ආඬිමාලය

සිංහල විශ්වකෝෂය වෙතින්
08:21, 2 ඔක්තෝබර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

පද්‍ය 98කින් යුත් කුඩා රචනයෙකි. මෙහි රචනා කාලය දක්වා නැත. මෙහි කතුවරයා කොළඹ පදිංචිව සිටියේ යයි කියන අඹන්වෙල යාපා මැතිඳු නමැත්තකුගේ පුත්‍රයෙකි. හෙතෙම ගල්ගණයේ යතිඳුන්ගේ හා සෙනරත් රජුගේ අගමැති වූ ගාලේගොඩ මහමැතිඳුන්ගේ ද මුනුබුරෙකැයි පැවසේ.

මේ කවියා විවිධ උපමාවලින් සැරසූ මේ රචනාවෙන් සීතාවක රාජසිංහ කාලයෙහි ලක්දිවට පැමිණි ආඬීන්ගේ පරපුරෙහි උපන් රාජ වංශයට නෑකම් කියමින් සිටි වීර බැස්මා නම් අධිපතියකු ද ඔහු අනුව ගොස් යකුන් පුදමින් විසූ කීපදෙනකුන් ද උපහාසයට ලක් කොට ඇත්තේය. මුල සිට ම රසවත් උපමාවලින් සැරසී සිටිනා හෙයින් මේ රචනය 'උපමා තරඟ මාලය' නම් ද විය. මෙහි කථානායකයා ආඬියකු වූ හෙයින් ග්‍රන්ථය 'ආඬිමාලය' යයි සම්මත වූයේය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආඬිමාලය&oldid=6244" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි