උල්වැරණිය
සිංහල විශ්වකෝෂය වෙතින්
09:04, 26 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('තණ පඳුරු අතරේ වැවෙන, හැඩහුරුකමින් වැරණියා කොළ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
තණ පඳුරු අතරේ වැවෙන, හැඩහුරුකමින් වැරණියා කොළවලටත් ප්‍රමාණයෙන් කහ කීකිරිඳිය කොළවලටත් සමාන කොළ ඇති කුඩා පැළෑටි වර්ගයකි. ලක්දිව වෛද්‍යවරයන් විසින් මෙය නොයෙක් රෝගාබාධයන්ට ප්‍රතිකාර වශයෙන් යොදනු ලැබේ. ඇස ඇතුළේ සිදුවන තුවාළවලට හා තැළීම්වලට ද ඇසේ කටු ඇනුණු විට ද කුණු රොඩු ආදිය වැටුණු විට ද උල්වැරණිය කොළ අමුකහ සමග කොටා යුෂ මැඩ ඇසට හෙළීමෙන් සුව වේ. කැඩුම් බිඳුම්වලට මෙන් ම සර්පවිෂට ද මෙම ඖෂධ විශේෂය වෙනත් ඖෂධ වර්ග සමග යොදනු ලැබේ.
(සංස්කරණය: 1974)