ඉබ්න් සාද්
සිංහල විශ්වකෝෂය වෙතින්
08:56, 5 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(? –845). අරාබි ජාතික ග්රන්ථ කර්තෘවරයෙකි. බාල කාල...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(? –845). අරාබි ජාතික ග්රන්ථ කර්තෘවරයෙකි. බාල කාලයෙහි පටන් දක්ෂ ගුරුවරුන් ඇසුරු කළ හෙතෙම ඔවුන්ගෙන් පරම්පරාගත කථා ඉගෙනගත්තේය. ඔහුගේ ශ්‍රේෂ්ඨතම ග්‍රන්ථය “කිතාබ් අල් ටබකාත්” නමින් හැඳින්වේ. මේ ග්රන්ථයෙහි ඔහු මහමත්තුමාගේ හා එතුමාගේ මිතුරන්ගේ ද ඔවුන්ගෙන් පැවත එන්නන්ගේ ද වංශාවලිය ස්වකීය ජීවන කාලය දක්වා ලියා තිබේ.