන් ම ගෘහනිර්මාණය පිළිබඳ ඔවුන්ගේ දැනුම ද අනුක්‍රමයෙන් උසස් විය. ක්‍රි.පූ. 4000 පමණ වන විට ඔවුනතර ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ සැලකිය යුතු දියුණුවක් පැවැති බව අස්තරබාද්, පර්සිපොලිස්, දම්ඝන්, සූසා යන ප්‍රදේශවල පවත්වන ලද පුරාවිද්‍යාත්මක පරීක්ෂණවලින් හෙළි වී තිබේ. එකල භිත්ති බැඳීමට යොදා ඇත්තේ මැටි හෝ මැටිවලින් සාදාගත් ගඩොල්ය. එම ගොඩනැඟිලිවලින් වැඩි කොටසක භිත්තිවලට යොදන ලද ගඩොල් ආදිය ශේෂව පවත්නේ පදනමේ පමණකි. කලින් කල ජනාවාසව පැවැති බිම් තට්ටු බොහෝ ගණනක් ද විවිධ ගෘහ නිර්මාණ ශිල්පයන්ට අයත් ගොඩනැඟිලි හා දෙවොල් රාශියක නෂ්ටාවශේෂ ද සූසා නගරයේ උස් බිමකින් හමු වී තිබේ. මින් සමහරක් ඊලාම ශිෂ්ටාචාරය තරම් පැරණිය.
දැනට ප්‍රංසයේ ලූව්ර (Louvre) කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා තිබෙන අල්පෝන්නතාකාරයෙන් පාෂාණයන්හි නෙළා ඇති නගර හා පෞද්ගලික ගොඩනැඟිලි රූ සටහන්වලින් ප්‍රාග්-ඇකිමේනියානු ගෘහනිර්මාණ ශිල්පය ගැන අවබෝධයක් ඇති කරගත හැකිය. ඇසිරියාවේ සර්ගොන් රජු ක්‍රි.පූ. 714 දී වයඹ දිග ඉරානය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවලින් යථෝක්ත අල්පෝන්නත චිත්‍රවල දැක්වෙන දිය අගල්වලින් හා උස් ප්‍රාකාරයන්ගෙන් පරික්ෂිප්ත නගරග්‍රාමාදිය පිළිබඳ විස්තර අපට ලැබේ. මුසාසිර්හි තිබුණු ඛල්දියා දෙවොල අල්පෝන්නත චිත්‍රයන්හි නිරූපණය කර ඇත්තේ උස් වූ වේදිකාවක් මත කුලුනු සයක් සහිත ද්වාරමණ්ඩපයකින් හා පළ දෙකේ පියස්සකින් ද යුක්තවය. මෙපරිද්දෙන් නිරූපිත එක් නගරයක මාරුවෙන් මාරුවට කළු හා සුදු ගල් යොදා කරන ලද චතුරස්‍රාකාර ගොඩනැඟිලි ප්‍රකටව පෙනේ. මේ නගර හා ගොඩනැඟිලි මීඩියානු ගෘහනිර්මාණ ශිල්පය කෙරෙහි කෙළින් ම බලපෑ බව පැහැදිලිව පෙනේ. එහි දක්නට ලැබෙන ගලින් නෙළන ලද සොහොන් ගෙවල් සුළු ආසියාවේ දක්ෂ කැටයම් ශිල්පීන් අතින් විචිත්‍ර ලෙස නිම වූ නිර්මාණයන්ට අනුව කරන්නට ඇතැයි සිතිය හැකිය. අට්ටාලයක හැඩහුරුකම ඇති උස් වූ ගෘහ විශේෂයක් ද මේ කාලයෙහි ජනප්‍රියව පැවති බව අනාවරණය වී ඇත. කුලුනු සහිත ද්වාර මණ්ඩපයක පසුපස කාමර ගණනකින් යුක්තව තනන ලද ගෘහ, පළ දෙකේ පියසි සහිත ආයත චතුරස්‍රාකාර ගෘහ, කවුළු සහිත ප්‍රාකාරයකින් යුක්තව පැති සහිතව හෝ කවාකාරව තැනූ, අට්ටාල මෙන් උස් වූ ගෘහ යන තෙවැදෑරුම් ගෘහ විශේෂ එකල ව්‍යවහාර වූ ගෘහනිර්මාණ ශිල්පයෙහි විශේෂ අංගයෝ වූහ.
ඇකිමේනියානු යුගය (ක්‍රි.පූ. 553–330)
ක්‍රි.පූ. සවන ශතවර්ෂයේ මැද භාගයේ දී මිඩියානු මහරජු යටත් කොට විදේශ ආක්‍රමණයෙහි යෙදුණු සයිරස් රජ පර්සිපොලිස් නුවරට සැතැපුම් පනහක් උතුරු දෙසින් පිහිටි පසර්ගදේ තම වාසස්ථානය කර ගත්තේය. එහි කරවන ලද ගොඩනැඟිලි අතර බලකොටු, දෙවොල්, රාජකීය නිවාස හා අට්ටාලයක් වැනි උස් වූ නිර්මාණයක් ද විය. සයිරස්ගේ සොහොන් ගෙය තනා ඇත්තේ ද එහිය. පැරණි බලකොටුවෙන් දැනට ශේෂව පවත්නේ විසිතුරු ලෙස නිම කළ ගල් යොදා ලෝහ කීලයන්ගෙන් ශක්තිමත් කර බඳින ලද විශාල ධාරක ප්‍රාකාර පමණකි. දෙවොල් ගොඩනඟා තිබුණ භූමිවල උස් වූ වේදිකා පමණක් ශේෂව පවතී. රාජකීය මන්දිරයන්ට අයත් බිත්ති පදනම් හා කුලුනු පදනම් පුරාවිද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක් වී ඇත. පේළි වශයෙන් යෙදූ කුලුනු හා එක් පැත්තක හෝ පැති කීපයක ද්වාරමණ්ඩප සහිතව කරන ලද ආයතවතුරස්‍රාකාර විශාල ශාලාවලින් යුක්ත වූ මේ රාජමන්දිර තනා ඇත්තේ ප්‍රාග්-ඇකිමේනියානු යුගයට අයත් ගෘහනිර්මාණ ශිල්පයේ වැඩීගිය ස්වරූපයකිනි. හාත්පස ස්තම්භාවලීන්ගෙන් පරික්ෂිප්ත සයිරස්ගේ සොහොන් ගෙට සම්බන්ධ අංගණය හා ස්තම්භ විනාශමුඛයට ගොස් දැනට ශේෂව පවත්නේ සොහොන් ගෙය පමණකි.
ක්‍රි.පූ. 521 පමණේ දී සිංහාසනාරූඪ වූ ඩේරියස් I රජු විසින් පර්සිපොලිස් නගරය ඉදි කරවා එහි භාණ්ඩාගාර, රැස්වීම්ශාලා ආදි ගොඩනැඟිලි රාශියක් තනවන ලදි. ඩේරියස් I රජුට පසුව රජ පැමිණි සර්ක්සිස් ආදීන් විසින් තනවන ලද ගොඩනැඟිලි රාශියක් ද එහි ඇත. මේ ගොඩනැඟිලි හුදෙක් ඇකිමේනියානු ගෘහනිර්මාණ ශිල්පයට පමණක් සීමා නොවීය. ලෝකයේ නොයෙක් ප්‍රදේශයන්හි ගෘහනිර්මාණ ශිල්ප ලක්ෂණයන්ගෙන් සමන්විත කොට ඒවා නිම කර ඇත. උස් වේදිකාවක් මත රාජකීය මන්දිර තැනීම ආදි ගෘහනිර්මාණ ශිල්ප ධර්ම ද විශාල වෘෂභ රූප හා අල්පෝන්නත රූ සටහන් නෙළීම ද ඇසිරියානු ගෘහ නිර්මාණ ශිල්පයට ණයගැතිය. විශේෂ සැරසිලි ක්‍රම හා අංශයක් පමණක් ප්‍රකට වන සේ කරන ලද චිත්‍ර සහිත ලීස්තර ද මිසර ගෘහනිර්මාණ ශිල්පය අනුගමනය කිරීමකි. අතිශයින් විශාල වූ ඒ අධිරාජ්‍යයේ හැම කොටසකින් ම ශිල්පීන් හා දැව ද්‍රව්‍යාදිය ගෙන්වා ඒ කර්මාන්ත කරවූ බව ඇකිමේනියානු ශිලාලිපිවලින් ද පැවැසේ.
යාවනික (Hellenistic) සෙලූසිඩ් යුගය (ක්‍රි.පූ. 330-250)
මේ කාලයට අයත් ගොඩනැඟිලි අතුරින් දැනට ශේෂව ඇත්තේ කීපයක් පමණි. නුරාබාද්හි ගරා වැටී තිබෙන දෙවොලෙහි තන්හි තන්හි විසිරී ඇති නටබුන්වලින් ද පර්සිපොලිස්හි වේදිකාවක් පාමුල දක්නට ලැබෙන නෂ්ටාවශේෂයන්ගෙන් ද යථෝක්ත සමයට අයත් ගෘහ නිර්මාණ ශිල්පය කෙබඳු වී දැයි වටහාගත හැකිය. මේ ගොඩනැඟිලි දෙක ම තනා ඇත්තේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට ඉඳුරා එකඟවය. මෙසමයට ම අයත් ඉස්තඛ්ර්, කන්ගවර්, ඛූර්හා යන දෙවොල් නිමවා ඇත්තේ ග්‍රීක ගෘහනිර්මාණ ශිල්පයට අනුවය.
පාර්තියන් යුගය (ක්‍රි.පූ. 249-ක්‍රි.ව. 224)
මේ යුගයට අයත් නෂ්ටාවශේෂ ඩූරා-යුරෝපොස්, හත්‍රා, සෙලූෂියා, අශූර්, නිප්පූර්, ප්‍රාස්පා යන ප්‍රදේශවල දක්නට ලැබේ. මේ නෂ්ටාවශේෂයන් අතර මාළිගා, ගෘහ, දෙවොල් හා සොහොන් ගෙවල් ද ඇත. මේවා අතුරෙන් විශේෂ සැලකීමට භාජන වී ඇත්තේ හත්‍රා ප්‍රදේශයේ මේ දක්වා සුරක්ෂිතව පවත්නා ගොඩනැඟිලිය. හාත්පස ප්‍රාකාරයකින් පරික්ෂිප්ත මේ නගරය මැද ගලින් නිම කරන ලද මාළිගා හා වෙනත් ගොඩනැඟිලි ද හිරු දෙවියාට කැප කරන ලද දෙවොලක් ද වේ. සාමාන්‍යයෙන් මේ ගොඩනැගිලිවලට යොදා ඇත්තේ පුලුස්සන ලද ගඩොල් හා ගල්ය. ගලින් නිමවන ලද ගොඩනැඟිලිවලට විවිධ සැරසිලිවලින් අලංකෘත ගල් යොදා ඇත. පාර්තියන් ගෘහ නිර්මාණ ශිල්පය ඊට පෙර පැවති විවිධ නිර්මාණයන්ගේ චිත්තාකර්ෂණීය කොටස් යෙදීමෙන් සකස් කරගත් ක්‍රමයක් බව යථෝක්ත නෂ්ටාවශේෂයන්ගෙන් පැහැදිලි වේ. එහෙත් එය ඇකිමේනියානු ශිල්පයෙන් ප්‍රකට කැරෙන ප්‍රාණවත් ගතියෙන් හා ප්‍රතාපවත් ස්වභාවයෙන් තොර වූවකි. යාවනික, පර්සියානු හා ප්‍රාදේශික ශිල්ප ධර්ම පාර්තියන් ගෘහ නිර්මාණ ශිල්පයෙහි ගැබ් වී ඇති බව පැහැදිලිව පෙනේ.
සාසාන යුගය (ක්‍රි.ව. 224-642)
මෙම යුගයෙහි පැවති ගෘහනිර්මාණ ශිල්පයට අයත් නෂ්ටාවශේෂ රාශියක් මේ දක්වා ඉතිරිව පවතී. මාළිගා, ගෘහ, ගිනි දෙවියාට කැප කරන ලද දෙවොල්, බලකොටු, පාලම්, වේලි හා නිර්මිත නගර මින් සමහරකි. ව්‍යාජ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ ඕජෝ ගුණයෙන් යුත් ඔවුන්ගේ ගෘහනිර්මාණ ශිල්පයෙන් යාවනික මූලධර්මයන් බැහැර වී ඇති බව පෙනේ. ෆාර්ස් පළාතේ ෆිරූසාබාද්හි දක්නට ලැබෙන මාළිගය පළමුවන සාසාන රජු සමයට අයත් යයි සලකනු ලැබේ. දිගින් අඩි 300කට අධික වූ මේ මාළිගය ආයත චතුරස්‍රාකාරය. එය තැනීමට කුඩා ගල් කැබලි යොදා ඇත. එහි ඉදිරි පාර්ශ්වයේ සිට සිංහාසනශාලාව කරා යාමට ගෝලාකාර ශිඛරයක් සහිත චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලක් වේ. සිංහාසනශාලාවට පසුපස පිහිටි නිවාසාගාරය වටා අභ්‍යන්තර අංගණයකි. මෙකී ගොඩනැඟිලි මෙම යුගයේ විශේෂ නිර්මාණයන් හැටියට සැලකිය හැකිය. පාලම් සහ වේලි තැනීමේ දී රෝම ක්‍රමය අනුගමනය කැරිණ. සාසානවරුන්ගේ පැරණි රාජධානිය වූ ශාපූර්හි පවත්වන ලද පුරාවිද්‍යා පරීක්ෂණවලින් ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයට අයත් කරුණු රැසක් අනාවරණය වී ඇත. මස්දා ආගමට සම්බන්ධ දෙවොල්හි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වූයේ ගෝලාකාර ශිඛරයකින් යුත් චතුරස්‍රාකාර ශාලාය. මේවා බහුල වශයෙන් දක්නට ඇත්තේ සාසාන යුගයෙන් පසුවය.
සත්වන සියවස ආරම්භයේ දී සාසාන අධිරාජ්‍යය වැටී ගිය පසු අරාබි ගෘහ නිර්මාණ ශිල්පය හා යුරෝපීය ශිල්පක්‍රම ද පැතිරෙන්නට විය. එහෙත් දැනට ඉරානයේ ගෘහනිර්මාණ ශිල්පය සකස් කොටගෙන ඇත්තේ පර්සියාවේ පැරණි ගොඩනැඟිලි ආදර්ශයට ගැනීමෙනි.
(සංස්කරණය: 1970)