ඇට්ටමුරා

සිංහල විශ්වකෝෂය වෙතින්
11:12, 3 දෙසැම්බර් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න
3-53.jpg
(කන්සියෙරා රීඩී-Cansjera rheedi Gmelin). බොහෝ ශාඛා සහිත කුඩා ආරෝහක ශාකයකි. කොළය අඟල් 1, 1/2 සිට 4 දක්වා දිගය; අණ්ඩාකාරය. කොළ නටුව ඉතා කොටය. අඟලක් පමණ දිග ඇති කක්ෂීය (axillary) ශූකිවල (spikes) කුඩා මල් පිපේ. මල නිර්වෘන්තය; ළා කහපාටය. ඵලය අඟල් 1/2ක් පමණ දිග, සිනිඳු, රතුපාට අෂ්ටිලයකි (drupe).

මේ ශාකය ලංකාවේ පාතරට ප්‍රදේශවල තරමක් බහුලය. ඉන්දියාව, චීනය, මලයාව, නිවර්තන ඕස්ට්‍රේලියාව යනාදි රටවලත් මෙය වැවේ.

ඇට්ටමුරා ඕසිලියාසේ කුලයට අයත්ය.

ආයුර්වේද මතය

ඇට්ටමුරා මඳක් තික්තය; උෂ්ණ වීර්යය ඇත්තේය; වාතය නසයි; රේචකය. මනුෂ්‍යයන්ගේ සහ ගවාදි සතුන්ගේ හස්තපාදාදි අවයව බිඳුණු කල ඒවා සන්ධි ගැන්වීම පිණිස ඇට්ටමුරා යොදනු ලැබේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇට්ටමුරා&oldid=9282" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි