අරන්කැලේ

සිංහල විශ්වකෝෂය වෙතින්
14:00, 17 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙය පුරාණයෙහි ආරණ්‍යක භික්ෂූන් විසූ විහාරාරාම කිහිපයක් නිසා ප්‍රසිද්ධියට පත් ස්ථානයකි. කුරුණෑගලට සැතපුම් දොළොසක් පමණ උතුරින් දොළුකන්ද අසල පිහිටි මෙම ස්ථානය දැනට අරන්කැලේ යන නමින් හැඳින්වේ. එය භික්ෂූන් විසූ ආරාමයන්ගෙන් ගැවසි වන පෙදෙසක් වූ හෙයින් අරම්කැලය යි ව්‍යවහාරයට විත් කල් යෑමේ දී අරන්කැලේ යයි ප්‍රසිද්ධ වූ බව සාමාන්‍ය පිළිගැනීමයි. ලක්දිව අවසාන රහත් භික්ෂුව ලෙස සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ මෙහි වුසූ බව ජනප්‍රවාදයි. අරන්කැලේ පුරාවස්තු අතර ගලින් නිම වූ ආරාම, ලෙන් විහාරයක්, පියගැට පේළි, පොකුණු ආදිය ප්‍රධානය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරන්කැලේ&oldid=6925" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි