ඉබ්න් ඛුර්දාද් බෙහ්

සිංහල විශ්වකෝෂය වෙතින්
11:35, 5 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(820–912). ක්‍රිස්තු නවවන ශතවර්ෂයෙහි විසූ පර්සියානු ජාතික සුප්‍රසිද්ධ භූගෝලශාස්ත්‍රඥයෙකි. ඔහු යුදෙව් වෙළෙඳුන්ගේ ගමන් මාර්ග ගැන ලියන ලද ග්‍රන්ථයෙහි ස්පාඤ්ඤය, ඉතාලිය යන රටවල සිට මිසරය, ඉන්දියාව හා චීනය කරා ඔවුන්ගේ ගමන සිදු වූ ගොඩබිම හා මුහුදු මාර්ග සම්බන්ධයෙන් විස්තර කර ඇත. ඉන්දියාව, ලංකාව, නැගෙනහිර ඉන්දියා කොදෙව්, චීනය යන රටවල් පිළිබඳ භූමි විස්තරයක් ද ඔහු විසින් ලියන ලදි.

ලංකාව පිළිබඳ ඔහුගේ විස්තරයෙහි සමනළ කන්ද ගැන ද මෙහි උපදින මුතු මැණික් හා පොල් ගැන ද තොරතුරු ඇතුළත් වේ.

(සංස්කරණය: 1970)