සූර්යකාන්ත

සිංහල විශ්වකෝෂය වෙතින්
11:24, 12 දෙසැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('හිමාලය පර්වත ශිඛරයන්හි හටගන්නා දම් හා රතු මිශ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

හිමාලය පර්වත ශිඛරයන්හි හටගන්නා දම් හා රතු මිශ්‍ර පැහැති ස්ඵටික විශේෂයෙකි. අතිශයින් නිර්මල වූ මේ මාණික්‍ය විශේෂය වන මෙය චන්ද්‍රයාට බඳු ප්‍රභා ඇත්තේ ය. සූර්යකාන්ත මාණික්‍ය මත හිරුරැස් ස්පර්ශ වූ කල එයින් ගිනි නිකුත් වේ.

සූර්යකාන්ත උෂ්ණ ගුණ ඇත්තේ ය. නිර්මල ය, රසායන ය. වා සෙම් නසයි. ස්මෘති ශක්තිය වඩයි. එය දැරීමෙන් රවිගෙන් ඇතිවන අපල දුරු වේ යැයි කියනු ලැබේ.

(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න: 1969)

(සංස්කරණය නොකරන ලද)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සූර්යකාන්ත&oldid=4151" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි