අල් වාකිදි

සිංහල විශ්වකෝෂය වෙතින්
09:32, 17 පෙබරවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(අබූ අබ්දල්ලා මොහම්මද් ඉබ්න් උමර් අල් වාකිදි). (747-823). අරාබි ජාතික ඉතිහාස ගත් කතුවරයෙකි.

මෙදීනා (මෙඩීනා) නුවර උපන් හෙතෙම ජීවිතය ආරම්භ කෙළේ ධාන්‍ය වෙළෙන්දකු වශයෙනි. ස්වකීය ණයකාරයන්ගෙන් බේරී ගනු සඳහා ඔහුට බැග්ඩෑඩ් නුවරට පලා යන්නට සිදු වූයේය. එහි ප්‍රභූවරුන්ගේ ආධාරය ලැබූ හෙතෙම එම නුවර විනිශ්චයකාර ධුරයකට පත් විය. කෝරානය ද අරාබි අධිකරණය හා අරාබි පුරාවෘත්ත ද පිළිබඳව ග්‍රන්ථ කිහිපයක් ඔහු විසින් කරන ලදි. 'කිතාබ් අල්-මඝාසී' නම් ග්‍රන්ථය වාකිදිගේ විශිෂ්ටතම කෘතිය ලෙස පිළිගැනෙයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අල්_වාකිදි&oldid=7309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි