ඉහිමාළුවා
සිංහල විශ්වකෝෂය වෙතින්
14:26, 13 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(කෙන්ට්‍රිස්කුස් ස්කුටාටුස්-Centriscus scutatus L.). අඟල් 6ක් පමණ දික් වූ මේ අපූරු මාළුවාගේ හැඩය කැපී පෙනෙනසුලුය. උගේ පිට පාරදෘශ්‍ය අස්ථිමය සන්නාහයකින් (cuirass) වැසී ඇත. මේ සන්නාහය උගේ කෙටි වලග ඉක්මවා යයි. පූර්ව පැත්තේ මේ සන්නාහය පර්ශුවලට පිරිද්දී ඇති තහඩුවලින් සෑදී ඇත. උදරීය තහඩු රන්වන් පාටය. උගේ දත් නැති මුඛය දිග හොටේ කෙළවර පිහිටා ඇත. කෙටි වලගෙහි පෘෂ්ඨිය වරල් දෙක දක්නට ලැබේ.
පාරදෘශ්‍ය සන්නාහයකින් යුත් මේ ඉහිමාළුවා ඉස්සකු වැනිය. ඌ පීනන විට උගේ හිස වතුරෙන් මඳක් උඩට තබා ගනී. ඉහිමාළු අයින් නැගෙනහිර ඉන්දියන් සාගරයෙහි සුලභය. ලංකාවේ මන්නාරම වැනි ප්‍රදේශවල ඉහිමාළුවා දක්නට ලැබේ. ඌ කෙන්ට්‍රිස්කිඩෙ (Centriscidae) නමැති කුඩා කුලයට අයත්ය.
(සංස්කරණය: 1970)
