ඉබ්න් හස්ම්
සිංහල විශ්වකෝෂය වෙතින්
10:36, 5 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(994–1064). ස්පාඤ්ඤයේ කෝර්දෝවාහි උපන් අරාබි ජාතික දේවධර්මධර පඬිවරයෙකි.
තීක්ෂ්ණ පරීක්ෂකයකු ද දීප්තිමත් ලේඛන ශෛලියක් ඇත්තකු ද ජනප්‍රිය කවියකු ද වූ ඉබ්න් හස්ම් ඔහුගේ ග්‍රන්ථවලින් ඔහු ජීවත්ව සිටි සමයට අයත් ඉතිහාසයෙහි සැඟවී පැවති කරුණු විෂයෙහි ප්‍රයෝජනවත් ආලෝකයක් විහිදුවා තිබේ. ඔහුගේ 'කිතාබ් අල් ෆෂල් ෆිල්-මිලල් ව'ල් අහ්වා ව'ල් නිහල්' (නිකාය පිළිබඳ ග්‍රන්ථය) නමැති ග්‍රන්ථයෙන් හෙතෙම ඉස්ලාම් ධර්මයේ විවිධ නිකායන්ට අයත් සමූහයා විවේචනය කෙළේය. පිටු 80,000කින් පරිමිත වූ ග්‍රන්ථ 400ක් ඔහු අතින් ලියවුණේ යයි ඔහු පුත් අබූ රාෆි කියයි.
(සංස්කරණය: 1970)