ඉනාජිරෝ අසානුමා

සිංහල විශ්වකෝෂය වෙතින්
15:52, 8 ඔක්තෝබර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1897- ). ජපානයේ දේශපාලනඥයෙකි; එරට සමාජවාදී පක්ෂයේ නායකයෙකි. තෝකියෝ ප්‍රදේශයට අයත් මියාකෙජිමා දිවයිනෙහි උපන් හෙතෙමේ වාසේදා විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍රෝද්ග්‍රහණය කෙළේය. එකල ම ඔහු පතල් කම්කරුවන් හා ගොවියන් එක්සත් කිරීමේ ව්‍යාපාරය පටන් ගත්තේය. කම්කරු වැඩවර්ජනවල සංවිධායකයකු වශයෙන් ද හෙතෙමේ බෙහෙවින් ක්‍රියාශීලී විය.

1923 දී විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලත් අසානුමා ජපානයේ පතල් කම්කරුවන්ගේ සංගමයට බැඳුණේය. අභිනවයෙන් සංවිධානය වූ ගොවි කම්කරු පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයට ද 1925 දී හෙතෙම පත්කරගනු ලැබීය. මේ පක්ෂය ඇරඹුණු නොබෝ දිනෙකින් ම රජය විසින් එය තහනම් කරන ලදි. පසුව සමාජවාදි මහජන පක්ෂයට බැඳුණු අසානුමා 1933 දී ෆුකාගාවා කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් තෝරාගන්නා ලද්දේ පිළිවෙළින් අටවරක් ම මන්ත්‍රීවරයකු ලෙස පත්විය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉනාජිරෝ_අසානුමා&oldid=6316" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි