උරුලෑවත්ත

සිංහල විශ්වකෝෂය වෙතින්
12:48, 24 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('පැරණි විහාරයක් හා දේවාලයක් නිසා ප්‍රසිද්ධව ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

පැරණි විහාරයක් හා දේවාලයක් නිසා ප්‍රසිද්ධව පවත්නා උරුලෑවත්ත මහනුවර දිස්ත්‍රික්කයෙහි මැද පළාතේ උඩුනුවර පිහිටියේය. මෙය විහාර අස්නෙහි ද සඳහන් වේ. එම විහාරය ගම්පොළ සතරවැනි බුවනෙකබාහු රජුගේ කාලයෙහි සේනාලංකාධිකාර සෙනෙවිරත්හු විසින් කරවන ලදැයි සලකනු ලැබේ. කෝට්ටේ බුවනෙකබාහු රජුගේ මලණු කෙනකුන් වූ බුවනෙකබා නම් තෙර නමක් පරසතුරු උවදුරු නිසා රැකවරණ පතා උඩරටට පැමිණි අවස්ථාවෙහි එකල සෙංකඩගල නුවර රජ කළ වික්‍රමබාහු රජු විසින් එම විහාරය උන්වහන්සේට වාසය පිණිස පුදන ලද බව පල්කුඹුරේ විහාර සන්නසින් හෙළි වෙයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජ නටබුන්ව තුබූ එය ප්‍රතිසංස්කරණය කරවා එහි ගල් පිළිමයක් ද කැරවීය. අනතුරුව රජ පැමිණි රාජාධිරාජසිංහ රජ එම පිළිමයෙහි නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කරවා විහාරයට ගම්බිම් ද පිදීය. එහි ඇති පැරණි දේවාලය පත්තිනි දෙවියන්ට කැප වූවකි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උරුලෑවත්ත&oldid=10463" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි