ඌම්ටාලි
සිංහල විශ්වකෝෂය වෙතින්
15:03, 10 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Umtali). දකුණු රොඩේසියාවේ නැගෙනහිර දේශසීමාවෙහි පි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(Umtali). දකුණු රොඩේසියාවේ නැගෙනහිර දේශසීමාවෙහි පිහිටා ඇති නගරයකි. මේ නගරය ආකර කර්මාන්තය හා ගොවි කර්මාන්තය අතින් දියුණු ප්‍රදේශයක වෙළෙඳ මධ්‍යස්ථානයයි. නගරය අවට ප්‍රදේශයෙහි රිදී, ඊයම්, තඹ, යකඩ හා රත්රන් නිධි ඇත්තේය. දැව නිපයීම හා කපු කැටීම මෙහි ප්‍රධාන කර්මාන්තයෝයි. ජනගහනය (1968) 43,000කි.
(සංස්කරණය: 1974)