අයිස්ලන්ත පාසි

සිංහල විශ්වකෝෂය වෙතින්
10:28, 29 මැයි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('අයිස්ලන්ත පාසි (සෙට්රාරියා ඉස්ලන්ඩිකා (Cetraria islandic...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අයිස්ලන්ත පාසි (සෙට්රාරියා ඉස්ලන්ඩිකා (Cetraria islandica). මේ ශාකය පාසි (බ.) විශේෂයක් නොව ලයිකනයකි (බ.). අයිස්ලන්තය හා නෝර්වේ වැනි ආක්ටික් ප්‍රදේශයට ආසන්න රටවල මෙය බහුලය. ස්කොට්ලන්තයේ උස් කඳු මුදුන්වල ද වැවේ. මේ ලයිකනයෙන් නොයෙක් ආහාර ද්‍රව්‍ය සාදා ගත හැකිය. අධික අම්ල ප්‍රමාණයක් අඩංගු වන හෙයින් ලයිකනය තිත්ත ය. තිත්ත රසය ඉවත් කිරීමට ලයිකනය හොඳට සෝදා වේළනු ලැබේ. පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා වියළි ලයිකනය තබා ගත හැකිය. නැත්නම් එය කුඩුකර ජලයේ පොඟවා අයිස්ලන්ත පාස නමින් හැඳින්වෙන ලයිකනය සෙට්රරික් අම්ලය ඉවත්කර තැම්බිය හැකිය. එවිට ජල්ලියක් සෑදේ. පාන්, කැඳ හා සුප් ආදිය මේ ජල්ලියෙන් සාදාගනු ලැබේ. ඖෂධ සාදා ගැනීමට ද අයිස්ලන්ත පාසි පාවිච්චි කරනු ලැබේ.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයිස්ලන්ත_පාසි&oldid=1116" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි