අරණායක

සිංහල විශ්වකෝෂය වෙතින්
13:53, 17 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සබරගමු පළාතේ පරණකූරු කෝරළේ, බටහිර තුන්පළාත් පත්තුවේ, මහඔය බඩ පිහිටි කුඩා නගරයකි. මාවනැල්ලේ සිට අරණායකට දුර සැතපුම් 8ක් වේ. ඉතා සුඛදායක දේශගුණයක් සහිත අරණායක ප්‍රදේශයෙහි පස ද සාරවත් හෙයින් කෘෂිකාර්මික කටයුතු දියුණුය. ඒ අවට, විශේෂයෙන් රබර් වැවිලි කොට ඇති වතු ප්‍රදේශයේ, වෙළෙඳ මධ්‍යස්ථානය අරණායකයි. මේ හැර වී, පුවක්, කෝපි හා ගම්මිරිස් ද වවනු ලැබේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරණායක&oldid=6920" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි