ඌරල් ගඟ

සිංහල විශ්වකෝෂය වෙතින්
15:49, 10 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(යූරල් ගඟ). සෝවියට් සමූහාණ්ඩු සංගමයේ කසාක් සමු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(යූරල් ගඟ). සෝවියට් සමූහාණ්ඩු සංගමයේ කසාක් සමුහාණ්ඩුවේ ඌරල් කඳුවලින් පටන්ගෙන වයඹ දිග සෝවියට් රුසියානු පෙදෙස් ඔස්සේ ගලා කැස්පියන් මුහුදට වැටෙන ගඟකි. මෙහි දිග සැතපුම් 1523කි. ඕර් සහ ඉලෙක් මෙහි ප්‍රධාන අතුගංගාය. ඌරල් ගඟ මුවදොර ගුර්යෙව් සිට ඌරල් දක්වා නැව්වල ගමනාගමනයට සුදුසුය.

1769 ඌරල් ඩෙල්ටාවෙහි අපශාඛා 19ක් විය. 1821 දී නවයක් තිබුණි. දැනට ඇත්තේ තුනක් පමණි.

ඌරල් නිම්නයෙහි ඇති ප්‍රධාන නගර අතර මැග්නීටෝගෝර්ස්ක්, ෂැපලෝව්ස්ක් සහ ඌරල්ස්ක් වැදගත් වේ. මැග්නීටෝගෝර්ස්ක් ආශ්‍රිත ඌරල්ස්ක් නිම්නය යකඩ නිධි බහුල ප්‍රදේශයකි. ඌරල්-එම්බා ඛනිජ තෙල් භූමියට නාවික පහසුකම් සලසා දෙනු ලබන්නේ ගුර්යෙව් වරායෙනි.

පහළ නිම්නයේ ජලසම්පාදන කටයුතු සඳහාත් මසුන් මැරීම සම්බන්ධයෙනුත් මේ ගඟ වැදගත් වේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌරල්_ගඟ&oldid=10521" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි