අංශක දහයේ ඕඩය

සිංහල විශ්වකෝෂය වෙතින්
21:57, 7 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

බෙංගාල බොක්කේ, අන්දමන් හා නිකෝබාර් දූපත් පන්තියෙහි කුඩා අන්දමන් දූපත් හා කාර් නිකෝබාර් දූපත අතර පිහිටි මුහුදු කොටසයි. මෙහි පළල සැතපුම් 90ක් පමණ වේ. මෙම ඕඩයට උතුරින් පිහිටි කොදිව් සමූහය අන්දමන් දූපත් නමින් ද දකුණින් පිහිටි කොදිව් සමූහය නිකෝබාර් දූපත් නමින් ද හඳුන්වනු ලැබෙයි. උත්තර අක්ෂාංශ 100 ආශ්‍රිතව පිහිටි හෙයින් මීට අංශක දහයේ ඕඩය (Ten Degree Channel) යන නාමය යෙදී ඇත.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංශක_දහයේ_ඕඩය&oldid=1627" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි