අරක්සමණ

සිංහල විශ්වකෝෂය වෙතින්
13:49, 17 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

නවවන සහ දසවන ශත වර්ෂයන්ට අයිති සිංහල සෙල්ලිපිවල දක්නට ලැබෙන රජයේ තනතුරු නාමයකි. ඇතැම් සෙල්ලිපියක මේ තනතුරු නාමය 'අරක්සැමියා' යනුවෙන් ද යෙදී ඇත. 'අරක්මේනා' යනුවෙන් හැඳින්වූයේ ද මේ තනතුර මය යනු කොඩ්රිංටන් මහතාගේ අදහසයි.

අරක්සමණ තනතුර දැරූ තැනැත්තන්ට පැවරී තුබුණු සේවය කවරේ දැයි නිශ්චය වශයෙන් කීමට දැනට ලැබී ඇති සාක්ෂ්‍ය ප්‍රමාණවත් නොවේ. අරක්සමණ යන්න සංස්කෘත 'ආරක්ෂක ස්වාමි' යන්නට සමාන බවත් එයින් 'ප්‍රධාන ආරක්ෂකයා' යන තේරුම ලැබෙන බවත් පරණවිතාන මහතා පවසයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරක්සමණ&oldid=6919" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි