රෙනේ ඩේකාට්
(ක්‍රි.ව. 1596-1650). රෙනේ ඩේකාට් නම් ප්‍රංශ ජාතික දාර්ශනිකයා කේන්ද්‍රීය වනුයේ නූතන දර්ශන යුගයේ ආරම්භකයා වශයෙනි.
මේ ආධානග්‍රාහී දාර්ශනික චින්තන ඒ ප්‍රවාහයට එරෙහිව ප්‍රබුද්ධ දාර්ශනික විමර්ශන හැසිරවීමක් පළමු වරට පැහැදිලිව හමුවනුයේ ඩේකාට් නම් වූ ප්‍රංශ ජාතික දාර්ශනිකයාගේ චින්තනයෙහි දීය. “විධිමත් සංදේශය ” යන්න ඩේකාට්ගේ දර්ශනයේ කේන්ද්‍රීය අවයවය වේ. ඉන් අදහස් වන්නේ මෙවැන්නකි. “අවිශ්වාස කිරීමට නොහැකි නියති සංකල්පීය පදනමක් සොයා තහවුරු කෙරෙන තෙක්, අවිශ්වාස කිරීම නම් වේ” යන්නයි. එහි අදහස නම් පමණක් ආරම්භ කිරීමට හා ව්‍යාප්ත කිරීමටය. මේ නිසා ඔගස්ටයිනියානු කියමන වන “තේරුම් ගැනීමට නම් විශ්වාස කරන්න” යන්නෙන් නිර්මාපක දෙවියන් හෙවත් බයිබලයේ විකසිත වන සර්වබලධාරී දෙවියන් විශ්වාස කිරීම අර්ථවත් විය. තවද පැහැදිළිවම මෙහි දී ශක්තිය ඔප්නැංවෙන බව පිළිගත යුතුවේ. භක්තිය දනවන ලක්ෂණ ගන්නා දාර්ශනික තේමාවන් ක්‍රි.ව. 2 වැනි සියවසේ සිට ක්‍රි.ව 16 වැනි සියවස පමණ දක්වා දියත් වීය. මේ තේමාව වෙනස් කෙරෙන මොහොත, ඩේකාට්ගේ (කාටිසියානු) නවතම ආදාර්ශයෙන් උදාවීය. “තේරුම් ගැනීමට නම් අවිශ්වාස කරන්න” යන්නයි. බටහිර දර්ශනය නව මාර්ගයකට යොමු විය. භක්තිය හා විශ්වාසය කේන්ද්‍රීය කොට පැවති මධ්‍යකාලීන දර්ශනය කෙළවර කරා පැමිණි අතර, සංශය කේන්ද්‍රීය කොට ඇති නූතන දර්ශනය ආරම්භ විය. නූතන දර්ශනයේ පියා නම් ඩේකාට් යයි දර්ශන විෂයෙහි පු`ඵල් පිළිගැනීමක් ඇත්තේ ඒ හෙයිනි. “අවිශ්වාසය නිරුද්ධ කෙරෙන අවිශ්වාසය වේ” යන්නයි. මෙවැනි සැකයක් බටහිර දර්ශනයේ පළමු වරට ඔප්නැංවෙන්නේ බටහිර ඩේකාට්ගේ බටහිර චින්තනයේදීය. ඔහුට පෙර ෆිරෝ, සෙක්ස්ටස් එම්පිරිකස් වැනි සංශයවාදීහු ()සිටියහ. ඔවුන්ගේ කාර්යය වූයේ සෑම දැයක්ම ක්‍රමයෙන් අවිශ්වාස කිරීමයි. චින්තනයේ මුලත්, චින්තනයේ අගත් අවිශ්වාස කිරීම වේ. නමුත් විධිමත් සංදේශයේ ස්වරූපය නම් පැහැදිළි අරමුණක් සාක්සාත් කිරීම කේන්ද්‍ර කොට ගෙන, රීතිමය හෙවත් විධිමත්ව අවිශ්වාසය ක්‍රියාත්මක කිරීමයි. මේ විධිමත් සංදේශය හෙවත් රීතියකට අනුව අවිශ්වාස කිරීම () ඩේකාට්ගේ යුගය සම්බන්ධ වන විප්ලවකාරී බවක් ගනී. මන්දයත් භක්ති හෙවත් විශ්වාසය යන්නෙන් අත්වූ දර්ශනයක් ගෙනහැර සෑම, ඒ පදනම ඔස්සේ අසීරු වූ හෙයිනි. යුරෝපීය චින්තනයේ කුමන ස්වරූපයක් ගත යුතුද යන්න එවක මහත් බලපෑමක් කළ රෝමානු කතෝලික පල්ලිය විසින් පැහැදිළි ආදාර්ශ ගෙන හැර දක්වා තිබීමයි. එම ආදර්ශයට පිටුපා යෑම මානසික අසහනයකට ආරාධනාවක් බඳු වූ බව ඉතිහාසය සාක්ෂි දරයි සංස්ථාපිත චින්තන ප්‍රවාහයේ මහත් බලපෑම වූයේ භක්ජ සහ විශ්වාසය විකසිත කෙරෙන චින්තන ආකල්ප විප්ලවීය පදනමක් දර්ශන විශයට හඳුන්වා දෙන ප්‍රබුද්ධ මොහොත ඇති වූයේ මෙතැන දීය. මධ්‍යකාලීන ආදානග්‍රාහීත්වය ඉවත දැමෙන ප්‍රයත්නය දුර්ලබ ගණයේ සංකල්ප හැසිරවීමකි. මෙතනදී ඔප්නැංවෙන කාටීසීයානු සංශය (ඩේකාන්ගේ සංශය) නම්, සංශය හෙවත් අවිශ්වාසය විශ්වාසය උදෙසාම කෙරෙන්නක් නොව ක්‍රමවත්ව සංශය පාවිච්චි කිරීමකි. විධිමත්ව සංශය පාවිච්චි කිරීමකි. එයට “විධිමත් සංදේහය” යයි භාවිත වන්නේ එහෙයිනි. කිසියම් විධි ශාස්ත්‍රයක හදුන්වාදීමක්ද මෙහි සටහන්ව ඇත. මේ අන්දමට ඇරිස්ටෝටල්ට පසුව විධිශාස්ත්‍රය පිළිබඳ පැහැදිලි අදහසක් පළමු වරට එළිදරව් වනුයේ කාටීසියානු විධිමත් සංදේහයෙනි. අවිශ්වාසය නොකළැකි කිසයම් ප්‍රස්තුතයක් (අර්ථවත් කියමනක්) සොයාගැනීම මේ විධි ශාස්ත්‍රයේ අරමුණ වේ. එයට හේතුව දර්ශනය ගොඩනැගිය යුත්තේ මෙවැනි අවිශ්වාස නොකලැකි නියත පදනමක වන හෙයිනි. අවිශ්වාසය නොකලැකි ප්‍රස්තුතය ඔස්සේ මේ පදනම සැකසේ.
විධිමත් සංදේහය එළිපෙහෙලි කරන්නාවූ අවිශ්වාස නොකලැකි ප්‍රස්තුතය වන්නේ “මම සිතමි, එම නිසා මම වෙමි” යන්නයි. තමා සිට ඩෙකාඩ්ගේ දර්ශනයේ වැදගත් තැනක් ගන්නා තවත් අදහසක් වූයේ කාටීසියානු සංශයයි.
තමා සිට දෙවියන් දක්වා ඇති සියලුම දෑ අවිශ්වාස කරන ලද ඩේකාට්, අවිශ්වාස කිරීමට නොහැකි කිසියම් පදනමක් හෝ ධර්මතාවක් හෝ ප්‍රස්තුතයක් බලාපොරොත්තු වූ බවට සැක නොමැත. “තමා සිට දෙවියන් දක්වා” ඇති සිය`ඵ දෑ වශයෙන් ඩේකාට් අභ්‍යපගම කර ඇත්තේ (») ඩේකාට් වන තමා, (»») ප්‍රත්‍යක්ෂ, (»»») ප්‍රත්‍යක්ෂවලින් ගොඩනැගෙන ඥානය, :ෂඪ* සියලු තර්කන, (ඪ) කෙනකු අවධියෙන්ද නින්දේද යන්න පැහැදිලිව තෝරා බේරා ගැනීමට ඇති ඥානයයි, :ඪෂ* විiාඥයින් හා දාර්ශනිකයන්ගේ අදහස්, (ඪෂෂ* දෙවියන් ආදී වශයෙනි. පැවතෙන සිය`ඵ දෑ මේ අන්දමට අවිශ්වාස කිරීමෙන් පෘථුල සංශය වාදයක් :ීජැචඑසජසිප* ජනිත වන බව කෙනෙකුට සිතිය හැක.
“මාගේ අරමුණ නම් ස්ථිර, නියති පදනමක් සෙවීම යයි ඩෙකාට් ලීවේය. එනම් සංශය කිරීම, කාර්කික අවසානයක් වශයෙන් නොව තාර්කික මාර්ගයක් පමණක් ලෙස ඔහු පිළිගෙන ඇත. මධ්‍යකාලීන දාර්ශනිකයින් විසින් දැඩි විශ්වාසය මත ගොඩනැගූ දේවවාදී අදහස් වෙනුවට දෙවියන් දක්වා ඇති සිය`ඵ දේ ඩේකාට් අවිශ්වාස කරයි. කාල් මාක්ස්ගේ නිෂේධනයේ නිෂේධනය සිහිපත් කරන සු`ඵ අවිශ්වාසය විසින් ජනිත කරන විශ්වාසය ලෙස ඩේකාට් අදහස් කරන්නේ “මම අවිශ්වාස කරමි” යන්න තවදුරටත් අවිශ්වාස නොකලැකි බවයි. අවිශ්වාස කිරීම නම් කිසියම් ස්වරූපයක් ගන්නා සිතුවිල්ලකි. මේ අනුව, අවිශ්වාස කරන අවස්ථාව අවිශ්වාසයෙන් තොර නියතතාවක් වන නිසා, “මා” අවම වශයෙන් කිසියම් සිතුවිල්ලක් හසුරවන බව නිසැකය, නියතය. මේ සිතුවිල්ලෙන් ගම්‍ය වන ප්‍රස්තුතය වන්නේ “මම සිතමි, එමනිසා මම වෙමි.” :,ෂ එයසබනල එයැරුදෙර ෂ ්ප,* යන්නයි. මෙයට මන්තාහමස්මි තර්කය :ඔයැ අටසඑද ්රටමපැබඑ* යයිද කියති. මේ ප්‍රස්තුතය අවශ්‍ය ලක්ෂණයක්ද වේ. තමා අවිශ්වාස කරන සෑම මොහොතෙහිම කිසියම් සිතීම් මාත්‍රයක් අඩංගු නිසාවෙන්, ඒ සිතීමේ අවිශ්වාස බව සම්බන්ධයෙන් තමා රැවටීමට කිසිවකුට නොහැකි බව ඩේකාට්ගේ තර්කය වේ. සංශයෙන් ඇරඹි කාටීසියානු දර්ශනය අවසාන වී ඇත්තේ පූර්ණ සංශයවාදයක නොව නියතතාවයකය. එයට කාටිසීයානු නියතතාවක් යැයි පැවසේ. මෙහි අදහස නම් “මම සිතමි, එම නිසා මම වෙමි” යන්න ඩේකාට්ට අනුව නියතතාවක් වශයෙන් තහවුරු වී ඇති බවය. උසස් ගණිතයේ ස්වසිද්ධින් :්ංසදපි* හෙවත් ප්‍රතිභා ඥානයන් :ෂබඑඩසඑසදබි* ගන්නා තාර්කික ස්වරූපය මේ අවිශ්වාසය නොකළැකි ප්‍රස්තුතය ලක්ෂණ කොට ඇති බව කාටීසියානු පිළිගැනීමයි. එනම් මිනිස් අනුභූතීන් පිළිබඳ පදනමට වඩා බෙහෙවින් වෙනස් ලක්ෂණ ගන්නා ප්‍රාගනුභූත පදනමකි. “මිනිස් අනුභූතීන්” එක් ලක්ෂණයක් එළිපෙහෙලි කරන අතර, ප්‍රාගනුභූත ස්වසිද්ධින් වෙනත් ලක්ෂණයක් එළිපෙහෙලි කරයි. “මිනිස් අනුභූතීන්” “විය හැකි බව” (සම්භාව්‍යතාමය බව) ඔප්නංවන අතර, “ප්‍රාගානුභූත ස්වසිද්ධින්” නියති බව (අවශ්‍ය බව) ඔප්නංවයි. කාටීසියානු දර්ශනයේ කේන්ද්‍රය වශයෙන් ඔප්නැංවෙන්නේ අවශ්‍ය බව ලක්ෂණ කොට ඇති නියති බව නිසා, අනුභූතියට වඩා බුද්ධිමය බවට සමීපය. කේන්ද්‍රීය වශයෙන් මෙය නම් බුද්ධිමය බවයි. කාටිසියානු දර්ශනය බුද්ධිවාදයක් :භ්එසදබ්කසිප* ලෙස පිළිගැනෙන්නේ මෙම කරුණට ප්‍රධාන තැනක් පිරිනැමෙන හෙයිනි.
බුද්ධිවාදය යනු කිසියම් දාර්ශනික රීතියකි. ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂ ප්‍රතික්ෂේප කරන මෙහි සත්‍යයේ මිනුම් දණ්ඩ වනුයේ බුද්ධිමය අවගමනයකි :ෂබඑැකකැජඑම්ක ාැාමජඑසදබ*.මෙසේ අවගමනය කරනුයේ බුද්ධිය විසින් නිර්මාණය කරගන්නා හෝ ප්‍රත්‍යක්ෂය ඔස්සේ ගොඩනැගෙන හෝ සංකල්ප නොව සහජයෙන් පවතින කිසියම් සුවිශේෂ සංකල්ප සමූහයකි. මිනිසාට උත්පත්තියෙන් පිහිටන සංකල්ප වලට “සහජ” යයි අපි කියම්. මේවා ප්‍රධාන අවයව (සාධ්‍ය අවයව) වශයෙන් ගෙන වෙනත් නිගමන ගම්‍ය කර ගන්නෙමු. ඒ නිගමන ගම්‍ය කරගැනීම නිගාමී රීතියට අනුකූලව කෙරේ. ඇරිස්ටෝටල්ගේ නිගාමි රීතියෙහි පණගැන්වීමක් මෙතැන දළ ලෙස ගැබ්වී තිබේ. කිසියම් පිළිගන්නා වූ ස්වසිද්ධීන් හෝ ප්‍රතිභා ඥානයන් හෝ ප්‍රස්තුත කිහිපයකින් වෙනත් අතිරේක නිගමන කිහිපයක් සංස්ථිතිකව ඉදිරිපත් කිරීමත් මෙතැනදී සිදුවේ. ඉහත විවරණ කරන ලද නියතතාව හෙවත් “මම සිතමි, එම නිසා මම වෙමි” යන්න සහජ සංකල්පයක් මෙන් අභ්‍යුපගමනය කොට ඉන් අතිරේක නියතතාවන් නිගමන වශයෙන් ඩේකාට් දක්වා ඇත.
අවිශ්වාසය විසින් ජනිත කරන තවදුරටත් අවිශ්වාස කිරීමට නොහැකි නියතතාව නම් “මම සිතමි, එම නිසා මම වෙමි’ යන්න බව ඩේකාට්ගේ දර්ශනයේ කේන්ද්‍රීය සංකල්පයකි. කාටීසියානු දර්ශනයේ පළමු නියතතාව වන මෙයින් ගම්‍ය වන්නේ (1) ඩේකාට් නමැති පුද්ගලයාද? (2) ඩේකාට් නමැති පුද්ගලයාගේ සිතිමද? යන්න ප්‍රශ්ණයකි. ඉහත (1) වැනි ප්‍රශ්ණය ප්‍රතික්ෂේප කොට (2) වැනි ප්‍රශ්ණයේ අව්‍යාජ බව දකින මේ දාර්ශනිකයා “සිතන්නාවූ කිසිවක් පමණක්” ගම්‍ය වන බව පිළිගනී. “එය අවිශ්වාස කරන්නා වූ, තේරුම් ගන්නා වූත්, තහවුරු කරන්නා වූත්, ප්‍රතික්ෂේප කරන්නා වූත්, අධිෂ්ඨාන කරන්නා වූත්, සිතන්නා වූත් වස්තුවක් බව” ඔහුගේ අදහසයි. මෙයින් අර්ථවත් වන්නේ බුද්ධියේ ලක්ෂණයක් වන කිසියම් ආකාරයක චින්තනයක් මිස පුද්ගලයෙක් නොවේ. ඩේකාට් තමාගේ ධ්‍යාන නම් ග්‍රන්ථයේ සඳහන් කරන අන්දමට “අව්‍යාජව මට අයිති වනුයේ චින්තනය පමණි, මගෙන් වෙන් කළ නොහැක්කේ එයයි, මම වෙමි, මම සිටිමි, මේ නියතය. එහෙත් කොපමණ කලක් මා සිතන විටම පමණි. අව්‍යාජව සහ සැලකිලිමත්ව කියනුයේ නම් මා සිතන්නා වූ වස්තුවක් පමණි. එනම් සිතකි, බුද්ධියකි, සිතන විට පමණක් මම සත්‍ය හා අව්‍යාජ වස්තුවක් වෙමි. මෙම කාටීසියානු විවරණයෙන් ගම්‍ය වනුයේ ඇරිස්ටෝටල් කීවා සේ “මිනිසා බුද්ධිමත් සත්ත්වයෙකි.” යන්න නොව “සිතන සිත” පමණි. එනම් “සිත” අව්‍යාජව පවතින බව යන්න නියතතාවක් බවයි. එහෙත් “සිත” පවතිනුයේ “කයක” නිසා, කයේ පැවැත්ම නියතතාවක් වශයෙන් සනාථ හෝ ගම්‍ය හෝ නොවූවත්, කිසියම් පැවැත්මක් කයට ඇත. මේ කරුණු වලින් (1) සිතක නියත පැවැත්ම සහ (2) කයක අනියත පැවැත්ම පැහැදිළි වේ. එනම් “සිත” හා “කය” පවතීය යන්නයි. දර්ශන විචාරකයන්ගේ මතය ඇත්තේ මෙය ද්වෛතයක් බවය. ඩේකාට්ට පැහැදිලි නොවූවද පසුව පැමිණි දාර්ශනිකයෝ දර්ශන විචාරකයෝ මේ ද්වෛතය දකිති. නිදසුනක් වශයෙන් ස්පිනෝසා (ක්‍රි.ව. 1632-1677) හා ලෛබ්නිස් (ක්‍රි.ව. 1646-1716) මේ ද්වෛතය පිළිබඳ ගැට`ඵව විසඳීමට නානාවිධ විමර්ශන ගෙනහැර පෑහ. සමහර මෑත සම කාලීන බටහිර දාර්ශනිකයෝ ද මේ ගැට`ඵවට විසඳුම් සෙවූහ. 1960 ගණන් වන තෙක් කාටීසියානු කය-සිත් ගැට`ඵව මහත් ආන්දෝලනයක් දර්ශන විෂයේ ඇති කළ බව පිළිගැනේ. එල්. විට්ගන්ස්ටෛන් සහ ගිල්බට් රයීල් නැමැති මෑත සමකාලීන දාර්ශනිකයෝ දෙදෙනා කය-සිත් ගැට`ඵව නම් ව්‍යාජ, හිස් එකක් බව පැවසූහ. මේ ගැට`ඵවේ ව්‍යාජ බව හෙවත් හිස්බව පෙන්වීම මෑත- සමකාලීන දාර්ශනිකයින්ගේ විමර්ශනවල කේන්ද්‍රය වීය.
“මම සිතමි, එම නිසා මම වෙමි” යන්න ප්‍රධාන අවයවය ලෙස පිළිගෙන, නිගාමී රීතිය ඔස්සේ අවගමනය කරන ලද දෙවැනි නියතතාව නම්, දෙවියන්ගේ පැවැත්මයි. මෙහි දී පළමු නියතතාවෙන් දෙවෙනි නියතතාව ගම්‍ය කෙරෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට දෙවියන් පිළිබඳ සංකල්පය ගැන ඩේකාට් පවසන්නේ කුමක්දැයි පැවසිය යුතුය. “දෙවියන් නමැති නමෙන් මා අර්ථවත් කරන්නේ අප්‍රමාණ, නිත්‍ය, ස්වෛරී, සදාකාලික, සියල්ල දත්, සර්වබලධාරී වස්තුවකි. මා ඇතු`ඵ පවතින්නා වූ සිය`ඵ දෑ නිර්මාණය කර ඇත්තේ දෙවියන් විසිනි.” යැයි ඩේකාට් කියයි. ඩේකාට්ගේ දේව සංකල්පය නම් ක්‍රිස්තියානියේ දේව සංකල්පයම බව ස්ඵුටයි. මධ්‍යකාලීන සාම්ප්‍රධායික දර්ශනයේ කේන්ද්‍රීය සංකල්පය වූයේද දෙවියන් වහන්සේය. එහෙත් මේ සංකල්පය සටහන් කරන දෙවියන්ගේ පැවැත්ම නම් තමාගේ දර්ශනයේ දෙවැනි නියතතාව බව අවගමන ස්වරූපයෙන් දක්වන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි.
දෙවියන් සර්ව සම්පූර්ණ සත්ත්වයා නම් තාර්කිකවම දෙවියන් පවතී. දෙවියන් නොපවතී නම්, දෙවියන් අසම්පූර්ණ සත්ත්වයෙකු වනු ඇත. එහෙත් දෙවියන් වනාහි සර්ව සම්පූර්ණ සත්ත්වයා නිසා දෙවියන් අවශ්‍යයෙන් පවතී. මේ නම් කැන්ටබරියේ ඇන්ස්ලම් විසින් ගෙනහැර දක්වන ලද සත්භාව තර්කය වෙන වචනවලින් විවරණය කිරීමකි. මෙතැන ඩේකාට් ඔප්නංවන්නේ මිනිසා නොව මිනිසාගේ නිර්මාපකයාය. මේ නිර්මාපකයා විසින් මිනිසා වෙත ජනිත කරන ලද එක් සහජ සංකල්පයක් නම් දෙවියන් පිළිබඳ සංකල්පය වේ. සර්වබලධාරී දේව සංකල්පය තමා වෙත පවතින්නට සර්වබලධාරී දෙවියන් පැවතිය යුතු යැයි තර්ක කරන ඩේකාට්, දෙවියන්ගේ ලක්ෂණයක්ව පැවති “විශ්වාසය” නමැති ආදර්ශය :ඵදාැක* “අවිශ්වාසය” නමැති ආදර්ශය අලුතෙන් වෛකල්පික වශයෙන් හඳුන්වාදීම පිළිබඳව ඩේකාට්ට හිමිවනුයේ උසස් ස්ථානයකි. එය කුසලතාවකි. “අවිශ්වාසය” ඔස්සේ ගෙන හැර දැක්වෙන මන්තාහමස්මි තර්කය හෙවත් “මම සිතමි, එම නිසා මම වෙමි” යන්න කාටීසියානු දර්ශනයට අනුව විශ්ලේෂී කියමනකි. එය අවශ්‍ය ලක්ෂණයක් ලෙස පුනපුනාකීමකි. එහෙත් මේ කියමන විශ්ලේෂී එකක් නොවන නිසා “අවශ්‍ය බව” ලක්ෂණ කොට නෙපවතිව බව විචාරකයෝ පෙන්වා දෙති. එනම් කියමනේ වාචකයෙන් දැක්වෙන්නේ එහිම වාච්‍යය නොවන බවයි. එය සංස්ලේෂී කියමනකි. එනම් සම්භාව්‍යතාමය බව ලක්ෂණ කොට ඇති වාච්‍යයට වාචකයක් බාහිරව ඈදන්නකි. විශ්ලේෂී කියමනක නිශේධනය පරස්පර විරෝධී වන අතර සංස්ලේෂී කියමනක නිශේධනය පරස්පර විරෝධී නොවී එක්කෝ සත්‍ය නැත්නම් අසත්‍ය වේ. ඉදින් “මම සිතමි, එම නිසා මම වෙමි” යන්න සම්භාව්‍යතාවය බව :ඡරදඉ්ඉසකසඑහ* ලක්ෂණ කොට ඇති කියමනක් නම් එය නියතතාවක් වීමට කිසිසේත් නොහැකි එයට හේතුව කිසියම් කියමනක් සම්භාව්‍යතාවය බව සහ නියති බව එක විට ලක්ෂණ කොට නොපැවතීමය. ඩේකාට්ගේ පළමු නිතතාව තවදුරටත් නියතතාවක් නොවී සම්භාව්‍යතාමය බව ලක්ෂණ කොට ඇත්නම් ඉන් අවගමන ස්වරූපයෙන් දැක්වෙන දෙවනි හා තුන්වැනි නියතතා පිළිගැනුණු විට, එය එළිපෙහෙළි වූයේ “කය-සිත් ගැටලුව” යනුවෙනි. “සිතක්” පිළිබඳ විමර්ශනයක සන්දර්භය මිනිස් කය හා සම්බන්ධව පවතී. එසේ නම් කාටීසියානු “සිත” යන්න තාර්කිකවම “කය” හා සම්බන්ධ විමර්ශණ වලදී සුවිශේෂ වීම සාධාරණ සිතුවිල්ලකි. යුරෝපීය බුද්ධිවාදී දාර්ශනික සම්ප්‍රදායෙහි ස්විනෝසා සහ ලයීබ්නීස් වැනි දාර්ශනිකයෝ මහත් උත්සාහයකින් කය-සිත් ගැටලුව දෙස බැලූහ, විසඳීමට යයි නානාවිධ තර්කන ඉදිරිපත් කළහ. මේ නිසා කාටීසියානු ද්වෛතය ඩේකාට්ගේ දර්ශනයෙහි තවත් කේන්ද්‍රීය සංකල්පයක් වී ඇත.
නූතන දර්ශනය පිළිබඳ ඩේකාට් කේන්ද්‍රීය වන්නේ ඇයිද? යන්න දෙස සිත් යොමු කරමු. නූතන දර්ශනය පිළිබඳ බොහෝ පොත්පත්වල නූතන දර්ශනයේ පියා යැයි සඳහන් කරනුයේ රෙනේ ඩේකාට්ය. ඒ සාධාරණ ද යන්න තාමත් ගැට`ඵවකි මෙයට පිළිතුරු සෙවීමේ දී කරුණු කීපයක් සැලකිල්ලට ගැනීමට පිඳුවේ. (») කාටීසියානු විධිමත් සංදේහය එළිපෙහෙළි කරන්නේ මන්තාහමස්මි තර්කය මඟිනි. විශ්වාසය, භක්තිය, දෙවියන්, ආත්මය, නිර්මාණය, යනාදිය කේන්ද්‍රීය කොට පැවති මධ්‍යකාලීන සම්ප්‍රධායික දර්ශනය වෛකල්පික වශයෙන් විධිමත්ව අවිශ්වාස කිරීම (සංශය කිරීම) වනාහි ප්‍රබුද්ධ දර්ශනයක නිර්භීත ආරම්භයක් යැයි පැවසීම සාධාරණය. මධ්‍යකාලීන වකවානුවේ දී දාර්ශනික විමර්ශනවල පැවැත්ම නියතතාවක් බව අවධාරණය කරයි. මේ නිසා දෙවියන්ගේ පැවැත්ම අවිශ්වාස නොකල යුතුය. තමා පිළිබඳ පළමු නියතතාවෙන් දෙවියන් පිළිබඳ දෙවෙනි නියතතාව එසේ අවගමනය කිරීම කාටීසියානු තර්කය ලක්ෂණ කොට පවතී.
දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ කාටීසියානු දෙවැනි නියතතාවයෙන්, තුන් වැනි නියතතාව වන “ ලෝකයේ පැවැත්ම” අවගමනය කෙරේ. තමාගේ දර්ශනය ආරම්භයෙහි දී දකින හා අසන ලෝකය දැඩිව අවිශ්වාස කිරීම ඩේකාට්ගේ පිළිගැනීම විය. එහෙත් දෙවියන්ගේ පැවැත්ම නියතතාවක් වශයෙන් තහවුරු වීමෙන් පසු ප්‍රත්‍යක්ෂ ලෝකය අවිශ්වාස නොකල යුතු යයි ඩේකාට් වැඩිදුරටත් පිළිගන්නේය. සර්වබලධාරී දෙවියන් විසින් මිනිසුන් මුලා නොකරන හෙයින් අව්‍යාජ ප්‍රත්‍යක්ෂ සත්‍ය ලෙස පිළිගැනේ නම් ලෝකය තවදුරටත් අවිශ්වාස කිරීමට අව්‍යාජ හේතුවක් නොමැත. ද්‍රව්‍ය ලෝකයේ පැවැත්ම නිසා අවිශ්වාස කටයුතු නොවේ. ද්‍රව්‍ය ලෝකයේ පැවැත්ම නියතතාවකි. කාටීසියානු දර්ශනයේ තුන්වැනි හා අවසාන නියතතාව එයයි. නියතතාවන් දැක්වීමෙන් පසු ඒනා වස්තූන් ලෙස සැලකීමත් කාටීසියානු දර්ශනයෙහි ගැබ්වේ. එනම් (») සිත නමැති වස්තුව, (»») දෙවියන් නමැති වස්තුව සහ (»»») ද්‍රව්‍ය වස්තුව, නම් වේ. එහත් තර්කනය දියත් වන විට, ඩේකාට් විසින් (»») යන්න අධෛර්යමත් කරන අතර (») සහ (»»») ගැන තවදුරටත් විවරණ කිරීමෙහි යෙදේ. (») වැන්න වන “සිත” යන්න නොබෙදිය හැකි වන අතර ස්වෛරී පැවැත්මක් ලක්ෂණ කොට පවතී. තවද එහි ක්‍රියාකාරීත්වයට ද්‍රව්‍ය වස්තුවේ උපකාරයක් කිසිසේත් අනවශ්‍යවේ. අමරණීයත්වය ලක්ෂණ කොට ඇති කාටීසියානු “සිත”ට විඥාණය :ක්‍දබිජසදමිබැි* යයි ද නමකි. ඒ නම එසේ දෙන ලද්දේ ඩේකාට් විසිනි. ඔහුගේ විවරණයට අනුව “ද්‍රව්‍ය වස්තුව” හෙවත් “කය” යන්න ලක්ෂණ කොට ඇත්තේ බෙදීමට ඇති හැකියාවයි. එහෙත් එහි පැවැත්මට “සිත” යන්නෙන් උපාකරයක් අනවශ්‍ය වේ. “ව්‍යාප්තිය” :ෑංඑැබිසදබ* යන්න එයට තවත් නමකි. ද්‍රව්‍ය වස්තුව :ඵ්එැරස්ක ීමඉිඒබජැ* සහ “කය”:ඊදාහ* යන්න එකම දැයක් සේ සැලකුවේද යන්න අපැහැදිළි වුවද ඔහුගේ මෑත විවරණ වලින් අවධාරණය වන්නේ “මිනිස් කය” පමණි. කාටීසියානු දර්ශනය ප්‍රචලිත වී ඇත්තේ ද මේ “මිනිස් කය” ප්‍රධාන කොට ගෙනය. නිදසුනක් වශයෙන් “කාටීසියානු ද්වෛතය” යන්න මෑත දර්ශන ඉතිහාසයේ දාර්ශනික ගැටලුවක් සේ පු`ඵල්ව තාර්කික වශයෙන්ම නියතතා වශයෙන් පිළිගත නොහැකි සංදේහය මඟින් ඉදිරිපත් වන දර්ශනයේ පළමු කියමන, මෙසේ තුසලතාවක් කිසිසේත් ගෙනහැර නොදක්වන නිසා, “නූතන දර්ශනයෙ පියා” වැනි විරුදාවලියක් ලැබීමට ඩේකාට් සුදුසු යයි පැවසීමට අසීරු නොවේ දැයි ප්‍රශ්න කළ හැකි වේ.
ඉහත දක්වන ආකාරයට “දෙවියන්” යන්න සහජ සංකල්පයක් යයි පුනපුනාකීමෙන් එතරම් දාර්ශනික විප්ලවයක් සිදුනොවේ. තවද තමාගේ පැවැත්ම තවදුරටත් අවිශ්වාස කිරිමට නොහැකි බව තහවුරු වීමෙන් පසුව, සහජ සංකල්ප පැවතෙන බව පිළිගැනීම අතිරේක දුබලතාවකි. එනම් සහජ සංකල්පවල “සහජ බව” ප්‍රතික්ෂේප කිරිමකි. සර්ව බලධාරි නිර්මාපක දෙවියන් විසින් තමා ඇතු`ඵ සහජ සංකල්ප නිර්මාණය කර ඇත්නම්, දෙවියන්ට ලැබෙන්නේ පළමු තැනයි. එනම්, පළමු නියතතාව වශයෙන් පිළිගත යුතු වනුයේ “දෙවියන්” මිස “තමා” නොවේ. මේ අනුව, ඩේකාට්ගේ දෙවනි නියතතාව කුසලතාවක් නොවන බව පිළිගැනේ.
බෙහෙවින් දුබල පළමු හා දෙවන නියතතා වලින් අවගමනය කෙරෙන්නේ ඩේකාට් පවසන “ලෝකයේ පැවැත්ම” නමැති නියතතාව තවදුරටත් දුබල වේ. සම්භාව්‍යතාමය බව ලක්ෂණ කොට ඇති “ලෝකයේ පැවැත්ම” කිසිසේත් නියතතාවක් විය නොහැකිය. ඩේකාට්ගේ මේ නියතතාවද කුසලතාවක් වශයෙන් නොපිලිගැනේ.
වරක් ඩේකාට් මෙසේ කීවේය “අවකාශය හා චලනය දෙන්න නව ලොවක් මම නිර්මාණය කරමි” මෙය මධ්‍යකාලීන සාම්ප්‍රධායික දර්ශනයෙන් මෑත් වන ලක්ෂණයකි. එහෙත් ප්‍රබුද්ධ මත අනුව ක්‍රියාත්මක වීමක් මේ දර්ශනයේ අන්තර්ගත නොවන බව විචාරකයෝ පවසති. නව ලොවක නිර්මාණයක් තබා එවක ප්‍රබුද්ධ විiාත්මක මත මහත් නිර්භයව ඉදිරිපත් කළ කොපර්නිකස්, ගැලීලියෝ, නීල් හාවි වැන්නන්ගේ අදහස් අනුව විමර්ශන හැසිරවීමක් හෝ මේ දර්ශනයේ හමුවනුයේ කලාතුරකිනි. කොපර්නිකස් හා ගැලීලියෝ විසින් පෘතුවියේ චලනය මුල් කොට ගෙන ප්‍රබුද්ධ සූර්ය කේන්ද්‍රවාදය දියත් කලවිට, බයිබලය අනුගමනය කරමින් ඩේකාට් පිළිගනු ලැබුවේ ආධානග්‍රාහී පෘතුවි කේන්ද්‍රවාදයයි. දාර්ශනික හා විiාත්මක සන්දර්භයෙහි ලා අගයන්නේ නම්, මෙය මහත් පසු බැසීමකි. ගතානුගතික මධ්‍යකාලීන දර්ශනයේම රැදී සිටීමකි.
එසේ නම්“නූතන දර්ශනයේ පියා” ඩේකාට් යයි විරුධවලියක් ප්‍රධානය කරනුයේ මන්ද යන්න ප්‍රශ්නයකි. මේ විරුදාවලියට හිමිකම් පෑමට ඩේකාට්ට අයිතියක් ලැබෙනුයේ හුදෙක් ඔහු විසින් දර්ශන විෂයට හඳුන්වා දී ඇති විධිමත් සංදේහය නමැති ප්‍රබුදධ ආදර්ශය හේතුවෙනි. මධ්‍යකාලීන සාම්ප්‍රධායික දර්ශනය දෙදරවන සු`ඵ මෙවලම වූයේ කාටීසියානු සංශය හෙවත් අවිශ්වාසයයිත භක්තිය ඉරි තලා යැවෙන අවිශ්වාසය ගෙනහැර දක්වා දර්ශන විෂයයේ රීතිය හෙවත් ශිල්පීය ක්‍රමයක් වශයෙන් නොබියව පාවිච්චි කිරීම ශ්‍රේෂ්ඨ ගණයේ කුසලතාවකි. නූතන දර්ශනයේ පීතෘත්වය ලැබීමට ඔහු ප්‍රදර්ශනය කරන පළමු කුසලතාව එයයි. තම සමකාලීන ජේසුයිට් නිකායික ස්වාමිවරුන්ගේ ඒකාබද්ධ විරුද්ධතාව නිසා සංශය කේන්ද්‍රිය කොට ගොඩ නැගී ඩේකාට්ගේ දර්ශනය අඩංගු පොත්පත් “තහනම් ලයිස්තුවට” ඇතුල් කරන ලදී. මෙය සිදුවූයේ ක්‍රි.ව.1663දීය. මධ්‍යකාලීන දර්ශනයෙන් වෙන් වී නවතම දාර්ශනික තේමාවක් දර්ශන විෂයට හඳුන්වා දීමට ඩේකාට් වෙත තිබි ප්‍රබුද්ධ ආකල්පය හා එය නොබියව හඳුන්වා දීම, බටහිර දර්ශනයේ ගමන වෙනත් අතකට යොමු කිරීමකි. නූතන දර්ශනයේ උපත, එසේ ඩේකාට් නිසා සිදු වූ බව පු`ඵල්ව පිළිගැනේ.
අවිශ්වාසය කේන්ද්‍රිය කොට ගොඩනැගි සංශයවාදය, නූතන දර්ශනවාදය සහ බර්ට්රන්ඩ් රසල් මුල්කොට ගෙන 20 වැනි ශතවර්ෂයේ මුලදී බිහි වූ සමකාලීන දර්ශනය පුරා දිවෙමින් අදද පවතී. ඒ ස්වරූපය නම්, එක් දාර්ශනිකයෙකු ඉදිරිපත් කරන ලද කිසියම් දාර්ශනික විමර්ශනයක් හෝ අදහසක් හෝ අනෙකුත් දාර්ශනිකයන් නොපිලිගැනීමයි. මෙය කිසියම් ප්‍රබුද්ධ ස්වරූපයකි. මේ සඳහා නිදසුන් කිහිපයක් ඉදිරිපත් කළ හැකිය. (අ) ඩේකාට්ගේ මත ස්පිනෝසා බැහැර කළේය. (ආ) ස්පිනෝසාගේ අදහස් ලයිබ්නීස් ප්‍රතික්ෂේප කළේය. (ඇ) ඒ ආකාරයටම ජෝන් ලොක්, බර්ක්ලේ, හසුම්, කාන්ට්, වුල්ෆ්, හෙගර්, නියෙට්ෂේ, ෆිච්ටේ, බර්ග්සන්, ජෝන් ඩිවි, විලියම් ජේම්ස්, බර්ට්රන්ඩ් රසල්, ඒ ජේ ඒයර්, ජීන් හෝල් සාත්රේ, හෛඩෙගර්, ඇල්බට් කැමු, කාල් මාක්ස්, එල් විට්ගන්ස්ටෛන්, ගිල්බට් රයිල්, වැනි දාර්ශනිකයන්ගේ දාර්ශනික විමර්ශන වල විනිවිද යන හුය නම් කිසියම් සංශයවාදී ස්වරුපයකි. මෙවැනි සංශයවාදී ආකල්පයක් දර්ශන විෂයට හඳුන්වා දීම උසස්ම ගණයේ කුසලතාවක විකසිත වීමකි. නූතන දර්ශනයේ පීතෘත්වය ලැබීමට එය සෑහේ යයි. බොහෝ විචාරකයෝ විශ්වාස කරති.
ඩේකාට්ගෙන් බිහි වූ නූතන දර්ශනයත්, 20 වැනි ශතවර්ෂයේ බර්ට්රන්ඩ් රසල්ගෙන් බිහි වූ සමකාලීන දර්ශනයත් සජීවි කරන ලද කේන්ද්‍රිය දාර්ශනික ගැටලුවකි. කාටීසියානු කය-සිත් ගැටලුව නම් මෙයයි. ඩේකාට්ගෙන් පසුව පැමිණි ස්පිනෝසා, ලයිබ්නීස්, කාන්ට්, හෙගල්, රසල් වැනි දාර්ශනිකයෝ දැවැන්ත දාර්ශනික සාහිත්‍යයක් මේ ගැටලුව මුල්කොට ගෙන ජනිත කළෝය.“කය” යන්න භෞතික ධර්මතාව ඔස්සේත් “සිත” යන්න චෛතසික ධර්මතාව ඔස්සේත් තේරුම් ගත යුතු බව ඔවුන්ගේ මුලික පිළිගැනීම විය. එවිට බිහිවන්නේ ගැට`ඵවකි. එය සංකීර්ණ ගැට`ඵවක් වේ. “සිත” වනාහි එක් පදාර්ථයකි. “කය” වනාහි ඊට වඩා වෙනස් ලක්ෂණ ගන්නා අතිරේක පදාර්ථයකි. මේ පදාර්ථ දෙක එකමුතු කෙරෙන වෙනත් පු`ඵල් අතිරේක පදාර්ථයක් නොමැත. මොළය වෙහෙස කරවමින් මේ ගැට`ඵව වැඩේ, සංකීර්ණ වේ. සමකාලීන දාර්ශනිකයන් වන විට්ගන්ස්ටයින් සහ රයීල් මේ ගැට`ඵව ව්‍යාජ හා හිස් එකක් වශයෙන් දකිති. කාටීසියානු “සිත” නමැති පදාර්ථය වනාහි “යන්ත්‍රයේ භූතයා” හා සමාන හිස් එකක් බව රයිල් විසින් ගෙන හැර දක්වන ලද තර්කය, කය-සිත් ගැට`ඵව දිය කර හැරී බව ඉතා පැහැදිළි කරුණකි.
මේ අදහස මෙසේ තවදුරටත් විවරණය කළ හැකිය. “සිත” නමැති නාම පදය රැවටිලි සහගත එකකි. එයට රැවටුන හොත් විට්ගන්ස්ටයින් කීවා සේ බුද්ධි වශීකරනයක් සිදුවේ. මේ බුද්ධි වශීකරනයෙන් හෙවත් මුලාවෙන් මිදීම අවශ්‍ය වන්නේ
(») වියරණයන්ට පාරාරෝපණ නොවීම,
(»») වචනයකට නානාවිධ භාවිත ඇති බව තේරුම් ගැනීම,
(»»») වචන-හරඹවලට නොරැවටී ඒවා පැහැදිලිව සටහන් කර ගැනීම, යනාදියයි.
ගිල්බට් රෛල් නමැති සමකාලීන ඉංග්‍රීසි දාර්ශනිකයා විසින් වරක් “ඵසබාසබට” නමැති වචනය “චෛතසික බව” නමැති අර්ථයෙන් හඳුන්වා දෙනු ලැබූවේ “ඵසබා” (“සිත”) නමැති වචනය රැවටිලි සහගත හෙයිනි. “චෛසික බව” වනාහි ගසක්, හදවතක්, ඇසක් යනාදිය මෙන් පැවතෙන්නක් නොව, “ක්‍රියාකාරී බවක්” පමණි. මේ “ක්‍රියාකාරී බව” යන්න මිනිස් සැකැස්මේම අන්තර්ගතයකි. මේනිසා ඩේකාට් විසින් විවරණ කරන ලද ආකාරයට “සිත” පිළිබඳ පදාර්ථයක් හා “කය” පිළිබඳ පදාර්ථයක් පිළිගැනීමට අවශ්‍ය සංකල්පීය පදනම ඉවත් වේ. “කය” පිළිබඳ පදාර්ථයෙන්ම “සිත” හෙවත් “චෛතසික බව” විවරණ කෙරේ, පැහැදිලි කෙරේ. මේ අනුව “කය-සිත් ගැට`ඵව” යන්න තවදුරටත් අව්‍යාජ ගැට`ඵවක් වශයෙන් නොපවතී. සමකාලීන දාර්ශනිකයන් විසින් මේ ආකාරයට හසුරවන කය-සිත් ගැට`ඵවට සංකල්පීය පදනමක් සකසා ප්‍රබුද්ධ බවක් පළමු වරට ලබා දුන්නේ ඩේකාට්ය. ඒ කුසලතාව නොසෙල්වේ.
ඒ.ඩී.පී. කලන්සූරිය