දිය ගෝනුස්සා
දිය ගෝනුස්සා ලෙස හැඳින්වෙනුයේ ජලජ කෘමි විශේෂයකි. මොවුහු Insecta වර්ගයේ ගෝත්‍රයේ Hemiptera කුළයට අයත් වෙති. බැලූ බැල්මට මොවුන් දිස්වනුයේ භෞමික ගෝනුස්සන් මෙනි. කෘමීන් කාණ්ඩයක් වන බැවින් මොවුන්ට ඇත්තේ ද පාද යුගල් 3කි. එහි ප්‍රථම පාද යුගල විශාල වී ගොදුරු අල්ලා ගැනීම සඳහා විකරණය වී ඇත. මොවුන්ගේ දේහය පැතලි අණ්ඩාකාර හැඩයක් ගනී. එහි අපර කෙළවර දිග වලිගයක් වැනි ව්‍යූහයක් ඇත. ඇල් සහිත සූත්‍රිකා 2ක් මඟින් තැනී ඇති මෙය ශ්වසන නාලයක් ලෙස ක්‍රියා කරයි. ස්පර්ශක කෙටි ය. ඒවා පුරුක් තුනකින් සමන්විතය. පියාපත් යුගල් 2කි. නමුත් මොවුන් පියාඹනුයේ කලාතුරකිනි. බොහෝ විට ජල පෘෂ්ඨය මත පාවෙමින් සිටිති. මොවුන් බිත්තර දමනුයේ ජලජ ශාකවල කඳන් තුළ ය. කුඹුරු, වැව්, පොකුණු සහ කුඩා කානු ආදියේ දැකිය හැකි ය.
ශ්‍රී ලංකාවේ දිය ගෝනුස්සන් විශේෂ 11ක් හඳුනාගෙන ඇත. එනම්,
Laccotrephes flavovenosus
Laccotrephes griseus
Laccotrephes grossus
Laccotrephes maculatus
Cercometus fumosus
Cercometus strangulatus
Ranatra digitata
Ranatra elongata
Ranatra filiformis
Ranatra flagellata
Ranatra naripes ය.
ආශ්රිත ග්රන්ථ
Fernando, C. H. 1990. Freshwater Fauna and Fisheries of Sri Lanka, alural Resources Energy and Science Athority of Sri lanka 444 pp
රූප සටහන
මෙම පොතේ 77 පිටුවේ fig. 1.
(කර්තෘ: එම්.ජේ.එස්. විජයරත්න)
(සංස්කරණය නොකළ)