ඉලෙයා
සිංහල විශ්වකෝෂය වෙතින්
11:58, 13 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(මෙගලොප්ස් සිප්‍රිනොයිඩේස් - Megalops cyprinoides Broussonet). සාමාන්‍යයෙන් ගංගා මෝයවල ජීවත් වන අඩි 2ක් පමණ දිග මත්ස්‍යයෙකි. උගේ පිට අළු පාටය; දෙපැත්ත හා උදරය රිදී පාටය. ඉලෙයාගේ කොරපොතු මැනවින් විකසනය වී තිබේ. ඒවා ලොකුය, තදය, චක්‍රාකාරය (cycloid), ඉලෙයාට මේදස් (adipose) ඇස්පිය ඇත. උගේ ළය වරල් ද යුගල වශයෙන් නොයෙදුණු වරල් ද කහපාටය. ඌට ඇත්තේ ඒක පෘෂ්ඨීය වරලකි. පෘෂ්ඨීය වරලෙහි හා ගුද වරල්වල කටු නැත. පෘෂ්ඨීය වරලේ අන්තිම නාරටිය (ray) සූත්‍රිකාවක් මෙන් දික් වී ඇත.
ඉලෙයා අක්ටිනොප්ටෙරිගි (බ). උපවර්ගයෙහි ක්ලුපෙයිපෝමේස් (Clupeiformes) ගෝත්‍රයෙහි මෙගලොපිඩෙ කුලයට අයත්ය.
(සංස්කරණය: 1970)
