දුටුගැමුණු
() රජතුමා (ක්‍රි.ව. 161-137) අනුරාධපුරයේ රජ කළ ඉතාමත් වැදගත් රජෙකු වශයෙන් මෙතුමා හැඳින්විය හැක. කාවන්න්තිස්ස රජු, දුටුගැමුණු රජතුමාගේ පියා විය. මව විහාරමහා දේවිය වූවා ය. සෙහොයුරා සද්ධාතිස්ස කුමරු ය. රුහුණේ පැවැති ක්ෂත්‍රීය වංශ දෙක (මහානාග පරපුර හා කතරගම ක්ෂත්‍රීයයන්) සමගි කරවීම, රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා මඟින් රුහුණේ රජුන්ගේ විශ්වාසය දිනා ගැනීම. මහතිස (කැලණි තිස්ස) ගේ දූ කුමරිය වූ අබි සවෙර නමැති කුමරිය විවාහ කොට ගැනීම හා එමගින් ගිරිනුවර, සේරුනුවර හා සේමනුවර රජුන් සමග ද සම්බන්ධතා ඇති කර ගැනීම, ළදරු වියේ සිටි දිගා වැවට යැවීම ආදී දූරදර්ශී ක්‍රියා මඟින් කාවන්තිස් රජතුමා රුහුණේ දේශපාලන බලවේගයන් ඒකාබද්ධ කර තිබීමත් ශක්ති සම්පන්න මිනිසුන් ඇතුළත් පුහුණු යුද හමුදාවක් පිහිටුවා තිබීමත් දුටුගැමුණු කුමරුගේ ව්‍යායාමයට තිරසාර අඩිතාලමක් විය. මේ වන විට මහවැලි ගඟ දිගේ වැදගත් ස්ථානවල ආරක්ෂක සේනාවන් ද නවත්වා තිබිණ. පුතුන් දෙදෙනා සමගියෙන් සිටින බවට සංඝයා වහන්සේ ඉදිරියේ සපථ කොට තිබීම ද වැදගත් ය.
කාවන්තිස්ස රජුගේ දූරදර්ශී ක්‍රියා පිළිවෙත කුඩා වියේ සිට ගැමුණු කුමාරයා නොඉවසූ බව මහාවංශය කිය යි. දෙමළුවන් සමඟ සටනට නොයන ලෙස ගිවිසවා ගැනීමට පිය රජු තැත් කළ විට ඔහු ඊට විරෝධය පා අත්පා හකුළුවා ගෙන යහනෙහි වැතිර සිටි බව කියවේ. එසේ නිදන්නේ ඇයි දැයි විහාරමහා දේවිය විමසූ කල්හි ‘උතුරින් හැඩි දෙමළු ය, දකුණින් මහ මුහුද ය, ඉතින් මා අත්පා දිග හැර කෙසේ නිදමි ද’ යි ගැමුණු කුමාරයා පිළිතුරු දී ඇත. පිය රජු සංවිධානය කර තිබූ එකොලොස් දහස් එක සියයක හමුදාවත් කැටිව දෙමළ බලයට එරෙහිව සටනට යන්ට කුමරු අවසර ඉල්ලා තිබේ. ඊට සුදුසු කල් තවම එළඹ නොමැති බව සිතූ කාවන්තිස්ස රජතුමා ඒ සඳහා අවසර දී නැත. මෙවිට පිය රජුට අප්‍රසාදය පල කරනු වස් ගැමුණු රජතුමා ඔහු වෙත ස්ත්‍රී ඇඳුම් පැළඳුම් යවා තිබේ. ඉන් කෝපයට පත් රජතුමා කුමරුන් හැකිල්ලකින් බැඳ තැබීමට නියෝග කළ කල්හි ඔහු මාලිගයෙන් පලා ගොස් කොත්මලේ ප්‍රදේශයේ සැඟ වී සිටි බව කියවේ. ඊට නොබෝ කලකට පසු කාවන්තිස්ස රජතුමා මිය ගියෙන් දිගා වැවේ සිටි සද්ධාතිස්ස කුමරා මාගමට පැමිණ සිය මවත් හස්ති රාජයා වූ කඩොලැතුත් රැගෙන ආපසු දිගා වැවට ගියේ ය. පිය රජු මළ පුවත සැලවූ වහාම දුටුගැමුණු කුමාරයා මාගමට පැමිණ රාජ්‍ය පදවිය භාර ගත්තේ ය. මඟුලැතු තමා වෙත එවන ලෙස දුටුගැමුණු රජතුමා සද්ධාතිස්ස කුමරාට දැන්වුව ද ඔහු එය නොතැකී ය. මේ නිසා සොහොයුරන් දෙදෙනා එකිනෙකාට විරුද්ධව නැගී සිටියහ. මෙහි දී මහා ව්‍යසනයක් වීම වැලකුණේ මිය ගිය පිට රජතුමා දුරදිග බලා එවැනි අවස්ථාවකට ඇති ඉඩකඩ අවුරා තිබුණු හෙයිනි. එනම් සොහොයුරන් දෙදෙනා අතර ගැටුමක් ඇති වුවහොත් මධ්‍යස්ථව සිටින ලෙස සෙන්පතියන් ගිවිස්සවා තිබුණේ ය. කෙසේ වුවද තම තමන් යටතේ සිටි සුළු හේවා කණ්ඩායම් අතර මුල් සටන චුල්ල්ධනපිට්ඨි (සුළුගුනා පිටිය) නම් ස්ථානයේ දී ඇති වූ බවත් ඉන් තිස්ස කුමරාට ජය අත් වූ බවත් කියවේ. දුටුගැමුණු රජ මාගමට පලා ගොස් නැවත බල සෙනඟක් රැගෙන විත් සටන් කොට ජය ලබා මඟුලැතු ද අත්පත් කොට ගත්තේ ය. පසුව සංඝයා වහන්සේ මැදිහත්ව සොහොයුරන් දෙදෙනා සමගි කර වූහ. දෙදෙනා එක් පතක ආහාර අනුභව කොට සමගිය සපථ කළ බව මහාවංශයෙහි ත් මහාවංශ ටීකාවෙහි ත් සඳහන් වෙයි. මෙසේ සිංහල රජ කුමරුන්ගේ සමගියට හෝ රුහුණු රාජ්‍යයේ යුද්ධ ශක්තියට හෝ හානියක් වන්ට පෙර දෙබෑයන් අතර පැවති භේදය සංසිඳීම මහත් භාග්‍ය දුටුගැමුණු නාමය සදාකක් විය. එයින් පසුව සද්ධාතිස්ස කුමාරයා රෝහණ රාජ්‍යයේ ආර්ථික සමෘද්ධිය නංවා ලීමෙන් තම සහෝදරයාට මහත් සහායක් දැක්වී ය. මෙපුවත රාජාවලියේ දැක්වෙන්නේ ‘ගොයම් කරවනු පිණිස තිස්ස කුමර ඒ දිගාමඬුල්ලට යැ වුයේ ය. කෙමෙන් බෙර පියවා සස්කම් කරවී’ යනුවෙනි. අනුරාධපුරයේ සටන පවත්නා කාලයේ දී සද්ධාතිස්ස කුමරා දිගා වැව (දීඝවාපී) සිට සංවර්ධන කටයුතුවල යෙදෙමින් ආහාර සම්පාදනය කෙළේ ය. දුටුගැමුණු රජතුමා අති දක්ෂ අශ්වාරෝහකයෙකු විය. මනා පුහුණුවක් ලැබූ කෘතහස්ථ යුද හමුදාවක් මෙහෙයවන වීර සෙන්පතියන් දස දෙනෙකුගේ සහාය ඔහුට ලැබිණ. පසු කාලයේ දස මහා යෝධයන් ලෙස හඳුන්වනු ලැබූ එම සෙන්පතියන් පිළිබඳ තොරතුරු තත් කාලීන සෙල්ලිපිවලින් සනාථ වෙයි. ප්‍රධාන සේනාධිපති නන්දිමිත්‍ර ගැන සිතුල්පව්වේ කුඩුම්බිගල ලෙන් ලිපි දෙකක ද සෙසු සෙන්පතියන්ගෙන් වේළුසුමන ගැන සිතුල්පව්වේ සෙල්ලිපියක හා පුස්සදේව ගැන මොණරාගල දිස්ත්‍රික්කයේ වැලඑල්ලූගොඩ කන්දේ ලෙන් ලිපියක ද සඳහන් වෙයි. එම ලෙන් ලිපියෙන් කියවෙන්නේ පුස්සදේවගේ දූ වූ ද තිස්ස මහ රජුගේ සේනාපති අග්ගිදත්තගේ භාර්යාව වූ ද නාගා උපාසිකාවගේ ලෙන සංඝයාට පිදූ බව (ශගශ දිනෙ ශෙනපති පරුමක පුශදෙවහ ජිතය උපශික නගය ලෙණෙ තිශ මහරජහ ශෙනලිතිය අගිදතහ බරිය ය). දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්ස කුමරුගේ සෙන්පතියා වූ අග්ගිදත්ත ගැන මේ ලිපියේ සඳහන් වීමත් ලෙන් ලිපිය ඇතුළත් ගම්මානයේ සද්ධාතිස්ස කුමරුන් කෘෂිකාර්මික කටයුතු මෙහෙයවූ දිගා වැව ප්‍රදේශයට ඇතුළත් වීමත් අතින් මෙම ලිපිය ඉතා වැදගත් ය. සද්ධාතිස්ස කුමරුන් මහ රජ හැටියට එහි සඳහන් වීම ද සැලකිය යුත්තකි. දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කර ගැනීම සඳහා මෙහෙයවූ සංග්‍රමය මනා සංවිධානයකින් යුතුව කළ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙයි. “යුද්ධ සේනාව ඉදිරියට ගමන් කරන්නේ උදරයෙන් ය” යන මූලධර්මය නවීන යුරෝපයේ විශිෂ්ටතම යුද්ධ ශුරයාට බොහෝ කලකට පෙර ම දුටුගැමුණු රජතුමා විසින් අනුගමනය කරන ලද්දේ ය. තමන්ට අයත් ප්‍රදේශයේ ස්ථාවර පාලන ක්‍රමයක් ඇති කිරීමෙන් පසු ඔහු මුලින්ම කළ කටයුත්ත නම් ආහාර නිෂ්පාදනය කිරීමේ උද්යොගීමත් ව්‍යාපාරය තම සහෝදරයාට භාර කොට, තම සේනාව ඉදිරියට ගමන් කරත් කරත් ම ඔවුනට ආහාර පාන ලෙහෙසියෙන් සැපයිය හැකි කඳවුරක් වූ දීගවාපියෙහි ආහාරපාන රැස්කරවා තැබීම ය.” (ලංකා ඉතිහාසය, 1 කාණ්ඩය, 1 භාගය, 152 පිටුව) තමන් මෙම සංග්‍රාමය මෙහෙයවන්නේ සැප සම්පත් පිණිසවත් රාජකීය තත්වය උසස් කිරීම පිණිස වත් නොව බුද්ධාගමේ චිර්සථිතිය උදෙසා බව දුටුගැමුණු රජතුමා මහජනතාවටත් සිය හමුදා සේනාංකවලටත් ඒත්තු ගැන්වී ය. සංඝයා වහන්සේලා ද යුද පෙරමුණේ ගමන් ගත් හෙයින් මෙම සංග්‍රාමය ආගමික යුද්ධයක මුහුණුවරක් ගත්තේ ය. විහාරමහා දේවිය තම පුත්‍රයා සමඟ පෙරමුණේ ගමන් කිරීම කාන්තාවන්ට ද ධෛර්යයක් විය. එකොළොස් දහස් එක් සියයක් වූ සේනාව පිරිවර කොට ගත් දුටුගැමුණු රජතුමා මාගමින් පිටත්ව අනුරාධපුරය බලා ගමන් ගත් මාර්ගය වංශ කථාවන්හි සවිස්තරව දැක්වෙයි. එහි සඳහන් මාගම, කළුවල, ඒහල, ගීනිත්ත, ගිරිගම, නියමුල්ල, මැදගම, උයන්තොට, තුන්ගම්කසට පිටිය, මියුගුණ, අඹ තොට (අම්බතිත්ථ), සත්බෑ කෝට්ටේ, අතුරුහෙබ (අන්තරසොබ්බ), දෙණගම (ද්‍රෝණි), හාලකෝල, නැලිහෙබ (නාලිසොබ්බ හෙවත් පොල් වත්ත), දීඝාභයගල්ල (දික් අබාගල), කච්ඡතිත්ථ (කසා තොට), කොටනුවර, වහිට්ඨ, ගාමිණි, කුම්භගාම, නදීගාම, ඛානුගාම, තම්බ, උත්තම, ජම්මු, විජිත නගර, ගිරිල, මහේලනුවර, කාසපබ්බත, (කසාගල) ආදී ස්ථාන රුහුණේ සි අනුරාධපුරය බලා යන මාර්ගයේ එකල තිබුණු නවාතැන් පලවල් විය හැකි ය. මෙම පැරණි ස්ථාන නාමවලින් ගුත්හල (බුත්තල), ගිරිගම (යුදඟනාව), මහියංගනය, නාලිසොබ්බ (පොලත්තාවිල), කච්ඡතිත්ථ (කසාතොට) යන නාමයන් අද හඳුනාගත හැකිව ඇත. රුහුණ හා රජරට රාජධානි දෙක යා කෙරෙන ප්‍රධාන මාර්ග දෙක මෙය වන හෙයින් ද්‍රවිඩ බල කඳවුරු අනුරාධපුරයේ සිට මහියංගනය දක්වා වැදගත් ස්ථානයන්හි පිහිටුවා තිබිණ. මෙයින් අඹතොට සිට මහේලනුවර දක්වා (විජිත නුවර හැර) ඇති ස්ථාන නම් කොට තිබුණේ එහි බලකඳවුරු පිහිටුවා ගෙන සිටි දෙමළ ප්‍රධානීන්ගේ නම්වලිනි. යුද්ධෝපක්‍රම අතින් ඉතා වැදගත් කේන්ද්‍රස්ථනයක් වූ මහියංගන දෙමළ බලකොටුවේ සිටි ජත්ත සෙනෙවියා යටතේ සිටි හමුදාව ජය ගත් දුටුගැමුණු රජතුමා ටික දිනක් මහියංගනයේ ලැගුම් ගෙන සිට එහි පැවැති ස්තූපය විශාල කොට තැනවී ය. ඉන් පසු ඔහුට මුහුණපාන්නට සිදු වූ විශලත ම අභියෝගය නම් අඹතොට බලකොටුව ජය ගැනීම යි. සිව් දිනක් තිස්සේ පහර දුන් නමුදු එය ජය ගැනීමට නොහැකි විය. අවසානයේ දී උපාය මාර්ගයක් යෙදවීමට දුටුගැමුණු රජුට සිදු විය. අඹතොට බලකොටුවේ සිටි තිත්ථම්බ නමැති ද්‍රවිඩ සෙන්පතියා ස්ත්‍රී ධූර්ථයකු වූ හෙයින් විහාරමහා දේවිය දක්වා උපායෙන් ඔහු ජය ගත්තේ ය. අඹතොටට පසුව අල්ලා ගත් සත්බෑ කෝට්ටේ බලකොටුවේ තිබී මහත් වස්තු සම්භාරයක් සිංහල සේනා අතට පත් වු බව කියවේ. ඉන්පසු මහවැලි ගඟ තරණය කරමින් ඉදිරියට ගිය සේනාවන්ට තීරණාත්මක සටනකට මුහුණ දෙන්නට සිදු වූයේ විජිතනුවර දී ය. ඉතා ප්‍රභල ශක්තිමත් බලකොටුවක් වූ මෙහි අති විශාල ද්‍රවිඩ සේනාවක් සිටි බව කියැවේ. මහවැලි ගඟ දකුණු ඉවුරු බලකොටුවල සිට පැරද පලා ගිය දෙමළු ද විජිත නුවර සේනාවන්ට එක් වී සිටියහ. කඩොල් ඇතුගේ හා නන්දිමිත්‍ර ප්‍රධාන යෝධයන්ගේ අති මහත් පරිශ්‍රමයකින් පසුව බලකොටුව බිඳ ඇතුළු වී දෙමළ සේනාව වනසනු ලැබී ය. ඉන්පසු ගිරිල නම් නුවර ද මහේල බලකඳවුර ද අත්පත් කර ගන්නා ලදී. හාර මසක් යුද කොට ජය ගත නොහැකි මහේල නුවර ජය ගත්තේ ‘මන්ත්‍ර යුද්ධයෙන්’ බව මහාවංශය කිය යි. මන්ත්‍ර යුද්ධ යනු ‘රිදී උණ්ඩ’ හෙවත් අත්ලස් විය හැකිය යි පරණවිතාන මහතා කිය යි. මහියංගන සිට මහේල නුවර දක්වා දිගටම සටන් කරමිනි පැමිණි සිංහල සේනාව මහත් වෙහෙසට පත්ව සිටින බව අවබෝධ කොටගත් දුටුගැමුණු රජු, අනුරාධපුර නුවරට සැතපුම් 18ක් පමණ ගිනිකොනින් පිහිටි ‘කසාපබ්බත’ නම් ස්ථානයෙහි කඳවුරු බැඳ ගත්තේ ය. මෙම අවස්ථාව ද දුටුගැමුණු රජුගේ දූරදර්ශී සියුම් බුද්ධිය හා සංග්‍රාමෝපාය ප්‍රකට කරන්නකි. එළාර රජුට අයත් ප්‍රභල ද්‍රවිඩ සේනාව සන්නද්ධව සිටිනුයේ අනුරාධපුර නුවර ය. ජයෙන් උදම්ව එක එල්ලේ ම පහර දීමට ගියහොත් වෙහෙසට පත්ව සිටින තම හමුදාවන්ට බලවත් හානි පැමිණිය හැකි ය. ඔහු කසාපබ්බතයේ දිගු කලක් නවාතැන් ගෙන කල්යල් බලමින් සිටියේ එහෙයිනි. මෙම කාලයේ ප්‍රfiාත නමින් වැවක් ද තනවා එහි දිය කෙළි උළෙලක් පැවැත් වූ බව මහාවංශයේ සඳහන් ය. සේනාංක ප්‍රබෝධමත් කිරීම එහි අරමුණ විය හැකි ය. මෙතෙක් ලබා ඇති ජයෙන් දිරිමත් වූ ජනතාව ආහාරපානාදිය සපයමින් උදව් කරන්ට ඇත. බාධාවක් නැතිව රුහුණෙන් ද ආහාර සැපයුණේ ය. මෙසේ දිගු කලක් කඳවුරු බැඳ සිටින දුටුගැමුණු හමුදාව සටනට යොමු කර ගැනීමට එළාර රජු වෑයම් කළ බව රාජාවලිය පවසයි. මේ අවස්ථාවේ දී දුටුගැමුණු රජු මෑණියන්ගේ උපදෙස් අනුව උපායක් යෙදී ය. දුටුගැමුණු රජු සේසත යට සිටින්නා සේ දක්වා පළිරූ දෙතිසක් කරවා එමගින් එළාර රජුගේ දීඝජන්තු යෝධයා නොමඟ යවා විනාශ කොට පුස්සදේවගේ සක් හඬින් දෙමළ සේනාව පළවා හැරීමට මේ උපාය සමත් විය. සංහලයෝ පලා යන සතුරු සේනාලුමු බැඳ ගොස් වනසා දැමූහ. මරණ ලද දෙමළුන්ගේ ලෙයින් එහි පැවැති වැවේ ජලය කැලතී ගියේ ය. එහෙයින් එය කලැත් වැව නමින් ප්‍රසිද්ධ වී යයි මහාවංශයේ දැක්වේ. කුලත්ථවාපි හෙවත් මහකලැත්තෑව නමින් මෙකල හැඳින්වෙන්නේ එම වැවයි. සටනින් පැරදි පලා ගිය එළාර රජු ලුහුබැඳ ගිය දුටුගැමුණු රජතුමා, අනුරපුර පවුර ඇතුළට පිවිසීමට ප්‍රථම ද්වන්ධ යුද්ධයකට ඔහුට අභියෝග කොට දකුණු වාසල දොරටුව අභියස දී කළ සටනින් එළාර රජු පැරද වී ය. සිංහල යෝධයින්ට එළාර රජු අල්ලා මරා දැමීමට හැකි වුව ද ආර්ය ක්ෂත්‍රීය ධර්මයට අනුව දෙරජුන් පමණක් එකලාව සටන් කිරීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. දුටුගැමුණු රජු මිය ගිය සතුරාට ද ආර්ය ක්ෂත්‍රීය ධර්මයට අනුව ම ගරු බුහුමන් දැක්වී ය. එළාර රජුගේ මළ සිරුරට සක්විති රජ කෙනෙකුට දක්වන ගෞරව දැක්විය යුතු යයි නියම කෙළේ එහෙයිනි. එළාර රජු මැරී වැටුණු තැනම ඔහුගේ සිරුර ආදාහනය කර වූ දුටුගැමුණු රජතුමා එතැන චෛත්‍යයක් ද කරවී ය. මෙම චෛත්‍යය පිහිටා තිබුණේ කුඹල්ගමට බටහිරින් හා එළාර පිළිම ගෙයට නැගෙනහිර දෙසින් බව මහාවංශ ටීකාව කිය යි. එම ග්‍රන්ථ ලියන ලද කාලයේ ද එළාර පිළිමයට වැදුම් පිදුම් කරන්ට ඇත. මෙම සටන සිදු වී අවුරුදු 700 කට පසුව මහාවංශය ලියන කාලයේ පවා එළාර ස්මාරකයට ගෞරව පුද සැලකිලි පැවැත්වූ බව එහි කියැවේ. මෙම ස්මාරකය ලඟින් යන විට සියලු තූර්ය නාදයන් නතර කළ යුතුය යන දුටුගැමුණු රජතුමාගේ නියෝගය සියවස් හත අටක් වන තුරු ද ක්‍රියාත්මකව පැවැති බව පෙනේ. මෙම ඓතිහාසික විශිෂ්ට ජයග්‍රහනය නිම කොට තම මුතුන් මිත්තන්ගේ රාජධානියට දුටුගැමුණු රජතුමා ඇතුළු වූ සැනින් තවත් පර සතුරු අභියෝගයකට ඔහුට මුහුණ දීමට සිදු විය. විජිතපුර බලකොටුව බිඳ වැටුණු පසු එළාර රජු විසින් දකුණු ඉන්දීය අධිපතියකු වූ භල්ලුකට පණිවුඩයක් යවා තිබුණි. භල්ලුක වූ කලී දීඝජන්තු දෙමළ යෝධයාගේ බෑනණු කෙනෙකි. ඔහු පැමිණෙන විට එළාර රජු ආදාහනය කොට සත් දිනක් ගතව තිබිණ. ඔහු කෝලම්බාහලක නම් ස්ථානයේ කඳවුරු බැඳ සිටින බව සැලවූ දුටුගැමුණු රජු බලසෙන් පිරිවරා එහි ගොස් මුලු දකුණු ඉන්දීය හමුදාවම පරාජයට පත් කොට භල්ලුකයා මරා දැමීය. පරසතුරු උවදුරු මුළුමනින් ම වනසා දැමූ දුටුගැමුණු රජතුමා මුළු මහත් දිවයිනේ ම අසහාය නරපතියා බවට පත් විය. විහාරාරාම කරවා බුදු සසුන නංවාලීමට ඔහුට ඉඩ ලැබිණ. දුටුගැමුණු රජතුමා කර වූ මුල් ම ස්ථූපය මිරිසවැටි දාගැබයි. මහා සංඝයා වහන්සේ උදෙසා මහල් නවයකින් යුත් මහා ප්‍රාසාදයක් තැන වී ය. වාස්තු විiාවේ අග්‍රගන්‍ය නිර්මාණයක් වූ මෙම නවමහල් ප්‍රාසාදය තඹ ලෝ උළුවලින් සෙවිලි කොට තිබූ හෙයින් ඊට ලෝහ ප්‍රාසාදය යන නම යෙදුණ බව මහාවංශයේ දැක්වෙ යි. දුටුගැමුණු නාමය සදාකල් අනුස්මරණය කෙරෙන චෛත්‍ය කර්මය නම් රුවන්වැලිමහසෑය යි. මෙම චෛත්‍ය සාදා නිම වන තුරු ඔහුට ජීවත් වන්නට නොහැකි විය. මහ සෑයේ හතරැස් කොටුව දක්වා ම සියලු කටයුතු නිම කළ බවත් ඡත්‍රය කර වීමත් සුණු පරියම් කර වීමත් නොනිම කල්හි මාරාන්තික රෝගයකින් ගිලන් වූ බවත් ථූපවංශයේ දැක්වේ. සද්ධාතිස්ස කුමරුන් වහා ඉදිරිපත්ව එහි වැඩ අවසන් කලා සේ රජුට දැක්වී ය. කෙසේ වූව ද රුවන්වැලි සෑය දුටුගැමුණු චරිතයේ උදාරත්වය හා විශිෂ්ටත්වය පිළිබිඹු කරන මා හැඟි සංකේතයකි. මෙම මහා චෛත්‍ය කර්මය වර්ණනා කිරීම සඳහා කතුවරයා පරිච්ඡේද හතරක්ම මිඩංගු කොට ඇත. දුටුගැමුණු රජතුමා රාජ්‍යය විචාල අවුරුදු විසි හතර ලක්දිව ස්ථිරසාර පාලන සමයක් වූයේ ය. මේ කාලය ඇතුළත දේශීය හෝ විදේශීය බලවේගයක් ඔහුට විරුද්ධව නැගී සිටීමට සමත් වූයේ නැත. උපද්‍රවවලින් තොර වූ මේ කාලය තුළ වාස්තු විiාවේ හා කලා ශිල්පයන්හි මහත් ප්‍රබෝධයක් ඇති විය. පොදු මහජන සුවසෙත සැලසූ රජතුමා ගිලනුන් සඳහා උවටැන් හල් ඇති කෙළේ ය. දුටුගැමුණු රජතුමාගේ අවසන් මොහොත තියුණු සංවේගයක් දැනවෙන පරිදි මහාවංශ කතුවරයා දක්වා තිබේ. රුවන්වැලි සෑය දකුණු දොරටුවෙහි බිම අතුළ සයනයක වැතිරී මහා ථූපයත් ලෝහ ප්‍රාසාදයත් දකිමින් මහා සංඝයා වහන්සේ පිරිත් සජ්ඣායනා කරනු අසමින් සිටි එතුමාගේ සිත් පහන් වූ බව කියැවේ. බුදු සසුනේ දියුණුවට හා රට වැස්සන්ගේ යහපත සඳහා කරන ලද සත් ක්‍රියාවන් ඇතුළත් පින් පොත කියවද්දී ඊට සවන් දෙමින් සිටිය දී ම දුටුගැමුණු රජතුමා මිය ගියේ ය. එතුමාගේ දේහය ආදාහනය කරන ලද්දේ මහා විහාර සීමාව අසල වූ සංඝ සභා මාලකය තුළ ය. එතැන පසු කාලයේ දී දක්ඛිණ ස්ථූපය තැන වූ බව ලංකා පුර විiා සමීක්ෂණ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
අශ්‍රිත ග්‍රන්ථ: 1. මහාවංශය 2. ථූපවංශය 3. මහාවංශ ටීකාව 4. ්රජය්ැදකදටසජ්ක ීමරඩ්හ දf ක්‍ැහකදබ - ්බබම්ක ඍැචදරඑ 5. ලංකා ඉතිහාසය 1කාණ්ඩය 1භාගය 6. රාජාවලිය දයාපාල ජයනෙත්ති