ඕසොනයිඩ්
(Ozonide). අසන්තෘප්ත ද්විත්ව බන්ධන සහිත ඔලිපීන ශ්‍රේණියේ සංයෝග හෝ ඔලිපීන ඕසෝන් සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන සංයෝග විශේෂයකි. කාබන්ටෙට්රක්ලෝරයිඩ්, ක්ලොරොෆෝම්, ඊතයිල් ඇසිටේට්, හෛම ඇසිටික් අම්ලය වැනි ඕසෝන් විෂයෙහි නිෂ්ක්‍රිය ද්‍රාවකවල ඔලිපීන ද්‍රවණය කොට ඕසෝන් කැවීමෙන් ඕසොනයිඩ නිපදවාගත හැකිය. මෙය ප්‍රතික්‍රියාවක් වශයෙන් මෙසේ දැක්විය හැකිය.
R1, R2, R3, හා R 4 ඇල්කයිල් ඛණ්ඩයක් වෙනුවෙන් හෝ හයිඩ්රජන් පරමාණුවක් වෙනුවෙන් පෙනී සිටියි.
සාමාන්‍යයෙන් ඕසොනයිඩයන් ද්‍රාවණයෙන් වෙන් කරගැනීමට නොපිළිවන. ඒ නිසා අඩු පීඩනය යටතේ ද්‍රාවණය වාෂ්පීකරණයට භාජන කරවීමෙන් සාන්ද්‍ර කරගන්නා ද්‍රාවණය විද්‍යාත්මක පරීක්ෂණ අවශ්‍යතා සඳහා යොදාගනු ලැබේ.
ඕසොනයිඩවල ස්ථායිතාව සංයෝගයෙන් සංයෝගයට වෙනස් වේ. සමහර ඕසොනයිඩ ස්ඵෝටනය වේ. තවත් සමහරක් ක්ෂණිකව ප්‍රතිසංවිධානය වේ. ඕසොනයිඩ සියල්ල ම පාහේ තනුක අම්ල මගින් ජල විච්ඡේදනය කළ හැකිය. මෙහි දී පළමු ඔලිපීනයේ ස්වභාවය අනුව කීටෝන, ඇලඩිහයිඩ හා හයිඩ්රජන් පෙරොක්සයිඩ් (H202) ලැබේ.
R1, R2, R2, හා R4 ස්වභාවය අනුව මෙහි දී ඇලඩිහයිඩ හෝ කීටෝන ලැබේ.
ද්‍රාවණයේ ම ඇති හයිඩ්රජන් පෙරොක්සයිඩ් මගින් ඇලඩිහයිඩයේ ඔක්සිකරණයෙන් අම්ලය ලැබේ. එම නිසා අල්ප ප්‍රමාණයක් රිදී හා හයිඩ්රොක්විනෝන් ඇති විට, තුත්තනාගම් කුඩු හා ජලය යෙදීමෙන් ප්‍රායෝගික අවශ්‍යතා සඳහා ජලවිච්ඡේදනය සිදු කරනු ලැබේ. ප්‍රතික්‍රියාවෙන් නිපැදවෙන හයිඩ්රජන් පෙරොක්සයිඩ්, තුත්තනාගම් කුඩු නිසා වියෝජනය වන හෙයින් මෙහි දී ඇලඩිහයිඩ අම්ලයට ඔක්සිකරණය වීම බොහෝ දුරට වළකී. කැල්සියම් කාබනේට් වාහකයක තැන්පත් කරන ලද පැලේඩියම් උත්ප්‍රේරකයක් ද්‍රාවණයට දමා හයිඩ්රජන් ධාරාවක් බුබුළනය කිරීමෙන් ද ඕසොනයිඩය කීටෝන්වලට හා ඇලඩිහයිඩයට බිඳිය හැකිය. ඕසොනයිඩය ජල විච්ඡේදනය කිරීමෙන් ලැබෙන කීටෝන හා ඇලඩිහයිඩ හඳුනාගැනීමෙන් පළමු අසන්තෘප්ත කාබනික සංයෝගයේ ද්විත්ව බන්ධනවල පිහිටීම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීමට පිළිවන. විරල ඇලඩිහයිඩ් වර්ග සංශ්ලේෂණය කිරීමේ මාර්ගයක් වශයෙන් ද ඕසොනයිඩ උපයෝගි කර ගනු ලැබේ.
(සංස්කරණය: 1974)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]