"ආසිනොයිතේරියුම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
1 පේළිය: 1 පේළිය:
(Arsinoitherium). වඳ වී ගිය විශාල ක්ෂීරපායි සතෙකි. මිසරයේ ෆයියුම් ප්‍රදේශයේ පහළ [[ඔලිගෝසීන]] (බ.) බිම්තට්ටුවලින් උගේ නෂ්ටාවශේෂ සොයා ගන්නා ලදි. උගේ හිස් කබලේ ඉදිරිපසෙහි උඩට නැඹුරු වූ විශාල අං යුවළක් ඇත. තවත් කුඩා අං යුවළක් ඊට පිටුපසින් හිස් මුදුනෙහි වෙයි. ළඟ ළඟ පිහිටි උස් මස්තක සහිත චාර්වක දත් 22ක් උගේ එක් හනුවක තිබේ. ආසිනොයිතේරියුම් සමහර විට කඟවේණා මෙන් ශාකභක්ෂක ජීවිතයක් ගත කරන්නට ඇතැයි මෙයින් පෙනේ. ඇඟිලි පහකින් යුක්ත වූ උගේ කකුල් කොටය, තරය.
+
[[ගොනුව:2-723.jpg|200px|right]](Arsinoitherium). වඳ වී ගිය විශාල ක්ෂීරපායි සතෙකි. මිසරයේ ෆයියුම් ප්‍රදේශයේ පහළ [[ඔලිගෝසීන]] (බ.) බිම්තට්ටුවලින් උගේ නෂ්ටාවශේෂ සොයා ගන්නා ලදි. උගේ හිස් කබලේ ඉදිරිපසෙහි උඩට නැඹුරු වූ විශාල අං යුවළක් ඇත. තවත් කුඩා අං යුවළක් ඊට පිටුපසින් හිස් මුදුනෙහි වෙයි. ළඟ ළඟ පිහිටි උස් මස්තක සහිත චාර්වක දත් 22ක් උගේ එක් හනුවක තිබේ. ආසිනොයිතේරියුම් සමහර විට කඟවේණා මෙන් ශාකභක්ෂක ජීවිතයක් ගත කරන්නට ඇතැයි මෙයින් පෙනේ. ඇඟිලි පහකින් යුක්ත වූ උගේ කකුල් කොටය, තරය.
  
 
ආසිනොයිතේරියුම්ගේ නෑසබඳකම් ගැන හෝ උගෙන් පැවතෙන්නකු ගැන තව ම දැන ගන්නට නැත. ඌ කඟවේණා හා සමාන වූයේ බාහිර වශයෙන් පමණකි. එහෙත් සමහර විට [[හයිරකොයිඩියා]] (බ.) වර්ගයට උගේ සම්බන්ධකමක් තිබීමට පිළිවනැයි යනු ඇතැමුන්ගේ පිළිගැනීමයි. එම්බ්‍රිතොපොඩා (Embrithopoda) නමැති විශේෂ ක්ෂීරපායි වර්ගය යටතෙහි ආසිනොයිතේරියුම් සාමාන්‍යයෙන් වර්ග කරනු ලැබේ.
 
ආසිනොයිතේරියුම්ගේ නෑසබඳකම් ගැන හෝ උගෙන් පැවතෙන්නකු ගැන තව ම දැන ගන්නට නැත. ඌ කඟවේණා හා සමාන වූයේ බාහිර වශයෙන් පමණකි. එහෙත් සමහර විට [[හයිරකොයිඩියා]] (බ.) වර්ගයට උගේ සම්බන්ධකමක් තිබීමට පිළිවනැයි යනු ඇතැමුන්ගේ පිළිගැනීමයි. එම්බ්‍රිතොපොඩා (Embrithopoda) නමැති විශේෂ ක්ෂීරපායි වර්ගය යටතෙහි ආසිනොයිතේරියුම් සාමාන්‍යයෙන් වර්ග කරනු ලැබේ.

15:36, 20 අගෝස්තු 2025 වන විට නවතම සංශෝධනය

2-723.jpg
(Arsinoitherium). වඳ වී ගිය විශාල ක්ෂීරපායි සතෙකි. මිසරයේ ෆයියුම් ප්‍රදේශයේ පහළ ඔලිගෝසීන (බ.) බිම්තට්ටුවලින් උගේ නෂ්ටාවශේෂ සොයා ගන්නා ලදි. උගේ හිස් කබලේ ඉදිරිපසෙහි උඩට නැඹුරු වූ විශාල අං යුවළක් ඇත. තවත් කුඩා අං යුවළක් ඊට පිටුපසින් හිස් මුදුනෙහි වෙයි. ළඟ ළඟ පිහිටි උස් මස්තක සහිත චාර්වක දත් 22ක් උගේ එක් හනුවක තිබේ. ආසිනොයිතේරියුම් සමහර විට කඟවේණා මෙන් ශාකභක්ෂක ජීවිතයක් ගත කරන්නට ඇතැයි මෙයින් පෙනේ. ඇඟිලි පහකින් යුක්ත වූ උගේ කකුල් කොටය, තරය.

ආසිනොයිතේරියුම්ගේ නෑසබඳකම් ගැන හෝ උගෙන් පැවතෙන්නකු ගැන තව ම දැන ගන්නට නැත. ඌ කඟවේණා හා සමාන වූයේ බාහිර වශයෙන් පමණකි. එහෙත් සමහර විට හයිරකොයිඩියා (බ.) වර්ගයට උගේ සම්බන්ධකමක් තිබීමට පිළිවනැයි යනු ඇතැමුන්ගේ පිළිගැනීමයි. එම්බ්‍රිතොපොඩා (Embrithopoda) නමැති විශේෂ ක්ෂීරපායි වර්ගය යටතෙහි ආසිනොයිතේරියුම් සාමාන්‍යයෙන් වර්ග කරනු ලැබේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආසිනොයිතේරියුම්&oldid=8892" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි